IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සිය භාරයට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

ලියාපදිංචි අංක තහඩු රහිත මෝටර් රථයක් සාලාව පාරේ නිවසක ගරාජයක් තුළ තිබෙන බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් අනුව මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වෙත ගොස් සිදුකළ විමර්ශනවලදී නිවසේ ඉදිරිපස ගේට්ටු වසා දමා තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව අසල්වාසීන්ගෙන් සිදු කළ විමසීමේදී එම නිවස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ  බිරිඳකට අයත් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඒ හරහා ඇය සම්බන්ධ වූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිලි සටහන් වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇත.

අදාළ මෝටර් රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට මෝටර් රථයේ දොරවල් විවෘත කිරීමටත් රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමටත් කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (12)

සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ

Chandhima Saturday, 26 October 2024 08:32 PM

රටේ මිනිස්සු තුන්වේල කන්න පුදුම ගේමක් දෙන්නේ. ජීවන බර අහස උසට... ජනාධිපති වුණු ගමන්ම දෙන්නම් කිව්ව ජනතා සහන මතකත් නෑ අද. ඒවා එකක්වත් නොකර ගැලරිය චූන්කරලා මහමැතිවරණයේදී ඡන්ද ටික ගන්න ගහන බෙර පද මේවා. කුඩුකාරයෝ රටපුරා. ඔවුන් අල්ලා ගන්න බෑ. කාට කියන්නද මේවා...?

:       80       103

ShafSaturday, 26 October 2024 08:43 PM

සීයා හිටියානම් 2048 වෙනකම් සද්චද නැතුව ඉන්නවා කියලා නේද හිටියෙ? තාම සීයා තමයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්න.

:       0       3

ලක්විදුSaturday, 26 October 2024 09:08 PM

චන්දිම මහත්තයෝ, ඔයා කියන විදියට, අනුර කුමාර සහෝදරයා රටේ අනිත් ප්‍රශ්ණ විසදනකල් පොලිසියට එන පැමිණිලි වලට මොකුත් නොකර ඉන්නද කියන්නෙ. දැන් ජනතාව බය සැක නැතිව තොරතුරුලබා දෙන බව තේරෙන්නෙ නැද්ද? මීට කලින් ඔය වගේ පැමිනිල්ලක් කලා නම්, පැම්නිල්ල කරපු එකාගෙ කෑලිවත් ඉතිරිවෙන එකක් නෑ.

:       1       8

AselaSaturday, 26 October 2024 09:14 PM

පලතුරු සීයා රට හදනකන් 2048 වෙනකන් බලන් ඉන්න හිටපු කෙනෙක් නේද ? අයි මේ දැන් කලබල.

:       0       7

ඒ.එම්.ඒ. කුමාරSaturday, 26 October 2024 09:27 PM

ඔහේගේ හාමු මහත්තුරු භාර දුන්නේ සංවිධානය කරපු සුර පුරයක් නේ. මිනිසුන්ට තුන්වේල කන්න නැතිවුනේ මේ වගේ කම්බ හොරු නිසයි. රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කද්දී මුන් පරම්පරා ගාණකට හරියන්න හොරකම් කලා. ජනතා මුදල් වලින් සුර සැප වින්දා. පාට කණ්නාඩි දාගත්ත සමහරුන්ට ඒවා පෙනෙන්නේ නෑ. අවුරුදු හැත්තෑ ගාණක් විනාශ කරපු රටක් මාසයකින් හදන්න බෑ මහත්තයෝ. ඇස් කන් ඇරගන බලාගන ඉන්න. එතකොට එදායි අදයි වෙනස පෙනෙනවා.

:       0       7

Pradeep KumaraSaturday, 26 October 2024 09:46 PM

මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා චන්දිම. බලයට පත් වූ විගසම ජනතාවට සහන දෙන්න මොකද හිටපු අය භාණ්ඩාගාරයේ සල්ලි පුරවලා ගිහින් කියලා හිතුවද? කාලාන්තරයක් තිස්සේ කාබාසිනියා කරපු රටක් එක රැයෙන් ගොඩ දාන්න බෑ කියලා ඔයාට නොතේරුනාට ඕනම මෝඩයෙකුට වුනත් තේරෙනවා. ඔයාලට 2048 වෙනකල් ඉන්න පුළුවන් කම තිබුනා නම් ඇයි තව ටික කාලයක් ඉවසන් ඉන්න බැරි?

:       0       6

SunandaSaturday, 26 October 2024 09:51 PM

පොලිසිය ඒගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ.මේක ඉදිරියේ එන මැතිවරණය නිසා කරන පොලිස් පරීක්ෂණයක් නොවෙයි.ඉස්සර හිටපු මයිනාගේ හෝ නාකි රනිල්ගේ පක්කලි පොලිසි දැන් අවසන් වෙලා මාසයකටත් වැඩියි. ප්‍රභල පාර්ලිමේන්තුවක් හැදුන පසු " හොරු " අල්ලන එක ඉක්මන්වේවි. එතකොට කියන්න එපා " දේශපාලන පලිගැනීම් " කියලා. දැක්කනේ , එංගලන්තෙන් හොරකම් කරපු වාහනයක් පාවිච්චි කරලා අහුවුනාට පසු , රිමාන්ඩ් කරපු ජොනියා කීවා " දේශපාලන පලිගැනීම් " කියලා.

:       0       6

JanahithaSaturday, 26 October 2024 10:01 PM

ජනපතිලගෙන් කන්න බලන් ඉන්න කුම්මැහියන්.

:       0       2

Rajitha JSaturday, 26 October 2024 10:23 PM

මු බුරුව නෙමේද? මෙචර කලක් නිදාගන ඉදල 2048 වෙනකන් බලන් ඉන්න හිටපු එවුන්ට පුදුම හදිසියක් තියෙන්නේ එකපාර දවසෙන් දෙකෙන් මේක සුරපුරයක් වෙනකන්?

:       0       4

Janahitha Saturday, 26 October 2024 09:59 PM

ඔබ කියන්නේ සහන දෙන්න සල්ලි නැහැ, ඔක්කොම සොරකම් කරලා ණය ගන්නති බැරිනම්, ණය ගෙවන්නත් බැරි නම් සොරකම් කරන උන් හොයා ගන්න බැරිනම් දැන් නිලධාරීන් කරන තවත් හොරු පත් කරලා ඉදිරි පරම් පරාව සිඟන භාවයට පත් කරපල්ලා. වැඩ නොකරන කාලකන්නි ජීවත්වන රටක හොරු පිරිසකට රටක් කිසිදා ගොඩදාගන්න බැහැ.

:       1       1

Lasa Saturday, 26 October 2024 10:12 PM

අහුවෙලා තියෙන්නේ සැප විදපු උන්ගේ දේවල්. රිදිලා තියෙන්නේ කටුකන මැක්කන්ට.

:       0       3

බකල ජයා Saturday, 26 October 2024 10:19 PM

හිරගෙවල්වලට රෑට රෑට ගිහින් එල්ලූම් ගහ බලන්න යන එක, සිරකරුවන් ඉන්න තැනින් එලියට අරගෙන විහිලුකිරීම විනෝදාංශය කරගත් ඒ අතිගරු ප්‍රභූවරයාගේ නම සඳහන් කිරීම අකැපද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 330 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 434 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 1141 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 2650 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1109 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි
2024 ඔක්තෝබර් මස 26 1322 1

කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 578 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site