සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය. මියයන විට දී ඒ මහතා 95 වැනි වියේ පසුවිය.
සිංහල සිනමාවේ මුල් කාලින චිත්‍රපට වූ අහංකාර ස්ත්‍රී, රම්‍යලතා, ප්‍රේම තරගය, සොහොයුරෝ, පෙරකදෝරු බෑණා, වන මෝහිනී’ වැනි සිංහල චිත්‍රපට රැසක් ඔහු අතින් අධ්‍යක්ෂණය වී සිංහල සිනමාවට එක්විය.
‘සුන්දර සවුන්ඩ්’ චිත්‍රාගාරයෙන් සිනමාකරණයට පිවිසෙන ඒ. බී. රාජ් මහතා, සිංහල භාෂාවද මනා ලෙස හසුරුවන්නට සමත්ව සිටියේය. දෙමළ, මලයාලම් හා සිංහල බසින් ඔහු නිර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව 55කි.
සුප්‍රකට ඉන්දීය දමිළ නිළි ශරන්‍යා ඔහුගේ දියණියකි.
සිංහල සිනමාව හැදී වැඩී එන සමයේදී ඉන්දීය සිනමාවේ තාක්ෂණය සහ ක්‍රමවේද ශ්‍රී ලංකාවට ගෙන එමින් සිංහල සිනමාවේ පුරෝගාමියකු වශයෙන් කටයුතු කළ ඒ. බී. රාජ් මහතා චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් පමණක් නොව, තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කළේය.
(***)
පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේර
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුව
මහමග නවත්වා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් කැබලි කර විකිණීමේ නිරත වූ කාන්තාවක ඇතුළු එකම පවුලේ පුද්ගලයන් පස් දෙනකු සොරා ගත් යතුරුපැදි හයක්, කැබලි කළ යතුර
මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සිංහල සිනමාවේ පුරෝගාමී ඉන්දියානුවා සමුගනී
walter white Sunday, 30 August 2020 12:34 AM
අපේ සිනමා ලෝලීන්ට මෙව්වා අදාළ නැහැ, අපේ සිංහල සිනමාව පවිත්‍රයි... මේ සිනමා සංස්කෘතිය අපේ කරේ ගහන්න හදපු එක.., ඒ අයව එලවා ගත්ත එක හොඳා, අපේ සංස්ථාව නිසා දැන් අපි ලෝකෙටම විහිලු කතා සපයනවා. සල්ලි වකාරෙට සල්ලි වැඩියි අපිට ඒවාට කරන්න දෙයක් නැහැ. නිෂ්පාදකයෝ වැහි වැහැලා.. හප්පා චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න බෑ.. ටක්ගාලා ඉවර වෙනවා, ඊයේ පැය ගාණක් පෝලිමේ හිටියා..