IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිංහපාදෙ ඇන්ද බලි මකයි

සීගිරි සිංහපාදයේ කුරුටු ගෑ දෙමළ අකුරු ඉවත් කිරීමේ කණ්ඩායම අද වැඩ ඇරඹීය.

බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලලිත් පෙරේරා මහතා  මේ කණ්ඩායමට නායකයාය.

අකුරු තදික් කා වැදී ඇති හෙයින් ඉතා සියුම් ලෙස මහත් වෙහෙසක් ඒවා ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි බවත් ඔහු කියයි.

පොල්කඩු අඟුරු ඇතුළු දේශීය අමුද්‍රව්‍ය පමණක් මේ සඳහා යොදා ගැනේ.

 



අදහස් (0)

සිංහපාදෙ ඇන්ද බලි මකයි

දිනුෂ Wednesday, 20 March 2013 09:28 PM

මේ සදහා විශේසඥ දැනුම ලබා ගන්න (දී)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 09:29 PM

ළමයිනේ , බලි බලන්න කැමති උනාට බලි අදින්න එපා (දී)

:       0       0

රන් Wednesday, 20 March 2013 03:39 PM

ධම්ම, එතකොට කුරුටු ගී ලියලා තියෙන්නෙත් දෙමලෙන්ලුද? ඒ වගේ කාෂ්‍යප කියලා කියන්නෙ වෙන රජ කෙනෙක්ලුද? (නි)

:       0       0

සනත් Wednesday, 20 March 2013 09:40 PM

සන්තෝසයි (දී)

:       0       0

රත්නායක Thursday, 21 March 2013 11:01 AM

ඇයි මේවට මෙහෙම වෙන්න දෙන්නේ? (දී)

:       0       0

රත්නපාල Wednesday, 20 March 2013 09:42 PM

අපි මිටවඩා අපේ දේ ගැන සැලකිලිමත් විය යුතුයි (දී)

:       0       0

ලීලසේන Thursday, 21 March 2013 11:04 AM

මිල කල නොහැකි වස්තුන් මීට වැඩිය රැක ගන්න ඕනේ (දී)

:       0       0

නිරෝෂන් Thursday, 21 March 2013 11:04 AM

මට හරි පුදුමයි මේ අදහස් දාන සමහර අය දවසෙම අන්තර්ජාලයේ ඉදලත් දෙමළ කියන්නේ ලෝකයේ ඇති පැරණිම භාෂා තුනෙන් එකක් කියලාවත් නොදන්නා එක ගැන. (නි)

:       0       0

අර්ජුන Wednesday, 20 March 2013 03:55 PM

මේවා විහිලු (දී)

:       0       0

සුනිල් Wednesday, 20 March 2013 10:07 PM

මමනම් කියන්නේ අර ළමයින්ට දඩුවම් දුන්නානම් තමයි වටින්නේ (දී)

:       0       0

මාලිංග Wednesday, 20 March 2013 04:03 PM

මොකද ඒ පිරිසට දඩුවම් දුන්නේ නැත්තේ (දී)

:       0       0

චමින්ද Thursday, 21 March 2013 11:32 AM

හපෝ මේක කලු කරනව නේද? (පේන හැටියට. දන්නෙ නැහැ වේලෙද්දි මොන පාට වෙයිද කියලා) මෙහෙම ගියොත් ලංකාවෙ අපේ දෙයක් කියල ඉතිරි වෙන්නෙ නැහැ. බලන්න මෙතන ආරක්ෂාව හරියට තිබුණා නම් මෙහෙම අපරාධයක් වෙන්නෙ නැහැනෙ. මේ කරන දේවල් ලේඛනගත නොවුනොත් අනාගතේ යම් දිනෙක කරන කාල නිර්ණ පරික්ෂාවකදි කියයි මෙය නිර්මානය කරල තියෙන්නෙ 21වෙනි සියවසේදි කියලා. (නි)

:       0       0

කමල් Wednesday, 20 March 2013 04:09 PM

මේ ආත්මෙදි ඔය පාරවල් මකන්න බැහැ (දී)

:       0       0

ඉන්දික Thursday, 21 March 2013 11:48 AM

සුබ්‍රමනියම්, සීගිරිය දෙමල රජෙක් හැදුවා කියලා ඔයාට කිව්වේ කවුද? අපි ආරාධනා කරනවා ඔය සියළුම දෙනාට එන්න සත්‍ය දකින්න. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් නෙමෙයි. රටේ ඉදලා රට වනසන පාපතරයෙක් වෙන්න එපා. (නි)

