IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘‘සිංහල සිනමාවේ අන්තිම වීරයා’’ ගැහැනියක් වෙයි

රන්ජන් රාමනායක යනු නිතර අභියෝග බාර ගන්නා අපූරු රංග ශිල්පියෙකි. ජනතාවගේ නළුවා සම්මානයෙන් අඛණ්ඩව සම්මාන ලැබීමටත් විටෙක මේ සියල්ල හේතුවක් විය හැකියි. දේශපාලන ජීවිතයේදී මෙන්ම රංගන ජීවිතයේදී නිරන්තරයෙන් අභියෝග බාර ගන්නා ජනතාවගේ මේ නළුවා මෙවර බාරගත් අභියෝගය වන්නේ ”කාන්තා චරිතයක් රඟපෑමයි”. මෙහිදී හැඩිදැඩි පිරිමි චරිත රඟපෑ රංජන් තමුන්ගේ පෞරුෂය ගැන හිතුවේ නැද්දැයි රසිකයෝ ප‍්‍රශ්න කරති. අපි ඒ ප‍්‍රශ්නය රංජන්ට යොමුකළෙමු. රන්ජන් කොහොමද මේ දවස්වල? මේ දවස්වල කලා කටයුතු වලට වැඩිපුර දායකත්වය ලබා දෙන්න තීරණය කලා. මොකද පසුගිය අවුරුදු දෙක තුන වැඩිපුර ගතකළේ දේශපාලනය වෙනුවෙන්. පූර්ණ කාලීනව දේශපාලනය කළ නිසා චිත‍්‍රපටවලට ආරාධනා ලැබුණු චිත‍්‍රපට 11 ක විතර රඟපාන්න බැරි වුණා. ඒත් පසුගිය කාලයේදී අලූත් චිත‍්‍රපට හතරක රඟපෑවා. ජීවිතය ලස්සනයි, මායා, සිද්ධාර්ථ සහ පරපුර ඒවායි.   ඇයි දේශපාලනයෙන් අයින් වෙන්නද හදන්නෙ? මගේ රැකියාව කලාවයි. දේශපාලනය කරන්නේ සේවයක් ලෙසයි. මැදපෙරදිග අපේ ශ‍්‍රමික ප‍්‍රශ්නය වෙනුවෙන් 2000 සිට පෙනී සිටියදී ඒ අයට වෙන අසාධාරණ ගැන තානාපති අංශ වලින් විමසන විට ඔයා කවුද ඒ ගැන විමසන්න? ඔයා නළුවෙක්නෙ කියලා පෙරළා මට ලැබුණු උත්තරය වුණා. ඒ නිසා ක‍්‍රියාකාරී දේශපාලනයට ඇවිත් ඒ හඬ නගන්න මට  ඕනෑ වුණා. පසුගිය කාලයේදී මේ දේශපාලන වැඩ නිසා මට කලාවේ ලැබුණු බොහෝ චරිත වලට දිනපවා දෙන්න බැරි වුණා. ඒ නිසා මම අපේ රනිල් වික‍්‍රමසිංහ නායකතුමාට කතාකරලා සර් කලාව වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්න මට වෙලාව වෙන් කර ගන්න  ඕනෑ කිව්වා. ”රන්ජන් ඔයා අයිති කලාවට. ඔයා අපේ පක්‍ෂයට ආලෝකයක්. ඔයාගේ කලාව කරන අතරේ අවශ්‍ය වෙලාවට එන්න. කියලා එතුමා කිව්වා. මොකද මම වැඩක් කරනවා නම් එය හරියට කරන්නෙ. දේශපාලනයේ සිටින අතරේ මගේ කලා කටයුතුවලත් යෙදෙන්න  ඕනෑ.   හරි, අපි ඊළඟට දැනගන්න කැමැතියි ඔබ මේ බාර ගත්ත කාන්තා චරිතය ගැන? මේ කාන්තාව නිකම්ම කාන්තාවක් නොවෙයි. අයුක්තියට එරෙහිව සටන් වදින වීර කාන්තාවක්. අද්භූත බළයක් ඇති  කාන්තාවකගේ චරිතයක්. මේ නිසාම කිසිම පැකිලීමකින් තොරව මේ චරිතය බාර ගත්තා.   