IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සහල් මිල දිනෙන් දින ඉහළට

(එම්.කේ.නන්දසේන)

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.

ජනතාව වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා රතු කැකුළු සහල් කිලෝවක් 210 ක් පමණද සුදු කැකුළු සහල් කිලෝවක්  රුපියල් 220 ක් පමණ මිලකට ද අලෙවිවන බව කියති.

පොල් ගෙඩියක්ද රුපියල් 120 ත් 130 ත් අතර මිලක පවතින අතර අනෙකුත් කුළුබඩු වර්ග, එළවළු වර්ගද ඉහළ මට්ටමක පවතින බවත් ළමයින් සමග සාමාජිකයින් පහක්, හයක් පසුවන පවුලකට දිනකට සහල් කිලෝ දෙකක්වත් අඩු තරමින් අවශ්‍ය වන බවත් කිසිඳු ආදායමක් නැති දරු පවුල් ජීවත්වන්නේ කෙසේද යන්න මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට මේ පිළිබඳව නොපෙනීම කනගාටුවට කරුණක් බවත් ප්‍රදේශවාසී වූ පෙන්වා දෙති. 

කුඹුරු අස්වැන්න නෙලන කාලය තුල දී පෙර කන්නයන්හි දී සහල් මිල යම් තරමකට අඩුවන නමුත් මෙවර  ඉහල නැග ඇත්තේ කිසියම් කුමන්ත්‍රණයක් ද යන්න සොයා බැලීමට මැදිහත් වන ලෙස වගකිවයුත්තන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. 
     



අදහස් (4)

සහල් මිල දිනෙන් දින ඉහළට

Mangala Friday, 13 September 2024 12:09 PM

පුළුවන් ශ්‍රී ලංකා.. බඩුම තමයි...

:       9       19

චන්දිම Friday, 13 September 2024 12:20 PM

වරදවා තේරුම් ගන්න එපා මෙහෙම කිව්වාට. මහ මෝල් හිමියන්ට දොස් කිව්වාට පමණක් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සමහර මෝල් හිමියන් සතුව ඉතා දියුණු තාක්ෂණයක් තියෙනවා. ඔවුන් සකසන සහල් සහ පිසූ පසුව බත නියමිත ප්‍රමිතියෙන් තියෙනවා. හැබැයි මිල වැඩියි. සමහර කුඩා මෝල් හිමියන්ගේ හාල් වල ගල් වැලි තියෙනවා. පිසූ බත ඇලෙනවා ඉක්මනින් නරක් වෙනවා. හේතුව දියුණු රටවල නිපද වූ යන්ත්‍ර සුත්‍ර සහ තාක්ෂණය ලබා ගැනීමට වත්කමක් නොතිබීම. ඒ නිසා මම හිතන්නේ සහල් මිලදී ගැනීම වගේම සහල් කර්මාන්තයේ නියමිත උසස් නූතන තාක්ෂණය කුඩා මෝල් හිමියන්ටත් ලබා දීම ඉදිරියේදී කවර රජයක් හෝ මිදිහත් වී කටයුතු කළ යුතුව තියෙනවා.

:       1       25

de silva Friday, 13 September 2024 03:21 PM

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්න හදන කොටම පුද්ගලික මෝල් හිමියන් වී මිලදීගෙන අවසන්..., දැන් ඔවුන් මිලදී ගත් වී වලින් ගත් සහල් වැඩිමිලට විකුණනවා...

:       0       5

de silva Saturday, 14 September 2024 08:40 AM

ඔය වී අලෙවි මණ්ඩලේ ඉහල පුටුවල සේවය කරන්නේ ඩඩ්ලිගේ , සිරිපාල ගම්ලත්ගේ සහ මිත්‍රපාල ලන්කෙශ්වරගේ මිනිස්සු උන් වැඩකරන්නේ සහල් මාෆියා කාරයෝ 3 දෙනාට අවශ්‍ය විදිහට මිසක් ආණ්ඩුවට ඕනේ විදිහට නොවේ , දැන් කළහැකි එකම දෙය රටින් සහල් ගේනවා සහල් මිල අඩුකර , ඔය වෙන් කර ඇති අරමුදල් වලින් ලබන කන්නේ සහල් මිලදී ගැනීමට කටයුතු කරන එක .

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 94 0

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 333 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 231 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 324 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 364 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3698 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site