(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අදාළ කැබ් රථය මානකඩ රමුකෙවත්ත මාර්ගයේ ධාවනය කරමින් සිටි අතරතුර මෙලෙස ඇල මාර්ගය හරහා ධාවනය කරවීමේදී සැඩ පහරට හසුවී පෙරළී ඇතැයි ද පොලිසිය පවසයි
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රම්බුකේ වත්ත නැමැති ඉඩමේ හිමිකරුවකු බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලොකු ලියනගේ චන්න කබ්රාල්(69) සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී දසුන් ප්‍රනාන්දු නැමති 30 හැවිරිදි රියදුරෙකි
මියගිය දෙදෙනාගේ දේහයන් අවිස්සාවිල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ වූ හදිසි මරණ පරීක්ෂණය අද (06) දින පැවැත්වීමට නියමිත වේ.
(ඡායාරූප- බුද්ධික කුමාරසිරි)
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට