IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිංහරාජයෙන් අමුතු සතෙක් : වලිගයක් නෑ

සිංහරාජ වනාන්තරයේ  වැද්දාගල හා  පොතුපිටිය අතර පනාපොළ කොස්ගුලනේ දී හඳුනා නොගත් අමුතු සිව්පාවකු සොයා ගත් බව වනජිවි අමාත්‍යාංශය කියයි.

ඉරිදා (28) සවස 4.00 පමණ මේ සතා  දැක ඇත. පෙනුම අනුව මේ සතා රන් හෝතබුවා වැනි සතකුගේ පෙනුමට ආසන්න පෙනුමක් ඇතත් වලිගයක් නැතැයි නිලධරයෝ කියති.

සතාගේ  ඇඟේ කහ , කළු හා  දුඹුරු වර්ණ පවතී.උගුඩුවනට  වඩා මේ සතා  වෙනස් බව ද කියති. කොස්ගුලනේ දී සොයාගත් ‍සතාගේ බර කිලෝ 3  ග්‍රෑම් 300 ක් ද දිග සෙන්ටීමිටර 60 ක් බවත් බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර 36 ක් බව කියති.

කුඩා කාලයේ දී ම මේ සතාගේ වලිගය කැඩී ඇත් දැයි සැකයක් පවතින බව වනජිවි නිලධරයෝ පවසති. සතා හඳුනා ගැනීමට ගැමියන් හා වෙනත් පුද්ගලයන්ගේ සහාය පතන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

IMG_8343[1] IMG_8365[1] IMG_8376[1] IMG_8378[1]

(ජායාරූප - වනජිවි කාර්යාලය)



අදහස් (0)

සිංහරාජයෙන් අමුතු සතෙක් : වලිගයක් නෑ

දී ටි දණ්ඩපාල - කුරුමිටියාවල Tuesday, 01 March 2016 09:47 AM

මේකාට කියන්නේ බිම් ඌරා කියලයි. ටිකක් කුලෑටි සතෙක්. (ර)

:       0       0

සිල්වා Monday, 29 February 2016 10:23 PM

ඔය වලිගෙ තමා යෝෂිතටත් එල්ලලා තියෙන්නේ (කෞ)

:       0       0

ලලිත් Monday, 29 February 2016 11:48 PM

මිමින්නෙක් වගේද? උටත් නැට්ට නැහැ. එත් මේක නම් බහිරවයෙක් වගේ(කෞ)

:       0       0

නවෝදා Tuesday, 01 March 2016 12:06 AM

මේ සතාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න මිනිසුන්ට තිබෙන බලය කුමක්ද? දියුණු රටවල් දිහා බලාවත් පාඩමක් ඉගෙනගන්න. (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 01 March 2016 10:26 AM

සෙබස්තියන් මමනම් අහලා නැහැ නැට්ට තියන උනහපුලුවෝ. (ර)

:       0       0

පූජා Tuesday, 01 March 2016 11:28 AM

මම හිතන විඩියට ඔය සතා කිවි. (ර)

:       0       0

සිරිබිරිස් Monday, 29 February 2016 02:17 PM

සතා හඳුනා ගැනීමට ගැමියන් හා වෙනත් පුද්ගලයන්ගේ සහාය පතනවාට වඩා තමුන් කවුද, හැඳුනුම්පත කෝ කියලා සතාගෙන්ම අහන්න තිබුනා. (ර)

:       0       0

ගුනවර්දන Monday, 29 February 2016 02:17 PM

ආපදාවක් සිදුවී නැත්නම් කරුණාකර මේ සතාව කැළයට මුදා හරින්න. (ර)

:       0       0

ගමගේ Monday, 29 February 2016 02:50 PM

මුහුණ නම් උගුඩුවකුගේ මුහුණට සමානයි. (නි)

:       0       0

අරවින්ද Monday, 29 February 2016 03:13 PM

මේ සතා මොනතරම් ලස්සනද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 29 February 2016 03:12 PM

මේ සතා මැරිලාද නැත්නම් තාම පණපිටින්ද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

සුමිත් Tuesday, 01 March 2016 04:23 AM

මට හිතෙන්නේ මේක හයි බ්රිඩ් නරියෙක් වගේ , කොහොමටත් දියවන්නාවට අතාරින්න හොද ජාතියේ වගේ (හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 29 February 2016 03:14 PM

මේ සතා ටිකක් "තස්මේනියානු ඩෙවිල්" (Tasmanian devil) වගෙයි. (නි)

:       0       0

නදීෂ් Tuesday, 01 March 2016 05:02 AM

අමුතු සතෙක් නම් වෙන්න බෑ (ම)

:       0       0

නිහාල් Monday, 29 February 2016 04:02 PM

ඇසල මාර කතා තමයි කියන්නේ.ඔය සතා එහාට සුදුසු නෑ.පුත්තලමේ සත්තුනම් එහෙට සුදුසුයි. (බ)

:       0       0

යසිරු Tuesday, 01 March 2016 05:55 AM

කවුද මේ අලුත් සතා.(හේ)

