පානදුර මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ‘සිංහ සංග‍්‍රාම’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය කඩුලූ 10 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයේ විසඳුමක් ලැබුණු පළමු අවස්ථාව ද මෙය වේ. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24) පස්වරු 1.30 පමණ වන විට තරගය අවසන් වීම කැපී පෙනුණි. පළමු දිනය අවසන් වන විට පිට පිටම දෙවැනි වරට පන්දුවට පහර දෙමින් සිටි එස්. ද එස්. ජයසිංහ විදුහල් දෙවැනි ඉනිම ලකුණු 163 කට සිමා කිරීමට මහානාම විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. මහනාම විදුහල ලකුණු 20 ක ජයග‍්‍රාහි ඉලක්කය කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. මහානාම විදුහල් නායක අකිල ධනංජය තරගයේ වීරයා ලෙස ද, කසුන් මධුසංඛ දක්‍ෂතම පිතිකරු ලෙස ද, සුපුන් මධුරංග දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන ලැබූහ. ජයසිංහ විදුහලේ හෂාන් හේවානායක දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන ලැබීය. මහානාම විදුහල පළමු ඉනිම ඕවර 61.5 කදී 258 (කසුන් මධුරංග 77, සුපුන් මධුරංග 56, අකිල ධනංජය 62, සජාන් ප‍්‍රනාන්දු 24, හෂාන් හේවානායක 97/4, මහේෂ් පීරිස් 47/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 20 එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම ඕවර 23.5 කදී 113 (අසේල සම්පත් 26, හෂාන් හේවානායක 32, සුපුන් මධුරංග 47/3, අකිල ධනංජය 20/4) සහ දෙවැනි ඉනිම ඕවර 46 කදී 163 (ඉෂාර කුරුවිට 34, ළහිරු සිල්වා 25, අසේල සම්පත් 40, මධුසංඛ ලක්‍ෂාන් 25, අකිල ධනංජය 49/4, සුපුන් මධුරංග 36/4, සුපුන් මදුරංග 33/2)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිංහ සංග‍්‍රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට