එදා සැළලිහිණි සංදේශයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණියාට පෙන්වු මඟ සළකුණක් වු කොන්තගංතොට තව නොබෝ දිනකින් වත්මන් පරපුරට දැක බලා ගත නොහැකි වෙතියි ශ්‍රී ජයවර්ධනපුර ඉතිහාසය ගැන දන්නෝ පවසති.
සැළලිහිණි සංදේශයේ කොන්තගම්තොට වර්ණනාව මෙසේය
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් ව ටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පි ටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අ ටින්
කරව පියාසර සකි කොන්තගං තො ටින්
සැළලිහිණිය ලියැවුණු යුගයේ වත්මන් පාර්ලිමේන්තුව පවතින භූමිය වගුරු බිමකි.ඒ ඔසුසේ දියවන්නා ඔය ගලා බැස ඇත. පාර්ලිමේන්තු පෙදෙසටත් බත්තරමුල්ල දෙසටත් ගමන් ගන්නා මාර්ගය ඔස්සේ ඉදිකර තිබෙන පාලම පිහිටි ස්ථානයේ අතීත ඔරු පාරු ගමන් කර ඇත. ඒ ඔරු පාරු ඇරැඹු තොටුපොළ කොන්තගංතොටයි.එය සංස්කෘතික උරුමයක් විය යුතු වුවත් මේ වන වාට එම පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිවෙම්න් පවතී.
කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථානයක් වන කොන්තගංතොට රැක දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙසේ කියයි.
‘‘පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කළ හැක්කේ එම ස්ථානය පිළිබදව පවතින මානව හා හෞතිකමය සාක්කි මත පමණයි.නමුත් මෙම ස්ථානය පිළිබව හෞතික සාක්කි කිසිවක් නැහැ.ඒ නිසා ඊට මැදිහත්වීමේ ගැටලුවක් අපට පවතිනවා.‘‘
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැළලිහිණිය දැන් නැත ඒ කොන්තගංතොට
ෂෆීක් Tuesday, 04 June 2013 12:50 PM
කව්රු කොහොම කිවත් කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථාන විනාශ වෙමින් පවතිනවා. එය තමා සත්‍යය. කොළඹ තත්වය මෙසේනම් සිතා බලන්න ඈත එපිට පිට පළාත් කෙසේද කියා. ලංකා ඉතිහාසයේ කෝට්ටේ යුගය ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. මේවා සංරක්ෂණය කිරීම අප සතු යුතුකමකි. (නි)
සුමනා Tuesday, 04 June 2013 01:14 PM
අනේ චතුල වගේ මෝඩයෙක්. (නි)
සෑම් Tuesday, 04 June 2013 07:52 PM
චතුල වෙරෝනා නමින් පෙනී සිටින පුද්ගලයන් වැනි ආර්ත්මාර්තකාමීන් නිසා තමයි අද ලංකාවේ සමාජය ඉතාම දරුණු ලෙස පිරිහී තියෙන්නේ.... ඔයවගේ මිනිස්සු තමාගේ මවත් පැරණි රස්සාවට තල්ලු කරාවි ආර්ථික වාසියක් ලැබෙනවානම්.(නදී)
වාග් Tuesday, 04 June 2013 01:45 PM
අනේ කවුරු හරි මේ ගැන ලියපු එක හොදයි. මමක් දන්න කාලෙක ඉදන් මේක ගැන කියනවා. එත් කිසිම වෙනසක් වෙනන්නෙ නැහැ... දන්න කියන ලොකු මහත්තැන් කෙනෙක් වත් මෙකට පිළියමක් කළෙතේ හොදයි. නැත්නම් කොන්තගංතොට රෙස්ටුරන්ට් එක විතරක් තියෙයි. මොකද මේක කිව්වෙ... එක දවස්ක් මගේ යාලූවෙක් එකක් මේ ගැන කතා කරද්දි මිනිහා අහනවා කොන්තගංතොට බාර් එක නේද බං කියලා. දැන් දියන්නාවත් පංකාදුවට හදල තියෙන එකේ මේවගේ පැරණි ස්ථාන ටිකත් ලස්සනට හැදුවනම් හැමෝම කැමති වෙයි ඒවා දැක ගන්නට.(නදී)
