IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිංහල මිනිස්සු මුස්ලිම් දරුවන්ගේ දිවි දික්කරති

අකුරැස්ස ගොඩපිටිය පෝරුතොට හවුපේ මුස්ලිම් නිවසක හටගත් ගින්න මැදිවී සිටි මාස හයක කුඩා දරුවකු  සහ තවත් ළමයින් දෙදෙනකු බේරා ගැනීමට අසල්වැසි සිංහලයෝ සමත් වූහ.

දරුවන්ගේ අම්මා සහ අත්තම්මා නිල්වලා ගඟට රෙදි සේදීමට ගිය අවස්ථාවේදී ගින්න හටගෙන ඇත. දරුවන්ට කිරි හැදීම සඳහා ලිප පත්තු කර ඇතැයි ද එයින් මුළු නිවසම විනාශයට පත් වී ඇතැයිද  කියති.  මෙම ගින්න නිවීමට සිංහල පිරිස දැඩි වෙහෙසක් ගෙන ඇත. දැඩි රස්නය නිසා කිසිවකුටත් අසලට යෑමෙට හැකි වූයේ නැත.

496 497 498 499 500



අදහස් (0)

සිංහල මිනිස්සු මුස්ලිම් දරුවන්ගේ දිවි දික්කරති

මහේෂ් Tuesday, 08 July 2014 04:59 PM

නගෝ මුදලට නිර්මල බුදුදහම විනාස කරන ඉස්ලාම් ආගම විනාස කරන, ජාතිය, රට විනාස කරන ආගමික ත්‍රස්තයන් හා චන්දයක් ලග උනාම ජාතීවාදය හා ආගම් වාදය උසිගන්නලා චන්ද මල්ල වැඩිකරගන්න හදන වත්මන් දෙසපාලුවන් මේවා බලලාවත් කරන සහගහන අපරාධ නවත්තන්න (දී)

:       0       0

මහානාම Tuesday, 08 July 2014 05:04 PM

ඇත්තටම හොඳ වැඩක් (දී).

:       0       0

සාලිය Friday, 11 July 2014 07:07 PM

සිංහල මුස්ලිම් ලේබල් ගලවාගෙන අපි සැම එකට සිටිමු. (නි)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Tuesday, 08 July 2014 05:05 PM

ජාති වාදය අවුස්සන ලොකු පොඩි කටත් උතුම් ආදර්ශයක්,(දී).

:       0       0

සුමනසේකර Wednesday, 09 July 2014 06:23 AM

කොච්චර හොඳ ආදර්ශයක්ද? (නි)

:       0       0

නිසාන් Tuesday, 08 July 2014 05:15 PM

ආදර්ශමත් වැඩක් (දී).

:       0       0

ටීනා Tuesday, 08 July 2014 05:27 PM

අතීතයේ ඉදන් ඔන්න ඔය සහජීවනයෙන් තමයි මිනිස්සු ජිවත් උනේ (දී)

:       0       0

බීටා Wednesday, 09 July 2014 06:37 AM

මේකට තමයි කියන්නේ නියම සිංහලකම කියල. ජාතිවාදය කියන බලුගතිය නියම සිංහලයෝ ලඟ නැහැ. (ස)

:       0       0

සරත් Tuesday, 08 July 2014 05:41 PM

මගේ උත්තමාචාරය. (අ)

:       0       0

පිනා Tuesday, 08 July 2014 05:53 PM

ඔවු කපිල, ගින්දර බලන්න ගිහිපු අය නම් පළාත හොදයි කියල තේරුනොත් ආපහු නම් එන එකක් නැහැ.(අ)

:       0       0

රූපවති Tuesday, 08 July 2014 06:20 PM

පව් දුප්පත් අසරණ කමේ අගාදයේ හිටිය මිනිසුන් වගේ. දැන් ඇදිවත පමණයි ඉතිරි ..ජාති බේද නැතිව හැමෝම උදව් කරලා ඉන්න හිටින්න තැනක් හදල දෙන්න, එය හැමට ආදර්ශයක් වේවි ..!දරු පැට උන්ගේ දිවි බේරුව හැමට පින් ..!! (අ)

:       0       0

රංජිත් Wednesday, 09 July 2014 06:54 AM

අපේ සිංහල අය ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. නමුත් අසාදාරනේට නම් හිස නවන්නේ නැහැ බෙල්ල ගියත්. මේ කරපු දෙය අපේ ජාතියේම උපහාරයක් වෙන්න ඕනා. අපේ සමගිය මේවගෙන් පේනවනේ. මේකට පස්සේ පිල්ලේ නෝනා මොනවා කියාවිද දන්නේ නැහැ (නදී)

:       0       0

ලෙසිලි ජයවර්ධන Wednesday, 09 July 2014 06:58 AM

අනුපාතික ඡන්ද ක්‍රමය නිසා සිංහලයෝ සහ මුස්ලිම් වරු දෙපසට බෙදී ගියා. මේ සත්‍යා තේරුම් ගන්න (නදී)

:       0       0

සරත් Tuesday, 08 July 2014 06:47 PM

මේක අල් ජසීරාවේ ලංකාවේ එක්කෙනා දැක්කේ නැහැ නේද? නැතිනම් හෙට දමයි සිංහල මිනිස්සු කරපු වැඩක් කියලා. විමසිල්ලෙන් ඉන්න (නදී)

:       0       0

චානක. Wednesday, 09 July 2014 07:18 AM

ඔව් දැන් මේ කළ උපකාරය නිසා ප්‍රශ්නය ඉවර වුනා එහෙනම්? (නදී)

:       0       0

මොහොමඩ් කොළඹ 12 Wednesday, 09 July 2014 07:31 AM

සිංහල සහෝදරයන්ට මාගේ හදවතින්ම ස්තුති කරමි. ගොඩක් පින් ඔයාලට. (නදී)

:       0       0

අශෝක Tuesday, 08 July 2014 08:17 PM

දැන් පේනවා නේද විපතේදී කව්රුත් ඕනෑ වෙන බව? (නි)

:       0       0

ජිලෝ Wednesday, 09 July 2014 07:33 AM

මිනිසාගේ පරම යූතූකම මිනිසාට සේවය කිරීමයි. මනුස්ස ජාතිය කල යූතූ යූතූකමයි කර තිබෙන්නේ. (නදී)

:       0       0

මහේෂ්‍ Tuesday, 08 July 2014 09:01 PM

මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 July 2014 09:01 PM

විපතකදී සැණෙකින් දුවගෙන එන සිංහලයන් විශේෂයෙන් ගැමියන් කොළඹ නුවර මාර්ගය දෙපස මම බොහෝවිට දැක තිබෙනවා. ඒ අයගේ එකම අභිලාෂය ජීවිත ගැළවීම පමණයි (නි)

:       0       0

ව.ප්.ස වීරවර්ධන Wednesday, 09 July 2014 07:36 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

ගයාන් නලින්ද Wednesday, 09 July 2014 07:42 AM

සිංහලයෝ කියන්නේ උතුම් ජාතියක් (නදී)

:       0       0

හේරත් Wednesday, 09 July 2014 07:45 AM

සිංහල , දෙමල මුස්ලිම් ජාතීන් අතර මේ රටේ කිසිම බේදයක් නෑ. ඔය සේරම බේද ඇති කරන්නේ දේශපාලකයෝ උන්ගේ බඩ වඩා ගන්න. කිසිම හිරිකිතයක් නැතුව ජාතිවාදී ප්‍රශ්න ඇතිකරනවා. දැන් පෙන්නේ නැද්ද එල්.ටී.ටී එක ඉවර වෙලා ලේ වැගිරීම් නැතුව තියෙන එක කට්ටියකට හරිම අමාරුවක් තියෙනවා. ජාත්‍යන්තරේ පවා හවුල් කරගන නැවත මිනීමරාගන්න තත්වයක් ඇති කරවන්න හදන්නේ. (නදී)

