IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක්

(රංජන් කස්තුරි)
 
උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ.
 
සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන්වේ.
 
සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
 
යුද්ධ හමුදාපතිවරයා යැවූ උපදෙස් ලිපිය පහත දැක්වේ.



අදහස් (25)

සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක්

සතයපාල Sunday, 08 July 2018 10:24 AM

දැන් කියයිද දන්නේ නැහැ යුද්ධ හමුදාපතිවරයාත් බෙදුම්වාදයට පක්ෂ එන්.ජී.ඕ වලින් සල්ලී ගන්න දෙමළ ඩයස්පෝරාවේ පදයට නටන දේශද්‍රෝහියෙක් කියලා.

:       655       1441

sirimal Sunday, 08 July 2018 11:18 AM

එහෙම කොහොමද? අනුනායක හාමුදුරුවෝ උපදෙස් ලබා දුන්නේ " හිට්ලර් වගේ හමුදා පාලනයකින් හරි" මේ රට හදන්න කියලනේ. දුටුවේ නැද්ද? කඳවුරුවලට යන්නේ නැතුව කොහොමද හමුදා පාලනයක් ඇතිකරන්න වැඩ කරන්නේ?

:       733       411

rohana Sunday, 08 July 2018 12:54 PM

සත්‍යපාල කිව්වොත් මෝඩ කතාවක්ම තමයි.

:       951       677

සතයපාලSunday, 08 July 2018 03:23 PM

මගේ මෝඩ කතාව ගැන ඔබ කරදර නොවී ඔබගේ බුද්ධිමත් ප්‍රකාශය කරන.. ඒ අවස්ථාව යොදා ගන්න තරම් ඔබ ප්‍රඥාවන්ත වෙන්න.

:       509       1017

BamunuarachchiSunday, 08 July 2018 11:17 PM

කියලා වැඩක් නැහැ රොහාන්

:       101       31

shan saudi Sunday, 08 July 2018 12:58 PM

හමුදාපතිතුමනි, කළ යුත්තේ මෙය නොවේ පළමුව රටේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කළ යුතුය. එසේ තහනම් කර තිබේ නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අදාල කිසිම ක්‍රියාකාරකමක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවසර නොදීම හා එවන් දේ කරන අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැඩි දඬුවම් කළයුතුය. තවද රටේ තහනම් සංවිධානයක් වෙනුවෙන් ඒ සංවිධානයට අනුබල හා සැපයුම් ලැබෙන ආකාරයේ හෝ ඔවුන් දිරිමත් කෙරෙන හෝ වක්‍රාකාරයෙන් සහය ලබාදෙන වාචිකව හෝ ලිඛිතව ප්‍රකාශ නිකුත්කිරීම හා ජාතික ගීය හා සිංහ කොඩිය සඳහා අවමන් වනලෙස ක්‍රියාකිරීම් රටේ සියලුම දේශපාලන පක්ෂ හා සියලුම රාජ්‍ය නිලධාරීන්ට සපුරා තහනම් කළයුතු වන අතර එවන් දේ සිදුකරන අයවලුන් සඳහා අවමය වසර 25වත් සිරදඬුවම් ලබාදීම කළ යුතුය. දේශපාලකයෙක් නම් එයිට අමතරව වසර 20වත් ප්‍රජා අයිතිය තහනම් කළ යුතුය. එවිට මේ එක එක තැන වල හඬ තලන සියලුම කොටළුවන් පාලනය කළ හැකිය. ඔබගේ නියෝගයෙන් ඔවුන්ට සහනයක් සලසුනාදෝ යැයි මට හැඟෙයි. මන්ද "සංහිඳියාවට බාධා කරන්නන් සහභාගි වන කිසිඳු උත්සවයකට සහභාගි වීමට හෝ කිසිඳු ආකාරයක අනුබල නොදීම" යැයි කියවෙන නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ආරක්ෂක අංශවලට හොර රහසේ කරගත හැකි වේ යැයි මට හැඟේ...