:       0       0

ඉෂාර Wednesday, 20 March 2013 04:21 PM

මේකට යන වියදම ආදාල පාසලෙන් අයකල යුතුයි. (නි)

:       0       0

ජීවන්ත Wednesday, 20 March 2013 11:19 PM

මකා දමන්න කිසිත් නොවුන දෙයක් ලෙස නැවත හදන්න (දී)

:       0       0

වික්‍රම Wednesday, 20 March 2013 04:30 PM

මේ දේවල් වලට වන්දියක් වත් ගන්න තිබ්බේ (දී)

:       0       0

කුමාර Wednesday, 20 March 2013 04:45 PM

මොන තරම් වටිනා ස්ථානයක්ද අපිට නැතිකරන්න හැදුවේ (දී)

:       0       0

සමන් Thursday, 21 March 2013 12:27 AM

මේක ලොකු වැඩක් සුළුවට තකන්න එපා (දී)

:       0       0

මනෝහරන් Thursday, 21 March 2013 12:38 AM

ඉතිහාසය පාසල් විශයෙන් අයින්කරපු ඒවට වන්දි තමයි මේ. (නි)

:       0       0

බුද්ධික Wednesday, 20 March 2013 05:16 PM

බලන්න වෙනස පේන හැටි (දී)

:       0       0

මනෝජ් Thursday, 21 March 2013 12:37 AM

තාවකාලිකව පත් කල මහත්තයාම පත් කරන්න (දී)

:       0       0

සුබාෂ් Wednesday, 20 March 2013 05:32 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සමරසේකර Wednesday, 20 March 2013 05:27 PM

ධම්ම, ඔබේ ගොරක මදි දන්න අපිව තම්බන්න. ඔබ දෙමල ජාතිකයෙක් බව කාශ්‍යප රජ්ජුරුවන්ට කරපු ඇමතීමෙන්ම පෙනෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ දෙමලුන්ට එරෙහිව යුද්ධ කරලා ජය ගත් රජෙක් බව ඔබ දන්නේ නැද්ද? එතුමන්ට පල්ලව සම්භවයක් තිබුනා. පල්ලවයන් යනු දෙමළුන් නොවේ. ඔබ රාජාවලිය කියවෙව්වොත් ඔබට පෙනේවි එහි ආක්‍රමණිකයන් හඳුන්වා ඇත්තේ දෙමළුන් වශයෙන් බව. ඒ නිර්නායකය අදටත් වලංගු බව ඔබ වැන්නවුන්ගෙන් ඔප්පු වෙනවා. (නි)

:       0       0

සුදත් Thursday, 21 March 2013 12:53 AM

දේශීය අමු ද්‍රව්‍ය යොදා නොගත්තන් කමක් නැහැ. වැඩේ හරියට වෙන්නෙයි අපිට ඕනෑ. (නි)

:       0       0

කුමාරි Friday, 22 March 2013 03:49 PM

මට මතකයි සිංගප්පූරුවේ දුම්රියක spray painting කල විදේශිකයෙකුට වසර දෙකක සිර දඬුවමක් සමග දඩයක් නියම කලා. අපේ පුරාවස්තුවකට හානි කිරීමට දඩුවම නොදිය යුතු වරදක් ලෙස තීරණ ගැනීම නම් රටේ නීතිය සුනඛයාට ගිය වැනිය. (ස)

:       0       0

සිතුම් Thursday, 21 March 2013 02:31 AM

අපේ උරුමයන්ට මීට වැඩිය ආරක්ෂාව දෙන්න ඕනේ (දී)

:       0       0

කාන්ති Thursday, 21 March 2013 02:44 AM

අතපය තියාගෙන ඉන්න බැරිව අපේ උරුමයන් විනාශ කරනවා (දී)

:       0       0

ජයී තිසර Thursday, 21 March 2013 02:03 PM

විශේෂයෙන්ම ආලේපය සඳහා යොදා ගත් පොල්කඩු අඟුරු කෘතිම රසායනික ආලේප වලට වඩා සුදුසුයි. රසායනික ආලේපවල සංයුතිය නිතරම රහසකි. අඟුරුවල ඇති භාෂ්මික ගතිය වර්ෂාවේ සුළු වශයෙන් ඇති ආම්ලික ගතිය සමගින් ගලමත නිෂ්ක්‍රීය තත්වයක් ඇති වීමෙන් ගලේ ඛාදනයක් ඇති නොවේයයි සිතිය හැක. (ස)