:       0       0

ලක්ෂපාන Wednesday, 09 July 2014 07:48 AM

මිනිසුන්ව බිල්ලට දීලා හරි බඩ වඩාගන්න දේශපාලුවන්ට ඇරෙන්න පොළවේ පයගහලා ඉන්න සියලුම සිංහල දෙමල මුස්ලිම් මිනිසුන්ට ඕනෑ කාලා බීල සතුටෙන් සමගියෙන් ඉන්න මිසක් කිසිම ආගමකට ජාතියකට පහර ගහන්න නෙමෙයි. මේ වගේ සහයෝගයෙන් ඉන්නවා නම් කොච්චර ලස්සනද? (නි)

:       0       0

මෙලනි Tuesday, 08 July 2014 09:41 PM

සැමට දෙවි රැකවරණයි! (නි)

:       0       0

කපිල Tuesday, 08 July 2014 09:42 PM

උතුම් ක්‍රියාවක්. (නි)

:       0       0

ආලෝක Wednesday, 16 July 2014 03:35 AM

අපි ඔක්කොම මිනිස්සු. අපි සිංහල ළමයි, මුස්ලිම් ළමයි පිච්චෙද්දී බේරා ගත්තා. ඒ සේරම මිනිස්සු නිසා (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 09 July 2014 12:14 AM

සිංහලද මුස්ලිම්ද කියන එක වැදගත් නැහැ. මිනිසුන් වශයෙන් අප අනුන්ගේ විපතේදී උදව් කරනවා විනා විපතට පත් අයගේ ආගම, ජාතිය, කුලය ගැන සෙවීම නොකළ යුතුයි. (නි)

:       0       0

සමන් Wednesday, 09 July 2014 12:25 AM

කළ උදවුවට අනේක වාරයක් පිං. ගින්න ඇතිවුණේ කොහොමද කියන එකත් බැලිය යුතුයි. (නි)

:       0       0

තිලක් Wednesday, 09 July 2014 12:47 AM

ලොව වෙසෙන එකම ජාතිය මනුෂ්‍ය ජාතියයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 July 2014 01:01 AM

සාමාන්‍ය මිනිසුන්ට ලෝකයම ගිලගන්න හදන සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක බව පෙනෙන්නේ නැත. නමුත් ඒ ගැන උනන්දුවෙන් විමසිල්ලෙන් සිටින අයට වලට මේවා හොඳට පෙනෙනවා. අන්න එනිසයි අපේ සංවිධාන කෑගහන්නේ. මදුරුවා කනකොට වටපිට අයට දැනෙන්නේ නැත. නමුත් මදුරුවාට ගහනකොට සියල්ලෝම කියනවා බණ අහන ගමන් මදුරුවට ගැහුවයි කියලා. (නි)

:       0       0

සත්‍යා Wednesday, 09 July 2014 01:19 AM

මුලිම කියන්න ඕනෑ මේක තමයි මනුෂ්‍යත්වය නමැති පොදු ධර්මතාවය. ඕක තමයි හැමතැනම ප්‍රකට වෙන්න ඕනෑ කාරණය. අවසාන විග්‍රහයේදී අපි ඔක්කොම එකම දුක බෙදාගන්න ඉන්න මනුෂ්‍ය සත්වයින්. එහෙත් අශෝක් කියන්න වගේ අපි හරි ප්‍රවේශම් වෙන්න ඕනෑ අවස්ථාවාදීන්, ප්‍රශ්නවලට ගිනි තියන මිනිසුන් පිළිබඳව (නි)

