IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සිහල රාවයට/ බොදුබලේට බදුල්ලෙන් තහනමක්

බදුල්ල නගරයේ උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් කරමින් බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය තහනම් නියෝගයක් නිකුත් කළාය.

මෙම සංවිධාන බදුල්ල නගරයේ පෙළපාළි යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයි සහකාර පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

 

 



අදහස් (0)

සිහල රාවයට/ බොදුබලේට බදුල්ලෙන් තහනමක්

පෝල් Wednesday, 18 June 2014 02:03 PM

ඉතාමත් වැදගත් තීරණයක්. බොදු බල / රාවන බල නොවේ, බෞද්ද / කතෝලික / මුස්ලිම් සියලුම රැස්වීම් තාවකාලිකව හෝ නැවතිය යුතුයි තත්වය පාලනය වන තුරු. නැගෙනහිර නොවේ රටේ ඕනෙම තැනක ජාති වාදී ආගම් වාදී රැස්වීම් හර්තාල් තියන්න උත්සහ කරනවා නම් , වහාම තහනම් කල යුතුයි. අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්නේ ඊළඟ අශ්වයෝ බේරා ගන්න. ගිය එකා ගැන හිතලා නොවේ. එජාප , ආණ්ඩුව , ජේවීපී , මුස්ලිම් කොන්ග්‍රසය , ටී.එන්.ඒ , ජා නි පෙ , මේ හැම දෙනාම ඉන්නේ එකම මතයක. සමහරු නම් බොර දියේ මාළු අල්ලන්න හදනවා වෙන්න පුලවන් (නදී)

:       0       0

කමල් Wednesday, 18 June 2014 02:08 PM

ආගමික මධස්ථානයකින් පන්සල්, පල්ලි,කෝවිල් වලින් එලියට එනවිට නිවි සැනසී එලියට එන තත්ත්වයක් පෙර දක්නට ලැබුණා. නමුත් දැන් ඇතැම් ආගමිකි මධ්‍යස්ථාන හෝ කණ්ඩායම් වලින් මිනිසුන්ගේ ලේ රත්කරනවා. (නදී)

:       0       0

මාලි Wednesday, 18 June 2014 02:08 PM

නීතිය කොටසකට විතරද ? (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 18 June 2014 02:09 PM

අරුණ ශාන්ත, වර්තමාන තත්වය හමුවේ බදුල්ලේ රැස්වීම තහනම් කිරීම හරි හෝ වැරදී වේවා අපි තේරුම් ගන්න ඕනේ ඕනෙම සංවිදානයක් පිහිටවාගෙන තියෙන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන්. බොදු බල සේනාව පෙනී සිටින්නේ ගිලිහි යන සිංහල බෞද්ධයන්ගේ අයිතිය , සිංහල ජාතියට සිදුවන අනාගත අහේනිය පෙන්වා දීමට. සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් හෑල්ලු වෙන බහුතර සිංහල බෞද්ධ අයිතීන් සහ විනාශ වන බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනිමට මිසක රටක පවතින සියලුම ප්‍රශ්න විසදීමට නොවේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 02:10 PM

ඕක කලින්ම කරා නම් අලුත්ගම නැති උන ජීවිත දේපල හානි වලක්වන්න තිබුණා. මේවා බොරු යටිකූට්ටු දේශපාලන සැලසුම්. (නදී)

:       0       0

සදුන් Wednesday, 18 June 2014 06:29 PM

අපි සැමදා අපේ රට සමඟයි! (නි)

:       0       0

අජන්ත Wednesday, 18 June 2014 06:29 PM

රටට යහපතක් වෙන තීරණ පමණක් ගන්න (නි)

:       0       0

අමිල Wednesday, 18 June 2014 02:22 PM

මේකේ මහ ජාතිය සිංහල කියා මතක තියාගන්න.(නදී)

:       0       0

භාෂිත Wednesday, 18 June 2014 06:32 PM

කුඩාපොළ හාමුදුරුවෝ සහ ගුණානන්ද හිමියෝ මොන විදියට කතා කළත් ,ගම් බිම් වලට පැන මිනිසුන් තලාපෙළා දැමූ වගක් ඉතිහාසයේ සඳහන් නැහැ.ඒ වගේ අයට වෙනත් උදවිය සමාන කරන්න බැහැ කවදාවත් (නි)

