IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිංහල රාවය කළුතරට එයි

සිංහළරාවය සංවිධානය කතරගමින් ඇරැඹු පා ගමන අද (24) කළුතරට ළඟා විය.

ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදුරට බාර දීම සදහා මේ පා ගමන සංවිධානය කැර ඇත.

කළුතර කටුකුරුන්දේදී සංවිධානයට තරමක උණුසුම් තත්ත්වයතට මුහුණ දීමට සිදු වුවත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව තත්ත්වය සමනය කළේය.



අදහස් (0)

සිංහල රාවය කළුතරට එයි

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 26 June 2013 06:39 PM

මාර වැඩේ කියන්නේ සිංහල අය මේවට විරුද්ධව අදහස් ලියනකොට බොහෝ අය කියන්නේ සිංහල නම් වලින් අදහස් ලියන්න එපා කියලා. කරුණාකරලා එකක් තේරුම් ගන්න, සිංහල බෞද්ධ හැමෝම මෝඩයෝ නැහැ. බුද්ධිමත්ව සිතන අය ගොඩක් ඉන්නවා. අනික අපි දැක්කා එක්තරා විද්‍යුත් මාධ්‍යක පැවැති සාකච්ඡාවේ එක්තරා සංවිධානයක වීරයෙක් ඇවිල්ලා මුළු රටම ඉදිරියේදී කොහොමද අසරණ වුනේ කියලා. (නි)

:       0       0

දමිත් Monday, 24 June 2013 04:04 PM

ඔය සද්ද දාන අය ගව මස් කන අය වෙන්න ඇති. ගවයෝ වගේම එව්නුත් මරන්න ඕනේ.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 24 June 2013 11:18 PM

සිංහල අපේ ආර්ථිකයට එදා පටන් හයියක් උන ගවයන් මරණ එක දැන්වත් අපි නැවැත්විය යුතුයි. කුකුලන් එළුවන් වැනි සතුන් සදහාද මෙය පසුව ක්‍රියාත්මක කල හැකි වේවි. මුල් පියවර ලෙස සිංහල හැමෝම එකතුවී මෙය කරමු. කොහොමත් අන්තවාදීනට මාර අමාරුවක් තියෙන්නේ බොදු බල සේනාව ගැනයි සිංහල රාවය ගැනයි. අද හවස කළුතර වෙට්ටුම කඩ හන්දියට ආවනම් හැමෝටම බලාගන්න තිබුනා ඔය අන්තවාදයේ තරම හා බුදු දහමට මොවුන් කල අවමානයන්.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 24 June 2013 11:20 PM

රිෂාර්ඩ් කියන විදියට කුරානයේ තියෙන, දැනට එයාල ගවයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාව තමයි එහෙනම් ආගමික විසදුම. අනේ මෙහෙමත් විහිළුවක්. සිංහල රාවයට ජය !(නදී)

:       0       0

අනුලා Monday, 24 June 2013 04:08 PM

කටුකුරුන්ද කියන්නේ ගව ඝාතනය වැඩියෙන්ම සිදුවු පෙදෙසක්. ඒ නිසා වෙන්න ඇති තත්වය උනුසුම් වුනේ.(නදී)

:       0       0

පහන් Monday, 24 June 2013 04:10 PM

ගමගේ මට ඔයාගේ මුණ බලාගෙන හරක් මස් කන්න බැහැ. ජීවා ඔය කියනදේ ගමගේ තේරුම් ගන්නේ නැහැනේ එයා මාලුවගෙයි හරකගෙයි වෙනස දන්නේ නැහැ.(නදී)

:       0       0

රේගා Monday, 24 June 2013 04:10 PM

ඇයි මාළුන් ගෙන්, කුකුලන්ගෙන් කිරි දොවන්න පුලුවන්ද?(නදී)

:       0       0

විජේසිංහ Monday, 24 June 2013 04:12 PM

කුකුලෝ, මාළුවෝ, එළුවෝ ගැන කතාකලොත් අපේ අයියල කියනවා,වුන් අපිට කිරි දුන්නේ නැ, ගොම දුන්නේ නැ , ගොවිතැනට උදව් කලේ නැ. ඒ හින්ද අපි උන් වෙනුවෙන් හඩ නගන්න ඕන නැ කියල. (අ)

:       0       0

රිෂාර්ඩ් Monday, 24 June 2013 04:15 PM

ලද්දු නිශාන් -අද විද්‍යාවෙන් කියවෙනවා ගස් පැළට පවා පන තියෙන බව එහෙම නම් අද වතුරත් බොන්ඩ බැහැ අවිද්‍යාවෙන ගැටීමෙන් වලකින්න බලන්න පොඩ්ඩක් නැවත හිතන්න මස් කියල ගවයෙක් ම ඕන නැහැ අපට (අ)

:       0       0

පහන් Monday, 24 June 2013 04:16 PM

බෞද්ධ පිබිදීමට සියලු දේශපාලකයන් බයවෙලා ඉන්නේ.බොදු බල සේනා මෙරට 99%බෞද්ධ කරලයි නවතින්නේ (නි)

:       0       0

නාත් Tuesday, 25 June 2013 12:07 AM

රාවයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගව ඝාතනය. මහජනතාව රවටන්න එපා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 June 2013 04:34 PM

ලංකාවෙන් ගව ගාතනය සහමුලින්ම ඒවත් කල යුතුයි.ජීවා සමග මමත් එකඟයි (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 June 2013 04:38 PM

මම ලංකාවේ නිවාඩුවට ආව වෙලාවේදී වේයන්ගොඩ දුම්රිය ඉස්තානයේ හන්දියේ විශාල පොස්ටරයක් ගහලා තියෙනවා දැක්කා. ගවයන් ඝාතනය කරන තැනකදී නිදහස් කර ගත්තු ගවයෙක් හාමුදුරු කෙනෙකුට දන ගහලා වැදන් ඉන්නවා. මම නතර වෙලා ඒ දසුන දිහා බලන් හිටියා. ඒ දසුන දකින හිතක් පපුවක් කියල තියෙන මනුස්සයෙක් නම් ගව මස් අනුබව කරන්නේ නැහැ. කරුණා කරලා ඒ ෆොටෝ එක ලංකාදීපයේ පල කරන මෙන් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 June 2013 04:43 PM

ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදුරට බාර දීම සදහා මේ පා ගමන සංවිධානය කැර ඇත. අරලියගහ මැදුරේ අයත් ගව මස් කනවා ඇති. පිරිත් නුල් කඹයක් තරම් ගැට ගහ ගත්තු පලියට, නිතරම දාතු කරඩුව ඔලුවෙන් බිම තියන්නේ නැතිව තියන් හිටිය පලියට ගව මස් අනුබව නොකරනවා කියලා හිතන්න අමාරුයි.(නදී)

:       0       0

චානක Monday, 24 June 2013 05:03 PM

බුදු හාමුදුරෝවොත් මේවට නීති දැම්මේ නැති එකේ, අනිත් මිනිස්සු කන බොන ඒවාට ඇඟිලි ගහන්න මේ ගොල්ලෝ කවුද??? මමත් බෞද්ධයෙක්, හැබැයි මේ වගේ අන්තවාදි වැඩ වලට විරුද්ධයි. (අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 24 June 2013 05:21 PM

කනිෂ්කලට ගමගෙලට උත්ටර දෙන්න තාම ඒගොල්ලන් ළදරු වයසේ ඉන්නේ. ගව ගාතනය අපේ කෘෂි කර්මාන්තයට ඉතා වැදගත්. එක තෙරනකන් ඉතින් කකා ඉන්න. (අ)

:       0       0

මොහෙමඩ් Tuesday, 25 June 2013 01:30 AM

අප සමග තිබෙන තරහට මේවා කළත් කමක් නැහැ. බොදු බල සේනාවට , රාවයට තෙරුවන් සරණ පතමි. නිදුක් වේවා සුවපත් වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා! (නි)

:       0       0

රණා Tuesday, 25 June 2013 01:37 AM

මිනිසාට ප්‍රයෝජනවත් සතකු පමණක් මැරීමට විරුද්ධ වීමට කෙනකුට අයිතියක් ඇත. නමුත් එයට බුදු දහම ගාවා ගැනීම සදාචාර නොවේ.ඉන් වැරදි පණිවිඩයක් යැවේ. තවද ආගම පිළිපැදීම යනු අකාර්යක්ෂම නීතිය මත යැපීම නොවේ, තම හිත දියුණු කිරීමයි. (නි)

