IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘සංහිඳියාවට මුල් පියවර තැබිය යුත්තේ දකුණේ ජනතාවයි‘

ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මේ බව කියා සිටියේ යුද්ධය හේතුවෙන් සිය මුල් ඉඩම් අහිමිව සිටි යාපනය තෙලිප්පලෙයි හා කෝපායි ප්‍රදේශයේ අවතැන් ජනතාවට සිය මුල් ඉඩම් අක්කර 750 ක් නැවත පැවරීම හා යාපනය අධි ආරක්ෂිත කලාපයේ වසර 26 ක් වසා දමා තිබු යාපනය, කන්කසන්තුරය,නඩේශ්වරා විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නැවත පවරාදීම සඳහා එම පාසලේදී පැවති උත්සවයක එක් වු අවස්ථාවේදිය.

‘විශේෂයෙන්ම අපි ජාතික සංහිඳියාව ගැන නිතර නිතර කතා කරනවා. මේ ගැන කතා කරන කොට ඒ කතාකරන හැම කෙනෙක්ම උතුරට තමයි එන්නෙ. මම හිතනවා එතන පොඩි වැරදීමක් වෙලා තියනවා. සංහිඳියා ගැන අත්‍යවශ්‍යයෙන්ම දැනුම්වත් විය යුත්තේ දකුණේ ජනතාව කියල මම විශ්වාස කරනවා. බොහොම වැරදි අදහස් ඇතැම් අන්තවාදී පිරිස් විසින් ඇති කරනවා. අපි සමානාත්මතා සමාජයක් පිළිබඳව නිතර කතා කරනවා. සෑම කෙනෙක්ම එක වගේ ජීවත් විය යුතුයි කියල කතා කරනවා. එහෙමනම් සෑම කෙනකුටම සමානාත්මයෙන් සැලකිය යුතුයි නේද? ඒ නිසා මම ඉතා ගෞරවයෙන් මේ රටේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සමානාත්මතාවයේ ජීවත් විය යුතු සමාජයක් බිහි කරන්න අපි එකට එකතු වෙලා වැඩ කරමු කියලා.‘ 

jaffna_20163132 jaffna_20163132-2 jaffna_20163132-3 jaffna_20163132-4



අදහස් (0)

‘සංහිඳියාවට මුල් පියවර තැබිය යුත්තේ දකුණේ ජනතාවයි‘

මහින්ද සෞදි Sunday, 13 March 2016 07:47 AM

උතුරට එකයි දකුණට එකයි (බ)

:       0       0

ජෙරම් Sunday, 13 March 2016 08:13 AM

බඩගින්න නිවෙනකොට ඔය සංහිඳියාව නිකන්ම ඇතිවේවි. බඩු මිල අඩු කරදෙන්න. කන බොන දේවලට බදූ ගහන්න එපා. මන්ත්‍රී පර්මිට් අහෝසි කරන්න. (නි)

:       0       0

ඉන්දු Sunday, 13 March 2016 08:27 AM

අපේ ද්‍රවිඩ සහෝදරවරු ඉඩකඩම් මිලදීගෙන, ගෙවල් දොරවල් හදාගෙන, රස්සාවල් කරගෙන, දරුවෝ ඉස්කෝලේ යවාගෙන රට පුරා ජීවත්වෙනවා. අපිටත් ඒ වගේ උතුරේ ජීවත්වෙන්න පුලුවන්ද? ඔබතුම මේ කතා කරන්නේ මොකක් ගැනද? (නි)

:       0       0

මහේෂ් Sunday, 13 March 2016 09:43 AM

කතාව විතරයි (බ)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ Sunday, 13 March 2016 07:50 PM

මේ අන්වර්ලා වගේ අයට පුදුම කැක්කුමක්නේ දකුණේ නෑදෑයෝ ගැන තිබෙන්නේ... (නි)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 09:47 AM

මගේ අදහස කොහොමද දඩුවම් දෙන්නේ හොරු ටික වටේ තියා ගෙන (බ)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 13 March 2016 10:09 AM

ජනාධිපතිතුමාගේ හැටිද ? (බ)

:       0       0

අන්වර් Sunday, 13 March 2016 10:32 AM

ජනපතිතුමා මොනවද කිව්වේ කියලා තමන්ගේ මොළෙන් හිතුවානම් අදහස තේරෙයි. වපර ඇසින් නොබලා කොමෙන්ට් කරන්න කලින් හිතන්න (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 10:47 AM

අන්වර් මොලයක් තිබුනානම් ඡන්දෙ දෙනවද හලෝ, (බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 March 2016 11:48 AM

සංහිඳියා මළ ඉලව්වක් ගැන කතා කිරිල්ල නවත්තලා කොයි කාටත් කාලබීල ඉන්න පුළුවන් වෙන විදියට බදු අඩු කරන්න (බ).

