IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘සිංහල බස මළ බසක් වෙනවා‘

සිංහල භාෂාව යනු   වඳ වී යන භාෂාවක් බවට පත්වී ඇති බව මහාවංශය අලුතින් ග්‍රන්ථානුරූඬ කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය පැරීසියේ දී කීවාය. මව් භාෂා දිනයේ ප්‍රධාන ආරාධිත දේශනයේදී ඇය එසේ කීවාය. ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය  වසරකට වරක්  මව් භාෂා දිනය සමරයි.

කථීක , ජන ගායනා, පද්‍ය රචනා  ආදිය සදහා පැරීසියේ දූ දරුවන් අතර තරඟ පැවැත්විණි. එම තරඟ වලින් අංජනා චරිතානි ජයලත්ගේ, ඕෂද කිරිදිආරච්චි, සෙනුරී විෂාදි ප්‍රනාන්දු, චරක අබේරත්න, දුලෝකි වික්‍රමආරච්චි, මරීන් සිල්වා, ඒෂාන් කිරිදිආරච්චි සහ සවිදු සේරම් යන දූ දරුවන් ත්‍යාග දිනා ගැනීමට සමත් වුහ. ඔවුන් සියල්ලෝම දක්ෂයෝය.

එදින උත්සවයට සහභාගිවූ බොහෝමයක් දු දරුවන් පැරිස් බෞද්ධ විහාර දහම් පාසැලේ ඉගෙනුම ලබති. එහි  කෝ ආනන්ද හිමියන්ගේ හා එම ආචාර්ය මඩුල්ලේ උත්සාහයේ ප්‍රතිපල එදින වේදිකාවේ රඟ දැක්විණි.

සිංහල භාෂාව රැක ගැනීමට වෙහෙසෙන  ආනන්ද හිමියන්ට විශේෂ තිලිණයක්ද  ප්‍රධානය කැරිණි.  

ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික  දේශපාලනයෙන් තොර සමාජ සේවය සදහා කැපවී සිටින ව්‍යාපාරයක් බව එහි ප්‍රධාන සභාපති හා ප්‍රධාන ලේකම් රුවන්සිරි හා ලකී ගනේවත්ත මහත්වරු  කීහ.  

 අද › ලංකාවේ ඉංග්‍රීසි නොමැතිව මොනවත්ම කර ගැනීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බැවින් කුඩා ළමයාගේ සිට ජාත්‍යයන්තර පාසල් ජාලය ඔස්සේ ඉංග්‍රීසි  ශීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩු මට්ටමකට පත්කරනු ලැබ ඇතැයි ඕ කීවාය. සාධක හා දත්ත ඇසුරෙන් තර්කානුකූලව ඕ ඒ බව පැහැදිලි කළාය. එසේ හෙයින් වර්තමානය වන විට සිංහල භාෂාව ලෝක භාෂාවන් අතර හුදෙකලා වී ඇතැයි ද,  එය රැක ගැනීම සිංහලයන්ගේ වගකීමක් යැයි ද ඕ කීවාය.

ඇගේ දේශනය හරබර හා මනසට ගෝචර වී යැයි එහි සිටි බොහෝ දෙනෙක් කීහ.



අදහස් (0)

‘සිංහල බස මළ බසක් වෙනවා‘

ගුණරත්න Friday, 01 March 2013 08:52 PM

යථාර්ථය පෙන්නුම් කළ ඔබතුමියට තුති! (නි)

:       0       0

ජීව Sunday, 03 March 2013 12:16 AM

මගේ දැනුමේ හැටියට නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම ගැන කිසිම වරදක් පෙනෙන්නෙ නැහැ. නමුත් අද අපේ රටේ ඉංග්‍රීසිය ඒ ඒ අයට බදු රහිත හොඳ ආදායම් මාර්ගයක් විතරයි. කුඩා කාලයෙම ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා කිව්වත් සාමාන්‍ය පෙළ දක්වා ආවත් ළමයින්ට ඉංග්‍රීසි බැහැ. ඒක මේ කුඩා ළමයින්ගෙ වටිනා කාලය විනාශ කිරීමක්. අද අධ්‍යාපන ආමාත්‍යංශය කතා කරන්නෙ ඉංග්‍රීසිය ගැන විතරයි. අනෙක් එකදු වැදගත් විෂයක් ගැනවත් කිසිම හැඳින්වීමක් නැහැ. මේ රට දියුණු කරණ්න ඉංග්‍රීසිය ඕනෑයි කීම මහා ප්‍රෝඩාවක්. ඒක එහෙම නම් මේ රට දියුණු වෙලා ගොඩක් කල්. අවසානයේ ඉංග්‍රීසියටත් නැති සිංහලටත් නැති රටක් තමයි ඉතිරි වෙන්නෙ. (නි)