:       0       0

රුවන් Tuesday, 25 June 2013 01:43 AM

ගමගේ කියල අපේ පැත්තේ ගවයෙක් හිටියා.(නදී)

:       0       0

මිස්බා Tuesday, 25 June 2013 02:03 AM

කසුන් ධර්මවංශ කියන විදියට අපි පටන් ගනිමු. (නි)

:       0       0

සුපුන් Tuesday, 25 June 2013 02:31 AM

මම මේ කල්පනා කලේ මෙහෙම ගියොත් ජාතික කොඩියේ ඉන්න සිංහයාවත් හැලෙයි ද කියලයි. (නි)

:       0       0

මොහමඩ් Monday, 24 June 2013 05:53 PM

30 වසරක් පුරා අප නොදැකපු අය දැන් අපට හමුවෙනවා (නි)

:       0       0

සජිත් Monday, 24 June 2013 05:54 PM

මේ ගවයෝ කන එක නැවත්තුවොත් ලංකාවේ ගවයෝ වැඩි වෙලා පාර තොටේ ඉබා ගාතේ ඇවිදින්න ගනී. එතකොට අපේ රජය නැවත කියයි ගවයන්ගේ බෝවීම අඩුකරන්න කියලා. ඒවාට බෙහෙතුත් පිට රට වලින් ගේන්න ගනී. මේවා මහා මෝඩ වැඩ. මේ ගවයන්ට ජීවත් වෙන්න දෙන්න මේ රටේ. දැනට ගව ගාතනයෙන් කිසිම ප්‍රශ්නයක් අඅති වී නැහැ. නමුත් මේ කරන මෝඩ වැඩ වලින් තව ප්‍රශ්නයකුත් රටේ ඇති වන්න පටන් ගනීවි.(නදී)

:       0       0

දාස් Tuesday, 25 June 2013 02:50 AM

ඔය කෑ ගහන කට්ටිය පිට රට ගියහම නම් හොදට මස් කනවා. පිට රට ගවයෝ ඔටුවොද?(නදී)

:       0       0

සමන් Monday, 24 June 2013 05:55 PM

මෙතන සිංහල නම් වලින් අදහස් දක්වන අය තමන්ගේ නම් වලින්ම අදහස් පලකරන්න. මොකද නැත්නම් පුල්ලි පේනවා.(නදී)

:       0       0

ෆර්හාන් Tuesday, 25 June 2013 03:35 AM

ගව ගාතනය නතර කරන්වා කියන්නේ බුද්ධාගම හරියට කරනවා කියලා හිතන්න එපා. මස් කඩ මුදලාලිලා මුස්ලිම්. නමුත් හරක් විකුණන මුදලාලිලා සිංහල කට්ටිය (නි)

:       0       0

ඇන්ජල් Monday, 24 June 2013 06:09 PM

දැන් ඔය මාලු කෑමත් නවත්වන්න වෙයිද දන්නේ නැහැ.අනේ මේ, තාත්වික දේවල් පමණක් කියන්න (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 24 June 2013 06:17 PM

ගව මස් නැතිවෙලා මිනි මස් විකුනනවද මන්දා ? යන යාමට කිසිම සාමයක් පේන්ඩ නැහැ ?(නදී)

:       0       0

ඉන්දික Monday, 24 June 2013 06:17 PM

මට නම් හැගෙන්නේ මේ අය බුදුදහම හරියට නොදන්න දේවදත්ත පරමිපරාවේ අය කියලයි.(නදී)

:       0       0

නිමන්ත Monday, 24 June 2013 06:18 PM

බොදුබල සේනා, සිංහල රාවය දැනට ජාතික වීරයො වගෙ පෙනුනට තව ටික කාලෙකින් මේ සංවිධාන නිසා ලංකාවට හොඳ දුකක් විඳින්න වෙනවා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 24 June 2013 06:23 PM

මම නිකන් අහන්නේ අද ලංකාවේ කොච්චරක් දූෂණ සිදු වෙනවද? එක්කෙනෙක් ඔය කියන කට්ටිය පෙළපාලි ගිහින් කට්ටිය දැනුවත් කරාද ? මිත්‍යාවක්නේ අනික කරනවා කියලා ඔය කරන දේ හරිද මේකද ආගමික විසඳුම ?(නදී)

