(යොහාන් භාසුර)
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2.4 ක් හෙවත් රුපියල් කෝටි 240 ක් ප්‍රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත ,මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඇතුළත් වෙයි.
මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානාත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැති අතර එයට කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය නියෝජනය කරමින් එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම්, නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම්, අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ වෙන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්‍රදේශයයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන ප
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය.
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගො
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන ව
ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා
විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සීගිරිය ලස්සන කරන්න කොරියාවෙන් කෝටි 240 ක්
ජයනාත් Sunday, 29 December 2024 04:33 PM
යටිමඩි නොගහ හරියට කළොත් සීගිරියට ආයේ අවුරුදු 25වත් මුකුත් කරන්න අවශ්‍ය නැත...
abeygunasekarasampath95 Sunday, 29 December 2024 10:13 PM
කරුණාකරලා කේබල් කාර් ක්‍රමය හඳුන්වා දෙන්න.