:       0       1

ජගත් Friday, 01 March 2013 09:02 PM

මව් භාෂා වේදිකාව දෙවනත් කළ ගරු ලේකම්තුමණි, මට හිතුනා වීර පුරන් අප්පු නැවත ඉපදුනාද කියලා? (නි)

:       0       0

ඉෂාන් Friday, 01 March 2013 09:27 PM

ගොඩක් හොදයි මේ වැඩේ. (නි)

:       0       0

ආර්.සිල්වා Friday, 01 March 2013 09:35 PM

දහම් පාසලේ දරුවන්ගේ දෙමවුපියෝ වයින් බෝතල්, විස්කි බෝතල් ගන්න අතපය දිගහැරලා වියදම් කරනවා. නමුත් දහම් පාසලේ දියුණුවට එක සතයක්වත් දෙන්න වැඩි කැමත්තක් නැහැ. (නි)

:       0       0

හිල්මි Friday, 01 March 2013 09:42 PM

නමුත් දෙමළ භාෂාවට නම් එහෙම වෙන එකක් නැහැ. (නි)

:       0       0

නිමල් Saturday, 02 March 2013 12:51 PM

කවදාවත් නැහැ, (දී)

:       0       0

වරුණ Sunday, 10 March 2013 10:51 AM

මෙහෙම ගියොත් නම් ඒ දේත් වෙයි (දී)

:       0       0

වසන්ත Sunday, 10 March 2013 10:51 AM

අපි ඉන්නකම් ඒවා වෙන්න දෙන්නේ නැහැ (දී)

:       0       0

පිටිගල Friday, 01 March 2013 10:39 PM

ඉතාලියේ තියෙන්නේ ඉතාලි භාෂාව. ප්‍රංශයේ ප්‍රංශ භාෂාව. නමුත් මේ හෙළදිව බහු භාෂාවන්... (නි)

:       0       0

උදය Sunday, 03 March 2013 09:12 AM

අපේ භාෂාව රැක ගන්න එක වෙන්න (දී)

:       0       0

උසේන්ද්‍ර Sunday, 03 March 2013 09:12 AM

ඉංග්‍රීසි නොව පරිඝනක භාෂාවයි අනාගතයේදී ලොව ජනප්‍රිය වන්නේ. (නි)

:       0       0

සම්පත් Saturday, 02 March 2013 01:45 PM

ලංකාවේ ඉන්නවා නම් සිංහල දැන ගත යුතුයි.. නීතියක් නෙමෙයි සත්‍ය ඒකයි... (ස)

:       0       0

ගලබඩ Saturday, 02 March 2013 01:59 PM

ඉතලි ඉන්න සිංහලයොත් ලංකාවට ගිහිල්ලා බැරි ඉංග්‍රීසි කථා කරනකොට භාෂාව නොමැරී තියෙයිද ?? (ස)

:       0       0

උදේනි Saturday, 02 March 2013 02:18 PM

අපේ ලංකාවේ අය දැන් කතාකරන්නේ ඔය එකකින්වත් නෙමෙයි, "සිංග්ලිෂ්" වලින්. (නි)

:       0       0

අනුර Friday, 01 March 2013 11:57 PM

මැඩම් ඔයා සිංහලද වෙන ජාතියකද (ස)

:       0       0

පිටිගල Saturday, 02 March 2013 12:01 AM

උගත් සිහලුන් සිටින ඉතාලියේ ලංකාවට වඩා සිංහලකම රැව්දෙනවා. (නි)

:       0       0

රන්ජිත් Saturday, 02 March 2013 12:03 AM

කවදාවත් වෙන්න දෙන්නේ නැහැ (දී)

:       0       0

ලලිත්-දෝහා Saturday, 02 March 2013 02:56 PM

ඒවා කොහෙද ජාතික ඇදුම අදින නායකයින් ඉන්නකමි(නදී)

:       0       0

ජීව Saturday, 02 March 2013 12:51 AM

ඒක නම් සහතික ඇත්ත. මොකද දැන් අපේ රටේ ඉන්නෙ බාගෙට කළු සුද්දො.මේ අය කතා කරනකොට ඉංග්‍රීසි කෑල්ලක් දැම්මෙ නැත්නම් ඒක ඒ අයට මදි පාඩුවක්. ඒකෙන් ප්‍රදර්ශණය කරන්නෙ උගත්කම නොවෙයි,නූගත්කමයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 02 March 2013 02:02 AM

අපි ජිවිත කැප කරලා අපේ දේ රැක ගන්න ඕනේ (දී)

:       0       0

නදුන් Saturday, 02 March 2013 02:08 AM

හුගක් කට්ටියට තමන්ගේ මවුභාෂාව වන සිංහල දැන් අමතකයි. (නි)