:       0       0

අන්වර් Sunday, 13 March 2016 12:24 PM

සහතික ඇත්ත දකුණේ වපුරනකොට කොහොමද සංහිඳියාව ඇති කරන්නේ. මුලින් දකුණේ අපි හැදෙමු. පසුව උතුර ජයගමු. (බ)

:       0       0

ධනුෂ්ක Monday, 14 March 2016 01:16 AM

අන්වර් වගේ අය දන්නවද දන්නෙ නැහැ මොකක්ද සංහිඳියාව කියන්නේ කියලාවත්. (නි)

:       0       0

වික්‍රම Sunday, 13 March 2016 06:05 AM

දැන් කියනවා ඔක්කොම කරගන්න කියල අපිටම! (බ)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 06:14 AM

මගේ අදහසනම් දංකොටුවෙන් ආරම්භය කළා කියලයි (බ)

:       0       0

ශානක Sunday, 13 March 2016 06:29 AM

දැන් දැන් සිද්ධවෙන දේවල් වලින් රටේ සංහිඳියාව බොහොම හොඳින් තිබෙන බව අපිටත් පෙනෙනවා (නි)

:       0       0

රූපසිංහ Sunday, 13 March 2016 04:02 PM

ඔවු ඉතින් ඔබ රටේ සියලු ජනතාවට සමානව සලකනවා කීවට කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කියල ඔබගේ මේ කතාවෙන් පෙනෙනවා. ඔය විධියට කියා කියා ගියොත් වෙන්නේ 4 නෙවේ දින හතරකින් යන්නයි වෙන්නේ. (බ)

:       0       0

කෙනත් Sunday, 13 March 2016 06:52 AM

දැන් රටෙන් කෑල්ලක් ඉල්ලුවේ දකුණේ අපිද? සියල්ලටම පෙර විග්නේශ්වරන්ලා වගේ අයට මේ රටේ සංස්කෘතියට ගරුකරන්න ඉගැන්නුවා නම් ප්‍රශ්නය විස‍ඳෙයි. ඉතා සුළු ජන කොටසක් වන සිංහලයා ඉතිහාසය පුරාවට කළේ තම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් නැඟීසිටීම පමණයි. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 13 March 2016 07:02 AM

මගේ නම් අදහස ඊටකලින් පක්ෂ හෝ පාර්ශව නොබලා සියලු හොරුන්ට එක වගේ දඬුවම් දියයුතුයි කියායි. (නි)

:       0       0

සුරන් Monday, 14 March 2016 03:21 AM

මම මෙතුමාට ජන්දේ දුන්නා. එත් දැන් රටේ තත්වය ගැන බලනකොට මෙතුමා ගැන ලොකු වෛරයක් ඇතිවෙන්නේ. (ම)

:       0       0

රජින්ද Sunday, 13 March 2016 06:59 AM

අපොයි ඔව්. හැම නරක දෙයක්ම දකුණේ මිනිස්සු තමයි පටන්ගත්තේ. උතුරු නැගෙනහිර අය හරිම අහිංසකයි (නි)

:       0       0

ඉන්දික Sunday, 13 March 2016 07:01 AM

ප්‍රභාකරන් හිටියා නම් සංහිඳියාව ගැන මේ වෙනකොට ලස්සනට කියාදීලා තියෙයි. අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 13 March 2016 04:21 PM

ශ්‍රී ලංකාවේ අඥාන ඡන්දදායකයින් සිටිනතුරු දේශපාලුවන්ට රජ මඟුල්! (නි)

:       0       0

ගාමිණී Sunday, 13 March 2016 07:19 AM

දකුණේ අපි කළ වැරැද්ද මොකක්ද කියාත් පහදා දෙන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 13 March 2016 04:37 PM

එසේනම් අවුරුදු 30 ක්ම රට විනාශකළේ දකුණේ අයද? කතාව පමණයි රට එක තැන පල්වෙයි! 20 ගුණයේ කියපු සංවර්ධනය කොහෙද ?මෙලෙස රට ඉදිරියට ගියොත් ඉදිරි පරම්පරාවට නිදහස් නිවහල් සංවර්ධිත ශ්‍රී ලංකාවක් ලැබේවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 465 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 469 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 771 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 583 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 403 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 748 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site