:       0       0

රුචිරා- සෞදි Wednesday, 18 June 2014 02:23 PM

අදුරු වලා තුල රිදී ඉරි තියෙනවා කියන්නා සේ සිදු වූ ඉතාමත් අවාසනාවන්ත සිද්ධිය අවස්ථාවක් කරගෙන මුස්ලිම්, දෙමළ, සිංහල සියළු අන්තවාදයට බර පක්ෂ තහනම් කරන්න (නදී)

:       0       0

කවිඳු Wednesday, 18 June 2014 06:39 PM

පුදුම අදහස්නේ! ඉතිහාසයට බලෙන් රිංගා ගන්න සමහරුන්ට අවශ්‍යතාවක් ඇතිවෙලා හැඩයි. (නි)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 18 June 2014 02:31 PM

බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් එතකොට අනිත් අයටත් ඔය හැන්දෙම්ම බෙදන්න කෝ. (නදී)

:       0       0

රාජා- ලන්ඩන් Wednesday, 18 June 2014 06:40 PM

මුලින්ම හිතන්න රට ජාතිය ආගම ගැන. පසුවට පුළුවන් වෙනත් දේ ගැන හිතන්න. අපේ අය වෙනත් දේ ගැන මුලින්ම සිතා රට ජාතිය ආගම ගැන පසුවට හිතනවා.වෙන්න ඕනෑ හැමදේම වෙලා එතකොට. (නි)

:       0       0

ලක්ෂපාන Wednesday, 18 June 2014 02:38 PM

බෞද්ධ ආගම වෙනුවෙන් යමක් කිරීමට නම් බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ක්‍රියාකරන ආකාරයට බොදුබල සේනාව ,සිංහල රාවය වැනි සංවිධාන ක්‍රියා කරනවානම් ඉතාමත් යහපත් ,නමුත් දැන් ඔවුන් හැසිරෙන ආකාරය බෞද්ධ ආගමට මෙන්ම බෞද්ධ ආගම වැළඳගත් සියලුම රටවැසියන්ට ලොකු අපකීර්තියක්. (අ)

:       0       0

සුරංජිත් Wednesday, 18 June 2014 06:46 PM

වැරදි දේ කවුරුන් කළත් වැරදියි (නි)

:       0       0

ටීනා Wednesday, 18 June 2014 06:46 PM

බදුල්ල නගරය අවලස්සන කරන්න කාටවත් ඉඩදෙන්න එපා (නි)

:       0       0

ඩිලාන් Wednesday, 18 June 2014 06:52 PM

බන්දුල, කාට අපහාස කළත් වර්තමානයේ සිටින උදවිය සමාන කරලා ජාතික වීරයන්ට නම් අපහාස කරන්න එපා. ඒ කිසිම වීරයෙක් මහජන කැළඹීම් ඇති කළා කියලා ඉතිහාසයේ නැහැ . ඒ නිසා ආපසු පාසල් ගිහින් හරි ඉතිහාසය ඉගෙන ගන්න. (නි)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 02:40 PM

බල්ලගේ වැඩේට බූරුවා කරන්න ගියාම මෙහෙම තමයි. (නදී)

:       0       0

වසන්ත Wednesday, 18 June 2014 02:46 PM

ආගම ජාතිය ගැන කමෙන්ට් දාන්න ඕනෑ තරම් ජාතිමාමකයෝ. පන්සිල් පද පහ රකින්න එකෙක් නෑ.(නදී)

:       0       0

ගැමුණු Wednesday, 18 June 2014 06:57 PM

බොදු බල සේනාව වගේ සංවිධාන රටට අවංකවම ආදරය කරනවා නම්, රටට,ජාතියට හෝ ආගමට වන වැරැද්දක් අදාළ වගකිවයුතු අයට සාක්ෂි ඇතුව පෙන්වාදීමේ කිසිම වැරැද්දක් නැහැ..එහෙම නොකර නීතිය අතට ගෙන කටයුතු කළොත් රටේ සමගියට ලොකු බාධාවක් වෙනවා (නි)

:       0       0

කාව්‍යා Wednesday, 18 June 2014 02:46 PM

අපි ඔක්කොම මිනිස්සු. ඉතුරුවෙන්නේ කළ පින් පව් විතරයි (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 June 2014 02:47 PM

මෙතන අදහස් දමල තියෙන සුළු පිරිස අතරෙත් අන්තවාදීන් කොපමණ ඉන්නවද කියල බලන්න. කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපියට වෙච්චදේට අලුත්ගම ඉන්න මිනිසුන්ගේ ගෙවල් ගිනි තිබ්බම හරි යනවද? (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 07:04 PM

