IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ

සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට මහේස්ත්‍රාත් මහේෂිකා ධනනසූරිය මහත්මිය අද කල් දුන්නාය. මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා රිටිගල, හොර්ටන් තැන්න හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේන් ද පැළෑටි සොරකම් කර ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ අධිකරණයට කීහ. ඔවුන් ළඟ තිබූ ශාක පිළිබඳව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දරගෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (0)

සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ

වරුණ Thursday, 22 November 2012 08:13 AM

රුසියානුවොනේ ඔන්න ඔහේ අතහැරලා දාන්න (ස)

:       0       0

සරත් Thursday, 22 November 2012 08:22 AM

දැන් ටිකක් ලැජ්ජයි වගේ නේද ?? . කලින් හිතන්න තිබුණා (ස)

:       0       0

සැලී Thursday, 22 November 2012 08:39 AM

අනේ ඔය මොනවාද? රටේ ඔය තරම් විපත්තිද සිදුවෙන්නෙ.. ඒ ගැන කතා කරන්න යාළුවනේ..!(නු)

:       0       0

ලුම්බිණි Thursday, 22 November 2012 08:41 AM

මේකට ඉහලම දඬුවමක් දිය යුතුයි. ඒ සමගම ලොකු ප්‍රසිද්ධියකුත් දිය යුතුයි. සංචාරකයන් එතකොට තමයි දැන ගන්නේ මේ වගේ නීති විරෝධී දේවල් කරලා ගැලවීමක් නැහැ කියල. අනික් එක මේකෙන්ම පෙනෙනවා නේද මේ අය සංචාරයකට නොවෙයි මෙහෙ ඇවිල්ල තියෙන්නේ කියල. (ස)

:       0       0

පද්මි Thursday, 22 November 2012 01:47 PM

ඔය බටහිරට බනිනඅය චීනය, රුසියාව ලන්කරගෙන ඉන්නේ (ස)

:       0       0

අනුර Wednesday, 21 November 2012 06:59 PM

බලනකොට රුසියාවත් වැඩක් නැහැ. (නි)

:       0       0

රංජිත් Thursday, 22 November 2012 01:49 PM

කලාතුරකින් ඔය වැනි දේවල් වෙනවා.ඒවා ගණන් ගන්න එපා. අපේ රටට විදේශ විනිමය ගලා එන මාර්ග වැඩි කරන්න සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි කැපවෙන්න ඕනෑ.ඊට ගණිකාවෘත්තිය හා ගබ්සාව නීතිගත කරන්න වෙනවා. (ස)

:       0       0

අභය Thursday, 22 November 2012 08:54 AM

බොහොම තැන්වල නාම පුවරු තියෙන්නෙ සිංහල බසින් පමනයි.ඒකත් ඕකට එක හේතුවක්.මේ අය ඔය තැන් වලට එනකොට ඇතුලත් වීමට පෙර දැනුවත් කරන්න ක්‍රමයක් හදන්න.ඒකත් ඉතාම වැදගත්.(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 01:43 PM

ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඒත් හොරකම් කරන්න දෙන්න බෑ (ස)

:       0       0

චතූ Thursday, 22 November 2012 08:59 AM

මොනවා උනත් ගහකොළ එක්ක ජීවත්වෙන මිනිස්සු මේගොල්ලො අපේ රටට අයහපතක් කරන අදහසින් පැල ගෙනියන්න හිතුවා කියන එක පිළිගන්න බෑ - මේ මහ පොළොවෙ තියන ගහ කොළ සතා සීපාවා හැම මිනිහටම අයිතියි. ඔවුන්ගේ අරමුණ විමසලා නිදහස් කිරීම වටිනවා..(ස)

:       0       0

බ්ලේක් Wednesday, 21 November 2012 07:05 PM

අමතක නොවන පාඩමක් කියලා දෙන්න. (නි)

:       0       0

ගිහාන් හොරණ Wednesday, 21 November 2012 07:05 PM

අමතක නොවන පාඩමක් දෙන්න ඕනි හොරකම් කරනවට.(ස)