:       0       0

සජිනි Monday, 24 June 2013 06:43 PM

රීටා ,තමන්ගේම ගෙදර හදන කුකුලාව ,උත්සව වලදී තමන්ගේම බත් පතේ *චිකන් * ලෙස වළඳන ඔබලාට තමුනුත් මස් වැද්දන්ගේ ඝනයේ බව නොවැට හෙන්නේද ? එතකොට ,පීකුදු එහෙම අනුභව කරන විටදී. එසේනම් මාළු අනුභව කරන අය මාළු වැද්දෝ විය යුතුවේ. බලාගෙන යනවිට අප බොහෝ දෙනෙකු නොදැනුවත්වම කුමන වර්ගයක හෝ වැද්දන් වී ඇති බව පෙනේ.(නදී)

:       0       0

සම්පත් Monday, 24 June 2013 07:23 PM

මේ කරන්න කියන්නෙ කරන්න පුළුවන් වැඩක්ද,ගව ඝාතනය නතර කරනව කියන්නෙ ගව පට්ටි පාලනය කරන මිනිස්සු අනාතයි කියන එක.ඉතුරුවෙන බෝවෙන හරක්ට මොකද කරන්නෙ.පන්සල් වල තියාගෙන කන්න දෙනවද.කරන්න බැරි දෙයක් නොකිය ඉන්න ඕන.ඇත්තටම මොකද්ද උණුසුම.අර කිවුව වගෙ මුහුදු හුලන් එනවනෙ,?(අ)

:       0       0

තරංග Monday, 24 June 2013 07:24 PM

මෙයාලගෙ ආරක්ෂාවටද පොලීසිය ඉන්නෙ.?(අ)

:       0       0

සජිනි Tuesday, 25 June 2013 12:29 PM

අසංග ,ඔබගේ මොළය නම් හිස මත පිහිටා ඇති බවට කිසිදු සැකයක් නැහැ .වර්ධනය කොතරම්ද කියනවා නම් ඔබ, ඉස්සා ගේ හිස ද අභිබවා ගොස් සිටිනවා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 June 2013 08:23 AM

ප්‍රානගාතය මොන සතා මැරුවත් එකයි. ඒත් හරිම කනගාටුයි කියන්න සිංහලයා ගවයට මේ තරම් ලැදි සිංහලයා බත් කන නිසා. බත් ටික දෙන්න දහදුක් විදින ගවයට සිංහලයා කෙලෙහිගුන සලකන නිසා. සේරම සතුන් සත්තවයෝ කිව්වට ඒ සතුන්ගෙයි ගවයා ගෙයි වෙනස තේරුම් ගන්න බැරි ගවයෝ ටිකක් ඉන්න එකට නම් දුකයි.(නදී)

:       0       0

ජුදේ විජේසිංහ Monday, 24 June 2013 08:22 PM

ඔය රාවය, බලසේනා,රවනා වගේ අයගේ අරමුණ ගව ඝාතනය නතර කිරීම නොවෙයි. ඕවා පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා අද බොහෝ අය දන්නවා. මිනීමැරුම් සාහසික අපරාද ගැන මුනිවත රකින අය ගව ඝාතනය ගැන ඔය තරම් කැක්කුමක් ප්‍රදර්ශනය කිරීම විහිළුවක්.(නදී)

:       0       0

මානවඩු - ඉතාලි Monday, 24 June 2013 08:34 PM

මේවා දැක්කම දුක හිතෙනවා අපේ චීවර ධාරීන් ගැන . රටේ නිතිය මොවුන් අතට ගෙන කරන විකාර . රටේ දහසක් ප්‍රශ්න තියෙනවා . ස්ත්‍රී දුෂණ, ළමා අපාචර ,හොර කම , මිනීමැරීම . සුරාව සුදුව , මත කුඩු වලට ඇබ්බැහි වීම . තව නොයෙක් දේවල් මෙයට වඩා ඉක්මන් පිළියම් යෙදිය යුතු දේවල් . මට තේරෙන්නේ නැහැ මේ ගවය ගෙන මොකද මේ තරම් මැරෙන්නේ කියලා. ගවයාට වඩා හරකුන් වෙලාද මන්දා.(නදී)