:       0       0

ප්‍රභාත් Thursday, 21 March 2013 09:32 PM

ලංකාවේ ඉතිහාසය උගන්වන එක නවත්තපු කෙනා තමයි හරක් වැඩේ කරලා තියෙන්නේ.(නදී)

:       0       0

රජිත් Wednesday, 20 March 2013 06:01 PM

කව්ද මේවට වග කිව යුත්තෝ (දී)

:       0       0

වරුණ Wednesday, 20 March 2013 12:15 PM

ළමයි මේකේ බලි අදිනකල් බලන් හිටියද, නැද්ද මේකේ ආරක්ෂකයෝ, මට බනිවිද දන්නේ නැහැ ඒ ආරක්ෂක කට්ටිය (දී)

:       0       0

මුතුකුඩ Thursday, 21 March 2013 05:03 AM

ධම්ම, ඒ මිතුරා විග්‍රහ කල සමහරක් දේ වැරදිම නොවන්නේය. සත්‍යය නම් අතීතයේ පැවති සැබෑ සත්‍ය තුලට එක් එක් මුඛ පරම්පරාවෙන් එකතු වු කරනු කාරණා මුලාශ්‍රයන් හේතුකොටගෙන සත්‍ය ‍දේ අසත්‍යයෙන් වෙලී පැවතීම නිසා අසත්‍යයම සත්‍යය ලෙස අද පිළිගැනීමට සිදුවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

අමිළ Wednesday, 20 March 2013 12:27 PM

මෙතන ආරක්ෂාව ගැන බලද්දී මට හිතුනේ ආසන්නම ගල් මෝලට දාලා සීගිර ගල කුඩු කරයි.(නදී)

:       0       0

හේමසර හිමි Thursday, 21 March 2013 06:46 AM

මින් පසුවවත් සීගිරි සිංහ පාදේ ආරක්ෂාව තර කරයිද? (නි)

:       0       0

ලලිත්-දෝහා Wednesday, 20 March 2013 12:39 PM

හෙට වෙනකොට අලුත්ම අලුත් සිංහ පාදයක්. කරදරයක් නැතිව මොනවා හරි ලස්සනට පැහැදිලිව ලියන්න පුලුවන්.(නදී)

:       0       0

කවිශ Wednesday, 20 March 2013 06:06 PM

ලෝක සංචාරක කර්මාන්තය හා එක වෙන්න අපිට තියෙන්නේ මේවා, ඒ නිසා අපි මේවා පරිස්සම කර ගන්න ඕනේ (දී)

:       0       0

දුමින්ද Wednesday, 20 March 2013 06:11 PM

කාශ්‍යප රජු දන්නවානම් (දී)

:       0       0

බංඩාර Wednesday, 20 March 2013 12:49 PM

ඇන්ද කොල්ලෝ ටිකත් ඕකට හවුල් කර ගත්තනම් හොඳයි. එතකොට කරපු වැරැද්ද තෙරුම් ගනී.(නදී)

:       0       0

ශ්‍රීලාල් මතඟවීර Thursday, 21 March 2013 07:26 AM

ලොකුවට වෙනස පේනවා. නවීන තාක්ෂණය යොදා වැඩේ හරියට කරන්න. (නි)

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 06:17 PM

අයියෝ කෝ මේවා රැක ගන්න පත් කල මිනිස්සු (දී)

:       0       0

සරත් Wednesday, 20 March 2013 06:17 PM

සිංහ පාදය කියන්නේ අපේ ලෝක උරුමයක් (දී)

:       0       0

සිල්වා Wednesday, 20 March 2013 06:23 PM

පරිස්සමෙන් මකන්නත් ඕනේ (දී)

:       0       0

තිලක් Thursday, 21 March 2013 07:53 AM

මට පේන්නේ පොල් පරාල වල වේයෝ කනවට ගාන කළුතෙල් ගාලා වගෙයි. (නි)

:       0       0

ධම්ම Wednesday, 20 March 2013 01:34 PM

සීගිරිය කළේ කාසියප්පා කියන රජතුමා,ඒතුමාගේ මල්ලි මුහලන්,පියා දාතුසේනා, මේ අය දෙමළ බව මගේ දෙමළ මිතුරා තර්ක කරනවා.(නදී)

:       0       0

සමන් කුමාර Thursday, 21 March 2013 07:50 AM

සුබ්‍රමනියම්, බුදු හාමුදුරුවෝ හින්දු කෙනෙක්? බුද්ධ දර්ශනයේත්, හින්දු දර්ශනයේත් තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්. ටිකක් හොයලා බලන්න. ඇයි නොදන්නාකමට ඔය වගේ නිකම් මෝඩ කතා දොඩවන්නේ? (නි)