:       0       0

විපුල් Wednesday, 09 July 2014 08:37 AM

ළමයින් තනිවම දාලා යන්න හොඳද? කොච්චර ළමයි මෙතන ඉන්නවද? (නි)

:       0       0

මිසාඩ් Wednesday, 09 July 2014 01:40 AM

එක රටක ජීවත්වන අපි කාටත් උදව් කළ යුතුයි.අසරණ අවස්ථාවකදී උදවු කිරීම විශාල පිනක්.සිංහල දමිල මුස්ලිම් කව්රුත් මිනිසුන් නේද? (නි)

:       0       0

ගැමුණු Tuesday, 08 July 2014 12:35 PM

ලොකු දෙයක් මේ දරුවන්ගේ ජිවිත බේරා ගැනීම.එත් මේ පොටෝ ජාත්‍යන්තරය හමුවේ වැරදි ප්‍රචාරයන්ට යොදා ගනීවි දෝ කියා බයකුත් දැනෙනවා.(දී)

:       0       0

සජිත් Tuesday, 08 July 2014 12:37 PM

සිංහල මුස්ලිම් සමගිය තවම තියෙනවා ලංකාවේ කවුරු නැහැ කියුවත් (දී)

:       0       0

ලක්ෂපාන Tuesday, 08 July 2014 12:45 PM

දරුවාව බේරගත් සියලුම දෙනාට තෙරුවන් සරණයි.(දී)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Wednesday, 09 July 2014 02:25 AM

මේක තමයි සිංහල බෞද්ධයාගේ ගතිය.එය බුදුදහම,සිංහල සංස්කෘතිය තුළින් ඇතිවූ පෝෂණයේ ප්‍රතිඵලයි (නි)

:       0       0

නුවන් Tuesday, 08 July 2014 12:57 PM

බොහොම හොද වැඩක්! බෞද්ධයෝ විපතක් උනාම දිවිපරදුවට තියල හරි උදව් කරනවා!(දී)

:       0       0

ජිතේන්ද්‍ර Tuesday, 08 July 2014 12:58 PM

ඔබ සැමටම ස්තුති (දී)

:       0       0

කැනඩා දිසා Wednesday, 09 July 2014 02:28 AM

මෙන්න ලෝකෙටම ආදර්ශයක් ! මෙන්න එකමුතුකම. මේක නැති වුණ හින්දා අපි අවුරුදු 30 ක් අපා දුක් වින්දා මතකයි නේද? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 July 2014 02:30 AM

බොහොම හොද වැඩක්! බෞද්ධයින් විපතක් වුණහම දිවිපරදුවට තියලා හරි උදව් කරනවා (නි)

:       0       0

දසනායක Wednesday, 09 July 2014 02:32 AM

අපි එක රටේ එකට හැදෙන මිනිස්සු. ආගම මොකක් වුණත් අපි ජීවත් වෙන්නේ එකට. (නි)

:       0       0

ඉශාන් Tuesday, 08 July 2014 12:59 PM

හැමදෙනාම එක මවකගේ දරුවෝ (දී).

:       0       0

නිල්මිණි Tuesday, 08 July 2014 01:03 PM

අසරණ මිනිසුන්,ජාති ආගම බේධ නොතකා මිනිසුන්ට උදව් කිරීම දේව ගතියක්,එයයි නියම මිනිස් කම, (දී)

:       0       0

විජය Wednesday, 09 July 2014 02:50 AM

මේවා මතක තියෙන්නේ ටික දවසයි. (නදී)

:       0       0

වීරසිංහ Tuesday, 08 July 2014 01:06 PM

මුස්ලිම් ජනතාවනි ඔන්න බලාගන්න සිංහල මිනිස්සු කොච්චර හොඳද කියල. (දී)

:       0       0

පතී Wednesday, 09 July 2014 03:05 AM

සාමාන්‍ය මින්සුන් අතර කිසිම බේදයක් නැහැ. දේශපාලනයට තමයි බෙදීම අවශ්‍ය (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 08 July 2014 01:13 PM