:       0       0

නාලක Saturday, 02 March 2013 04:27 PM

කොහොමද එහෙම කියන්නේ (දී)

:       0       0

ලුම්බිණි Saturday, 02 March 2013 06:25 AM

කොහොමත් මේ රටේ සියලුම දෙනා සිංහල අතහැර ඉංග්‍රීසි බස කතා කරන දවසක් ගැන හිතන්න බොහොම අමාරුයි, මට නම්. (නි)

:       0       0

සෙනරත් Saturday, 02 March 2013 06:35 AM

අපේ භාෂාව නගා සිටුවන්න ඇමරිකාවේ උදවු ඉල්ලමු. (නි)

:       0       0

මධුශා Saturday, 02 March 2013 05:07 PM

මමනම් ජිවිත පරදුවට තියලා අපේ දේ රැක ගන්නවා (දී)

:       0       0

සෙනරත් Saturday, 02 March 2013 06:38 AM

චීන සහ හින්දි භාෂා තමයි දැන් ලෝකයේ නැගීයාමක් පෙන්වන්නේ. (නි)

:       0       0

නාලිකා Sunday, 03 March 2013 01:33 PM

අගය කළ යුතු ඉතාම වැදගත් වැඩක්.(නදී)

:       0       0

නීලා Saturday, 02 March 2013 09:37 AM

සිංහල භාෂාව නගා සිටුවීමට නම් අපනයන ආර්ථිකයක් අවශ්‍යයි. (නි)

:       0       0

සුපුන් Saturday, 02 March 2013 09:54 AM

සිංහල විතරක් නෙමෙයි, ලෝකයේ සියලුම භාෂා මළ භාෂාවක් වූ දාට මුළු ලෝකයම එකම මුදල් වර්ගයක් පාවිච්චි කරනවා කියලා විද්‍යාඥයෝ කියනවා. (නි)

:       0       0

සූකිරි Saturday, 02 March 2013 09:59 AM

ඉදිරි අනාගතේ ලොව ඉංග්‍රීසි පමණක් සහ එකම මුදල් ඒකකයක් භාවිත කරනවා කියා සමාජ විද්‍යාඥයෝ අනාවැකි පලකරනවා... (ස)

:       0       0

ෂාෆික් Saturday, 02 March 2013 10:10 AM

සිංහල භාෂාව ඉදිරියට ගෙන යා යුතුයි.. (ස)

:       0       0

අජිත් Saturday, 02 March 2013 10:14 AM

මේ මළගමට පුද්ගලික එෆ්. එම් නාලිකාවල නිවේදක නිවේදිකාවනුත් වග කියන්න ඕනේ... (ස)

:       0       0

බණ්ඩාර Friday, 01 March 2013 08:12 PM

හීනෙකින්වත් හිතන්න එපා, ජීවිතය පරදුවට තියලා හරි ජාතිය ආගම භාෂාව බේරා ගන්නවා (දී)

:       0       0

ප්‍රසන්න Friday, 01 March 2013 08:16 PM

නියමයි. හොද වැඩක්. (නි)

:       0       0

රංග Friday, 01 March 2013 08:26 PM

මම දිවි හිමියෙන් රකිනවා (දී)

:       0       0

ගාමිණී පැරිසිය Friday, 01 March 2013 08:23 PM

මහාචාර්යවරියගේ කතාව නම් නියමයි. (නි)

:       0       0

අනිල් Friday, 01 March 2013 08:29 PM

සිංහල බස රැකගැනීම සිංහල අපි කාගේත් වගකීමයි. (නි)

:       0       0

පෙරේරා Friday, 01 March 2013 08:42 PM

ඔෂද පුතේ ඔය, හතරවන වතාවට නේද මේ පාර පළවැනියා වුණේ? පුතේ ඔයාගේ කතාව අහලා අපි සිංහල භාෂාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි! (නි)

:       0       0

සමන් Friday, 01 March 2013 08:44 PM

ඔෂද, අපි ඔයාගේ තරග හතරම බැලුවා. ඔය කරපු කතා හතරම හරි අර්ථවත්. බුදුසරණයි! (නි)

:       0       0

අනුර Friday, 01 March 2013 08:45 PM

ඔෂද , ඔයාගේ කතා අහනකොට ඔයාගේ අම්මයි තාත්තයි ගැන අපිට ආඩම්බරයි. (නි)

:       0       0

සරත් Friday, 01 March 2013 08:49 PM

ඔෂද පුතේ, ඔය ඉන්න ඕනෑ ප්‍රංශයේ නෙවෙයි ශ්‍රී ලංකාවේ. (නි)

:       0       0

ජයම්පති Friday, 01 March 2013 08:45 PM

උත්සවය ගොඩක් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 0 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 17 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 895 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1351 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2021 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site