:       0       0

රංජිත් Monday, 29 February 2016 04:09 PM

මොකටද මේ සතාව මැරුවේ (බ)

:       0       0

සමිත් Monday, 29 February 2016 04:18 PM

කවුද කියල මම කල්පනා කළේ (බ)

:       0       0

රොෂාන් Monday, 29 February 2016 04:35 PM

සෙබස්තියන් උනහපුලුවෝ දැකල නැද්ද? (බ)

:       0       0

ආනන්ද Monday, 29 February 2016 04:37 PM

කිසියම් විකෘති තත්වයකට පත්වුණු අපි දන්නා සතෙක්ද? එහෙම නැත්නම් සිංහරාජයටම ආවේනික සතෙක්ද? තීරණය අපේ සත්වවේදීන්ට භාරයි. අපටත් කුතුහලයක් නිසා ඉක්මනින් පර්යේෂණ කරන්න හැකිවේවා කියමු. (බ)

:       0       0

පහන් Tuesday, 01 March 2016 06:34 AM

කාපු සතා අදුනනවද කියලා වේදමහත්තයා ඇහුවලු. ලෙඩා කිව්වලු අදුනනවානම් ඌ මාව කාවිද වේදමහත්තයෝ කියලා. (ර)

:       0       0

නිමල් Monday, 29 February 2016 04:43 PM

දැන් කොහොමත් ලංකාවෙන් හමුවෙන්නේ නැට්ට නැති සත්තු තමයි (බ)

:       0       0

විජේරත්න Tuesday, 01 March 2016 06:40 AM

හොදයිනේ. (ර)

:       0       0

උපාලි Monday, 29 February 2016 04:53 PM

රංජිත් අහන දේ මයි මාත් අහන්නේ. ඇයි මේ සතාව මැරුවේ? කවුද මැරුවේ? හිසේ තුවාලයක් තියෙනවා පේනවා. වන ජීවී එකෙන් උත්තරයක් අපි බලා පොරොත්තු වෙනවා. (බ)

:       0       0

සමන් බණ්ඩාර Monday, 29 February 2016 05:09 PM

ඔයතරම් වටේ යන්න දෙයක් නැහැනේ ජාන පරීක්ෂණයක් කරානම් ඉවරනේ. (ර)

:       0       0

අමල් Monday, 29 February 2016 12:12 PM

මොකක් හරි අනතුරකට ලක් වෙච්ච සතෙක් වෙන්න ඇති. (ර)

:       0       0

කෝසල Monday, 29 February 2016 06:45 PM

පුදුම දුකහිතෙන මුහුණක්නේ තියෙන්නේ. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 29 February 2016 06:38 PM

රංජිත්, උපාලි කියනදේ මම දැනගෙන හිටියේ නැහැ. මේ සතාව කව්ද මැරුවේ? ඇයි මැරුවේ? උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අනු Monday, 29 February 2016 12:25 PM

නගුට කැඩිච්ච බල්ලෙක් නේ ඔය... (ර)

:       0       0

පහන් Monday, 29 February 2016 06:47 PM

කලවැද්දෝ, උරුලෑවෝ වගේ සතෙක් නම් නෙමෙයි (නි)

:       0       0

චමින්ද Tuesday, 01 March 2016 04:06 PM

පවු නේද? (නි)

:       0       0

පුලාරා Monday, 29 February 2016 06:56 PM

ඇත්තටම අමුතු සතෙක් නම්, හමුවුණේ පළමු වතාවට නම් මේ වර්ගයේ සතුන් ඇත්තේ සීමිත ගණනක්. ඒකත් මැරුවට පස්සේ බෝවෙන්නේ කොහොමද? (නි)

:       0       0

ඇසළ Monday, 29 February 2016 12:27 PM

ඉක්මනට දියවනන්වට අරින්න ඇමති කමකට සුදුසුයි. (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 29 February 2016 06:52 PM

අපේ තිලක් ඩුබායිගෙන් ඇහුවා නම් ටක් ගාලා නම කියයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 29 February 2016 07:08 PM

හයිනා කියන සත්ව කුලයේ සතෙකුට සමානකමක් දිස්වෙනවා (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 01 March 2016 08:47 AM

අනිවාර්යෙන්ම මේ සතා වලිගය කැඩුණු උගුඩුවෙක් (ම)

:       0       0

කිත්සිරි Monday, 29 February 2016 07:43 PM

පුදුම අහිංසකයෙක් (නි)

:       0       0

රනිල් Monday, 29 February 2016 09:55 PM

මම මේ සත්වයා දන්නවා මු ටස්මනියන් ට්යගෙර් පැටියෙක්. (කෞ)

:       0       0

සෙබස්තියන් Monday, 29 February 2016 01:20 PM

අමුතු සතෙක් නම් වෙන්න බැහැ. සුවර් එකටම නැට්ට කඩා ගත්ත උනහපුලුවෙක් වෙන්න ඇති. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 29 February 2016 01:22 PM

මොකෙක් හරි සතෙක්නෙ. තව හොයනවානම් ඕනෑතරම් තව සිංහරාජේ ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 259 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1383 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1640 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site