:       0       0

කාලිඩ් Monday, 24 June 2013 08:43 PM

තාමත් අපේ අය මෝඩයෝ කියලා හොදටම පෙන්නුම් කරන වැඩක්. මොකෝ ගස් කොළ වලට සතුන්ට වේදනාව දැනෙනවා කියලා ඔප්පුකරලා අව්රුදු 10ටත් වැඩි වෙනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 02:37 PM

එන ගමන් මග්ගොන පල්ලියටත් ගහගෙන එයිද දන්නෙ නෑ මෝඩ බලකායවල් රට ගිනි තිය තිය රට වටේ යනවා.(නදී)

:       0       0

නීල් Monday, 24 June 2013 02:47 PM

උම්බෑ කිය කියා මරණ බයේ... බිය ගුල්ලෝ අනේක වාරයක් මැරි මැරී උපදිති. එහෙත් වීරයෙක් මිය යන්නේ එක්වරකි! (නි)

:       0       0

මිස්බා Monday, 24 June 2013 09:11 PM

හොඳ අගනා කාර්යක්.කරන උත්සාහයට අපේ ප්‍රණාමය! හැබැයි මේ උත්සහය මස් වලට විතරයි. ස්ත්‍රී දූෂණ ,මිනි මැරීම් සුදු වෑණ් ,සුදු, ගනිකා මඩම්,ළමා අපචාර,හොර මැරකම්,පගාව,හොර ඡන්ද.... මේවට මොකද කියන්නේ? (නි)

:       0       0

ධනුක පෙරේරා Monday, 24 June 2013 02:49 PM

රාවණා බලය නෙමෙයි සින්හල රාවය සන්විධානය. (ස)

:       0       0

ගමගේ Monday, 24 June 2013 02:51 PM

ඉතා ප්‍රෂන්ශනීය පුණ්‍ය කටයුත්තක නියැලෙන සංගය වහන්සේලාගෙන් හා ඒ දායක පිරිසගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමති යි ඒ තමා ඔහොම්මම කුකුස්මස්වලට හා මලුවලටත් ඔය නීතියම ක්‍රියාත්මක කරන්න බලකරන්න කියන එක. මොකද එහෙම නැතිවුනොත් අපේ මිනිස්සු ගව ඝතනය නතර කරලා අනිත් කොටස් දෙකෙන් වැඩි ප්‍රාණ ගාතයන් කරන්න ඉබේම වගේ පෙලබෙන්න පුළුවන්. ඒ නිසා මේ ගමන්ම ඒ දේත් කලොත් තමා මේ පා ගමනේ අරමුණ සාර්ථක වෙන්නේ . නැත්තම් ගව ගාතනය අඩු වෙලා අරව වැඩි වේවි. (අ)

:       0       0

පුබුදු Monday, 24 June 2013 02:53 PM

මොකක්ද උණුසුම ? කටුකුරුන්ද හරියේදී මුහුදු හුලන් හොදට හමනවා නේද? (ස)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 09:45 AM

ලංකාව හින්දු රාජ්‍යක්ද? දැනට තියන විදියට නෙපාලේ හින්දු රාජ්‍යක්. එහෙ එල හරක් මරන්නේ නැහැ. හැබැයි මීහරක් මරනවා. ඉන්දියාවේත් ඒවගේ.මි හරක් සොසේජ් පවා තිබේ.(නදී)

:       0       0

ශීලා Tuesday, 25 June 2013 09:46 AM

මේවා හින්දු අන්තවාදීන්ගේ කුමන්ත්‍රණ. හින්දු එන්ජිඕ වලින් සල්ලි පොම්ප කරලා කරවන වැඩ.(නදී)

:       0       0

ජානක Monday, 24 June 2013 03:06 PM

අපේ සහය සිංහල රාවයට. හොඳ වැඩක්. (අ)

:       0       0

ජීවන් Tuesday, 25 June 2013 09:49 AM

ගවයාම ඉලක්ක කරන්නේ එක ජනප්‍රිය මාතෘකාවක් නිසා. මේ වෙළදපල ආර්ථිකේ ඇතුලේ විකිනෙන සංකල්පය තමා ගවමස්. අනෙක් මස් මරන්න එපා කියා නොකියන්නේ එක ප්‍රයෝගික නැති නිසා. ගවමස් කෑම තහනම් කිරීමත් ප්‍රයෝගික නැහැ. ඒත් ටික කලකට හෝ කවුරුත් ජිවත් වෙන්න එපයි.(නදී)

