IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සී.අයි.ඩීය රාවය නීතීඥයා එළියට දමයි

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මහතාට රාවය පුවත්පතින් අපහසුතාවක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් මත රාවය කර්තෘ ඒ ඩබ්ලිව් ජනරංජන මහතාගෙන් ඊයේ (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ජනරංජන මහතා කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු තමාට දුරකථනයෙන් කථා කොට මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එහි එන ලෙසයි.

ඉකුත් සිකුරාදා තමන් වෙත දැනුම් දුන් බවත්, ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා ගැනීම නම් පුවත්පත් කාර්යාලයයට පැමිණීම හිටපු ජනාධිපතිනියගේ කාලයේ පටන් සිදුවූ ක්‍රියාවක් බවත් එම නිලධාරියාට දැනුම් දුන්න ද ඔහු එයට එකඟ නොවූ නිසා තමන් ඊයේ (09) සවස හතරට නීතීඥවරයකු සමඟ එහි ගිය බව ද ඔහු සඳන් කළේය.

තමන්ගේ ප්‍රකාශය ලියා ගන්නා අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම නීතීඥවරයා එම ස්ථානයෙන් ඉවත් කළ බවත්, එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ජනරංජන මහතා කියයි.

මෙම ප්‍රවෘත්තිය ලිව්වේ කවුද, එහි මූලාශ්‍රය ලබා ගත්තේ කාගෙන් ද, එම තොරුතරු තහවුරු කරගෙනද මෙම ප්‍රවෘත්තිය පළ කළේ, රාවය පුවත්පතේ පිටපත් කීයක් මුද්‍රණය කරනවා ද, ඒවා මිලදී ගන්නේ කවුද යනුවෙන් නොයෙක් ප්‍රශ්න ඇසූ බවත්, පුවත්පත් ආචාර ධර්ම පද්ධතියට අනුව එම ප්‍රශ්න වලට පිළිතුරු දුන් බවත් ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

සී.අයි.ඩීය රාවය නීතීඥයා එළියට දමයි

විරංග Tuesday, 09 December 2014 06:46 PM

බන්දුල පෙරේරා මහත්තයෝ, නිකන් බොරුවට කෑගහන්න එපා. ජනාධිපතිවරණය රියලිටි ෂෝ එකක් කරලා තියෙන්නේ කවුද? (නි)

:       0       0

ගමගේ Tuesday, 09 December 2014 10:12 PM

අනේ හැබෑට මෙහෙමත් නීතියක්! (නි)

:       0       0

සසිත් Tuesday, 09 December 2014 10:44 PM

අනේ මන්දා! මේ කළ දේ ගැන මට නම් කිසිම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ (නි)

:       0       0

වසන්ත Wednesday, 10 December 2014 06:50 AM

පුවත්පත් නිදහස කෝ.(හේ)

:       0       0

ලුවිස් Tuesday, 09 December 2014 11:34 PM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 01:33 PM

අපිටනම් මේවට කියන්න දෙයක් නැහැ. මේක එස් එම් එස් වලින් ජයග්‍රාහකයා තොරණ රියලිටි ෂෝ එකක් නෙමෙයි ජනාධිපතිවරණයක්. මේ ප්‍රතිපලය ලැබෙන්න ඉර බටහිරින් පායන්න ඕන කියල අපි දන්නවා. (ර)

:       0       0

සුජිත් Tuesday, 09 December 2014 01:39 PM

රටේ බුද්ධි අංශය පිලිබඳ තොරතුරු පල කරද්දී මීට වඩා සැලකිලිමත් විය යුතුයි. එය රටේ ජාතික ආරක්ෂාව පිළිබදව කෙලින්ම බලපෑ හැකි බැවිනි. (ර)

:       0       0

සිතුම් Tuesday, 09 December 2014 01:44 PM

මේ මොනවද වෙන්නේ කියලා මට හිතා ගන්න බැහැ (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 09 December 2014 01:56 PM

සුගත් මම ඔයාගේ අදහසට එකඟයි (දී)

:       0       0

බුද්ධික Wednesday, 10 December 2014 01:54 AM

මාධ්‍ය නිදහසට මෙහෙම කරන එක වැරදියි (නි)