:       20       707

ධනුෂ්කSunday, 08 July 2018 02:30 PM

ඔය මොනවා කළත් වැඩක් නෑ. මේ රටේ කවදාහරි මේ ජාතිවාදී ගැටළුව විසඳනවා නම් එක විදියයි තියෙන්නේ. එනම් අාගමික වශයෙන්, ජාතින් වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් පවතින දේශපාලන පක්ෂ තහනම් කිරීම... එම දේශපාලකයන් තමා මේ ගැටුම් මවන්නේ. අද කතෝලික ජනතාව හා මෙවන් ගැටුමක් නැත්තේ ඔවුන්ට වෙන්වුණු පක්ෂයක් නොමැති නිසාය. මේක යුද්ධය දිනපු වෙලාවේ සාර්ථකව කරන්න තිබුණා. මොකද එ් වෙලාවේ කවුරුත් මේවට විරුද්ධ වෙන්න බෝඩ් ලෑලි අරන් එන්නේ නෑ.

:       103       383

samanMonday, 09 July 2018 02:38 AM

ප්‍රාදේශීය සභා ත් ඉවත් කල යුතුයි

:       0       10

HafeelMonday, 09 July 2018 07:51 AM

ධනුෂ්ක, මමත් ඔබගේ අදහස් සමග එකඟවෙනවා. අද හැමදෙයක්ම ජාති, ආගම්, ප්‍රදේශවලට වෙන්වෙලා. ඒ අංශයෙන් කතෝලික ජනතාව හොඳයි.

:       0       3

MOHANMonday, 09 July 2018 05:08 AM

සෞදියට ගිහින් ඉන්නම ඕනා ඔය වගේ අදහස් පහල වෙන්න.

:       1       0

shan saudiMonday, 09 July 2018 07:24 AM

කණගාටුයි කියන්න අපේ හිත්වල රටට තියන ආදරය රට හා ජාතිය විනාශ වෙනවට ඇතිවන වේදනාව රටේ ඉන්න මිනිස්සුන්ට නොමැතිවීම ගැන රටේ ජනතාවගෙන් පඩි අරන් ජීවත්වන අයට වඩා රටෙන් හෝ ජනතාවගෙන් කිසිම හව්හරණක් නැති විදේශික ශ්‍රමිකයන් වන හා උපයන දෙය රටට ලබා ගත්තද අබමල් රේණුවක තරම්වත් සැලකිලක් නොදක්වන මේ ශ්‍රමිකයන් රටට දක්වන ආදරය රටේ ඉන්න ජනතාවට වඩා 100 ගුණයක් වැඩියි. ඒ අපි මවුබිමේ අගය හොඳින් දන්නා නිසාවෙනි.

:       2       17

ranjith Sunday, 08 July 2018 01:41 PM

හොඳ තීන්දුවක් ...!!!

:       38       117

Chamara Sunday, 08 July 2018 02:09 PM

අපි අද බය නැතුව පාරේ යන්නේ, ජීවත් වෙන්නේ රණවිරුවන් නිසයි. එ්ත් ඒක ඉක්මනට අමතක කරන එක ගැන බොහොම දුකයි.

:       33       427

chathuri Sunday, 08 July 2018 02:30 PM

හිට්ලර් , රජ්ජුරුවන්ට දුන්නා. කනේ පහරක් හමුදාවට. ස්තුතියි !!!

:       211       177

සෙනෙවි Sunday, 08 July 2018 04:32 PM

යුද්ධෙට කෙසේ වෙතත් ලොක්කා දේශපාලන ටෝක්ස් වලට නං දක්ෂයි වගේ

:       0       122

vidya Sunday, 08 July 2018 06:55 PM

ලඟදි පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසපු හැටි දැක්කනේ. ඔබතුමා අන්න ඔහොම කෙලින් ඉන්න. පාරිලිමෙන්තුවේ ඉන්න එකෙකුට එන්න දෙන්න එපා. වල් සත්තු. ඔය අනසක චීවරය කෙලෙසන අයටත් පොදුවේ ක්‍රියාත්මක කරන්න.