මෙම චිත‍්‍රපටය කාන්චනා නමින් දමිළ තිරයේ නිර්මාණය වූ චිත‍්‍රපටයක් නේද? ඔව්, කාන්චනා කියන දමිළ චිත‍්‍රපටයේ පරිවර්ථනයක්. සිංහලට නම් කරලා තියෙන්නේ ”මායා” කියලයි.   මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම ගැන හිතන්නෙ කොහොමද? මෙවැනි පරිවර්ථන චිත‍්‍රපට බොලිවුඩයේ, කොලිවුඩයේ විතරක් නොවෙයි අද හොලිවුඩයෙත් සිද්ධ වෙනවා. හින්දි සිනමාවේ නිර්මාණය වූ බොඩිගාඞ් එදා මුලින්ම මම ලීඩර් ලෙස කළා. ලෝකයේ මේ පරිවර්ථන හෙවත් රිමික්ස් කලාව දැන් ආට් එකක් වෙලා. මෙම තෙළිඟු චිත‍්‍රපටය දමිළට පරිවර්තනය වී පසුව සල්මන් සහ සංජේදත් රඟපාන නිර්මාණයක් වුණා. සිංහලට කරන මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ මම.   මේ විදියට කාන්තා චරිතයක් කිරීම ඔබගේ පෞරුෂයට හානියක් නේද? සම්මානනීය ප‍්‍රකට නළු කමල්හසන් මිසිස් ඩවුට් ෆයර් කියන චිත‍්‍රපටයේ සම්මානනීය චරිතයක් කළා. ෂාරුක් ඛාන් චිත‍්‍රපයක ගීත දර්ශනයකට කාන්තාවක් ලෙස පෙනී සිටියා. අම්තාබ් මෙරේ අඟනේ මේ... ගීතයට පෙනී සිටියා. ඇත්තටම මේවා රංග ශිල්පියකුට ලැබෙන විරල අවස්ථා. සමහර විට මේ අභියෝග ලැබෙන්නෙ ජීවිතයට එක්වරක් විතරයි. සුපර් සික්ස් නිර්මාණය කළ සතිස් කියන නිෂ්පාදකවරයා තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ. ආරුමුගම් කියන අධ්‍යක්‍ෂවරයා තමයි මෙය නිර්මාණය කරන්නෙ.   ඔබ සල්මන්වත්, සංජේවත්, අමිතාබ්වත් නොවෙයි. මහ ඇමති අපේක්‍ෂක වූ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. සමාජයට ආදර්ශවත් විය යුතු එවැනි කෙනෙක් මෙවැනි චරිතයක් තෝරා ගැනීම සුදුසුද? මතක තබාගන්න, මේක නිකම්ම චරිතයක් නොවෙයි. වීර කාන්තාවකගේ චරිතයක්.   මෙවැනි චරිත රඟපාන්න කොච්චර නම් නිළියන් සිටිනවාද? මේ චරිතයේ හැටියට සටන් කරන කාන්තාවක් වෙන්න  ඕනෑ. මම මීට පෙර ක‍්‍රියාදාම චරිත බොහෝමයක් කළා. ප‍්‍රකට විචාරකයෙක් ඒ නිසාම මට කිව්වෙ සිංහල සිනමාවේ අන්තිම වීරයා කියලයි. මෑන් හෑස් මෙනි ෆේසස් (Man has many faces) කියලා කතාවක් තියෙනවනෙ. නළුවෙකුට එය චරිත රංගනයට වඩාත් පෑහෙන කියමනක්. මේ චිත‍්‍රපටය ලොකු පෙරලියක් කරන බව මම ඒකාන්ත වශයෙන්ම දන්නවා.

