IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සහරාන්ගේ කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී

(වසන්ත චන්ද්‍රපාල)

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදි පුහුණු කඳවුරක් ලෙස සකස් කළ මෙම නිවස සොයා ගැනිම සමත්වි ඇත.

සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශ හොදින් නිරීක්ෂණය කිරිමට හැකියාව තිබේ.

අවට ගම්වැසියන් නොමග යැවිම සදහා මෙම ස්ථානය ගොවිපලක් පවත්වා ගෙන යන ලෙසට සකස් කර තිබේ. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් ගේ අතේ ඇගිලි සහ ඇසක් තුවාල වි ඇත්තේ මෙම ස්ථානයේ බෝම්බයක් හදන විට පුපුරා යෑමෙන් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

මෙම ස්ථානයේ තිබී බෝම්බ සකස් කිරිමට ගත් එස්ලොන් බට තුනක් ද සොයා ගැනිමට හැකි වී ඇති අතර, තාප්ප පිපිරවීමට මෙම එස්ලොන් බට යොදා බෝම්බ සකස් කරන බවද ආරක්ෂක අංශ සදහන් කරයි. 

පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂිත වැටක් අසළ තිබි මෙවැනි බෝම්බයක් හමුවී තිබේ.

මෙම ඉඩමේ සිටි පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (12)

සහරාන්ගේ කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී

ධම්ම Sunday, 05 May 2019 12:45 PM

බලධාරීන් මේවා මින් පෙර නොදැන සිටියා වෙන්න බැහැ.

:       0       175

prdeepSunday, 05 May 2019 02:58 PM

රජය දන්නවා හැමතැනම ආයුධ රැස්කළ බව... නමුත් ඡන්ද නැතිවෙයි කියා ඕවා පරීක්ෂා කළේ නැහැ. පාස්කු දිනේ බෝම්බ පිපිරුවේ පන්සලක නම් තවමත් ආරක්ෂක අංශ වලට මේවා අල්ලන්න බලය දෙන්නේ නැහැ. අපි ඉතින් උපරිම ඉවසීමක් තියෙන අහිංසක ජාතියක්. මැර ගති ඇත්තෝ එයින් අයුතු ප්‍රයෝජන ගනිති. දේශපාලකයෝ මේ රට විනාශ කරමින් සිටිති.

:       319       1187

liyanage Sunday, 05 May 2019 09:17 PM

කාත්තන්කුඩියෙ සහරාන්ගේ ඉඩම කඳවුර ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙ ආරක්ෂක අංශවලට බාරදී ඔවුන්ගේ යටතට පැවරිය යුතුය. ත්‍රරස්ත්වාදීන්ට මුලධර්ම වාදීන්ට අයත් සියලු දේපල රාජසන්තක කලයුතුය

:       0       11

රජින්ද Sunday, 05 May 2019 12:56 PM

මුළු කාත්තන්කුඩි ප්‍රදේශයම ආවරණය වන පරිදි ස්ථීර හමුදා විශේෂ කාර්යය බලකා කඳවුරක් වහාම ස්ථාපනය කළ යුතුයි...

:       0       650

sarathSunday, 05 May 2019 02:08 PM

පහුගිය කාලේ ඔය පැත්තේ, බුදු සරණයි කියලා ගහපු ලොරියකටවත් යන්න දුන්නේ නැහැ. පෞරාණික සිද්ධස්ථාන වලට කරලා තියෙන හානියට මොවුන් වගකිවයුතුයි .

:       0       47

රණ්බණ්ඩා Sunday, 05 May 2019 01:19 PM

මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ සහයෝගයක් නැතුව මේ වගේ දෙයක් කරගෙන යන්න අමාරුයි.. පේනවා නේද සහජීවනය කිය කිය මේ ගුණමකු අය ලෑස්ති වුනේ මොකටද කියලා පැහැදිලියි නේද ??

