IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘සුළඟ මත මොහොතක්’ නවතින දුන්හිඳ අද්දර ‘සුද්දෙ’

රුක්මල් නිරෝෂ් නමැති ඔහු වඩා දේහධාරී පුද්ගලයකු නොවේ. ශාරීරිකව අන් රංග ශිල්පීන්ට සාපේක්ෂව කුඩා චරිතයකි. නමුත් රංගනය සඳහා ඇති දක්ෂතාවය අතින් නම්, ඔහු වඩා දැවැන්ත චරිතයකි. රංගනයේදී ඇති භාව ප‍්‍රකාශන රිද්මයේදී රුක්මල් නිරෝෂ් දක්වන ප‍්‍රතිභාව ඉතා ඉහළ යැයි විචාරකයෝ පවසති. අශෝක හඳගමගේ ටෙලි නිර්මාණ චාරිකාවේ ඇරඹුම් අවස්ථාවේදී නිර්මාණය කළ දුන්හිඳ අද්දර, දියකැට පහණ මෙන්ම තවත් නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය දුන් රුක්මල් ඉනික්බිතිව සංස්කරණ ශිල්පියකු ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තේය. එසේ කටයුතු කරමින් සිටි ඔහු පසුගිය කාලයේදී දක්නට ලැබුණේ නැත. සිය රංග කාර්යයේ සහ සංස්කරණ කාර්යයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා  ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටි බැවිනි. ඒ අතරවාරයේදී ලංකාවට පැමිණ සිටින රුක්මල් නැවත රූපවාහිනී පේ‍්‍රක්ෂකයින්ට සමීප රුවක් වී සිටී. ඒ නාට්‍යයක චරිතයක් නිසා නොව ”සුදු ඇපල්” නමින් විකාශය වන දැන්වීම සමගය. ඒ දැන්වීම සමග නැවත කරළියට ආ රුක්මල් මෙවර ලංකාවට ආවේ ඇයි? රුක්මල්  ඕස්ටේ‍්‍රලියාවට ගිහින් කොච්චර කල් වෙනවද? අවුරුදු පහක් විතර වෙනවා. ඒ නිසා තමයි කලා ක්‍ෂේත‍්‍රයෙන් පොඞ්ඩක් ඉවත්වෙලා ඉන්න සිදු වුණේ. ඒ ඈත් වෙච්ච කාලයේදී නිශ්ශබ්දව හිටියේ නැහැ. ෆිල්ම් ඇන්ඞ් ටෙලිවිෂන් කියන මාධ්‍ය වෙතින් මගේ උපාධිය සඳහා අවසන් වසරේ කටයුතු සිදු කරමින් සිටින්නේ. ඒ නිසා මම කලා ජීවිතයට අවශ්‍ය කටයුතුවලින් සන්නද්ධ වෙමින් ඒ වසර කීපයේදී කටයුතු කළ බව කියන්න පුළුවනි.   රුක්මල් අපේ තරුණ පරම්පරාවට ඔබ ගැන මතකය අවදි කිරීම සඳහා ඔබ රංගනයට ආ අතීතය ගැන සිහිපත් කිරීමක් කළොත්? ප‍්‍රවේශ වෙන්නෙ 1990 වසරේ තිස්ස අබේසේකර ශූරීන්ගේ එකගෙයි අවුරුද්ද කියන ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. නමුත් ජනතාව මාව හඳුනා ගත්තෙ දුන්හිඳ අද්දර නාට්‍යයේ ”සුද්දෙ” කියන චරිතයෙන්. දැනට වුණත් මතක තියෙන්නෙ ඒ චරිතය ගැනයි. ඉන්පසුව දියකැට පහණ, සින්තටික් සිහින, පිටගම්කාරයෝ, නිරානන්දය, වන වදුලේ වසන්තය, සඳ අමාවකයි, උතුවන්කන්දේ සරදියෙල්, තට්ටු ගෙවල් ඇතුළු ටෙලි නාට්‍ය තිහක විතර රඟපෑවා.   