හකීම්, සාලි, වාසු, තෙමරප්පෙරුම, මහත්වරු අන්තිමට කියයි ද දන්නෙ නැහැ ගිනි තිව්වෙ සිංහළයො කියල (දී)

:       0       0

නිමන්ත Wednesday, 09 July 2014 03:25 AM

දැන් මුස්ලිම් ගෙවල් කඩ ගිනි ගන්න එක වැඩි වෙලා නේද? ගිනි තිබ්බද? ගිනි තියාගත්තද? අන්තිමේදී වාසි වෙන්නේ අන්තවාදීන්ට (නදී)

:       0       0

මාලා Wednesday, 09 July 2014 03:32 AM

මේ ගැහැනු අය සිංහල වගේ (නදී)

:       0       0

රෝහණ Sunday, 13 July 2014 10:11 AM

එ්කනේ අපේ සිංහල කම (නදී)

:       0       0

නෞෆර් Wednesday, 09 July 2014 03:34 AM

පොදුවේ සලකන විට බහුතර සිංහල ජනයා බොහොම කරුණාවන්තයි. ඒ වගේම දයාබරයි. කුඞා කාලයේ සිටම සිංහල බෞද්ධයන් ඉතා ළඟීන් ආශ්‍රය කරපු කෙනකු හැටියට මා ඔවුන් ගැන ඉතා හොඳින් දන්නවා. හදිසියකදී ආපදාවකදී ඉදිරියට පැන පිහිට වන උතුම් මිනිසුන්. (නදී)

:       0       0

පුබුදු Wednesday, 09 July 2014 10:28 AM

හේරත්, ඔයා හරියටම හරි. අපේ ලස්සන රට කන්නේ දේශපාලුවන් තමයි.නැත්නම් හැමෝටම හොඳට ඉන්න පුළුවන් රටක්. (නි)

:       0       0

රනා Tuesday, 08 July 2014 01:24 PM

සාමකාමී රටක් සදහා - පුවත් පත් කලාවේ නිහඩ හඬ මෙයයි. ලංකාදීපයේ මේ චායාරූප ශිල්පියාට උපහාරවෙවා (දී)

:       0       0

කෝසල Wednesday, 09 July 2014 03:44 AM

සියල්ලටම වැඩිය වටින්නේ උතුම් මිනිස්කමයි (නි)

:       0       0

බමුණු Tuesday, 08 July 2014 01:26 PM

සිංහල මිනිස්සු දිවි බේරගන්න දිවි දෙන්න උනත් සුදානම්. අනික් පැත්තටත් එහෙම තමයි. (දී)

:       0       0

අබ්දුල් Wednesday, 09 July 2014 03:51 AM

නියම සිංහලකම මේක තමයි. බොහොම ස්තුතියි සහෝදරවරුනේ...... (නි)

:       0       0

දිලුක Wednesday, 09 July 2014 03:52 AM

අර පොඩි දරුවා දකිනකොට ජාතිව‍ාදයක් හිතන්න පුළුවන්ද? ඔබ සැමට අපේ උත්තමාචාරය! ඔබට දීර්ඝායු! (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 09 July 2014 03:55 AM

සිංහල බෞද්ධයො විපතකදි පිහිට වෙන්න ජාති,ආගම් බේද බැලුවෙ නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 09 July 2014 04:02 AM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ශාන් Tuesday, 08 July 2014 01:37 PM

සාමාන්‍ය මිනිසුන් තුල ජාති බේදයක් ආගම් බේදයක් නැහැ. අවස්ථාවාදීන් පිරිසක් තමයි ජාතිවාදී, ආගම්වාදී ගැටුම් පිටුපස සිටින්නෙ. අපි කවුරුත් මිනිස්සු. ඒක තමයි ඔය පැහැදිලි කරල තියෙන්නෙ. (අ)

