(ෂේන් සෙනෙවිරත්න)
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර පොලිස් වසමේ ගාල්තැන්න පාරේ දළුක්ගොල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිට ඇති මෙම අමෙරිකානු ජාතිකයා 2023-12-31 වැනිදා මෙරට වීසා ලබාගෙන පැමිණ ඇති අතර ඔහුගේ වලංගු වීසා කාලය 2024-03-30 වැනි දින කල් ඉකුත් වී ඇති අතර මෙරට රැඳී සිටීමට වීසා යාවත්කාලීන කර නොගෙන ඔහු රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
ඔහුගේ අමෙරිකානු ගමන් බලපත්‍රයේ ආරියරත්න සංජීව සේනක ආරියරත්න වශයෙන් නම සඳහන්ව ඇති අතර 2024-12-21 ගාල්තැන්න පාරේ හෝටලයට පැමිණ ඔහු වැඩි වශයෙන් එහි කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකය භාවිතා කරමින් සිට ඇති බව හෝටල් සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවා විවේකය එපා කියා දවල් කෑමට වෙලාවට නැගිට ගොස් ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්
ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ ’’පොලිස්පතිට කියන්න’’ (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හි
තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
chandima Monday, 06 January 2025 04:08 AM
අමතක කරන්න එපා. අමෙරිකාවේ කැමති කෙනෙකුට කැමති නමක් වෙනස් කරගන්න පුලුවනි. අවශ්‍ය නම් සිංහල මිනිහෙකුට හෙට ට්‍රම්ප් කියල වුණත් නම වෙනස් කරගන්න පුලුවනි.
Lankabarana Monday, 06 January 2025 06:27 AM
සිංහල නම් හතරක් තිබුණා කියලා සිංහල නමක් වෙන්නේ නැහැනේ... සිංහල ක්‍රමයටත් නම සැකසෙන්නත් ඕනෑ නේද?
ගුණරත්න Monday, 06 January 2025 09:34 PM
ඇමරිකානු ගමන් බලපත්‍රයක් තිබෙන ලාංකික සම්භවයක් ඇති මනුස්සයෙක් නම් සිංහල නමක් තියෙන එක අමුතු දෙයක් නෙවෙයි නේ. එහෙම උදවිය කොපමණ ඉන්නවද?