මේ ප‍්‍රවේශයේදී ඔබ නැවත අපට හමුවන්නෙ දැන්වීමක් සමගයි. කොහොමද මේ ”සුදු ඇපල්” දැන්වීමට එක්වුණේ? මෙවර මම ලංකාවට ආවේ මා විසින්ම නිර්මාණය කළ ”සුළඟ මත මොහොතක්” කියන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිමා කිරීමටයි. එහි පසු නිෂ්පාදන කටයුතු කළේ ස්කයි එන්ටර්ටේනර්ස් කියන බොරැල්ලෙ තියෙන ආයතනයක. එහි සිට සංස්කරණ කටයුතු කරමින් සිටියදී, මේ දැන්වීම අධ්‍යක්ෂණය කළ නිෂාන් කුරේ මේකට සම්බන්ධ වෙන්න කැමතිද ඇහුවා. පිටපත දිලීප අබේසේකරගෙ. කොහොමටත් එයාගේ් පිටපතක දැන්වීමකට පෙනී සිටීමේ ආසාවක් මට තිබුණා. ඊට පෙර වෙළඳ දැන්වීම් කරලා තිබුණෙත් නැහැ. ඒ වගේම අපට මුදලූත් අවශ්‍යයි. මේ ඔක්කෝම දේ ගැන හිතලා නිෂාන්ගෙ මිත‍්‍රශීලි බව නිසාත් මේකට පෙනී සිටියා. මේ දැන්වීමත් එක්ක අද ඔබට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද? මා ගැන තිබූ මතකය නැවත මතක් වූ බවක් හැඟෙනවා. විශේෂයෙන්ම මේ දැන්වීම පොඩි දරුවන් අතර වඩාත් ජනප‍්‍රියයි. මම මෙච්චරකල් මම කොහෙද හිටියෙ කියලා කුතුහලයෙන් හිටපු පිරිසට මා කළ හොඳ ආමන්ත‍්‍රණයක් ලෙසයි මෙය දකින්නෙ.   රංගන ශිල්පියකුට අමතරව සංස්කරණ ශිල්පියකු ලෙසත් දිගු කාලයක් කටයුතු කළා නේද? ඔව්, ඒ සඳහාත් සම්මාන හත අටක්ම ලැබුවා. ඇත්තටම සංස්කරණය වගේම රඟපෑම සඳහාත් මට ලැබුණෙ හොඳ නිර්මාණ. ඒක මම දකින වාසනා ගුණයක් හැටියට සඳහන් කරන්න පුළුවනි.   ගෙවී ගිය කාලයේදී  ඕස්ටේ‍්‍රලියාවෙ සිට කලා අංශයට දායකව යමක් කරන්න ඔබට ඉඩකඩ ලැබුණෙ නැද්ද? උපාධිය ලබා ගැනීමේ අධ්‍යාපන කටයුතු වලට අමතරව, ලැබෙන කාලයේදී කෙටි චිත‍්‍රපට කීපයක් කළා. ඉන් එකක් ඇඩිලේඞ් කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයට තේරුණා. මේ විදියට හොඳ අත්දැකීම් ලබන බව කියන්න පුළුවනි. එලෙසින් නිර්මාණයක් තේරීමම ලොකු ජයග‍්‍රහණයක්.   මීළඟට ඔබගේ අරමුණ මොන වගේ අංශයක නිරතවීමද? දිගටම ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීමටද? උපාධිය සම්පූර්ණ වූ පසු ලංකාවට ඇවිත් නිර්මාණ කාර්යයේ යෙදීම තමයි අරමුණ. දැන් මම බලා සිටින්නෙ ”සුළඟ මත මොහොතක්” විකාශය වෙන්නෙ කවදද කියන එක. දැනට තියෙන බැ?රුම්ම කාර්යය ඒකයි. අපි මහන්සිවෙලා හොඳ දෙයක් කළාම එය ජනතාව අතරට ගියොත් තමයි ප‍්‍රතිඵල තියෙන්නෙ. ඒ නිසා එය ඉක්මනට පේ‍්‍රක්ෂකයින් අතරට යාවි කියන සුබවාදී අදහසේ ඉන්නෙ.   ඔබ මේ වන විට විවාහකයි. ඒ ගැනත් තොරතුරු කිව්වොත්? ඔව්, මම විවාහවෙලා ඉන්නෙ. බිරිඳ කළමණාකරණ අංශයේ උපාධියක් සඳහා ඉගෙන ගන්න අතරේ රැුකියාවක් කරනවා. ඇය ප‍්‍රවීණ කලාකරු ජය ශ්‍රී චන්ද්‍රජිත්ගෙ දියණියයි. අපි දෙන්නගෙ පුතාට වයස අවුරුදු හතහමාරයි. පුතා එහේ පාසල් යනවා. මිලංකා චන්ද්‍රජිත් සහ මිනුක පුතාත් මමත් සතුටින් ජීවත් වෙනවා.