:       0       0

මනුක සෞදි Tuesday, 08 July 2014 01:45 PM

දරුවන් බේරගත්ත අයට ගොඩාක් පින්....මිනිසත් කම උතුම්ය හැමවිටකම (අ)

:       0       0

ආසික් Tuesday, 08 July 2014 01:45 PM

ඔබට අපේ උත්තමාචාරය , ඔබේ මනුස්සකම අගයමු .(අ)

:       0       0

ඉන්දිකරුවන් සම්පත් Tuesday, 08 July 2014 02:01 PM

ඇයි ඒ වගේ සමගියෙන් ඉන්න බැරි. (අ)

:       0       0

කමාල් Tuesday, 08 July 2014 02:01 PM

දුප්පත් පවුලක් ,අපි හැමෝම උදව්කළ යුතුයි .උදව්කල හැමෝටම දෙවිපිහිටයි.(අ)

:       0       0

කපිල Tuesday, 08 July 2014 02:06 PM

අකුරස්සටත් මේ ගොල්ලෝ ගිහිල්ලද (අ)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Wednesday, 09 July 2014 04:23 AM

ජාතීන් අතර බේද ඇති වුණේ මේ පක්ෂ දේශපාලනය නිසා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම ජාතිය මුල්කරගෙන ජාතියේ නම ඉදිරියට දමාගෙන ගොඩනැඟුණු දේශපාලන පක්ෂ තම ජාතිය තුළ අනෙකුත් ජාත‍ීන් කෙරෙහි වෛරය පතුරුවා තම ඡන්ද ගොඩ හදාගත්තා. ගිනිගත් නිවාස බේරගැනීමේ මානුෂික ක්‍රියාව අර වගේ කූට දේශපාලකයින්ට හොඳ පාඩමක්. දරුවන් බේරාගන්න උදවු උපකාර කළ සැමට පින්. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 08 July 2014 02:12 PM

ජීවිත රැසක් බේරාදුන් හෙළ සොයුරන්ට අපගේ ස්තුතිය පුද කරන්නෙමු, ඔබ සැමදෙනා ජාතියේ මුර දේවතාවන්ට සමානය, (අ)

:       0       0

මොහොමඩ් ඉර්ෂාඩ් Tuesday, 08 July 2014 02:17 PM

මගේ සිංහල සහොයුරන්ට මේ කරපු උපකාරයට මගේ ප්‍රණාමය . (අ)

:       0       0

ෆෛරූස් Wednesday, 09 July 2014 11:49 AM

මේ ඔක්කොම ලංකාවේ අපේ මිනිස්සු සිංහල මුස්ලිම් දමිල කියල බෙදිලා වැඩක් නැහැ (නදී)

:       0       0

අශෝක් Tuesday, 08 July 2014 02:21 PM

පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වෙය් මොකද මේ අහිංසකයන්ව පෙන්නලා ලෝකයට නැවත සිංහලයන් ගැන වැරදි ප්‍රචාර දෙන්න පුළුවන්.(අ)

:       0       0

සංජීව Tuesday, 08 July 2014 02:32 PM

නියම සිංහල මිනිස්සු බලාගන්ඩ ඕනේ නම් දෙවෙනි පින්තුරේ බලන්ඩ. (අ)

:       0       0

හසිත Tuesday, 08 July 2014 02:34 PM

මේ පින සිංහල ඡාතියේ චිරාත් කාලයක් පැවතීම පිනිසම හේතු වේවා. ඒ පින ඒ ඡාතියටම අනුමෝදන් වේවා. ඇස් ලේ දන් දෙන ඡාතිය බොහෝ කල් දුකින් තොරව ඡීවත් වේවා. දෙවියෝද මේ පින අනුමෝදන් වේවා. (අ)