:       15       1

කෝලිත Sunday, 08 July 2018 07:57 PM

සංහිදියාව පටන් ගන්න ..සිවාජිලංගමිල විග්නෛස්වරමිල විජේකලාලගෙන්...බයිලගහල වැඩක්නැහැ......

:       0       27

Chandima Monday, 09 July 2018 01:50 AM

අවසන් සටනේදී සිවිල් වැසියන් 40,000 ක් හමුදාව විසින් මරා දැම්මයි කියල මෙහෙ ඉඳන් ලෝකේ පුරාවට කෑගහන කපටි තක්කඩින්ට මේ ක්‍රියාමාර්ගයෙන් බලපෑමක් වෙනවද? මොකද කඳවුරට එන්න නොදුන්නට මුන් එළියේ ඉඳන් උන්ට ඕනි මඟුල් නටනවනේ? එහෙම නෙමෙයි මම නම් හිතන්නේ මේ බෙදුම් වාදීන්ගේ ප්‍රචාර වලට එරෙහි ජාතික මෙන්ම ජාත්‍යන්තරව වහා නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියල. අන්න එතන තමයි අපි බොහෝවිට අසාර්ථක.

:       0       17

lalithsjm Monday, 09 July 2018 02:03 AM

ඔබ තුමාට විවිධ චෝදනා බලපෑම් යහපලකයන්ගෙන් එවි ගණන් ගන්න එපා. ඔබතුමාගේ රජ කාරිය නියම සිංහ ලක් පුතෙකු ලෙස ඉටු කරන්න. ඔබතුමාට දීර්ග ආයුෂ ලැබේව.

:       0       13

හිට්ලර් Monday, 09 July 2018 03:58 AM

මට කනේ පාර ගහන්න මොහු කවුද ?.මම මොහුට 2020 දී දඩුවම් දෙමි. -හිට්ලර්

:       31       1

රොඉටර් Monday, 09 July 2018 04:06 AM

හිට්ලර් සහ විශ්‍රාමික හමුදා නිලයන් , හිට්ලර් ගේ සහෝදර සමාගමට මරු පහර. සංහිඳියා වැඩ පිළිවෙල මිට වඩා බලවත් කල යුතුය. මේ සඳහා , රන්ජන් රාමනායක, කාවින්ද ජයවර්දන , දුමින්ද දිසානායක පෙරට විත් , මහා ඇමති විග්නේශ්වරන් හමුවී, එම පළාත් වල ජනයාගේ ප්‍රශ්න අසා දකුණට කියන්න.

:       21       2

සේනක Monday, 09 July 2018 04:13 AM

හමුදාපතිතුමණි, ඇත්තටම රටේ සංහිඳියාව තියෙනවද බාධා කරන්න.එහෙම දෙයක් තියෙනවානම් ඔබතුමාලා කරන ප්‍රකාශය සාධාරණයි.

:       1       12

mohan Monday, 09 July 2018 05:11 AM

එළියේ ඉදල කෑ ගහන ගැනුන්ගේ කතා නම් ගණන් ගන්න එපා ඔච්චරම, එත් අගේ ඉදන් කන කනවා වගේ එකට ඉදල විශ්‍රාම ගිහින් දැන් බොරුවට ලොකු ටෝක් දෙන හමුදා නිලදාරීන් ගේ නම් කටවල් වැසිය යුතුම වෙනවා.

:       35       5

sanjeewa Monday, 09 July 2018 05:34 AM

බයිලා, මෙයාට කලින් නේවි ලොක්කා කාටවත් එන්න දෙන්නේ නෑ කියලා පස්සේ හොඳ ලන්ච් එකකුත් දුන්නා නැගෙනහිර පළාත් භාර ලොක්කට ඉහලින් අපු ඕඩර් එකකට. මේවා නිකන් වැඩක් නැති ටෝක් විතරයි.

:       0       13

sanath Monday, 09 July 2018 07:43 AM

කරන්න වැඩ නම් හුඟක් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නන්ට ඕනේ. නැත්නම් තව දේශපාලන හෙන්චයියෙක් විතරයි...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 523 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 395 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 554 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 275 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 374 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 423 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site