:       0       0

නිමල් Tuesday, 25 June 2013 09:53 AM

තව මේ ටිකත් එකතුකරගන්න. ඉදිකිරීම්, ගොවිතැන,තහනම් කරන්න මොකෝ පොලව කපද්දී පනුවෝ මැරෙනවා. ඩෙංගු උවදුර මර්දනය නොකරන්න. නිගන්ටයෝ වගේ පොලව යට වැඩෙන අල ලුණු වැනි දේ ආහාරයට නොගන්න. වතුර පවා නොබොන්න මොකෝ සුද්‍ර ජීවින් ඇත. ගසකින් වැටෙන දේ පමණක් කන්න ගසටත් පන ඇත.(නදී)

:       0       0

මංගල Monday, 24 June 2013 03:10 PM

මැරිචච ගවයෝ කෑවට කමක් නැහෙ නේද ? (ස)

:       0       0

චතුරංග Monday, 24 June 2013 03:16 PM

කටුකුරුන්දෙ වැඩිපුරම ඉන්නෙ මොන කට්ටියද කියලා දන්නවනේ (නි)

:       0       0

ලද්දු නිශාන් Monday, 24 June 2013 03:22 PM

ගමගේ එකඟයි. මස් මාලු වෙනුවට ඕන තරම් ස්වභාවික ආහාර තියෙනවනේ. (ස)

:       0       0

සනීවා Monday, 24 June 2013 10:05 PM

සෑම දෙයකටම ප්‍රමිතියක් තිබිය යුතු බව මගේ අදහස ඒවගේම හාමුදුරුවනේ මේ රටේ කොපමණ ප්‍රශ්න තිබෙනවද ? දුප්පත්කම ,වගේ එයටත් විසදුමක් දෙන්න.(නදී)

:       0       0

නෆ්හාන් Monday, 24 June 2013 03:24 PM

ප්‍රායෝගිකව අප සිතුවොත් එක ගවයකුගේ ප්‍රානයකට කුකුලෝ මාළුවෝ කීදෙනෙකුට වගකියන්නවේද? මේවාට කාට වගකියන්නවේද? අරමුණ වරදින කුරුමානමක් නොවෙද? (අ)

:       0       0

අසංග Tuesday, 25 June 2013 10:04 AM

රාවයට බොදු බල සේනාවට ජයෙන් ජය....කාටවත්ම බැ රාවය සේනාව නැති කරන්න අපි ඔබලා සමගයි...තෙරුවන් සරණයි.(නදී)

:       0       0

පද්මිණී Monday, 24 June 2013 10:24 PM

මෙතන කෑකෝ ගහන්ට ඕනේ නැහැ. ගව ඝාතන නතර කරලා පටන් ගනිමු. පස්සේ කුකුල්ලු , ඌරෝ, එළුවෝ ගැන බලමු. කොතනින් හරි පටන් ගන්න ඕනා. ගොඩක් දෙනාට තේරෙන්නේ නැහැ වගේ පෙන්නනවා. එහෙනම් ගෙදර ඉන්න පුසා, බල්ල මරාගෙන කනවද?(නදී)

:       0       0

අසංග Tuesday, 25 June 2013 10:10 AM

චානක පොඩ්ඩක් බල්ලන්න මොලේ උඩද ඉඳගෙන ඉන්නේ කියලා.(නදී)

:       0       0

ජීවා Monday, 24 June 2013 03:37 PM

අම්ම නැති ළමයින්ට කිරි ටික දෙන කෘෂිකර්මයට ගොම පොහොර දීල .ගොවිතැනට උදව් කරන ඒ වගේම ප්‍රවාහන කටයුතු වලට උදව් කරන මේ අහිංසක සතාගේ මස් ටිකත් කන්න හදන මස් වැද්දන්ව නවත්වන්න ඕනේ. (ස)