සටහන - සඳුන් ගමගේ



අදහස් (0)

‘‘සිංහල සිනමාවේ අන්තිම වීරයා’’ ගැහැනියක් වෙයි

සන්ජීව Friday, 18 May 2012 08:55 AM

ඔයා නම් මාරම නළුවෙක් තමයි.මගේ සුභ පැතුම්!

:       0       0

වජිර Tuesday, 22 May 2012 11:07 AM

රංගනය කියන්නේ ඕනම චරිතයකට පණ පොවන එකයි.සුභ පැතුම්..

:       0       0

බණ්ඩාර Tuesday, 15 May 2012 09:28 AM

රංජන් අයියා වගේ තරුණ, කොන්ද පණ තියෙන කළුවෝ අපේ රටේ දැන් හොයා ගන්න අමාරුයි

:       0       0

හේරත් Monday, 14 May 2012 02:30 AM

මෙයාටම ගැළපෙන චරිතේ

:       0       0

අජිත් Monday, 28 May 2012 01:13 PM

නියමයි ගොඩක් හොදයි ...............

:       0       0

වජිර Monday, 14 May 2012 06:40 PM

ඔය මොළ ගෙඩි ටික වෙහෙසවලා අපේම පිටපතක් හැදුව නම් කොච්චර හොදද

:       0       0

ප්‍රේමසිරි Saturday, 19 May 2012 04:03 PM

ස්වාභාවික ශරීරයත් වෙනස් වෙලාද..

:       0       0

අජිත් Monday, 28 May 2012 01:14 PM

නියමයි...

:       0       0

බන්දු Monday, 14 May 2012 06:45 AM

නියම කොල්ලා

:       0       0

ප්‍රියන්ත Tuesday, 15 May 2012 10:33 AM

අපේ රටට බිහිවුණු දක්ෂ, ජනප්‍රිය, දැය හිතකාමී රංගන ශිල්පියෙකි.සුභ පැතුම්!

:       0       0

රුසිර Monday, 14 May 2012 08:01 AM

ලංකාවේ කෙනෙක් මෙවැනි චරිතෙක ඉන්නවා අපි දැකලාවත් නෑ.ඔබට ජය ශ්‍රී!!!

:       0       0

දිමු Wednesday, 16 May 2012 06:17 PM

සරත් කුමාර්ට පුලුවන් නම් රන්ජන් බැරි ඇයි?

:       0       0

දම්මිකා Monday, 14 May 2012 08:47 AM

ඒක හරිම විහිඵවක්...

:       0       0

අනුර ශාන්ත Wednesday, 16 May 2012 10:09 AM

ඔබ අපේ රටට බිහිවුණු දක්ෂ, ජනප්‍රිය, දැය හිතකාමී රංගන ශිල්පියෙක්.හැබැයි ඔබට පමණක් නෙමෙයි අනෙක් කලාකරුවන්ටත් දේශපාලනය නම් ගැළපෙන්නේ නෑ

:       0       0

එච්.ගුණසිංහ Monday, 14 May 2012 08:48 AM

කාන්තා චරිතයක් රගපාන එක ප්‍රතිරූපයට ප්‍රශ්නයක් නෑ.රංජන්ගෙ අදහස හොදයි.නමුත් නඵවෙක් විදියට රංජන් ප්‍රතිරූපය විනාශ කරගත්තෙ සිය කැමැත්තෙන්මයි.රංජන්ට තියෙන පෙනුමෙන් එයා තවම වැඩක් ගත්තෙ නැහැ.

:       0       0

ශාන් Wednesday, 16 May 2012 10:13 AM

නියම කලාකාරයෙක් ඕනම චරිතයක් රඟපාන්න ඕන, ඔබ එඩිතර නඵවෙක්, මගේ සුභ පැතුම්...!

:       0       0

ට්‍රෝ Sunday, 27 May 2012 08:42 PM

පිස්සු මනුස්සයෙක්නේ

:       0       0

තරුමල් Wednesday, 16 May 2012 07:50 PM

මරු ආ......

:       0       0

වසන්ත Monday, 14 May 2012 11:13 AM

තව තවත් ඉදිරියට යන්ඩ සුභ පතනවා. ජය වේවා.

:       0       0

නිර්මාලි Monday, 14 May 2012 11:29 AM

ඒක ඔබේ කැමැත්ත. සුභ පැතුම්!

:       0       0

ගාමිණී Sunday, 13 May 2012 04:28 PM

දැවැන්ත චිත්‍රපට නිශ්පාදකවරු පාසල් දර්ශන මත යැපෙන තරමට අද සිංහල සිනමාව අසරණ වෙලා. ප්‍රේක්ෂක ආකර්ශනයක් නෑ. ඒ අස්සේ මෙයා කරන්න හදන්නේ මොකක් ද ? නාඩගමක් නටනවද ?

