IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’සහරාන්ගේ ප්‍රහාරය ගැන 15000ක් විතර දැනගෙන හිටියා’

(මුදිතා දයානන්ද)

“සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර මගේ ගණන් බැලීම අනුව 2019 අප්‍රේල් එකොළොස්වැනිදා වන විටත් 15,000ක පමණ පිරිසක් දැන ගෙන සිටියා” යැයි  හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (19) පැවසීය.

රටේ තීන්දු තීරණ ගත යුත්තන් කිසිවෙක් එය දැන සිටියේ නැතැයි දැන් පවසන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

“තානාපති කාර්යාල පවා දැනගෙන සිටි ඒ කාරණය රටේ තීන්දු තීරණ ගත යුතු ප්‍රධානීන් පමණක් දැන සිටියේ නැතැයි කියනවා. ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් දැන සිටි කාරණාව මැතිඇමතිවරුන්ට නොකියා සිටියාද යන්න හිතාගත නොහැකි ” යැයිද ජයවර්ධන මහතා පැවසීය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරිණි.

එහිදි විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි වැදගත් පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන්ව තිබියදී ඒ ගැන පල්ලිවලට දැනුවත් කිරිමට කටයුතු නොකළේ ඇයිද යන්න සම්බන්ධයෙන් නීතිඥ පෙරේරා කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

තමන්ට ලද තොරතුර පොලිස්පතිවරයාට යොමු කළ පසු  ඔහු විසින් එය පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, බස්නාහි පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, ප්‍රභූ ආරක්ෂක අංශයට, රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන්නේ නම් එම අංශ යටතේ සේවය කරන නිලධාරීන් සළකා බැලූ විට 15,000ක පමණ පිරිසක් දැන සිටින්නට ඇතැයි විශ්වාස කරන බව ජයවර්ධන මහතා පැවසීය. මීට අමතරව එදින තානාපති කාර්යාලවලින්ද තමන්ට අමතා මේ තොරතුර කුමක්දැයි විමසා සිටි බවද ඔහු පැවසීය.

“පොලිසියේ මෙපමණ පිරිසක් දැන සිටි තානාපති කාර්යාලත් දැනගෙන සිටි කාරණය අපේ රටේ තීන්දු තිරණ ගතයුත්තන් දැනගෙන සිටියේ නැහැ කියනවා. මං දන්නේ නැහැ ඒක කොයිතරම් දුරට ඇත්තද කියලා. අන්තිමට සියල්ලේ වැරදි කාරයා නිලන්ත” යැයිද ඔහු පැවසීය.



අදහස් (20)

’සහරාන්ගේ ප්‍රහාරය ගැන 15000ක් විතර දැනගෙන හිටියා’

Ranasinghe Monday, 19 October 2020 05:23 PM

පූජිත් ජයසුන්දර ඔයා වගකියන්න ඕනේ මේ සිදුවීමට...

:       0       0

රවි Monday, 19 October 2020 07:49 PM

බයිලා. මෙම පුද්ගලයින් වගකිවයුතු තනතුරු දැරීමට සුදුසුද? ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි..

:       0       0

jagath G Monday, 19 October 2020 10:14 PM

ජනාධිපති සිරිසේන සහ එයාගේ පක්ෂයේ ආරක්ෂක කවුන්සිලයේ කුමන්ත්‍රණය කළේ මන්ත්‍රීලා...

:       0       1

karuna Monday, 19 October 2020 10:16 PM

ඔබතුමා නෙමෙයි කියන්නේ නැතිව ලිපිවලට අත්සන් කරන ජනාධිපති සිරිසේන ඇතුළු පිරිස තමයි.

:       0       1

tharidu Monday, 19 October 2020 10:20 PM

ලෝකයා දනී. සිරිසේන නොදනී. මෙහෙම රටක් හා ආණ්ඩුවක්..

:       0       3

kaligu Monday, 19 October 2020 10:22 PM

ඔක්කොම කරලා සිරා ගියා සිංගප්පූර්.. ඔයා හරි නිලන්ත. ඔයා කියන අයගේ සිරිසේනත් ඉන්නවා.

:       0       3

හර්මානිස්Tuesday, 20 October 2020 12:09 PM

සිරා සිංගප්පූරු ගියා විතරක් නොවෙයි. අගමැති ආරක්ෂක මණ්ඩලය කැඳවීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක ලේකම්ට එයට නොයන ලෙසත් කියලා තිබුණා. ඒ වගේම අගමැතිට ආරක්ෂක ලේකම්ගේ දෙපාමුලට යන්නත් වුණා.

:       0       1

anura Tuesday, 20 October 2020 12:05 AM

අරුම පුදුම වැඩේ එවක රටේ නායකයෝ කවුරුවත් මේක ගැන හාංකාවිසියක්වත් නොදැන සිටීමයි. ඒත් ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් සියල්ල මේවා දැනගෙන සිටියලු. කට පරිස්සම් කරගෙන ඉන්න බැරි පුතෙක් කිව්වේ මේ සිද්ධිය පෙර දැනගත්තේ තාත්තාගෙන් බවයි. නමුත් එය ප්‍රබන්ධයක් වීමට බොහෝ ඉඩ ඇත. මෙම සිද්ධිවලට වගකිව යුත්තේ වෙනසක් බලාගෙන මෙවැන්නන් පත් කරගත් පාර්ශවයයි. දැන් ඔවුන්ට එම වෙනස ලැබී ඇත...

:       0       6

RaveendraTuesday, 20 October 2020 07:16 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. ලොක්කන් සොක්කන් සියල්ලන්ම තම හෘද සාක්ෂියට එකඟව දන්නවා අප සියල්ලෝම මේ මහා ම්ලේච්ඡ ඝාතනයට ඍජුවම සම්බන්ධ බව... "මේ සියල්ලෝම ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමිය යුතුයි" යන්න අපද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙමු.

:       0       5

dhamneth Tuesday, 20 October 2020 12:26 AM

15000ක් පමණ දැනගෙන සිටියා කියන මෙම ආරංචිය එක මාධ්‍යෙව්දියෙකුට හරි, එක මාධ්‍ය ආයතනයකට හෝ දැනගන්නට ලැබුණා නම් මෙම ආරංචිය මුලු ලෝකෙටම දැනගන්න ලැබෙනවා.

:       0       6

derrick Tuesday, 20 October 2020 01:15 AM

ඒක තමයි අපි එදා ඉඳන්ම කිව්වේ අගරද ගුරුතුමා ප්‍රමුඛ රදගුරු මණ්ඩලේ සියලුම දෙනා මේ බව දැනගෙන හිටියා කියලා. හරීන් ප්‍රනාන්දුගේ තාත්තා දැඩි සත්කාර ඒකකයේ ඉඳගෙනත් මේක දැනගත්තේ පල්ලියෙන්නේ. ඔය ත්‍රස්තයන් ගැන හොයනවා වගේම මේ සෙට් එක මොකුත් නොදැන හිටියද කියන එකත් හොයන්න කොමිසම වැඩ කරන්න ඕනේ...

:       5       7

මුණසිංහ Tuesday, 20 October 2020 02:08 AM

එහෙනම් අපිට කියන්න තියෙන්නේ මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් කළ ප්‍රහාරයක් බවයි.

:       3       7

kamal Tuesday, 20 October 2020 03:42 AM

අපේ තාත්තත් දැනගෙන හිටියා. ඇයි මම කළිනුත් කිව්වේ..

:       4       1

Raveendra Tuesday, 20 October 2020 07:08 AM

15000ක් පමණ දැනසිටියා කියමන නම් හරි පුදුමයි. ලොක්කන් ඔක්කොම බවුන් වඩමින් සිටීමත් හරි පුදුමයි. එක නරපනුවෙක් නිවට පුතුට කීමත් හරි පුදුමයි. යාඥාවට ගිය අහිංසකයන් නොදැන සිටීමත් හරි පුදුමයි.

:       2       4

banda Tuesday, 20 October 2020 07:24 AM

පාර්ලිමේන්තුවේ ඉඳපු 225ම මේක දන්නවා. නමුත් මේක බොරුවක් කියලා කවුරුවත් ගණන් ගත්තේ නැහැ.

:       0       4

jagath Tuesday, 20 October 2020 11:07 AM

15000ක් විතර දන්නවාලු. නමුත් ජනාධිපති සිරිසේන දන්නේ නෑලු. කියවන්නේ නැතිව ලිපිවලට අත්සන් කෙරුවලු... මෙයා ඉන්න ඕනේ හිරගෙදර.

:       0       0

kalani Tuesday, 20 October 2020 11:08 AM

අපේ රටේ සිරිසේන කියලා හිටියේ ජනාධිපති කෙනෙක් නෙමෙයි බබෙක්..

:       0       0

thissa Tuesday, 20 October 2020 11:11 AM

සහරාන්ගේ ප්‍රහාරය 1500ක් විතර දැනගෙන හිටියා නම් මොකටද ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිව මේකට හිරකරන්න යන්නේ..?

:       0       0

kumaari Tuesday, 20 October 2020 11:12 AM

මේකට වගකියන්න ඕනේ කවුරුවත් නොවේ.., සිරා කියලයි අපි හිතන්නේ.

:       0       0

KAMAL Wednesday, 21 October 2020 06:28 PM

එක රටක් එක නීතීයක් තියෙන රටක 15000 ක් වගකියන්න ඕන දැනට ලේකම් සහ පොලිස්පති හිරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1115 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 400 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1222 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 129 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 842 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2475 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site