IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්

(නිමල කොඩිතුවක්කු)

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

ප්‍රාථමික, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීම, ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන අංශ ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව දියුණු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් සංවර්ධනයට පියවර ගන්නා බවත් ජයතිස්ස මහතා කීවේය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක රජයේ රෝහල් 1164 සහ  ආයුර්වේද අංශයේ රෝහල් 112 පිළිබදව අවධානය යොමු කර ඒවා දියුණූ මට්ටමට ගෙන ඒම වත්මන් රජයේ සැලසුම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මින් ඉදිරියට කටයුතු කිරීමේදී එම සැලසුමෙන් බාහිරව ඇමතිවරයාගේ හෝ පළාතේ දේශපාලඥයාගේ මනසේ පහල වන මනෝරාජික සංකල්ප නිලධාරීන් හෝ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකල යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුලු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත් වු සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්

Thilina Thursday, 09 January 2025 03:57 PM

රෝහල්වල ලැට් එකට ගියා නන් පෙනෙයි ගුණාත්මක බව

:       2       15

sene Thursday, 09 January 2025 04:13 PM

කොහේ ගියත් මොනා හෝ කියවලා මම පොර වෙනුවට දෙයක් කොරලා පෙන්නුවානම් නේද හොඳ.

:       0       2

sunil Thursday, 09 January 2025 10:17 PM

ලාංකික සෞඛ්‍ය විශේෂඥයින් ලංකාවේ රැඳෙමින් පෞද්ගලික රෝහලක හෝ විශිෂ්ට සේවාවක් කරන්නේ නම් ඒවා තුලින් පිට රටියන්ට මෙරටදී සේවා සපයා ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්. ලංකාව සෞඛය ගමනාන්තයක් කරන්න පුළුවන්.. අපේ දොස්තරලා තමන්ගේ බේරීමට පිටරට යන එක නවත්වා ඔය පැත්ත බැලුවොත් ඉතා හොඳයි.

:       0       0

සාලිය Friday, 10 January 2025 07:32 AM

කඩ ආහාර වල ගුණාත්මක භාවය, දිනපතා ව්‍යායාම කිරීම, මේවා මාද්‍ය හරහා දැනුවත් කරන්න. මිනිස්සු කැමති ඒවා වැලදගන්න ඒත් මග පෙන්වීම අඩුයි, නිව්ස් බැලුවොත් වැඩිපුරම තියෙන්නේ දේශපාලනේ.

:       0       1

kanishka Friday, 10 January 2025 09:50 AM

ලංකාවේ සෞඛ්‍ය සේවය දියුනු කරනවනම් GOMA කියන ත්‍රස්තවාදී සංගමය තහනම් කරන්න ඕනි. මේ ගොල්ලො තමා හොර අතිකාල දා ගන්න ඇඟිලි සලකුනු නොතියා අනිත් වෘත්තිකය්න් අතර ප්‍රශ්න අති කරමින්, තමන්ට විතරක් විශේෂ වරප්‍රසාද ලබා ගන්න හැම වෙලෙම වර්ජන කරන්නෙ. 1990 ගිලන් රථ සේවය වගේ වටින සේවයක් ගේනකොට ඒකටත් විරුද්ධ උනා. GOMA සංගමය කැමති නෑ රටේ රජයේ රෝහල් පද්ධතියය සහ දේශීය වෛද්‍ය විද්‍යාව දියුනු වෙනවට. එහෙම දියුනු උනොත් තමන්ගෙ පුද්ගලික රෝහල් ඩිස්පෙන්සරි වල රෝගීන් අඩු වෙනව. ඒ නිසා තමා මෙයල රජයක් කරන හැම දේටම විරුද්ධ වෙන්නෙ. ඒ අතරෙ අවංක වෛද්‍යවරුත් ඉන්නව රටට සේව්ය කරන. එහෙම අයටත් ඉන්න දෙන්නෙ නෙ මේ GOMA නඩය. වර්ජන කරල එයාලව එලවනව. රටේ කෘෂිකර්මමයට සහ ජාතික වැටුප් ප්‍රතිපත්ති වලටත් පැනල ඒවත් ඖල් කරල කෑව. සෞඛ්‍ය සේවය විනීතව දියුණු කරන්නන්නම් මෙ GOMA නඩය එලවල දාන්න ඕනි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ
2025 ජනවාරි මස 10 35 0

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ


ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාලෝචන වාර්තාව මුදල් අමාත්‍යංශයට
2025 ජනවාරි මස 10 105 0

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භ


බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම්
2025 ජනවාරි මස 10 377 0

බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක


හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ
2025 ජනවාරි මස 10 351 1

කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ


’’ග්‍රාම නිලධාරී පුරප්පාඩු කඩිනමින් පුරවනවා’’
2025 ජනවාරි මස 10 259 0

දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහත


පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට
2025 ජනවාරි මස 10 510 2

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 92 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site