විදේශිකයන් ලවා සිංහරාජ වනාන්තරයේ වෙසෙන ඒක දේශික (ලංකාවට පමණක් ආවේනික) කෘමින් ඇතුළු කෘමින් රැසක් ජාන ලබාගැනීම ස`දහා රැස් කිරීමේ ව්‍යාපාරයක් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුව සැක කරයි.
සංචාරක විසා මත එන ඇතැම් යුරෝපා ජාතිකයන් මෙම කෘමින් අල්ලන බවට තොරතුරු අනාවරණය කර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ.
මකුළුවන්, තණකොළපෙත්තන්, කංගන්, කැලෑ හුනන්, පළ`ගැටියන්, කළු කැරපොත්තන් ඇතුළු කෘමීන් රැසක් සමග නෙදර්ලන්ත ජාතිකයකු කලවාන සංචාරක හෝටලයකින් දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි.
ඇමැස්ටර්ඩෑම් නුවර පදිංචි විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58* රිමාන්ඞ්භාරයට පත්කර ඇත.ඔහු සිටි හෝටල කාමරයේ තිබී කෘමීන් රැසක් සොයාගනු ලැබීය. කුඩා පොලිතීන් කවරවල සිට මෙම කෘමීනට ආහාර ද දමා තිබිණි. මෙම නෙදර්ලන්ත ජාතිකයා 2010 දෙසැම්බර් 17 දින ලංකාවට පැමිණ 2011 ජනවාරි 8 දින පිටව ගොස් ඇති අතර 2012 අපේ‍්‍රල් 5 දින යළ ලංකාවට පැමිණ ඇත. ඔහු එරට රසායනාගාර විශේෂඥයකු බව පවසා ඇතත් සනාථ කිරීමට ලියකියවිලි සතුව තිබී නැත. මීට පෙර සිංහරාජ වනාන්තරයේ සමනලයින් ඇල්ලූ විදේශකයෙක් අත්අඩංගුවටගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි
එස්.රන්දෙනිය Wednesday, 25 April 2012 01:00 PM
අපිව මංකොල්ල කන්න, බලන් ඉන්න කට්ටිය...
ඒ.කටුනායක Wednesday, 25 April 2012 01:25 PM
මේ වැඩ වලට වහා වැට බැදිය යුතුය
පීටර් Wednesday, 25 April 2012 01:59 PM
ඔය සත්තුන්ට ලෙඩ බෝ කරලා ආයිත් ගෙනත් දැම්මොත් කොච්චර භයානකද?
රූපසිංහ Wednesday, 25 April 2012 02:01 PM
විදේශිකයන් අපේ රටට අවිට, ඔවුන් මොනවාද කරන්නේ කියා අපි හොදේ සිහි බුද්ඩියෙන් සිටිය යුතුය. NGO අය පසුගිය කාලයේ කල දේවල් අපට මතකනේ. ඔය අහුඋනේ මගේ හිතේ 1000 කට එකක් විතර, අහුනොවී තව කියක් යන්න ඇතිද? අනික ඔය අහුඋනේ කව්රුහරි කෙනෙක් හොද සිහිබුද්ඩියෙන් සිටිය නිසා. විදේශීය ජාතිකයන් දුටුවිට අපි මානසික බෙලහීන තත්වයකට පත්නොවී අපේ රටත් ජාතියත්(ශ්‍රී ලංකික) උසස් යයි කියා සිතන්න පුලුවනි නම්මෙම බොහෝ ප්‍රශ්න වලට උත්තර සොයාගත හැකියි. එතකොට ඔය අයට හිතු හැටියට අපේ රටට ඇවිත් නැටුම් නටන්න හම්බවෙන්නේ නැ.
සමීර Wednesday, 25 April 2012 05:02 PM
ඕස්ට්‍රේලියාව් මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් මිලියන ගාණක් දඩ ගහනවා. අපේ රටට කරපු මේ ආක්‍රමණයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි
රෝහිත Thursday, 26 April 2012 01:55 AM
ඉන්දියානුවො පෙනුමෙන් බොහෝ දුරට අපි හා සමානයි. ඒ නිසා අපි හොද කල්පනාවෙන් ඉන්න ඕනි.