:       1       65

මේඝවර්ණ අභය Sunday, 05 May 2019 01:31 PM

ආයුබෝවන්ඩ! මේ වර්ගවාදය අවුස්සන්ටවත්, අන්‍යාගමිකයින්ට පීඩා කරන්ටවත් ලියන දෙයක් නොවේ... දර කෑල්ලක් කඩා ගන්නට කැලයට රිංගුව, තමන්ට කියා හේනක් කොටාගන්ට තැනක් නැතිකමින් රජයේ බිම් කොටහක දවස පුරා හැප්පෙන දුප්පත් සිංහල මිනිහට රජයේ නිලධාරීන්ගෙන් අරියාදු බොහොම බව ආයේ රහසක් නොවෙයි. නැගෙනහිර, වයඹ පුරා පැතිර ඇති අමු කැලෑ මැද්දේ තවම පුරාවිද්‍යාවෙන් අතවත් තබා නොමැති බෞද්ධ පුරා විදුබිම්, නෂ්ඨාවශේෂ අපමණයි. එ්වා දිනෙන් දින විනාශ වෙන බව රහසක් නොවෙයි. මෙලෙසින් තම දේශපාලන සහ ආගමික හිතවතුන්ට රජයේ ඉඩම් ලබා දෙන්නේ බොහෝ විට පුරාවිද්‍යාවේ, මහවැලියේ නියෝග තඹ දොයිතුවකටවත් මායිම් නොකරයි. ඊට විරුද්ධව ඒ පළාත්වල උසාවිවලට කිව්වටත් ඵලක් නෑ. ඇතැම් සිංහල දේශපාලකයන්, ඇතැම් සිංහල පරිපාලන නිලධාරීන් දුප්පත් සිංහල මිනිහා දිහා බලන්නේ රවමින් ගොරවමින්... ඒකටත් එක්ක, අන්‍යාගමික මිනිස්සු තමන්ගේ මිනිහා උදව්වක් ඉල්ලන් ආවොත්, ආව වේගයට වැඩිය වේගයෙන් ඒ වැඩේ කරලා දෙනවා. එහෙම ගත්තු ඉඩම් තමා මෙව්වා. මේවා වහාම රජය සතු කරගන්නම ඕනෑ.

:       0       635

සේන Sunday, 05 May 2019 01:35 PM

අපේ ආරක්ෂක අංශ අපට දෙමව්පියන් වගේ විශ්වාසයි. මේ ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට පැමිණවූ පසු කුමක් සිදුවේද? ආරක්ෂක අංශවල මහන්සිය, කැපවීම වතුරේ යාවිද? එතැනයි ගැටළුව...

:       0       393

Nuwan Sunday, 05 May 2019 02:01 PM

රජින්ද සහතික ඇත්ත රට පුරා හමුදා කදවුරු ඉදිකළ යුතුයි. රටට අනවශ්‍ය බරක් වන ඇමති මණ්ඩලය 10කට අඩුකොට, රටට අත්‍යවශ්‍ය ආරක්ෂාව ස්ථාපිත කල යුතුයි රටට ජාතියට ආදරයක් තියේනම්

:       0       105

Chanak Los angeles Sunday, 05 May 2019 04:37 PM

ආරක්ෂක අංශ විසින් යම්කිසි විමර්ශනයක යෙදෙන ස්ථානයක වටා අනවශ්‍ය පුද්ගලයන්ට රොක්වෙන්නේ ඒවාට ඇඟිලි ගසන්න ඉඩ නොදෙන්න වගබලා ගත යුතුයි .

:       0       42

some55 Monday, 06 May 2019 03:26 AM

මේවට බට දීපු කෙනාවත් අල්ලන්න ඕනේ . පේන විදිහටනම් කුකුල් කෑම දාන්න හදලා වගේ .

:       0       1

Shehan Monday, 06 May 2019 04:08 AM

එස්ලෝන් බට? වෙළඳ නාමය භාවිතා කරන්නේ ඇයි? PVC බට කියලා කියන්නේ නැතුව...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 173 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 356 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 834 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1789 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 960 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 745 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site