IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තීරණය කර තිබූ බවත් එලෙස තීරණය කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් නොකළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ගත් එම තීරණය ජාතික වන භූමි පනතේ විධි විධානයන්ට පටහැනි බවද පවසති.

එබැවින් අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලලා සිටින පෙත්සම්කරුවෝ අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතු වලදී වනාන්තරයට කළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.

 



අදහස් (0)

සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 28 159 0

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂ


දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි
2024 ඔක්තෝබර් මස 28 275 0

නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බ


අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
2024 ඔක්තෝබර් මස 28 528 0

අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 509 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 725 2

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 697 1

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 597 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site