ඔය මමත්වයෙන් කතාකරන නෝනලා මහත්තුරු ටික, කරුණාකරලා ජිනරතන හිමි ඉතාම කෙටියෙන් ලියා ඇති එක වැකිය දිහා ටිකක් බලන්නකෝ. (නි)

:       0       0

ප්‍රමෝද් Wednesday, 18 June 2014 02:57 PM

සිංහල රටේ සිංහලයට දැන් තැනක් නැද්ද ? (නදී)

:       0       0

සුමිත් Wednesday, 18 June 2014 07:05 PM

මෙය මුලු ලංකාවටම පොදු ලෙසින් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

උපාලි Wednesday, 18 June 2014 02:58 PM

බොදු අන්තවාදී රැස්වීම් පමණක් නොව උතුර නැගෙනහිර , කදුකර, කොළඹ සියලුම ජාතිවාදී රැස්වීම් නවතන්න. (නදී)

:       0       0

ජගත් ඒකනායක Wednesday, 18 June 2014 02:58 PM

අමිල, ඔහොම කිය කියා තමයි ඔලුව උදුම්මවා ගෙන මහා විනාශයක් කර ගත්තේ. දැන්වත් ඔය පුහුමානය හිතින් අෑත් කරගන්න. අපිට කොතනද වැරදුනේ ඒවාට සාම කාමීව පිළිතුරු සොයමු.(නදී)

:       0       0

නිශාන්ත Wednesday, 18 June 2014 03:05 PM

අන්තවාදය රට විනාස කරා . දැන් ඇති මරාගත්තා.(නදී)

:       0       0

රෝයි Wednesday, 18 June 2014 03:07 PM

ප්‍රියන්කා, උරුමය රැක්කට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතන සිදුවෙන්නේ ජාතිවාදය අවුස්සන එකයි. අනෙක් ජාතීන්ට එරෙහිව ජනතාව උසි ගැන්වීමයි. මේ වෙනකන් උරුමය රැකිලා තියෙනවා. කවුරුවත් පැහැරගෙන නැහැ. දැන් මෙයාලා ඇවිල්ලද උරුමය රකින්න යන්නේ. අපේ ජනාධිපතිතුමා හොඳ සිංහල බෞද්ධයෙක්. එතුමා ඒ උරුමය රැකලා දෙයි. ත්‍රස්ත්‍රවාදය නැති කරලා ඒ උරුමය රැකලා දුන්නා. මෙයාලා අවශ්‍ය නැහැ ඒකට. අනික උරුමය රකින්නේ අනික් ජාතීන් මරලා නැති කරලද. ඒකද ඔයාලගේ සංස්කෘතිය. සදාචාරය. ආගම දහම. කරුනාව මෛත්‍රිය දක්වන්නයි උගන්වලා තියෙන්නේ. ‍ඒත් මෙතන වෙන්නේ මොනවද. (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 07:17 PM

බන්දුල පෙරේරා මහත්තයෝ, එදා ඒ හාමුදුරුවරු ඒ විදිහට කතාකලේ ඒ යුගයේ රට පාලනය කල සුද්දන්ට එරෙහිව ලාංකිකයන් අවදි කරවන්නයි. එතකොට අදත් එහෙමද? ඇයි අපේ පාලකයෝ ගැන විශ්වාසයක් නැද්ද? (අ)

:       0       0

දිනේෂ් Wednesday, 18 June 2014 03:07 PM

රටටයි ජාතියටයි අම්මට වාගේ ආදරය කරපල්ලා මිනිසුනේ (නදී)

:       0       0

චන්දිම Wednesday, 18 June 2014 03:08 PM

සිකුරාදා දවල් පෙළපාලි තහනම් වේවිද කියල බලමුකෝ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 03:22 PM

අපි හැමදාම සදාරණය ගැන කයිවාරු ගහනවා. නැගෙනහිර අන්තවාදීන් කරන උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් නවත්වන්න නියෝග දෙන්නේ නැත්ද? (නදී)

:       0       0

ජිතෙන් Wednesday, 18 June 2014 07:29 PM

අන්තිමට මේ දේවල් නවතින්නේ මහ ජාතියේ නෙවෙයි ලබන ආත්මයේ මනුස්ස ජාතියේ වත් ඉපදෙන්න බැරි වෙන විදියේ අපාගත වෙන පව් ගොඩකට සම්මාදම් වෙලා. මේ ගැන මම මීට වඩා යමක් නොලියමි. (අ)

