(යොහාන් භාසුර)
මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (9) පෙරවරුවේ පැවසීය.
පොළොන්නරුවේ නමගිය සහල් ව්‍යාපාරිකයන් කීපදෙනා ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුඵ ප්‍රමාණයක් සපයන අතර ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බව පැවසූ මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
සහල් සැපයුමේ ප්‍රශ්නයක් පසුගිය දින කීපයේ පැවතිය ද සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට එවැනි ප්‍රශ්නයක් නොමැති බව කී නිවුන්හැල්ල මහතා මහාපරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව බියගැන්වීමේ ප්‍රචාරයක් ගෙන යන බව ද පැවසීය.
මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සහල් ව්‍යාපාරිකයින්ගේ අභියෝගවලට අපි ළඟ උත්තර තියෙනවා’
දිසා.......ගම්පහ. Thursday, 09 September 2021 11:20 AM
මෙවන් ව්‍යසනකාරී අවස්ථාවකදීත් ජනතාව ගසා කෑමට පියවර ගෙන සිටින බලලෝභී මාෆියා කරුවන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කොට උපරිම දඩුවම් ලබා දීමට පියවර ගත යුතුය. මෙම මාෆියා කරුවන් කාගේ කවුරුන් වුවද , ලබාදී ඇති බලතල අනුව ක්‍රියා කිරීම දෙස රටේ ජනතාව බලා සිටිනු ඇත.
era Thursday, 09 September 2021 11:45 AM
ලලිත් කොතලාවල නැති කළා .දැන් ඊළඟට ඩඩ්ලි
kamal Thursday, 09 September 2021 11:54 AM
මෙවන් නිලධාරීන් තමයි ඉහල සෑම නිලයකටම පත් විය යුත්තේ .කෙලින් කතා කරන කෙලින් වැඩ කරන නිලධාරියෙක් මොහු . මෙවැන්නන් තමයි මේ රටට අවශ්‍ය .මේ රට සංවර්ධනය කල හැක්කේද මෙවන් පුද්ගලයන්ට පමණි .ඒ නිසා අපගේ උපරිම සහයෝගය මෙවැන්නන්ට ලබා දෙමු .
sachithThursday, 09 September 2021 12:27 PM
ගිය අවුරුද්දෙත් ඕකම කිව්වනේ.
fairoosThursday, 09 September 2021 12:41 PM
අනේ කමල් ඔය වගේ වහල්ලු ඉන්නකන් රට හදන්න බැහැ
BamunuarachchiFriday, 10 September 2021 10:17 AM
මොවුන් දන්නා එකම රස්සාව බයින් ඇන්ඩ් සෙලින්
senaThursday, 09 September 2021 12:51 PM
තාම කල් වැඩියි යමක් කියන්න
Hafeel Thursday, 09 September 2021 01:59 PM
මාධ්‍ය සංදර්ශන, නිවේදන නිකුත් කරන්න එක නවත්තල ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න ඕනේ. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සඳහා අද මේ හමුදා නිලධාරීන්ට අමතර ඇමතිලා තුන්දෙනක් මහින්දානන්ද, බන්දුල, ලසන්ත අලහියවන්න ඉඳලත් කිසිම වැඩක් නැහැ. රේගුවේත් අධ්‍යක්ෂක හමුදා නිලධාරියෙක්, නමුත් වංචා වුනේ නැද්ද?
BamunuarachchiFriday, 10 September 2021 10:15 AM
ඔවුනේ බඩු හංගාගෙන වැඩිමිලට විකුනන්නේ. මොවුන් දන්නා එකම රස්සාව බයින් ඇන්ඩ් සෙලින්.
Ajantha Thursday, 09 September 2021 12:09 PM
හැමදෙයක්ම උණු උණු ආප්ප වගේ. බලමු හොඳ දෙයක් ජනතාවට සිදුවෙයිද කියල
ලුම්බිණි Thursday, 09 September 2021 12:36 PM
අපි ටිකෙන් ටික 1970-77 කාලයට යන ලක්ෂණයක් තියෙන්නේ.
Nuwan Thursday, 09 September 2021 12:36 PM
නාටක
Buddika Thursday, 09 September 2021 12:50 PM
ඔය ව්‍යාපාරිකයෝ ඔක්කොම මේ ආණ්ඩුවේම මිනිස්සු. සීනි ව්‍යාපාරිකයොත් මේ ආණ්ඩුවේම මිනිස්සු. මේවා ජනතාව අන්දවන්න කරන රැවටීම්
Nihal Thursday, 09 September 2021 12:57 PM
විශාල ප්‍රමාණ ව්‍යාපාරිකයෝ සහ කුඩුකාරයෝ අතර වෙනසක් නැහැ
ගොවියා Thursday, 09 September 2021 12:58 PM
අද දින රූපවාහිනී පුවත් මගින් දැක්කා අක්කර ගණනක් බද්දට ගෙන වගා කල කුඹුරු වලින් ලැබූ අස්වැන්න පවා අනවසර ගබඩා කියා සීල් තැබූ බවක්. මෙහෙම කලොත් ගොවියො වගාවෙන් ඉවත්වෙන්නත් පුලුවන් ඒවාටත් උත්තර සොයන්න 2023 වසරේ සාගතයක් ඇතිවිය හැකිය
ගොවියා Thursday, 09 September 2021 04:45 PM
2022 දෙසැම්බර් මාසයේ බ්‍රහස්පතින්දා දින පහකුත් සිකුරාදා දින පහකුත් සෙනසුරාදා දින පහකුත් එකම මාසයක් තුල යෙදෙනවා එහෙම වුනාම සාගතයක් හෝ නියගයක් එනවා කියලා කවුදෝ කියනවා ඇහුනා මෙය හරි හෝ වැරදි වේවා කොහොම වුනත් සූදානම් වුනොත් හොඳයි
ganegoda Thursday, 09 September 2021 01:13 PM
අපේ රටේ මිනිස්සු අපේ රටට සහ නීතියට කිසිම ගරුත්වයක් නැති ජාතියක්
Lalith M Thursday, 09 September 2021 01:21 PM
මේ ඔක්කොම දේශීය ධනපතියන්ට එරෙහිව යන වෛරය වගේ නේද. තමන්ගේම රටේ අය ගොඩනැගූ ව්‍යාපාර විනාශ කර විදේශීය ධනපතියන්ට ආයෝජනය කරන්න පාර කැපීම මෙමගින් සිදුවෙනවා. 1956 වුනේ මේ දෙයයි. වරාය, බස් ජනසතු කලා. දැන් ආණ්ඩුව එලිපිටම ඒවා විකුකණනවා. ජනසතු ප්‍රතිලාභ ජනතාවට හිමිවුණේ නෑ. දේශපාලකයින් ඒවා කොල්ලකාපු හැටි පේනවා නේද. මේ සහල් ව්‍යාපාර නොතිබුනානම් අපි අදත් වැලි ගල් පිරුන හාල් නෑඹිලියේ ගරල කන්න තිබුනා.
abaran Thursday, 09 September 2021 01:27 PM
මේ ඔක්කොම යාළුවො මල්ලි. සංදර්ශන විතරයි.
don perera Thursday, 09 September 2021 02:41 PM
රතුපස්වල ?
naushi Thursday, 09 September 2021 03:27 PM
ලගදීම ස්ථානමාරුවක් ලැබෙයි වගේ
Nihal Thursday, 09 September 2021 03:50 PM
වෙලෙද මාෆියාව
de silva Friday, 10 September 2021 03:23 AM
අර කලින් එක්කෙනා කල විදියට ආපසු එන එකද ඔබගේ උත්තරය?