:       0       0

වසන්ත Wednesday, 20 March 2013 06:53 PM

විනාශ කරන්න එපා අපේ දේවල් (දී)

:       0       0

මහින්ද Thursday, 21 March 2013 08:06 AM

මට හරියට දුක හිතුනා අපේ උරුමය විනාශ කල එකට (දී)

:       0       0

බර්ටි Wednesday, 20 March 2013 02:01 PM

ධම්ම, ඔයා ඇත්තටම සිංහලයෙක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 March 2013 02:01 PM

මෙහෙම උනහම අපේ උරුමයන් ටිකෙන් ටික විනාශ වෙනවා (දී)

:       0       0

හර්ශ Wednesday, 20 March 2013 02:01 PM

ඔව් ඔව් ධම්ම, ගොඩක් අය දැන් අපේ දේවල් එයාලගේ කියලා තර්ක කරනවා. එයාලගේ කියලා කියන්න මොකුත් නැති වුණහම කරන්න තියන හොදම වැඩේ ඕක තමා. (නි)

:       0       0

හර්ශ Wednesday, 20 March 2013 01:58 PM

ඔව් ධම්ම දැන් ගොඩක් අය අපෙ දේවල් එයාලගේ කියලා තර්ක කරනවා. කිස්ම දෙයක් නැති අයට කරන්න පුලුවන් එකම් දේ ඕකනේ. හොදට හොයලා බැලුවොත් ඔය ගොඩක් දෙනා හොරාට අයිති කරගෙන වහගෙන වදින්නෙත් අපේ දේවල් කියලා හොයාගන්න පුලුවන් වෙයි. (දී)

:       0       0

මුදිත Wednesday, 20 March 2013 02:06 PM

මේ වගේ දේවල් කරන්නේ ඇයි?(දී)

:       0       0

ගිරි Thursday, 21 March 2013 08:26 AM

ළමයිනේ, තව වැඩේ කරලා ඉවර නැහැ. ඉවසන්න. (නි)

:       0       0

සිරිවර්දන Wednesday, 20 March 2013 07:04 PM

කොච්චර මකුවත් විනාෂ වෙලා ඉවරයි (දී)

:       0       0

ලංකා Wednesday, 20 March 2013 02:11 PM

අපේ උරුමයන් මිට වැඩියෙන් රැක ගන්න ඕනේ (දී)

:       0       0

සිරිමල් Wednesday, 20 March 2013 02:24 PM

හසන්ත මහත්තයෝ, මම කියන්නම් මෙතන තියෙන ප්‍රශ්නේ ගැන. ධම්ම කියන්නේ හරි වැදගත් දෙයක්. සමහර දෙමල උගතුන් පවා තර්ක කරනවා නොවැ තමිල්නාඩුවට දෙමල අය ගියෙත් ලංකාවෙන් කියලා. මේවා ගැන ඇහැ ගහගෙන ඉඳො හරි පිළිතුරක් සපයන්න කෙනෙක් නැතිඑකනේ තියෙන ගැටලුව. (නි)

:       0       0

සමන් Thursday, 21 March 2013 08:52 AM

සිල්පර කොට දෙකක් අතර සාදන්න ලක්ස අසූ හයක් යනකොට මේවත් ලේසි වැඩ නොවේ. (නි)

:       0       0

ලලිත Wednesday, 20 March 2013 02:22 PM

පරිස්සමට කරන්න ඕනේ වැඩක් (දී)

:       0       0

කින් බෙනට් Wednesday, 20 March 2013 02:28 PM

තව ටික කාලෙකින් අපිට අහන්න වෙයිද දන්නේ නැහැ හෙට සිට සීගිරි ගල නැත කියලා. එහෙම නැත්නම් සීගිරිය පුද්ගලීකරණය කළා කියලා. මේ යන විදියට ගියොත් එහෙම අහන්න වුණත් මම පුදුම වෙන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත Wednesday, 20 March 2013 02:23 PM

මකන්න ඇයි අදින්න දුන්නේ? (දී)