:       0       0

ශිරාන් Wednesday, 18 June 2014 03:26 PM

බදුල්ල හොද නගරයක් පින්සිද්දවෙයි කන්න නම් එපා. අපි හොඳින් හිටියා (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 03:29 PM

රෝයි ඔයා මම කියපු තැන් වලට ගිහින් බලන්න. ඒවා රැකපු හැටි බලාගන්න පුළුවන්. මම ජනාදිපතිතුමට ගරු කරනවා. එ්ක මුළු රටම කල යුතු දෙයක්. ඔයාගේ අන්ධ බාවයට මට කරන්න දෙයක් නැහැ. ත්‍රස්තවාදය පරාජය කලාට අපේ ජාතියට බුද්ධ ධර්මයට තියෙන අනතුර ඉවර නැහැ. එ්ක කව්රුත් තේරුම් ගන්න ඕනා. ඔයා ප්‍රශ්නෙට හේතුව හොයා ගන්න. මේ ඇති උන ප්‍රශ්නෙට හේතුව නැති කලා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. එ්කත් තේරුම් ගන්න.(නදී)

:       0       0

අචිනි Wednesday, 18 June 2014 03:32 PM

කොන්ද කෙලින් තීරණයක් ගත්ත මහේස්ත්‍රාත් තුමියට මල් මිටක් (නදී)

:       0       0

මේරියන් Wednesday, 18 June 2014 03:33 PM

අමතක කරන්න එපා සියල්ල පත් කර ඇත්තේ දේශපාලනයෙනි (නදී)

:       0       0

රොහාන් සෞදි Wednesday, 18 June 2014 03:33 PM

බදුල්ලෙන් පමණක් නෙවි මුළු ලංකාවෙන්ම තහනම් කරන්න මෙතන සිදුවෙන්නේ ජාතිවාදය අවුස්සන එක. (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 18 June 2014 07:41 PM

එතකොට මේ සිකුරාදා මුස්ලිම් අයගේ විරෝදය නැගෙනහිර පළාතේ නවත්වනවද ? (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 03:36 PM

ප්‍රියංකා, එතකොට අපේ රටේ පාලකයෝ බෞද්ධයෝ නෙමේද? අපේ දේවල් ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනා. තමන් හීනමානයකින් පෙළෙමින් නිකරුනේ අනෙක් අයට දොස් කියල පලක් නැහැ. ගිහින් බලන්න ගමේ සමහර පන්සල් වලට පන්සලේ බන මඩුවට තාප්පෙට හුණු ටිකක් තවරා ගන්න බැරිව අභාවයට ගිහින්. අපි කරන පිනක් දැහැමිනුයි කරන්න ඕන. දැන්කලේ සමහරු පින් කරන්නෙත් "හනුම දර පලනවා වගෙයි" නිකමට හිතන්න, අද දන්සල් වලට එන්නේ, ගෙදර කන්න කෑම නැති අයද? නැහැ, ගෙදර උයන්න කම්මැලි අය. වාහනයක් තියනවා නම් වෙසක් එකට රට වටේ හොඳට රවුමක් ගහල නොමිලේම බඩත් පුරෝගෙන ගෙදර එනවා. හැබැයි. දහ අතේ පින් රැස් කරගන්න වෙහෙස වෙන සැදැහැවතුන්ගේ ගමේ පන්සල? (නදී)

:       0       0

නුවන් Wednesday, 18 June 2014 03:36 PM

බලමුකෝ බලමුකෝ බලමුකෝ කියා කියා ඉමු අපේ දරුවන්ට මේ තියන එකම රට නැති වෙලා ලෝකේ කල්ලතෝනි ජාතියක් වෙලා යනකම් බල බලා ඉමු. (නදී)

:       0       0

නිශේන් Wednesday, 18 June 2014 03:40 PM

කොහොම කොහොමින් හරි දැන් මේ කලබල නිසා පිටරටවලත් ලංකාව ගැන නරක පලවෙලා ඉවරයි. විශේෂයෙන් ම සර්ව ආගමික නිදහස තියන රටවල් මේ ගැන විමතියට පත් වෙලා. අපිට ජාත්‍යන්තරයේ හොඳ කීර්ති නාමයක් අවශ්‍යයි. අපිට මොකෝ ඒගොල්ල කොහොම හිතුවත් කියලා කිව්වට අපේ රටේ පුරවැසියෙකු වෙනත් රටකට රාජකාරි විසාවක් ඉල්ලුවත් මේ දේවල් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනවා. (නදී)