:       0       0

කණිෂ්ක Monday, 24 June 2013 03:37 PM

මේ කට්ටිය ගව මස් වලට විතරක් විරෝධය පාන්නේ. අනික් සතුන්ගේ ප්‍රාණ හානිය ගැන කිසි කතාවක් තියෙනවද. හරක මැරුවත් වෙන සතෙක් මැරුවත් එකම පවය් සිදුවන්නේ. ඔය වැඩේ ආණ්ඩුවට බාරදීල ඉස්සෙල්ල ශාසනේ ඉන්න දුස්සීලයන් එලවල සසුන පිරිසිදු කරමු නේද. ඔය කෙරුවාව හාමුදුරුවෝ නෙවේ බලදාරීන්ට අයත් එකක්. (අ)

:       0       0

හරිත් Monday, 24 June 2013 10:33 PM

චතුල වෙරෝනා ගේ ප්‍රතිචාර මම දිගටම කියෙව්වා. සිංහල බෞද්ධ අය සමග පුදුම තරහකින් ඉන්න බව පේනවා.(නදී)

:       0       0

මුහන්දිරම් Monday, 24 June 2013 03:45 PM

කුකුල් බුරියානි කාලා ගව ඝාතනය එපා කියලා පාගමන් යන්නේ ඇත්තටම සතුන්ට තියෙන ආදරයටද නැත්තම් වෙනත් අයගැන තියෙන වෛරයකටද? ඔහොම යමු ඔහොම යමු. දෙමල මිනිස්සු වගේ නෙමෙයි මුස්ලිම්වරු. රටවල් 50 වඩා මේ අය තියෙනවා. අපි හිඟා කන්නෙත් උන්ගෙන්ම තමයි කියලා තේරුම් ගන්නකොට අපේ ජාතිය වනසලා ඉවරවේවි. අපේ රටේ 80% ගෙවල් හදලා තියෙන්නේ මෙදපෙරදිග රටවලින් ඉපයූ මුදලින් බව කිව්වොත් හැමෝම එකගයිනේ. දේශපාලන වාසි වෙනුවෙන් රටේ ආයෙත් ප්‍රශ්නයක් ඇතිකරමින් යනවා.(නදී) .

:       0       0

විජේසිංහ Monday, 24 June 2013 03:47 PM

මම නම් මස් මාළු කන්නේ නැහැ. එළවළු, පලා වර්ග විතරයි; මොකද ගස් වලට පණ නැහැ. ගස් වලට වේදනාව දැනෙන්නෙත් නැ. පල නෙලද්දී ගස් වලට රිදෙන්නෙත් නැ. ගස් කපද්දී, ගස් මැරෙන්නෙත් නැ.(නදී)

:       0       0

මර්සි ලංකා Monday, 24 June 2013 03:47 PM

පානාති පාතා වේරමණී සික්ඛා පදන් සමාදියාමි කිව්වම ගවයා විතරක් මරන්න එපා කියලද තියෙන්නේ ? කුකුලන් ඉබ්බන් එළුවන් මාළුවන් උරන් ආදී වෙනත් සතුන් වෙනුවෙන් එය බලපාන්නේ නැත්ද? එළවලු කන්න කියා බල කරානම් හොඳයි. ලෙඩ රෝග එවෙලදීම අඩු වෙනවා. තමන්ට වවාගෙන කන්නත් පුළුවන්.(නදී)

:       0       0

හරිත් Monday, 24 June 2013 10:44 PM

මේ ප්‍රතිචාර වලින් පේනවා මිනිස්සු කොච්චර මස් කෑමට පෙරේතද කියලා. අපේ සීයාගේ ගාවත් කිරි හරක් හිටියා. උන් කිරි දෙන්න බැරි කාලෙ ආවත්, කවදාවත් හරක් මරන්න යැව්වේ නැ. උන් වයසට ගිහිල්ලම මරුනා මිසක්.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 24 June 2013 03:50 PM

අනේ හාමුදුරුවනේ හාල් මැස්සෝ මරණ එක නවත්තුවනම් ප්‍රාණ ඝාත කීයක් නම් නවතිනවද නේද හැබෑටම.(නදී)

:       0       0

නොව්ෆෙල් Monday, 24 June 2013 03:54 PM

තැබෑරුම් වහන්න කියන්නේ නැත්තේ ඇයි. බොන්න හොද නිසාද?  හොඳට බීලා රිය පදවපු මිනී මරපු අයත් බලකායේ ඉන්නවා නේද?  ඕවට තමයි කියන්නේ කර්මය මෙලොවෙදීම පල දෙනවා කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 971 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2028 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2396 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1674 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site