:       0       0

යසරත්න Sunday, 13 May 2012 04:35 PM

සුභ පැතුම් රංජන් අයියා

:       0       0

හසින්තා Sunday, 13 May 2012 04:46 PM

ෂෝක්

:       0       0

චමිලා Sunday, 13 May 2012 04:49 PM

හැබැයි පරක්කු වෙලා හරි ලැබුණේ නියමම චරි‍තේ

:       0       0

සු‍‍භාෂිනී Thursday, 24 May 2012 02:17 AM

ඒ චරිතවෙත් හොදට කරනවානම් එච්චරයි ඕනෙ...

:       0       0

ජානක 20120520 Sunday, 20 May 2012 09:47 AM

ඇත්තටම හොදයි. ඒ නථවෙක්නේ

:       0       0

රෙඩිල් Sunday, 13 May 2012 05:12 PM

ඕහ්...සිංහල සිනමාව....

:       0       0

මනෝජ් Sunday, 13 May 2012 05:31 PM

ඔබගේ මෙම රගපෑම අති විශ්ෂ්ඨයි

:       0       0

ජානකී Monday, 14 May 2012 10:48 PM

ඉතා අගෙයි

:       0       0

රම්සි Tuesday, 29 May 2012 11:19 AM

මෙහෙම කරලවත් බලමු ඉතිං ගොඩ යන්න..

:       0       0

අනු Wednesday, 16 May 2012 12:24 PM

අගය කළ යුතු වැඩක්.... සුබ පැතුම් රංජන් අයියා !!!!!!!!!!

:       0       0

නිමල් Thursday, 17 May 2012 04:34 PM

සැබැම කෙනා දැන් හදුනා ගන්න. මෙතෙක් කලක් හිටියේ ඩුබිලිකේටි රන්ජන්. දැන් තමයි නියම චරිතය එලිදැකල තියෙන්නෙ. කවද හරි ඇත්ත එලිවෙනවනෙ

:       0       0

ලක්ෂාන් Monday, 28 May 2012 08:16 AM

ඔබේ දේශපාලනයට වඩා රංගනය අගේ කරනවා. සුභ පැතුම්

:       0       0

අකිල Sunday, 20 May 2012 01:52 PM

වැඩේ නම් හොදයි..ඒත් එයාට ගැලපෙන දේ ලැබුණේ නෑ....

:       0       0

චමින්ද Friday, 18 May 2012 04:31 AM

ඔබ අපට සිටින හොඳ රංගන ශිල්පියෙක්.ඕනෑම චරිතයක් රගපාන්න පුළුවන්.දේශපාලනය සම්පුර්ණයෙන්ම ඉවත් කරල දිගටම රගපාන්න.

:       0       0

නදුන් Thursday, 17 May 2012 08:33 AM

රන්ජන් අයියා ඔයා තාමත් තැෙලනවා, ඒෙහම තමයි ෙහාද පන්නරයක් ලැෙබන්ෙන්.මුල් කාෙල් විහිලු චරිත, පස්ෙස වීර චරිත, දැන් අයියා ෙහාදම චරිත තෝරාෙගන තමන්ගේ අනාගත ඉලක්කයට යන්න.

:       0       0

අන්ජන Sunday, 20 May 2012 03:09 PM

ඔබේ දේශපාලනයත් එක්කනම් මමත් එකග නෑ. නමුත් ඔබගේ රංගනය මම අගය කරනවා.

:       0       0

ලකී - අබුඩාබි සිට Sunday, 13 May 2012 10:00 PM

ඔබේ දේශපාලනයත් එක්කනම් මම එකග නෑ. නමුත් ඔබගේ රංගනය මම අගය කරනවා. ඔබට මගේ සුභපැතුම්

:       0       0

සම්පත් Saturday, 19 May 2012 08:38 AM

නියමයි රංජන් අයියා....

:       0       0

Sunday, 20 May 2012 04:16 PM

බටහිර චරිත කොපිකරල ලාංකීකයෝ රවට්ටන කෙනෙක්......

