(මහේෂ් කිර්තිරත්න )
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට(2) සිට ලබන සිකුරාදා දක්වා (03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නාය.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය අශ්‍රිතව පැවැති අඩු පීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කරමින් දැඩිව අවධාරණය කර ඇති බැවින් ඉන් පළාතේ ජනතාවට බලපෑමක් ඇති විය හැකි නිසා මෙම තීරණය ගැනීමට ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.
යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කදවුරු ලෙස පාසල් භාවතා කිරිමට සිදු වීම මීට හේතුව වි තිබේ.
මෙම අයහපත් කාළගුණය නිසා ඇති විය හැකි සුළිකුණාටු, අධික වර්ෂාව නිසා සිදු වන ජලගැලීම් වැනි ආපදාවන්ගෙන් කල්වේලා ඇතිව ජනතාව බේරා ගැනීම සදහා මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මීට පෙර එක් පාසලක අවතැන් පවුල් බොහෝමයක් රදවා තැබීම සම්ප්‍රදාය වුවත් මෙවර කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අවතැන් කදවුරු පවත්වාගෙන යාමට සිදු වන නිසා බොහෝ පාසල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම අවතැන් කදවුරු පවත්වාගෙන යන ලෙසත් අවතැන් වන එක් පවුලක් එක් පංති කාමරයකට පමණක් සීමා කරන ලෙසත් ආණ්ඩුකාරවරිය දිස්තික් ලේකම් වරුන්ට උපදෙස් දුන්නාය.
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අයි.කේ.ජි. මුතුබංඩා සහ පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරමින් එහි සැලසුම් අධ්‍යක්ෂක වරුන් මේ සදහා එක්ව සිටියහ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින තුනක් වැසෙයි
Ratne Tuesday, 01 December 2020 09:29 AM
මෙම තීරණය ඉදිරි දින 02 සඳහා, උතුරු පළාතටම සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ගත්තේ නම් වඩාත් උචිත වනු ඇත. අම්පාර දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් ඇති නොවනු ඇති.. එමෙන්ම සිකුරාදා වනවිට අවශ්‍යතාවය අනුව නිවාඩු ලබාදීමට තීරණය කළ හැකියි...