:       0       0

අනුර ශාන්ත Wednesday, 18 June 2014 03:40 PM

දිනේෂ්, ඔබ කියන්නේ මේ විදියට කලබල ඇතිකලාම සුලුජාතීන්ගෙන් අපේ සිංහලකම රැකෙනවා කියලද? 83 දීත් උනේ ඕකම තමයි. අන්තිමට ජීවිත කීයක් විනාශ වුනාද? (නදී)

:       0       0

ලංකා තිලක්.. Wednesday, 18 June 2014 03:42 PM

සියලු සිංහලයන්ගෙන් ඉල්ලනවා මේ සිදුවීම සම්බන්දව ගරු පාටලී චම්පික මැති තුමා විසින් නිකුත් කල මාධ්‍ය ප්‍රකාශය කියවන්න කියලා. (නදී)

:       0       0

ජාලිය Wednesday, 18 June 2014 08:01 PM

සමහරු ජනතාව ඉදිරියේ කතා කරන නොහොබිනා වචන මාලාව ඇහුවාම සිතෙන්නේ නීතිය අතට නෙවෙයි කටට අරගෙන වත් දෝ කියලා (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 03:44 PM

රටට අහිතකර දේශපාලන රැස්වීම වහා නතර කලයුතුයි. (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 18 June 2014 03:47 PM

ජයවේවා අන්තවාදී සංවිදාන තහනම් කරන්න (නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 18 June 2014 03:53 PM

නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය සහ විනාශ වෙන පුද බිම් ගැන කතා කරන සැමටම මගේ ස්තුතිය. (නදී)

:       0       0

චමිලා Wednesday, 18 June 2014 03:57 PM

දිනේෂ්, බොදුබල සේනාව පිහිටවාගෙන තියෙන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන් නම්, බොදු බල සේනාව පෙනී සිටින්නේ ගිලිහි යන සිංහල බෞද්ධයන්ගේ අයිතිය , සිංහල ජාතියට සිදුවන අනාගත අහේනිය පෙන්වා දීමටනම් හරක් ලොරි අල්ලන්න ඒවා ගිනි තියන්න යන්නේ ඇයි? (නදී)

:       0       0

පාලිත Wednesday, 18 June 2014 03:58 PM

මහජාතිය කියා කෑ ගැහුවට වැඩක් නැහැ මහ ජාතිය ඔළුව නැතිව වැඩ කරනවා නම් (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 03:58 PM

ලුම්බිණි, කුරගල, මුහුදු මහා විහාරය ගැන කිව්වේ රටට වෙලා තියෙන විනාසේ පෙන්වන්න විතරයි. අලුත්ගම සිද්දියට මුල ඔයා දන්නවද? හාමුදුරුවන්ට අතක් උස්සන්න පුළුවන් කාටද? මේක සිංහල බෞද්ධ රටක්. (නදී)

:       0       0

සෂික Wednesday, 18 June 2014 03:59 PM

කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය මේ වගේ අපේ උරුම විනාශ වෙන එක ඔයාල දන්නේ නැද්ද? ඒවට තහනම් නියෝග ගන්තෙ නැද්ද. (නදී)

:       0       0

සුසිර Wednesday, 18 June 2014 08:46 PM

කරන වැඩක් බුද්ධාගම ගාවා ගන්නේ නැතිව කලා නම් හොඳ නැද්ද? මන්ද, රටක බහුතරයක් අදහන දහමේ සාරධර්ම විනාශ වුවොත් ඒ රට විනශ වෙන්න වැඩි කලක් ගත වෙන්නේ නැහැ. වසර 30 ක ජාතිවාදී යුද්ධයක් පැවතුනත් අපට එම යුද්ධය අවසානයේ ජයග්‍රහණය කරන්න හැකි වුනෙත් සමාජය තුළ යහගුණ පිරිහීමට පත්වුයේ නැති නිසයි. ත්‍රස්තවාදීන් හැරුණු විට අප සැම දෙනාම එදා හිටියේ එකම පැත්තක. එත්, අද තත්වය එබදුද? (අ)