වරුණ Tuesday, 04 June 2013 01:59 PM
පුර විද්‍යා පෙදෙස් අයිති රජයට එනිසා කඩා ඉවත් කරාට කමක් නැහැ.(නදී)
ජ.හේරත් Tuesday, 04 June 2013 02:14 PM
ඔව් අනේ මොන පුරා විද්‍යාවක්ද අපට? (නි)
ඉන්දික Tuesday, 04 June 2013 02:16 PM
අහෝ සැලය
සමන්ති Tuesday, 04 June 2013 02:35 PM
චතුල ඔයාගේ අදහසට නම් මම විරුද්ධයි. ජාතියේ ජීවය තමයි අපේ පුරා විද්‍යාව කියන්නේ. (නි)
ලයනල් Tuesday, 04 June 2013 02:59 PM
ඕක චීනට හරි ඉන්දියන්කාරයෙකුට හරි 99 අවුරුදු පදනමට බද්දට දෙමුකෝ. (නි)
මනෝජ් -සාජා Tuesday, 04 June 2013 11:16 PM
චතූල, අපේ සැම් අයියගෙන් හම්බ උනා නේද බඩ පිරෙන්නට ?.මෝඩ චුන් මටම චුන් කිවුවලු.(නදී)
ඉෂාර Tuesday, 04 June 2013 04:37 PM
සැළලිහිණි සංදේශට සාහිත්‍යම වටිනාකමක් තියෙන බව මම තරයේ පිළිගන්නවා. හැබැයි සැළලිහිණි සංදේශයේ තිබ්බ පලියට මෙතන පුරාවිද්‍යා වටිනාකමක් කොහෙන්ද? (නි)
සම්පත් Tuesday, 04 June 2013 05:03 PM
කාලයක් නොරටුන්ට කබුරනකොට තමන්ගේ රටේ පුරා විද්‍යාව එපා වෙනවා තමා.(නදී)
ප්‍රසන්න Tuesday, 04 June 2013 05:17 PM
ලෝකේ ඕනෑම රටක පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන ආරක්ෂා කරනවා. චතුල වෙරෝනා ඔය ඉන්න රටේ ඒවා රැකගෙන තියෙන හැටි බලන්න. ඉතාලි, ෆ්රන්සය, එංගලන්තය, වගේ ඕනෑම රටක් බලන්න. ජම්මයක් ජාතියක් නැති විදියට කතා කරන්න එපා. (නි)
ඩොනල්ඩ් Tuesday, 04 June 2013 05:21 PM
ජනගහනය වැඩි වන විට විටින් විට.. සැළලිහිණිය බල අද කොන්තගම්තොට..!! (නි)
චන්ද්‍රා -ඇමරිකාව Tuesday, 04 June 2013 05:29 PM
ජෙනරාල් තුමා ඔය සාක්කි තියෙනා හැම තැනම ආරක්ෂා කරලා වාගෙනේ කතාව.(නදී)
චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:29 PM
පුරා විද්‍යාව ඕනෑ නැහැ. පාරවල් පාලම් හදලා රට හදමු (නි)
චතුර Tuesday, 04 June 2013 12:42 PM
අනිවාර්යෙන්ම, රට පෙරට යද්දී පස්ස හැරෙන්න ඕනෑ නැහැ. ඔහොම යං..ඔහොම යං.. (නි)
නීල් Tuesday, 04 June 2013 12:39 PM
වහාම පුරාවිද්‍යා පනත සංශෝධනය කලයුතුයි "මානව හා භෞතික" යන්න "මානව හෝ භෞතික හෝ" ලෙස. එවිට මානව සාක්ෂි මත පමණක් පිහිටා කොත්තගන්තොට පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස ගැසට් කලහැකියි. ඇමතිතුමාගේ අවධානයට මෙය යොමුවිය යුතුයි. (නි)
දයා අලහාකෝන් Tuesday, 04 June 2013 12:44 PM
ඉතිහාසය, සාහිත්‍ය පුරාවිද්‍යාව ඕනෙම නැහැ. ගුවන් පාලම්, ගුවන්තොටුපොළවල් සහ හෝටල් ඉදි කළාම ඇති.(නදී)