IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිංහ පාදය කුරුටු ගෑම ගැන ඇමැති නිලධරයනට දොස් කියයි

පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑම බරපතල තත්ත්වයක් බවත්,  මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් එම ස්ථානයට නිසි ආරක්ෂාවක් දී තිබුනේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත්, සිද්ධිය ගැන වහා පුළුල් පරික්ෂණයක් සිදු කර ගෙස පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාට නියෝග කළ බවත් ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතා පැවසීය.

සීගිරිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුවත්, එහි ආරක්ෂාව හා මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල බව ද ඇමැති කීවේය.

‘සීගිරියේ අලංකාරම ස්ථානය තමයි සිංහගිරිය. විනෝද ගමනක් ආපු දරුවන් සමූහයක් තමයි මේ දේ කර  තියෙන්නේ. මේක කඩා කප්පල් කාරී වැඩක් කියලා කියන්න බෑ. අපි හිතන්නේ ඔවුන් නොදැනුවත් කම නිසා මේ දේ කළා කියලා. නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඒ වෙලාවෙ එතන ආරක්ෂාවට නිලධාරීන් යොදවා තිබුණා නම්  සිසුන් නොදැනුවත්ව හෝ කළ දේ නවත්වගන්න තිබුණා. මේක කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක්.

සිංහ පාදයේ ආරක්ෂාවට නිලධාරීන් යොදවා ඇතැයි කියලා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අපට කිව්වා. නමුත් එම අවස්ථාවේ කිසිවකු නොසිටි බව පැහැදිලි. මෙය බරපතල තත්ත්වයක්.

සිද්ධිය දැනගත් ගමන්ම මම පුරාවිද්‍යා කොමසාරිස්තුමාට දැනුම් දුන්නා මේ ගැන වහාම පරීක්ෂණයක් පටන් ගන්න කියලා. පුරාවිද්‍යා කොමසාරිස්  මට දැන්වුව මෙතන කඩා බිඳ දැමීමක් සිදු වෙලා නෑ කියලා. ඒත් අකුරු ලියලා තියනවා කියලා කිව්වා. මේක වැරදි පූර්වාදර්ශයක් බවත්, එය සිදු නොවිය යුතු දෙයක් බවත් එතුමා මට කිව්වා.‘

පසුගිය සිකුරාදා සවස 4.30 - 5.30 අතර කාලයේ මෙය සිදුවී ඇති අතර එම අවස්ථාවේ සිංහ පාදයේ ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ආරක්ෂයකු යොදවා නොතිබිණි.

එහි සිටි නිලධාරියකු පැවසුවේ සිංහ පාදය අසල ආරක්ෂාවට කිසිවකු යොදවන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මීට කලකට ඉහතදී සිංහ පාදය අසළ වැසිකිළි ඉදිකිරීමට ගිය අතර මතුවූ බලවත් විරෝධය හමුවේ එය සිදු කළ නොහැකි විය.

මීට වසර කිහිපයකට පෙර ද සීගිරිය නැරඹීමට ගිය ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක සිසුවෙක් කැටපත් පවුරේ අකුරක් ලියන්නට උත්සාහ දරද්දී අල්ලා පොලීසියට භාර දී තිබිණි.

එවැනි අවස්ථා කිහිපයක්ම සිදුවී තිබියදීත් සීගිරියේ ආරක්ෂාවට ප්‍රමාණවත් පිරිසක් නොයොදවා තිබීම ගැන කණගාටු වන බවත්, ඒ ගැන සොයා බැලිය යුතු බවත් පුරාවිද්‍යා නිලධරයෙක් පැවසීය.

මෙවැනි සංස්කෘතක ස්ථානයන් නැරඹීමට එද්දී හැසිරිය යුතු අන්දම ගැන සිසුන් දැනුවත් කිරීම ගුරුවරුන්ගේ යුතුකමක් බවත්, දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50 බැගින් ටිකට් ගන්නා මධම සංස්කෘතික අරමුදල සීගිරියේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් එම නිලධාරියා කීවේය.

(ග.හෙ)



අදහස් (0)

සිංහ පාදය කුරුටු ගෑම ගැන ඇමැති නිලධරයනට දොස් කියයි

උපුල් Sunday, 17 March 2013 02:12 PM

පැහැදිලි කිරීම් වැඩක් නැහැ. ලියලා තියෙන විදියෙන් ජාතිය පේනවා. සුදුසු පියවරක් නොගත්තොත් ඉදිරියට වෙන දේ ගැන කියන්න ඕනෙද?(නදී)

:       0       0

මනෝහරන් Sunday, 17 March 2013 02:43 PM

කව්ද ඇත්තටම මේ රටේ ඉතිහාසය සාහිත්‍ය උගන්වන එක පාසැලෙන් ඉවත් කෙරුවේ. (නදී)

:       0       0

සුනිල් Sunday, 17 March 2013 02:44 PM

ඇමති තුමා ඒ ගොල්ලෝ ඒකට වැඩිය කැමති නැහැ (දී)

:       0       0

සංක Sunday, 17 March 2013 11:55 PM

ඒ පිරිස තම වගකීම පහර හැරලා (දී)

:       0       0

හේමන්ත Sunday, 17 March 2013 10:43 AM

දොස් කියලා ඇතිද (දී)

:       0       0

අලන්ක Sunday, 17 March 2013 04:31 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අය මීටවඩා වගකීම් සහගත වියයුතුයි. (නි)

:       0       0

හේරත් Sunday, 17 March 2013 11:05 AM

රටේ ලස්සන නැති කරනවා (දී)

:       0       0

ඉසුරු Sunday, 17 March 2013 11:09 AM

පාර්ලිමේන්තුවේ වගේ නොදැනුවත්කමින් වැරදි කරන මිනිස්සු මේ රටේ නැහැ. පාසැලක ළමුන් ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාපන චාරිකාවක්. ළමයින් කරන දේ ගුරුවරු දැක්කා නම් ඒක නවත්තන්න ඕනෑ. ඒ කියන්නේ දැන් පාසැල් වල ඉන්න ගුරුවරු පවා රටේ ඉතිහාසය , වැදගත් ස්ථාන ගැන නොදැනුවත් අයද? (නි)

:       0       0

ලලිත් Sunday, 17 March 2013 11:39 AM

දොස් කියන්න නොවෙයි අයින් කරන්න ඕනේ (දී)

:       0       0

සතිෂ් Sunday, 17 March 2013 11:55 AM

ඒක භාර නිලධාරීන්ට කෙන්තියනවා (දී)

:       0       0

ඉන්දික Sunday, 17 March 2013 05:29 PM

නිලධරයෝ විතරක් නොවෙයි මේ ළමයි සමග සිටි ගුරුවරු මොකද කලේ (දී)

:       0       0

ලක්මාල් Sunday, 17 March 2013 05:48 PM

නිසි දඩුවම් දෙන්න වයස බලන්න එපා

:       0       0

අජිත්-කුවෙයිට් Sunday, 17 March 2013 12:55 PM

ඉස්සෙල්ලාම ගුරුවරුන්ට මේවයේ වටිනාකම් කියලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 8 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 199 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 331 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 830 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 288 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 560 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site