:       0       0

ප්‍රියනාත් Wednesday, 18 June 2014 04:07 PM

අසභ්‍ය වචන කියමින් ජනයා කුපිත කරවන ප්‍රකාශ කරමින් ඉර්ෂ්‍යවට අන් අයගේ දේපොළ ගිනි තබමින්, අපේ අයිතිවාසිකම් රැක දෙන්න ඔය කවුරුත් මහන්සි වෙන්න ඕන නැහැ. මොනවා රැකුනත් වැඩක් නැහැ අපිට සැනසීමෙන් ජිවත් වෙන්න නැතිනම්. මෙම රැස්වීම තහනම් කල එක හොඳ තීරණයක්. (නදී)

:       0       0

සුමිත් Wednesday, 18 June 2014 08:48 PM

නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (අ)

:       0       0

රණා Wednesday, 18 June 2014 04:20 PM

කුඩා දේවල් මත යැපී මෝඩ මිනිසුන් මහා විනාසයක් කරගන්න පෙර රට දියුණු කර ජාතිය දියුණු කරන්න බලන්න. (අ)

:       0       0

පද්මිණි Wednesday, 18 June 2014 04:26 PM

ප්‍රියංකගේ ජාත්‍යාලය සහ බුද්ධාලම්බනය ගැන සතුටුයි. නමුත් මේ අවස්ථාවේ අපි සිංහල බෞද්ධයින් හැටියට සන්සුන් විය යුතුයි. සුළු ජාතීන්ට හීන මානයක් ඇතිවන පරිදි වැඩ නොකළ යුතුයි කියා මගේ හැඟීම. (අ)

:       0       0

පෝල් Wednesday, 18 June 2014 04:28 PM

අමිල මේ රටේ මහා ජාතියක් නැ . ඉන්නේ එකම ජාතියයි , ඒ ශ්‍රී ලාංකිකයෝ පමණයි , තමාට කැමති කෙනෙකුට තමා කැමති ආගමක් අදහන්න පුළුවන් ඒක ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් . (අ)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 04:38 PM

ප්‍රියනාත් මහත්මයා, ඔබතුමන්ගේ අදහස හරි (නි)

:       0       0

සමන් Wednesday, 18 June 2014 10:06 PM

අපේ රටේ අපිට නැද්ද නිදහසක් . (අ)

:       0       0

ශලනි Wednesday, 18 June 2014 04:50 PM

සිංහල ජාතියේ උරුමය නිසි විදියට රැකගන්න නම් සාමය සහජීවනයට ගරු කරන්න. නැත්නම් අනාගතයේ සිංහල දරුවන් අනිත් ජාතීන්ට වෛර කරන්න විතරක් දන්නා අය බවට පත්වේවි.මිනිසුන්ට මෛත්‍රී කරන්න, අන්‍ය ජාතීන්ට ගරුකරන්න, ජාතියක් රකින්න ඔය බල සේනා නැතුවාට කමක් නැහැ අපිට. ඒවා ස්වබාව ධර්මයෙන්ම රැකෙනවා. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 18 June 2014 04:51 PM

ප්‍රියනාත්, ඔබ හරි. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන සියලුම සංවිධාන තහනම් කරමු. නැත්නම් ලංකාව හැමදාම තුන්වැනි ලෝකයේ රටක් තමයි (නි)

:       0       0

නෙල්සන් Wednesday, 18 June 2014 04:55 PM

බදුල්ල කියන්නේ කොච්චර සුන්දර නගරයක්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 June 2014 04:55 PM

ඉස්සර අපේ හිටපු කුඩාපොළ හාමුදුරුවෝ, ගුණානන්ද හාමදුරුවෝ වගේ හාමුදුරුවරුන් කතාකළේ නොබියවයි ප්‍රියනාත් මහත්තයෝ. සිංහලයාව අවදි කරන්න නම් "එන්න යන්න කන්න බොන්න උපාසක" කියලා අමතා හරියන්නේ නැහැ.මේ විදියට තමයි අමතන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 04:57 PM

කුසුම්, මම නම් කවදාවත් අපේ ගමේ පන්සල දාලා යන්නේ නැහැ. ඒ වගේම අපේ රට, ජාතිය, ධර්මය පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒවා අපි රැක ගත්තොත් විකරයි අපේ දරුවන්ට බෞද්ධ රටක් ඉතුරු වෙන්නේ. නැත්නම් මේ රට තවත් බංගලාදේශයක් වේවි. (නි)

:       0       0

හසිත Wednesday, 18 June 2014 04:59 PM

අසභ්‍ය වචන, ප්‍රකෝපකාරී හැසිරීම් යනාදිය ගිහියන්ට විතරක් නෙමෙයි, පුජ්‍ය පක්ෂයටත් අකැපයි. කවදාහරි මැරෙන අපිට කරුණාකර සැනසීමෙන් ජීවත්වෙන්න ඉඩ හරින්න. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 18 June 2014 05:01 PM

තම වාසිය වෙනුවෙන් සිංහල රට ජාතිය පාවාදුන් අය එදත් සිටියා. අදත් සිටිනවා.මතුවටද සිටිනු ඇත. එහෙත් මේ දක්වාම සිංහලයා රැකුණි. නමුත් මතුවට නම් රැකේද යන්න සැකසහිතය. (නි)

:       0       0

තිලින Wednesday, 18 June 2014 11:23 PM

අපිව දැනුවත් කරන්න සංවිධානය කරන මේ දේවල් වලට ආරක්ෂාවක් සපයන්න මේ නීති වලට බැරිද? (නි)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 12:50 PM

මහජනයාගේ සුබ සෙත වෙනුවෙන් එඩිතර නියෝගයක් දුන්න ගරු මහේස්ත්‍රාත් තුමියට අපේ ප්‍රණාමය. මෙන්න නීතිය මහජනයාගේ සුබ සෙත වෙනුවෙන් යොදවන හැටි පෙන්වා දුන් උසස් නීති නිලධාරිනියකගේ හොඳ ආදර්ශයක්. මෙය මුළු රටටම වැදගත් ආදර්ශයක් වේවා. (ස)

:       0       0

මහානාම Wednesday, 18 June 2014 05:35 PM

කරුණාකර මතක තියාගන්න. අපේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයින් පමණයි . ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම ආගමක් අදහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර ලබා දී තිබෙනවා . ලුම්බිණි , පාලිත , ප්‍රියනාත් බොහොම හොඳ අදහස් දමා තිබෙනවා. (නි)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 18 June 2014 01:01 PM

පුදන කොටම කාපි (නදී)

:       0       0

මිගිද Wednesday, 18 June 2014 01:03 PM

ඉතාමත් වැදගත් තීරණයක්!. (නදී)

:       0       0

තරංග Wednesday, 18 June 2014 01:06 PM

නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (නදී)

:       0       0

බුද්ධික Wednesday, 18 June 2014 01:19 PM

එතකොට ඕකද විසඳුම? (නදී)

:       0       0

බේරුවල සුනිල් Wednesday, 18 June 2014 05:42 PM

සාධාරන තීන්දුවක්, විනිසුරු මහත්මියගේ. (නි)

:       0       0

සජාන් Wednesday, 18 June 2014 01:20 PM

මෙයයි විය යුත්තේ. (නදී)

:       0       0

ලලිත් වීරරත්න Wednesday, 18 June 2014 01:25 PM

රටේ අනාගතය ගැන හිතලා ගත්ත තීන්දුවක්. ඉතා හොඳයි (නදී)

:       0       0

ජිනරතන හිමි Wednesday, 18 June 2014 05:44 PM

ජාතිවාදය , අන්තවාදය කියන්නේ ලෝකයම විනාශ කරන දේවල් (නි)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 June 2014 01:30 PM

වැදගත් තීරණයක්! මෙයාල මොකාටද එන්න හදන්නේ කියල අපිටත් තේරෙනවා. පසුගිය කාලේ වතුර ටික ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මැරුවා, තුවාල කලා, අතපය බිදෙන්න ගැහුවා. එතොකොට මේ බලේ කොහෙද හිටියේ. (ස)

:       0       0

ශිහාන් Wednesday, 18 June 2014 01:30 PM

අශ්වයන් ගිය පසු ඉස්තාලය වැසීම. (ස)

:       0       0

චලින්ද Wednesday, 18 June 2014 01:32 PM

නැගෙනහිර හර්තාල් තහනම් කරන්න මීට සමගාමීව. නීතිය පොදු බව පෙන්නන්න ක්‍රියාවෙන්ම. (ස)

:       0       0

දිලිනි Wednesday, 18 June 2014 05:50 PM

ප්‍රියංකා, මම ඔබත් සමඟ එකඟ වෙනවා.මේක අපේ රට. අපි මැරිලා හරි අපේ රට රැකගන්න ඕනෑ. ඒ අපේ අනාගත දරු පරපුර වෙනුවෙන්. (නි)

:       0       0

රංචාගොඩ Wednesday, 18 June 2014 01:37 PM

කතා කරන්න තියන අයිතිය දේශපාලනයට යට කරලා දාලා බව පේන්න‍ේ. (නදී)

:       0       0

මොහමඩ් Wednesday, 18 June 2014 01:41 PM

කැසිනෝ පනත ගෙනෙද්දී මේ අය කොහෙද හිටියේ ? (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 18 June 2014 01:43 PM

නැගෙනහිර හර්තාලය තහනම් කරන්න බැරි මොකද? අධිකරණය හරියට නීතිය රකිනවා නම් එ්කත් කරන්න ඕන. එක පළාතකට එක නීතියක් තව පළාතකට තව නීතියක්. මොකක්ද මේකේ තේරුම. (ස)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 01:44 PM

මේ බලේ එන්නේ සිංහල බෞද්ධ උරුමය රකින්න මිසක් පොලිසිය ආමි එකේ වැඩ කරන්න නෙවෙයි. (ස)

:       0       0

දිලිනි Wednesday, 18 June 2014 06:01 PM

මහානාම, ඔයාලට ඔහොම කතාකරන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ එදා මිනිසුන් ජීවිත දීලා රට රැකගත් නිසායි. (නි)

:       0       0

ශාන්ත Wednesday, 18 June 2014 01:44 PM

දැන් තමය් නිවැරදි තැනට ආවේ (නදී)

:       0       0

රංග Wednesday, 18 June 2014 01:45 PM

ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයයි කියලා තියෙනවා නේ. අපි නම් රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ.(නදී)

:       0       0

ගමගේ Wednesday, 18 June 2014 06:05 PM

අධිකරණය ගත් කාලෝචිත තීරණයක් (නි)

:       0       0

නිශා අමීර් Wednesday, 18 June 2014 01:50 PM

පමා වී හෝ ගත් හොඳ තීරණයක්. මේ වගේම සියළුම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි (නදී)

:       0       0

ගුණසේකර Wednesday, 18 June 2014 06:05 PM

උසාවි තීරණයට හිසනවා ආචාර කරමි (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 01:53 PM

කුරගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය මේ වගේ අපේ උරුම විනාශ වෙන එක ඔයාල දන්නේ නැද්ද? ඔයාල හරියට ලොකු කොමෙන්ට්ස් දානවා. මෙහෙ අපේ සිංහල ජාතිය බෞද්ධ ධර්මය උරුමය විනාස කරන එක නවත්වන්නත් ක්‍රමයක් සොයන්න. (නදී)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 01:54 PM

අළුත්ගමදිත් ඕක කරන්න තිබුනනේ.(නදී)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 01:56 PM

බොදු බල සේනා තහනම් කරන්න හේතු හොයමින් හිටි අයට හොඳ අවස්ථාවක් ඇවිත්. මොනවා තහනම් කලත් අදහස් තහනම් කරන්න බැහැ. සිංහල බෞද්ධ අයිතින් ගැන කතා කරන එක නවත්වන්නත් බැහැ. (නදී)

:       0       0

ගමගේ Wednesday, 18 June 2014 02:00 PM

මේ තීරණයට අපිත් එකඟයි (නි)

:       0       0

ගුණසේකර Wednesday, 18 June 2014 02:00 PM

සියලු ආකාරයේ උද්ඝෝෂණ මෙලෙස තහනම් කරන්න (නි)

:       0       0

වසන්ති Wednesday, 18 June 2014 02:00 PM

නීතිය කාටත් පොදු විය යුතුයි. දිවයින පුරාවට රජය මගින් සියලු විරෝදතා තහනම් කළා නම් කාටත් හොඳයි. (අ)

:       0       0

ඈපා Wednesday, 18 June 2014 02:02 PM

නැගෙනහිර හර්තාල් තහනම් කරන්න. (නදී)

:       0       0

පද්මේ Wednesday, 18 June 2014 02:03 PM

බෞද්ධාගම කියන්නේ මෛත්‍රිය පතුරුවන ආගමක් මිස අන් අයගේ ආගම් වලට ගරහන ආගමක් නෙමෙයි. මෙය හැම දෙනාම තේරුම්ගන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2521 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1675 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2419 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3327 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site