:       0       0

රමේ Wednesday, 23 May 2012 01:59 PM

මෙයාට දැන් තමයි නියමම චරිතේ ලැබිලා තියෙන්නේ.කාගේත් අඩුපාඩු තියෙනවා.මොනවා කරන්නද? සුභ පැතුම් මචං

:       0       0

මැට්ටා Saturday, 26 May 2012 12:15 PM

ගැළපෙනම චරිතේ නිසා හොදට කරයි

:       0       0

තිලින සජිත් දයාරත්න Tuesday, 15 May 2012 07:59 AM

මගේ උණුසුම් සුභපැතුම් රංජන් රාමනායකට..

:       0       0

ජයා Tuesday, 15 May 2012 03:44 PM

රගපෑම සැබෑ ජීවතයට ආදේශ කරලා හිතන එක වැරදියි

:       0       0

අශෝක Friday, 25 May 2012 02:50 PM

ඔබට හරියටම හරියන චරිතේ දැන් තමයි ලැබිල තියෙන්නේ ...

:       0       0

සංජි‍ව - මාතර Thursday, 17 May 2012 10:03 AM

රංජන් අයි‍‍යා ‍‍‍නළු‍‍‍වෙක් විදිහට ඔයා සාර්ථක‍යි... එත් ජනතාවට එපා වුන ‍දේශපාලකයෝ රකින එක නවත්තලා.. මිනිසුන්‍‍ගෙ හදවතට සමිප වෙන්න බැරි දේශපාලකයෝන්ට එක ව‍ටහලා ‍දිලා ඔයා හරිදේ කරන්න..... නැත්නම් ඔයාට වෙන්නෙත් ඒ ටික.......

:       0       0

නිශාන්ත Tuesday, 29 May 2012 08:52 PM

දැවැන්ත චිත්‍රපට නිශ්පාදකවරු පාසල් දර්ශන මත යැ‍පෙන තරමට අද සිංහල සිනමාව අසරණ ‍වෙලා. ඒ අස්සේ මෙයා කරන්න හදන්නේ මොකක් ද ? නාඩගමක් නටනවද ?

:       0       0

ලාලනී Wednesday, 16 May 2012 03:09 AM

ඉන්දියාවෙනම් මේ චරිත කරන්නේ නපුන්සක අයයි,ස්තුතියි ගොඩක් ලස්සනයි.

:       0       0

නුවන් Thursday, 17 May 2012 10:18 AM

ඇත්තටම සිංහල සිනමාවේ අන්තිම වීරයා රන්ජන් තමා .. දැන් ඉන්න අනිත් අය ගැන හිතුවහම....

:       0       0

සුභානි දීපිකා Friday, 18 May 2012 02:41 PM

වෙනසක් නෑ අපේ........හිතන්නත් අමාරුයි...අපේ සුභ පැතුම්....

:       0       0

සම්පත් Thursday, 17 May 2012 10:22 AM

රන්ජන්ට හොදට රගපායි ...

:       0       0

රුක්මන් Sunday, 13 May 2012 10:42 PM

ඇත්තමයි මෙන්න මේවගේ අය තමයි දේශපාලනේට සෙට් වෙන්නේ. මොකද ඕනම විදියකට වෙනස්වෙන්න පුළුවන් කාටවත් හිතාගන්නවත් බැරිවෙන්න. ජයවේවා රංජන් අයියා.

:       0       0

මාතර මල්ලි Sunday, 13 May 2012 10:54 PM

සහරාවේ සිහින දකින අයට ගොඩක් උදවු කරපු කෙනෙක්.ඔබට ජය!!!

:       0       0

සචි Tuesday, 15 May 2012 04:31 PM

ලාංකීය සිනමාවේ හැරුම් ලක්ෂයක්.හොදයි.මගේ සුභ පැතුම්

:       0       0

darshana sri maduranga gurusinghe Wednesday, 16 May 2012 06:43 AM

රංජන් අයියා ඔබ ඇත්තටම ලංකාවේ සිනමාවට අළුත් පැත්තක් හදුන්වලා දුන්න දක්ෂ නළුවෙක්. මම හිතන්නෙ ඔයාගේ මේ මායා ෆිල්ම් එකට හොද ප්‍රතිචාර තියෙයි කියලා. අපේ සුබ පැතුම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 129 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2530 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 931 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 526 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1577 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site