සටහන ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

‘සුළඟ මත මොහොතක්’ නවතින දුන්හිඳ අද්දර ‘සුද්දෙ’

නිශාන්ත Friday, 17 August 2012 04:31 PM

ඔබට ජය.....!

:       0       0

ජනක Friday, 24 August 2012 04:19 PM

දක්ෂ නළුවෙක් ,බොහොම කාලෙකින් දැක්කේ. සතුටුයි. (නි)

:       0       0

රුක්සලා Thursday, 16 August 2012 08:55 AM

අනේ ගොඩක් කාලෙකින් දැක්කේ .අසිනි වැසි කතාවේ හොඳ චරිතයක්..(ස)

:       0       0

චරිත් Thursday, 16 August 2012 09:06 AM

පොඩි අවුලක් තියෙනවා, මෙතනට ඔයාව එන්න මගපාදපු ඉස්කොලේ සර්ව මතක් කලොත් නරකද? ඉස්කොලේ තිස්ස සර්ව..(ස)

:       0       0

සරත් Thursday, 16 August 2012 09:33 AM

ඇත්තටම මේ නලුවා ඒ කාලේ 'දුන්හිද අද්දර' එකේ රගපාපු විදිය මට තවමත් මතකයි. (නි)

:       0       0

අභේසේකර Thursday, 16 August 2012 09:41 AM

ඔයාගෙ රගපෑම කවදත් අමතක කරන්න බැහැ.. නාට්‍යවල පෙනී නොසියටියත් වර්තමාන රගපාන අයගෙ රගපෑම් ගැන කතා වෙන ඕනෙම අවස්ථාවක රුක්මල් නිරෝෂ්, ජගත් චමිල, නිතරම මතක් වෙනවා.. ඔයාගෙ චූටි කොලු පැටියාගේ අනාගතය තවත් තරුවක් බව කිව යුතුයි.. නමුත් හොදට උගන්වන්න.. සුභ පැතුම්..!!(නු)

:       0       0

අසංක Wednesday, 22 August 2012 10:52 AM

ඔය ඉන්නේ බර භාගයක් ළඟම .... (ස)

:       0       0

මාලනී Saturday, 01 September 2012 03:55 PM

කාලෙකින් දැක්කේ. මට හරි සතුටුයි. (නි)

:       0       0

සේනානායක Thursday, 16 August 2012 03:58 PM

ගොඩක් කාලෙකට පස්සෙනේ රන්සිරි දැක්කේ.. (ස)

:       0       0

ෆාරු Saturday, 18 August 2012 11:03 AM

ජය වේවා !!(ස)

:       0       0

දිල්ෂානි Thursday, 16 August 2012 11:11 AM

අනේ ඔවු, කවදාවත් ගුරුන් සහ දෙගුරුන් නම් අමතක කරන්න හොද නැහැ. ඔවුන් නැත්නම් අද අපි කොහේද ඉන්නේ? (නි)

:       0       0

මහේෂ් Monday, 27 August 2012 01:39 PM

ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි. (නි)

:       0       0

සේනානායක Thursday, 16 August 2012 11:17 PM

තවත් සංග්‍රාමයක්ද? (රංසිරි) (නි)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 01:14 PM

කව්ද අනේ මේ..!!(නු)

:       0       0

ගැමුණු Friday, 17 August 2012 02:08 AM

ඔයාගේ පාසල් වේදිකා නාට්‍යය අපට තවමත් මතකයි. (නි)

:       0       0

ප්‍රසාදි Wednesday, 22 August 2012 02:06 AM

ලංකාවට ඇවිත් ටෙලිවිෂන් නාට්‍යවල අලුත් යුගයක් අරඹන්න ඔබට හැකිවේවා. අපේ දරු පැටව් වැනසෙන කතා බහ තියෙන ටෙලි නාට්‍යවලට අත තියන්න එපා. රජයෙන් ඊට මනා සහයක් ලබාගන්න උත්සාහ කරන්න. පොඩි මිනිස්සු තමයි ලොකු වැඩ කරල පෙන්නන්නෙ. ඔබට ජය!!!(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 16 August 2012 12:12 PM

තිස්ස මහත්තයාව අමතක වෙලාවද්ද? ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ෂෙ Wednesday, 15 August 2012 09:51 PM

"දුන්හිද අද්දර" මට තවමත් මතකයි. (නි)

:       0       0

නි Wednesday, 15 August 2012 10:24 PM

'දිය කැට පහනේ' හිටපු පොඩි කොල්ලා අපට තවමත් මතකයි. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

දයා සෞදි Thursday, 16 August 2012 12:35 PM

මේ අර දුංහිද අද්දර එකේ පොඩි කොල්ල නේද? දැක්ක කල්.. අර බාසුන්නැහැට උදව් කරන්නෙ එදා නොදැනුවත්කමට නේද?(නු)

:       0       0

අසංක Wednesday, 22 August 2012 01:23 PM

කවුද අනේ මේ.. ? (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 16 August 2012 12:41 PM

ලංකාවේ බිහිවුණු හොදම ටෙලි නාට්‍ය වල රගපෑ මොහු කිසි දිනෙක ලාංකිකයන්ට අමතක නොවේ. (නි)

:       0       0

සමන් Friday, 17 August 2012 02:25 PM

චරිත්, ඔයා මේ වෙලාවේ කවුරු ගැනද ඔය කියවන්නේ? සෝබන නැති කලාකරුවෙක් අගය කරන්න පසුබට වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

මංජුල Friday, 17 August 2012 03:01 PM

ඔබ ඇත්තෙන්ම හොද චරිතාංග නලුවෙක්. දැන් ඉන්න සීනි බෝල නලුවන් වගේ නොවෙයි ඔබ. (නි)

:       0       0

අනුර Thursday, 16 August 2012 01:29 PM

අයියෝ, මේ අර පොඩි කොල්ලානේ. සුභ පැතුම් සියල්ලන්ටම. (නි)

:       0       0

සුමිත් Thursday, 16 August 2012 07:09 PM

කෝ කැටපෝලේ...!!(නු)

:       0       0

පෙරේරා Thursday, 16 August 2012 02:08 PM

අපි ආදරය කල පොඩි කොල්ලා දැන් ලොකු මහත්වෙලා..දිගු ගමනක් යන්න සුභාසිරි...!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 117 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5481 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2058 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site