:       0       0

ගිහාන් හොරණ Wednesday, 21 November 2012 07:12 PM

අමතක නොවන පාඩමක් දෙන්න ඕනෑ, හොරකම් කරනවට. (නි)

:       0       0

අශෝක Wednesday, 21 November 2012 07:14 PM

මේක නම් ප්ලෑන් කරල කරපු දෙයක්. නැත්නම් කොහොමද පැළ තුන්සිය ගණනක්..? අපේ අයත් පිටරටින් කියලා එන ඕනෙම සුදු කෙනෙකුට බොක්කෙ තියෙන දේත් දෙනවනෙ. දුප්පත් දරුවෙක් ආශාවට මලක් ඇල්ලුවත් කටට නිවනක් නැතිවෙනකල් දොස්කියනවා. (නි)

:       0       0

චානුක Thursday, 22 November 2012 09:10 AM

ගොඩක් හොඳයි (ස)

:       0       0

හර්ෂ Wednesday, 21 November 2012 07:13 PM

විදේශිකයෝ ලංකාව විනාශ කරනවා

:       0       0

චානුක Thursday, 22 November 2012 09:11 AM

අපි ඒ රටේදි ඔහොම කරානම් අපිට දෙන දඩුවම වගේ දෙගුණයක් දඩුවම් දෙන්න ඕනි (ස)

:       0       0

සරත් Thursday, 22 November 2012 09:11 AM

චතූ දන්නේ නැද්ද " කොතලහිඹුටු " වලට මොකද වුණේ කියලා ... (ස)

:       0       0

සෑම් Wednesday, 21 November 2012 07:22 PM

ජාන හොරකම් කරලා එයාලා ඒකට පේටන්ට් බලපත්‍ර ගත්තාම ලංකාවේ අපේ අයට අනාගතයේ කවරදාකවත් ඔය පැළෑටිවල ජාන මුල්කරගෙන කිසිම බෙහෙතක්, නිෂ්පාදනයක් කරන්න බැහැ. එහෙම කිසිදෙයක් නිෂ්පාදනය කරනවා නම් ඔය ජාන හොරකම් කරලා පේටන්ට් බලපත් ගත්තු අයට නිෂ්පාදනයෙන් සියයට ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා. (හරියට බද්දක් ගෙවනවා වගේ)ඔන්න ඕකයි ඕකේ ඇති වැදගත්කම. (නි)

:       0       0

චානක Wednesday, 28 November 2012 11:27 AM

හොරකම නරක වැඩක් හොඳේ .(ස)

:       0       0

සමන් Wednesday, 21 November 2012 07:34 PM

අත්අඩංගුවට ගන්න

:       0       0

කුමාර Thursday, 22 November 2012 09:17 AM

"මේ මහ පොළොවෙ තියන ගහ කොළ සතා සීපාවා හැම මිනිහටම අයිතියි." ඒහෙනම් කොතල හිඹුටු ලංකාවෙන් ජපානය ට ගෙනිහින් දියවැඩියාව ට බෙහෙතක් හදලා ඒකට ජපානය විතරක් පේටන්ටි බලපත්‍රය ගත් හැටි හරිද ඒ බෙහත් නිෂ්පාදන වියදමින් අඩකටවත් ලංකාවට දෙනවද ලංකාවේ ඉන්න වැඩි දෙනකුට අදහස් තියෙන්නේ මොනව විකුණල හරි අද ජීවත් වෙන්න (ස)

:       0       0

අශෝක Wednesday, 21 November 2012 07:39 PM

ගංජා පැළ ටිකකුයි දෙන්න තිබුණේ කරන දේවල් වල‍ට. (නි)

:       0       0

දයා සෞදි Thursday, 22 November 2012 09:42 AM

මේකෙ ඇතුලෙන් සැළසුමක්.. අත් ටැක්ටරයකට පටවන්න තරම් පැල තොගයක් කෙසේද මේහිදී එකතුරගනන්නේ.. ඩොලර් ටිකක් කාටහරි දීලා තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. එලිවෙයි නේද?(නු)

