(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (30) අප පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පසුගිය වසර දෙක පුරා කිසිදු බුරුලක් නොපෙන්වා ඖෂධ මාෆියාවට එරෙහිව වෛද්‍ය මහීපාල මහතා කටයුතු කළ බව සැවොම දන්නා කරුණක් යැයි වෛද්‍ය බෙල්ලන මහතා එහිදී පැවැසුවේය. එම නිසාම බේත් හිඟයට සාධාරණ විසඳුමකුත් බාල බේත් ගෙන්වීමට තිත තැබීමටත් වෛද්‍ය මහීපාල මහතාට හැකියාව ලැබුණු බව බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩු මාරුවත් සමග ඔහුටද තනතුර අහිමිවේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ඖෂධ ජාවාරම්කරුවන් එම බලාපොරොත්තු සුන්වීම නිසා වියරු වැටුණු විලසින් සෞඛ්‍ය ලේකම්වරයා පළවා හැරීමට කුමන්ත්‍රණ සිදු කරන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.
ඒ අනුව ව්‍යාජ පුවත් මවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ඖෂධ මාෆියාව පියවර ගෙන ඇති බවද මේ තත්වය පිළිබඳ රජය අවධානය යොමුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටින බවද වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. වංචාවෙන් දූෂණයෙන් තොර නිලධාරීන්ට සාමකාමීව සිය රාජකාරී සිදු කිරීමට ඉඩ නොදෙන ඖෂධ ව්‍යාපාරයන්ට එරෙහිව තදින් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා පැවැසුවේය.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්