:       0       0

අමාලි Wednesday, 09 July 2014 04:44 AM

සිංහල මිනිසුන් කොහොමත් සංවේදී ජාතියක්. ඕනෑම කෙනෙකුට ජාතියක් ආගමක් බලන්නේ නැහැ, තමන්ට හැකි උපරිමයෙන් පිහිට වෙනවා. හොදම උදාහරණයක් තමා දන්සල් දීම. (නි)

:       0       0

කුමාර් පළමු Tuesday, 08 July 2014 02:40 PM

දැන් මේකත් දායිද දන්නේ නෑ "බී බී සී" එකේ මුස්ලිම් වලට විරුද්ධව කරපු විනාසයක් කියල. (අ)

:       0       0

පොඩිනේරිස් Tuesday, 08 July 2014 02:47 PM

ඒ උනාට මුස්ලිම් අය මේකට ස්තුතියක් කරන්න වත් නිහතමානී වෙයිද දන්නේ නැහැ. මොකද ඒගොල්ල නිතරම දකින්නේ සිංහලයාගේ වැරදි පැත්ත විතර නේ.කොයි දරුවත් අපට නම් දරුවෝ මයි. (ස)

:       0       0

ශාන සෞදි Tuesday, 08 July 2014 02:48 PM

ඉතාම හොඳ ක්‍රියාවක්. මේ ඉන්න සියලු දෙනාම ශ්‍රීලාංකිකයෝ. ජාති බේද ආගම් බේද වලින් තොරව සමගියෙන් ඉන්න හැමෝම වග බලා ගන්න ඕනේ. (ස)

:       0       0

කුලතිලක Wednesday, 09 July 2014 04:53 AM

අසල්වැසියෝ වුණහම ඉන්න ඕනෑ මෙහෙම තමයි (නි)

:       0       0

රොසෑන් Tuesday, 08 July 2014 03:12 PM

ළමයින් බේරපු අැත්තන්ට ගොඩක් පිං. (ස)

:       0       0

සලීම් Wednesday, 09 July 2014 05:10 AM

ඔබ සැමට ස්තූතියි! (නි)

:       0       0

සඳුනි Tuesday, 08 July 2014 03:22 PM

කෝ ඔය මහලොකු මුස්ලිම් දේශපාලකයෝ.(අ)

:       0       0

නෆීල් Wednesday, 09 July 2014 05:11 AM

සැමට අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

රාබෝ Tuesday, 08 July 2014 03:36 PM

කවුරු උනත් මිනිස්සු අපි හිතන්න ඕනි මිනිස්සු විදියට. මුස්ලිම් සිංහල කියල නොබලා ඔක්කොමල මිනිස්සු කියල එකීනෙකට උදව් කරගත්තනම් කොච්චර අගේද,,,,මේක ජදිබෙදෙන් දකින එපා ..... අපේ ලංකාවේ මිනිසුන්ගේ වීර කමක් කියමු (අ)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 06:54 AM

මටත් යමක් කියන්න හිතුනා. මේ වගේ හැමදාම, හැමතැනම, හැම මොහොතකම සමගියෙන් ඉදිමු. ජාතිය මොකක් උනත් අපි '' ශ්‍රී ලාංකිකයන්'' බව ලෝකෙටම පෙන්වමු. වීර ලෙසින් පොඩි දරුවන් බේරා ගත් සැමට මගේ නමස්කාරය. (නදී)

:       0       0

නලින් Tuesday, 08 July 2014 03:37 PM

ජාති බේද අවශ්‍ය නැහැ කාගේ උනත් ජිවිතයක් බේරා ගැනීම ගැන ගොඩක් සතුටුයි. (අ)

:       0       0

අරුණ Wednesday, 09 July 2014 05:35 AM

මේ හැම බෙදිමක්ම අපි අපි විසින්ම හදාගත් ඒවායි. මනුස්සකම තමයි සියල්ලටම වැඩිය වටින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 350 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2082 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1576 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 680 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 580 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 685 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site