(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූර්ය බල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇත.
ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වේ. සූර්ය බල ශක්ති ක්ෂේත්රයට අදාලව සුර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR - C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතී.
ඒ අනුව, බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* 2024/25 මූල්‍ය වර්ෂයේ සිට ඇමෙරිකා ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම.
*ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR-C) පිහිටුවීම.
*රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව ' ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීම.
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි
Abeysiri Tuesday, 11 March 2025 01:06 PM
වර්තමාන ආණ්ඩුව ගත් ඉතාම හොඳ ක්‍රියාවක් මේක. අනිකුත් සංවර්ධිත රටවල්වල දැනුම සහ තාක්ෂණය වර්ධනය කර ගැනීමට මෙමගින් හැකි වේ. දැන් අපිට පුළුවන් ඉහළ තාක්ෂණයත් අඩු පිරිවැයකිනුත් යුතු සෝලා ව්‍යාපෘතිය දියුණු කරන්න