:       0       0

හේමන්ත Wednesday, 21 November 2012 07:54 PM

පරදේශක්කාරයෝ ඉස්සෙල්ලා ඇවිල්ලා අපේ සම්පත් හූරගෙන කැවා. දැන් රටේ තියෙන ගස්කොළන් ටිකටත් වැඩේ දෙන්නයි යන්නේ. (නි)

:       0       0

අජිත් Thursday, 22 November 2012 09:39 AM

මමත් විශ්‍රාම ගිය කැලෑ නිලධාරියෙක්.. මේ තරම් පැල ප්‍රමාණයක් ගෙනියන්න හදපු එක මටත් සැකයි.. ආර්.එෆ්.ඕ. මහත්තයෝ මේක තව ටිකක් මහන්සිවෙලා හොයන්න ඕන වෙන අපරාධයක්..!(නු)

:       0       0

ප්‍රියල් Wednesday, 21 November 2012 08:12 PM

සංචාරක කර්මාන්තය තුලින් ඇතිවන්නට යන ජාතික විපත්තියන් පිළිබද සැලකිලිමත් වී දැඩි දඩුවම් පැමිණිවිය යුතුයි. තතු දන්නෝ මේවායේ යටි අරමුණු දනිති. (ස)

:       0       0

චතූ Thursday, 22 November 2012 10:03 AM

හරි කොතල හිඹුටු ලංකාවෙන් තුරන් වෙලාද? ලංකාවෙ මිනිස්සු ජපානෙ බෙහෙත් ගැන කියනවා ඇයි අපට පරීක්‍ෂණ කරලා ඒවා නිපදවන්න බැරි. ඔක්කොම පිටරටින් එනකල් බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:56 PM

සංචාරකයන් දැනුවත් කරන්න ඕනි (ස)

:       0       0

සුජිත් Thursday, 22 November 2012 10:13 AM

රටේ පවතින නීතිය අනුව අපි මෙයාලට දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

චන්දිම Wednesday, 21 November 2012 09:12 PM

ඇත්තටම කියනවනම් අපේ උද්භිද උද්‍යාන වල ඔය ඉන්න නිළධාරියො අපට ආවේනික මේ දුර්ලභ ශාඛ ගැන හොයල බලල ඒවායේ ජානමය අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කරනවද? නැතුව දැනට මේ අවුරුදු ගානකට කලින් වැඩ කරපු විදියට රාජකාරි කරල හරියන්නෙ නැහැ. මෙහෙම ගියොත් අපේ ජාන සම්පත් විදේශිය හොරුන්ට අයිතිවෙයි. ඒකෙ හානිය මොකක්ද කියලවත් අපේ අය තාම දන්නෙ නැහැ. (ස)

:       0       0

සංජීව Thursday, 22 November 2012 10:28 AM

සිංහරාජයට ඇතුලු වෙන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම රුපියල් 560ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕන. ඒත් එක්කම තවත් රුපියල් 800ක් විතර දීලා මාර්ගෝපදේශකයෙකුත් ගන්න ඕන.. නැත්නම් සිංහරාජයට ඇතුල් වෙන්න බැහැ.. මේ වැඩේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මාර්ගෝපදේශකයා.. එයාගෙ අනුදැනුම නැතිව මේ වැඩේ උනානම් පුදුමයක්..!(නු)

:       0       0

එස්එල්ටීකේ.2004 Thursday, 22 November 2012 10:39 AM

ඔන්න ඔහේ ගත්ත දෙන්. යුද්ද කාලේදී, එක්සත් ජාතීන්ගේ සංවිධාන ය ප්‍රශ්න ඇතිකරද්දී රුසියාව උදව් කලානේ ...(නු)

:       0       0

අශාන් Wednesday, 21 November 2012 09:37 PM

මොකෝ මේ අය අපිට බයේද මූණු හංගන්නේ (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 09:31 PM

ඇප දුන්නේ ඇයි? (නි)