:       0       0

අතලේ සුමන හිමි Wednesday, 20 March 2013 07:49 PM

ඒ ළමයි සිංහලද දෙමළද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔතන ඔය වයසේ සිංහල අය හිටියනම් ඒ අයත් ලියනවා. ළමුන් වැරදි කරන්න පුලුවන්. ඒත් එතන හිටපු ගුරුවරු මොකද කළේ මේ ළමයි මේ විදිහෙ විනාශයක් කරනකම්. ළමයි මීටවඩා අනතුරුදායක දෙයක් කළා නම් කවුද වගකියන්නේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබද පරීක්ෂණයක් කරලා ඒ ගුරුවරුන්ට නොසැළකිල්ල පිළිබදව දැඩි විනය පියවර ගන්න අවශ්‍යයි‍ (නි)

:       0       0

සිරානි Wednesday, 20 March 2013 07:45 PM

රජයේ නිසි අවධානය මේ ගැන යොමු විය යුතුයි (දී)

:       0       0

සුබ්‍රමනියම් Wednesday, 20 March 2013 07:45 PM

සීගිරිය දෙමල රජෙකුගේ නිර්මාණයක් කියලා හැමෝම දන්නවා. කතරගමත් දෙමල මිනිසුන්ගේ. මෙහෙම බලනකොට ලංකාවම හින්දු රටක්. බුදුහාමුදුරුවොත් හින්දු කෙනෙක්. (නි)

:       0       0

මංජු Thursday, 21 March 2013 09:12 AM

සුබ්‍රමනියම්, මේ තම්ල්නාඩුව නෙමෙයි සිංහ‍ලදීපය. තව ටික දවසකින් අනුරාධපුරේ හැදුවෙත් සිංහල රජවරු නෙමෙයි කියයි. (නි)

:       0       0

මාධව Thursday, 21 March 2013 09:13 AM

මහා ජාතික අපරාධ (දී)

:       0       0

සචී Wednesday, 27 March 2013 12:33 PM

සිංහපාදේ බලි ලියපු අයට කෝ දඩුවම් !!! (ස)

:       0       0

ප්‍රභාත් Thursday, 21 March 2013 09:43 AM

සීගිරියේ තියෙන තාක්ෂනය ලෝකේ කොහෙන්වත් හොයා ගන්න බැහැ (දී)

:       0       0

චම්පි Wednesday, 20 March 2013 08:31 PM

ධම්ම, ඔයාගේ යාළුවන්ට කියන්න එයාලා බෞද්ධයෝ කියලා. (නි)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 04:31 AM

සුබුමනියමි ඔන්න ඔහොම සත්‍ය පවසන්න ඔබලා ඉදිරිපත් වෙන්න ඕනා.(නදී)

:       0       0

ජානක Wednesday, 20 March 2013 08:39 PM

මේ වැඩ කොලු කමට කල වැඩ නොවෙයි (දී )

:       0       0

උපුල් Wednesday, 20 March 2013 08:40 PM

අපේ දේ රැක ගන්න අපි උගන්නන්න ඕනේ (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 20 March 2013 08:43 PM

නැවත මෙවන් දේවල් නොවේවා (දී)

:       0       0

අසේල Wednesday, 20 March 2013 03:02 PM

ධම්මික හීනියට කනේ පාරක් ගහලා නේද? ඇත්ත සිගිරිය මුළු ලොවටම අයිතියි.එත් ඔබේ දෙමළ මිතුරාට පහදා දෙන්න එය විනාශ කිරීමේ අයිතිය කිසිවෙකුටත් නැති බව.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 20 March 2013 08:50 PM

මකන්න... මකන්න වහාම මකන්න (දී)

:       0       0

අරුණි Wednesday, 20 March 2013 03:10 PM

පුරාවස්තු කොඉතරම් ලොකු උනත් ඒවා නැවත වර්නගන්වන්නේ පුංචි පින්සල් වලින්. පාටත් එකම ගන්නවා. ඒ වැඩ වලට අවුරුදු ගානක් යනවා. ලංකාවේ එහෙම කරපුව මම දැකල තියනවා. මේක හරියට කළුතෙල් ගාලා වගේ. සිංහ පාදය විකුර්ති වෙලා .දැන් ඉතින් මුළු පාදයේම ගාල දාන එකයි තියෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 20 March 2013 03:12 PM

ඔය අකුරු ලියපු අයගේ පිට ඒ විදියටම හංවඩු ගහන්න තියෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 20 March 2013 08:59 PM

මොකද නිතිය ක්‍රියාත්මක නොකළේ (දී)

:       0       0

ඉන්දික Wednesday, 20 March 2013 08:59 PM

අනේ පින් සිද්ද වෙනවා නැවත මෙවන් දේවල් කරන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 274 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 905 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 47 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1760 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6274 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1843 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site