IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සිසුන් හත් දෙනෙක් පාසල් දැරියක අපයෝජනය කරලා

(කේ බුද්ධික කුමාරසිරි)

පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

එම පාසල් දැරියගේ මාපියන්  දැරිය සමඟ පැමිණ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.

එලෙස සමූහ දුෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසට පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් ඇති බවත් එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරියද රැගෙන ඔහුගේ මිතුරකු සිටින හෝමගම මාගම්මන ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක් කර ඇත.

ඒ අනුව උදෑසන නමයත් සවස තුනත් අතර පැය හයක කාලයක් ඇතුළත හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතල ලිංගික අපයෝජනය ලක් කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 



අදහස් (17)

සිසුන් හත් දෙනෙක් පාසල් දැරියක අපයෝජනය කරලා

නිර්භයා, නව දිල්ලිය Friday, 04 April 2025 09:21 AM

ඉන්දියානු ආභාෂය. ඒ දඬුවමම දෙන්න.

:       0       67

කෞෂි Friday, 04 April 2025 09:28 AM

ලංකාවේ IRC ලැයිස්තුව වගේ "සෙක්ස් ඔෆෙන්ඩර්" ලැයිස්තුවක් පටන්ගන්න කාලෙ හරි. ඒ අය පදිංචිය වෙනස් උනත් වෙනත් සමාජ වැඩවල යෙදුනත් අදාල බලධාරීන්ට සහ අලුත් අසල්වැසියන්ට දැනුම් දීම අත්‍යාවශ්‍යයි. සමහර රටවල දැනටත් මේක ක්‍රියාත්මකයි.

:       0       73

AnudiFriday, 04 April 2025 10:28 AM

ඒක හොඳයි. මෙතන කෙනෙක් කියනවා ගෑණු ළමයිට පරිස්සම් වෙන්නලු. ඒ වගේ ලැයිස්තුවක් හැදුවොත් ඒ දූෂකයනුත් ජීවිත කාලෙම ගෙවන්න ඕන බ්‍රෑන්ඩ් වෙලා. හැමෝම දැනගන්නවා පුද්ගලයා කවුද කියලා. එහෙම නොවෙන්න නම් ස්ත්‍රී දූෂණ, ලමා අපචාර වගේම පුරුෂ දූෂණ නොකර ඉන්න.

:       1       43

Sugath - Kandy Friday, 04 April 2025 09:48 AM

මේ මොන සතුන්ද? උන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කර ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට එකතු කළ යුතුයි. ඊටත් වඩා හොඳයි, උන්ගේ අහවල් එක ශල්‍යකර්මයෙන් ඉවත් කළ යුතුයි. ඒ වගේම අවුරුදු 16 ට වැඩි නම් ලොකු දඩයක් ගෙවලා හිරේ දාන්නත් නියෝග කළ යුතුයි.

:       1       52

ලුම්බිණි Friday, 04 April 2025 10:00 AM

දැන් ඉන්නේ පෙම් වතුන් නොවෙයි පෙම් සතුන්.

:       0       58

රම්බොඩ Friday, 04 April 2025 10:08 AM

ගෑණු දරුවන් ආදරය කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් ආදරය නාමයෙන් කාමර වලට රිංගන එක තමයි හැමවිටම ප්‍රශ්නය. සැබෑ පෙම්වතෙක් නම් දෙදෙනාම ඉගෙනගෙන රටේ ඉහළ තැනකට යන්නත් ඉන් පසුව විවාහ වෙන්නත් සැළසුම් කළ යුතුයි. ඉතින් මෙවැනි සිද්ධීන් වලින් පාඩම් උගත යුත්තේ ගෑණු දරුවන්. එසේ නොවේ නම් විනාශ වන්නේ තමන්ම වග සිහි තබාගත යුතුයි .

:       35       27

ගුණරත්න Friday, 04 April 2025 10:21 AM

කෞෂි නෝනා කියනවා සෙක්ස් ඔෆෙන්ඩර් ලැයිස්තුවක් හදන්න කියල, අදහස හරිම අගෙයි, එත් මෙතන ඔක්කොම බාල වයස්කාරයෝ. ඉතින් ඕකට විසඳුම පොඩිම කාලේ කියාදෙන්න සෙක්ස් කියන්නේ මොකක්ද කියල.