:       0       0

තිලක් Thursday, 22 November 2012 10:41 AM

මේ අය රිටිගල හෝර්ටන් තැන්න පේරාදෙණිය වගේ වෙන තැන් වලිනුත් පැළෑටි එකතුකරලා තියෙනවා. ඒ කියන්නේ ආසාවට පැලයක් ගලෝගෙන නොවෙයි. මෙයාල පොඩි බබාලා නොවෙයි. කොතල හිඹුටු විතරක් නොවෙයි සෙනෙහෙකොල අරළු වල්ල ගස් කරඳ පොතු ආදී තවත් බොහෝ වර්ග යොදාගෙන බෙහෙත් හදල පේටන්ට් අරන් තියෙනවා. මේවා අපට බෑ කියන මිත්‍යාව පරාජය කරන්න. මගේ දුව දැනට ඉගෙන ගෙන තියෙන මට්ටමෙන් ඇයට මේවා ගැන පර්යේෂණ කරන්න පුළුවන්. ඊට වඩා බොහෝ උගතුන් ලංකාවේ ඉන්නවා. විදේශිකයින්ට ඕනේ නම් අපෙන් අවසර අරන් අපේ රටේදී පර්යේෂණ කරලා අපිත් එක්ක සම ව්‍යාපාරයක් විදියට ඒවායේ ආර්ථික ඵල සාධාරණව බෙදීයන ලෙස කටයුතු කරනවා මිසක් හොරකම් කරගෙන යන්න දෙන්න බෑ .(නු)

:       0       0

සනත් Thursday, 22 November 2012 10:49 AM

ගලොනකල් බලන් හිටියාද (දී)

:       0       0

නාලක Thursday, 22 November 2012 10:42 AM

සංචාරක කර්මාන්තයෙන් වැඩක් ගන්න නම් හොද නීති තියෙන්න ඔන... දුෂනය හා වංචා නිසා කිසි දෙයක් හරි යන්නේ නෑ. (ස)

:       0       0

chandima Friday, 23 November 2012 07:46 PM

ජෛව තාක්ෂණය, ශාක ජාන තාක්ෂණය යන විෂයන්ට අදාලව ජර්මනියේදී පශ්චාත් උපාධියක් සහ විශේෂ පුහුණුවක් ලබා ලංකාවට ආවත් මා හට හිතට එකඟව කළ හැකි රැකියාවක් හෝ ආයතනයක් හෝ ලංකාවේ නැතිබව ඔබට කියන්නේ ඉතා කණගාටුවෙන්. විදේශයේදී ලද දෙයින් දැන් යන්තම් ගෙයක් හදාගෙන ඔහේ ජීවත්වීම තමයි අපේ රටේදි කරන්න වෙලා තියෙන එකම දේ.ඔන්න ඕකයි ඔය විෂය ඉගෙන ගත්ත අයට ආපහු අපේ රටට ආවහම වෙන්නේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 10:30 PM

විදේශ විනිමය සොයන්නේ මේ වගේ අපේ රට විනාශ කරන විදේශිකයන්ගෙන්ද (ස)

:       0       0

සාගර Thursday, 22 November 2012 11:29 AM

චතූ, කොතල හිඹුටු ලංකාවෙන් තුරන් වුණේ නැහැ. ජපන් කාරයෙක් මේ රුසියන් අය වගේ ලංකාවට ඇවිල්ලා කොතල හිඹුටු සාම්පල් ඒ රටට අරන් ගිහිල්ලා ඖෂධයක් වෙළඳ පළට නිකුත් කරලා, ඊට අදාළ පේටන්ට් බලපත්‍රය ලබාගත්තා. මේ වෙනකොට ඇමරිකන්, ජපන් සමාගම් කොතල හිඹුටු වලින් නිෂ්පාදනය කරන ඖෂධ 116කට පමණ පේටන්ට් ලබාගෙන අවසන්. දැන් අපට වෙලා තියෙන්නේ අපේ ඖෂධය අපි නිෂ්පාදනය කරන්නත් ඒ සමාගම් වලට මුදල් ගෙවන්න. මෙවැනි දේවල් සුළුවෙන් සලකලා බැහැ.මීට වඩා දැනුවත් විය යුතුයි. (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 11:30 AM

අපේ දේ අයිති අපිටයි. ඒවා රැකගැනීම අපේ යුතුකමයි. (නි)

:       0       0

චන්ද්‍රපාල Thursday, 22 November 2012 04:04 PM

මෙච්චර පැල ගලවනකම් අදාල අංශ නිදියගෙනද හිටියේ (ස)

:       0       0

තුෂාර Tuesday, 27 November 2012 11:19 AM

ලංකාවට ඇවිල්ලා ලංකාවේ සාරය හුරාගෙන ගිහිල්ලා ලංකාවට වින කටින්න තමයි ඔය හදන්න (දී)

:       0       0

සුජිත් Thursday, 22 November 2012 04:01 PM

මේ නඩු ආදායම් වලින් රජයේ සේවක වැටුප් වැඩිකරන්න කොටසක් යොවදන්න බැරිද ? (නි)

:       0       0

මුන්සාර් Thursday, 22 November 2012 11:43 AM

නැට්ට පිටින් අලි මැරෙන රටේ මේක මොකක්ද? (නි)

:       0       0

නවී Thursday, 22 November 2012 11:49 AM

ලංකාවේ මේ පැළ තියාගෙන වැඩක් ගන්නේ නැත්නම් අඩුමගානේ ඒ මිනිස්සු හරි වැඩක් ගන්න එක වැරදිද? (නි)

:       0       0

තරුෂ Thursday, 22 November 2012 12:00 PM

වැදගත් අය වගේ මූණ වහගන්නෙ ලැජ්ජාවට . උගත්කමයි වැදගත්කමයි කපටිකමයි ඔක්කොම තියෙන අයට තමයි ඔය වගේ වැඩ කරන්න පුලුවන් ඒ නිසා උගත් සහ වැදගත් අයගෙන් පරිස්සම් විය යුතුයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 22 November 2012 04:46 PM

කොතලහිඹුටු වලින් හදනවා කියන බෙහෙත් 116න් එකක් හරි ප්‍රායෝගිකව පාවිච්චි කරනවා නම් මෙතරම් දන්නා කවුරු හෝ අපටත් කියාදෙන්න. අපේ ජාන සම්පත් ගැන අපි පර්යේෂණ නොකරනවා නම් කාට හෝ බාරදීලා වත් කරවාගෙන, ගතයුතු දෙයක් තියෙනවානම් මානව වර්ගයා වෙනුවෙන් සල්ලි දීලා හරි ගන්න පිළිවෙලක් සකස් කළ යුතුයි. අපේ ජෛව විවිධත්වය ගැන ලොකු කතා කියමින් 'අපිට නැත්නම් ලෝකේ කාටවත් නැති වේවා' කියා අටුවේ දමා රැකගෙන ඉන්නේ අපේ කුහකකම නිසා නොවේද? අප්‍රිකාවේ ගෝත්‍රිකයින් ඊතල සඳහා භාවිතා කළ විස වර්ගයකින් සුද්දා හැදූ නිර්වින්දන ඔසු වලින් තමා අදත් අපේ රටේ සැත්කම් සිදු කරන්නේ. ඒ ගෝත්‍රිකයින්ට අපේ වගේ අන්තගාමී පරිසරවේදීන් නොහිටි නිසා හොඳයි, නැත්නම් ඒ ජාන තවම අප්‍රිකාවේ වනාන්තර වල 'පරෙස්සම් කරලා' අරන් තියලා. (නි)

:       0       0

සමරසිංහ Thursday, 22 November 2012 12:30 PM

අපේ රට ඉතිං මිත්‍රශීලී රටක්නේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 01:01 AM

ඩයනාවවත් මේ වගේ පින්තූර ගත්තේ නැතුව ඇති. (නි)

:       0       0

ශලනි Thursday, 22 November 2012 06:57 AM

හොරකම කළේ රැසියානුවෙක් නිසා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සහ නීතිය අනුව ඔවුන් නිදහස් වෙයි..! වැරදිලාවත් ඇමරිකානුවෙක් මේක කලානම් එයාට හොද දඩුවමක් දෙන්න තිබුණා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 79 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 493 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 464 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1339 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7201 9

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 124 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site