IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත.

අහ්මද් අල් ෂාරා මේ බව අවධාරණය කළේ බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අහ්මද් අල් ෂාරා සැලකෙන්නේ, සිරියාවේ නිල නොවන නායකයා ලෙසය. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.

“සිරියාව දශකයකට වැඩි කාලවක් තිස්සේ සිවිල් යුද්ධයකින් බැට කෑවා. රට මේ වනවිට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ලොකු කඩා වැටීමකට ලක් වී තිබෙනවා. අප කවුරුත් ඉන්නේ යුද්ධයෙන් හෙම්බත් වෙලා. මම සහතික වෙනවා, සිරියාවේ අසල්වැසියන්ට, විශේෂයෙන් ඊශ්‍රායලයටත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත් සිරියාවෙන් කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.” යැයි අහ්මද් අල් ෂාරා පැහැදිලි කළේය.

‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සන්නද්ධ කණ්ඩායම, සිරියානු සිවිල් යුද්ධය ආරම්භයේ දී, ‘අල් නුස්රා’ යන නමින් පෙනී සිටියේය. ‘අල් නුස්රා’ යනු ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ ශාඛාවකි.

“මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ජාත්‍යන්තරය අප ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව අපට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබෙනවා. මෙය අපගේ කටයුතුවලට බාධාවක්. හැකි ඉක්මනින් අපට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි මම ඉල්ලීමක් කරනවා” යැයි ද සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේ අහ්මද් අල් ෂාරා ඉල්ලීමක්  කළේය.



අදහස් (0)

සිරියාව ලෝකයට තර්ජනයක් නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි
2024 දෙසැම්බර් මස 19 61 0

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


හිටපු ජනපති ආරක්ෂාව ගැන ආණ්ඩුවේ ගණන් හිලව් වැරදියි
2024 දෙසැම්බර් මස 19 325 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් න


අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 19 51 0

වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බා


’’සජිත්ගේ උපාධිය සභා ගත කර නෑ’’
2024 දෙසැම්බර් මස 19 269 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සහිත වාර්තා පාර්ලිමේන්තුවේ දිගහැරියද ඒවා මෙතෙක් සභාගත කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අම


නිවසකට ඇතුළු පහරදුන්නැයි සුරාබදු නිලධාරීන් 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 19 130 0

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර කර නිවසේ හිමිකරුට පහර දුන් බව ක


ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් කෝටි 15ක ණයක්
2024 දෙසැම්බර් මස 19 160 0

ආසියානු සංවර්ධන බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් හෙවත් ඩොලර් කෝටි 15 ක ණය මුදලක් සැපයීමට එකඟ වූ බව එම මණ්ඩලය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21393 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13861 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 330 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 286 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site