:       22       11

කෞෂිFriday, 04 April 2025 10:51 AM

බාල වයස්කාර උනත් සමූහ ස්ත්‍රී දූෂණය බරපතල වැරැද්දක්. ඒ වගේම සැලසුම් සහගත එකක්. එතකොට තවත් බරපතලයි. සමහර වැරදි තියෙනවා අවුරුදු (15?) 16 හෝ ඊට වැඩිනම් වැඩිහිටියන්සේ සලකලා නඩු විභාග කරන. ලංකාවේ මේ නීති අද ලෝකෙට ගැලපෙන විදියට වෙනස්වෙන්න ඕන කියල තමයි උඩ කමෙන්ට් එකෙනුත් යෝජනා කලේ. කෞෂි, කෞෂල්‍යා, කෞෂානි වගේම කෞෂික, කෞෂාන් වෙන්නත් පුළුවන්::))

:       0       35

මොන්ටිසෝරි සිසු බකල ජයාFriday, 04 April 2025 02:03 PM

පොඩිම කාලේ ඉඳලා? මට ලැජ්ජයි. මම අද ඉඳන් යන්න බෑ කියනවා.

:       0       7

hemantha Friday, 04 April 2025 01:00 PM

මේ අය පොඩි නැහැ... කෙළින්ම එල්ලුම් ගස් යවන්න ඕනෑ. අනික් අයටත් පාඩමක් ඉගෙන ගන්න.

:       1       15

ජිල්බු Friday, 04 April 2025 02:09 PM

අරාබියේ නම් හොරකම් කෙරුවොත් අත කපනවා. මිනිමැරුවොත් බෙල්ල කපනවා. මේ වැරැද්දට මොනවා කරයිද?

:       0       8

රන්දික Friday, 04 April 2025 01:48 PM

ලාච්චුවේ දාන්න...

:       1       16

Perakum Friday, 04 April 2025 02:52 PM

කවුරුත් කතා කරන්නෙ කොල්ලන්ගෙ වැරැද්ද ගැන. ඇයි කෙල්ලගෙ නැහැදිච්ච කම ගැන නොකියන්නෙ. ඔහොම වෙලා මදි.

:       10       4

මෝඩ නැත්තං ෂෝක්Friday, 04 April 2025 04:39 PM

ඔයා ෆෝන් එකක් ගන්න ගියාම ෆෝන් හතක්ම කඩේ අය බලෙන් ඇඟේ ගහන්න ආවොත් කැමැතියිද? හතටම සල්ලි දෙනවාද? මොනවද මේ තර්ක?

:       0       3

sugath Friday, 04 April 2025 04:05 PM

මේ කාලේ ළමයි හදනවාට වඩා හොඳයි බල්ලෙක්, පූසෙක් ගෙදර හදා ගැනීම...!

:       0       7

කමනි Saturday, 05 April 2025 05:57 AM

මෙතැන සමහරු හිතන තියන ආකාරයට පිටරටවල Sex offender ලැයිස්තුව අල්ලපු ගෙදර මනුස්සයටයි, අර නාලිකාවටයි, මේ පත්තරේටයි බලන්න පුළුවන් විදියට හදන එකක් නෙවෙයි. ඒකෙ නම නැතුව අංකයකින් විතරක් පළ කරන්න පුලුවනි. විශේෂයෙන් දරුවන් සමග කරන රැකියාවලදී අදාළ ආයතනයට තමන්ගේ අපේක්ෂකයා මෙවැනි වරදකට හසු වූ කෙනෙක්ද කියලා සොයා බලන්න පුළුවනි. ලංකාවේ රජයේ රැකියාවට පෙර විභාග ප්‍රතිඵල හරිද කියලා පරීක්ෂා කර බලනවා නම්, මෙවැනි ලේඛනයක් හදන්න ඇයි බැරි...?

:       0       0

fairoos Saturday, 05 April 2025 11:55 AM

මේ පොඩි අයට තියන අමාරුව. ලංකාවේ නීතිය අනුව ලක්ෂයක් ඇප දීලා එළියට එවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද කාලගුණය
2025 අප්‍රේල් මස 10 137 0

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අපරාද කණ්ඩායමක සාමාජිකයකු මාට්ටු
2025 අප්‍රේල් මස 10 254 0

ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?
2025 අප්‍රේල් මස 10 456 0

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර


මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා
2025 අප්‍රේල් මස 10 261 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ


චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්
2025 අප්‍රේල් මස 09 2735 0

චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල


‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘
2025 අප්‍රේල් මස 09 3134 0

“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 159 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 829 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 633 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site