IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘

සිංහල දෙමළ ජනතාව අතර විශ්වාසය පළුදුවීමේ ලොකු හිඩැසක් තවමත් පවතින බවත් පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා අතීතයේ ගැටලු විසඳා ගැනීමට හැඩ ගැසීම ශ්‍රී ලාංකිකයන් විසින්ම කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමෙන් පසු ලබාගත් අත්දැකීම් අනුව ඔහු මෙම නිවේදනය නිකුත් කැරිණි. පසුගිය දින හතර තුළ ශ්‍රී ලංකාවේදී සාධනීය, ඵලදායී සාකච්ඡා පැවැත්වීමට හැකිවූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද හා සාමාකාමී පරිවර්තනය ජාත්‍යන්තරව අවධානයට ලක්වූ බවත් තමා ශ්‍රී ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන්ද දේශපාලන නියෝජිතයන්ද හමුවී අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ලැබුණු බවත් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා කියයි.

ශ්‍රී ලාංකිකයන් ගැටුම් සමයේදී පීඩාවට පත්වූ බව එක්සත් ජාතීන් පිළිගන්නා බවත් කොමිසන් ගණනාවක් ක්‍රියාත්මක වුවද දුක් ගැනවිලි හා නොවිසඳී ඇති ගැටලු රාශියක් පවතින බවත් ඔහු පෙන්වාදෙයි. කෙටි කාලීනව ඉඩම්, රඳවා ගැනීම් සහ සිවිල් ජනතාව වෙසෙන පෙදෙස්වල හමුදාව පවත්වා ගැනීම වැනි ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා රජයේ නායකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු එම නිවේදනයේ සඳහන් කරයි.

අවසන් වශයෙන් ෆෙල්ට්මන් මහතා එක්සත් ජාතීන් පිහිටුවීමේ 70 වැනි සංවත්සරයේදී හා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීමේ 60 වැනි සංවත්සර සැමරුමේදී අලුත්වූ සම්බන්ධතාවයක අපේක්ෂාවට ආශිර්වාද කරයි.

 

 



අදහස් (0)

‘සිංහල දෙමළ තුවාලය ලොකුයි‘

ඩලීට් ප්‍රවාසි Wednesday, 04 March 2015 12:15 PM

ඔබලා පීජි වැනි ඉන්දියන් කොලනි ගැන මොනවද දන්නේ ? (නදී)

:       0       0

කින්සි Wednesday, 04 March 2015 01:42 PM

පරණ තුවාලයට කසන්නේ ඇමරිකාවටනේ. මොකාටද දන්නේ නැහැ එන්න හදන්නේ. උතුරු කොරියාවට පේන්න දකණු කොරියාව සමග දැන් යුධ අභ්‍යාස කරනවා. මොවුන් කරන්නේ ලෝකයේ ජාතිවාදය අවුලුවන එක.(නදී)

:       0       0

බංඩාර Wednesday, 04 March 2015 02:19 PM

සිංහල - දෙමල තුවාලයක් නැහැ. එහෙනම් කොහොමද දකුණේ දෙමල ජනතාව හොදින් ජීවත් වෙන්නේ. මේගොල්ලෝ වැරදි අර්ථකතන දෙනවා. අපි කතා කරන්න ඕන එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් කරපු සමස්ත විනාශය සහ අායෙත් එවැනි විනාශයක් ඇති නොවීමට වැඩ කටයුතු කරන ක්‍රමවේදයක් ගැන කියලයි මම හිතන්නේ.(නදී)

:       0       0

විජයබාහු Wednesday, 04 March 2015 03:14 PM

දැන් ඉන්න පාලකයෝ කරන්නේ එකට කඩේ යන එක(නදී)

:       0       0

ශාන් Thursday, 05 March 2015 10:25 AM

දකුණේ දෙමළ ජනතාව හොදින් ජීවත් වෙන්නේ කොහෙද? (බ)

:       0       0

සංජය Thursday, 05 March 2015 04:18 AM

ඔය කොහාටවත් ඇමෙරිකාව දුන්න සාමයක් වත් නිදහසක් වත් නැහැ. (ර)

:       0       0

සමන්ති Thursday, 05 March 2015 04:21 PM

සමහරු බලයට එන්න ආශාවට තුවාල හොඳවෙන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 10:14 AM

ප්‍රශ්නේ, සමහර අය හොඳවෙන තුවාලේ පාරන එකනේ,(හේ)

:       0       0

කුමාර් Wednesday, 04 March 2015 11:06 AM

මේ තුවාලය බටහිරයන් නිසයි.(හේ)

:       0       0

සජීව Wednesday, 04 March 2015 11:25 AM

ඇමරිකාවට පුළුවන් එයාලාගේ කඳවුරු ලෝකේ වටේම පවත්වාගෙන යන්න.. ලංකාවේ රජයට ලංකාවේ තමන් කැමතිතැනක කඳවුරු පවත්වා ගෙන යන්නත් මෙයාලගෙන් අවසර ගන්න වෙලාද ?(හේ)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 05 March 2015 05:26 PM

ඔය කියන මහත්තයාගේ රටේ ජාතික සමගියක් තිබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 34 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 423 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 238 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 351 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1093 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2883 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site