IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සංහිඳියා ගමන් මඟ අවසන් වාර්තාව අඟහරුවාදා

යුද්ධයෙන් පසු  මෙරට සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන අදහස් ඇසුරෙන්  සකස් කළ අවසන් වාර්තාව අඟහරුවාදා (03) මෛත්‍රීපාල සිරිසේන ජනපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත භාරදෙන බව සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය පවසයි.

පසුගිය මාස කිහිපයකට පෙර මෙම මහජන අදහස් විමසීම් ආරම්භ කෙරුණු අතර , එලෙස ලැබුණු යෝජනාවල මූලික කරුණු ඇතුළත් කරගනිමින් මෙම අවසන් වාර්තාව සකස් කර ඇති බව කාර්යය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා  අද (02) පැවසීය.

අඟහරුවාදා (03) සවස 7.30 ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව එම අවසන් වාර්තාව www.scrm.gov.lk යන කාර්යසාධක බලකායේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවද කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියි.

රටේ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය. එහි සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කළ අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය පාකියසෝති සරවනමුත්තු (ලේකම්) ,  ගාමිණි වියන්ගොඩ , විසාකා ධර්මදාස , ශාන්තා අභිමානසිංහම් , මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු  , කේ. ඩබ්. ජනරංජන , මහාචාර්ය දයා සෝමසුන්දරම්  , ආචාර්ය ෆර්සානා හනිෆා , මහාචාර්ය ගමීලා සමරසිංහ , මිරාක් රහීම් යන මහත්වරුන් කටයුතු කරනු ලැබීය.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න ආකාරය සම්බන්ධයෙන් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය දැඩි අවධානයකින් යුතුව කටයුතු කර තිබේ.

 



අදහස් (0)

සංහිඳියා ගමන් මඟ අවසන් වාර්තාව අඟහරුවාදා

නිමල් ලලිත Tuesday, 03 January 2017 01:31 AM

සිසර පැරිස්, ඔබේ අදහස හරි. නමුත් මේ බලපෙරේත දේශපාලනය තිබෙනතුරු හරියන්නේ නැහැ. (නි)

:       0       0

සීසර පැරිස් Monday, 02 January 2017 03:48 PM

සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පළමු පියවර උතුරු නැගෙනහිර සිංහල ජනානුපාතය වැඩිකිරීම එසේ නැතිනම් දෙමළ රාජ්‍යයේ ආකල්පය උතුරු නැගෙනහිර ජනතාවගේ සිත්තුලින් බැහැර කරන්න බෑ ඔවුන් තනිව සිටිනකන් මේ ප්‍රශ්නය විසදන්න බෑ එකම රටක පුරවැසියන් හැටියට ඔවුන් ගේ මනස වෙනස්විය යුතුයි අවාසනාවකට දෙමළ දෙසපලුවෝ ඒකට ඉඩදෙන්නෙන් නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 0 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 210 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5037 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4190 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6815 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site