:       0       0

අරවින්ද Tuesday, 09 December 2014 01:58 PM

දැන් දැන් ලංකාවේ වෙන දේවල් ගැන මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

අබේ Tuesday, 09 December 2014 02:14 PM

රාජ්‍ය බුද්ධි අංශය සමග සෙල්ලම් කරන්න එපා. (නදී)

:       0       0

ජානක Wednesday, 10 December 2014 03:16 AM

බුද්දික මහතයෝ මාධ්‍ය නිදහස කියන්නේ පුවත්පත් වාර්තා කරුවන්ගේ පෞද්ගලික අදහස් හෝ ඔවුන්ගේ ඔලුවලට එන විකාර අදහස් ප්‍රසිද්ධ කරන එක නෙමේ. එහෙම උනොත් ඒක වල් බූරු නිදහසක් වෙනවා. නියම පුවත්පත් වාර්තාකරුවන් ජනතාව දැනුවත් කලයුත්තේ නිවරදි පුවත් වගකීමකින් යුක්තව, ජනමාධ්‍ය ආචාරධර්මවලට සහ රටේ නීතිරීති වලට අනුකූලව පුවත් වාර්තා කිරීමයි. (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 10 December 2014 03:34 AM

මේවා බටහිර කුමන්ත්‍රණ. (නදී)

:       0       0

මනුෂ Wednesday, 10 December 2014 08:35 AM

වගකීමෙන් ඇත්ත පලකරනවනම් ඇයි ඕනෙම දේකට උත්තර දෙන්න බැරි. රටෙි බුද්ධි අංශය සෙල්ලමකට, විහිලුවකට ගන්න හොද නෑ.(හේ)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 03:11 PM

ඉරිදා පත්තරයක මේ ප්‍රතිපලයම දෙපැත්ත මාරුකර දැම්මා. එ්කත් හොයලා බැලුවද ? (නදී)

:       0       0

සුරන්චි Tuesday, 09 December 2014 02:52 PM

රාවය ආණ්ඩුවේ සල්ලිවලින් යැපෙන පත්තරයක් ද? . පිටපත් 1000ක් වත් විකිනෙන්නේ නෑ. (නදී)

:       0       0

තමරා Wednesday, 10 December 2014 04:35 AM

ඔය දෙන්නගෙ ප්‍රතිශත දෙක මාරුවුනානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (බ)

:       0       0

සරත් පියසේන Wednesday, 10 December 2014 04:41 AM

ජාතික මැතිවරණයක බොරු බේගල් අදින පත්තර මාෆියාව අපි රාවය පත්තරය තුළින් දුටුවා අනුන්ට කඩ අරින්න එපා මාධ්‍ය සදාචාර ඕකද නිතිය හරි, බොරු පත්තර නිසා ජනතාව මුලා කර රට යන ගමන ඩොලර් වලට ආපසු හරවා බඩ පුරවගන්න එපා ..කනගාටුවෙනවා "රාවය"..(බ)

:       0       0

ජයවර්ධන Wednesday, 10 December 2014 04:42 AM

ජානක අප දැනුවත්ව ඉහත පුවත සමීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ලබාගත් නිවරදි පුවතකි. එම පුවතින් බුද්ධි අංශ අපහසු තත්වයකට පත්වීම යනු සත්‍යයට මුහුණ දීමට බැරි වීමද ? සුජිත් මෙය රටේ බුද්ධි අංශය පිළිබඳ තොරතුරක් නොවේ. රාවය පුවත්පතේ පළවූ ලිපිය නොකියවා හරිහැටි නොදන්නා දේවලට මෝඩ කමෙන්ට් දාන්න එපා (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 04:48 AM

කලබල වෙන්න දෙයක් නැහැ, අපේ රටේ බුද්ධි අංශයට වැඩිය හොද බුද්ධි අංශයක් පත්තර වලට තියෙන්නේ කොහොමද කියලා දැන ගන්න තමයි එන්න කියන්න ඇත්තේ (නදී)

:       0       0

දසුන් Tuesday, 09 December 2014 04:36 PM

මේ කළ දේ නම් අනුමත කරන්න අමාරුයි මටත් (නි)

:       0       0

නිමල් Wednesday, 10 December 2014 05:40 AM

නිතිඥයාට රැඳී සිටින්න අවසර නැද්ද? (නි)

:       0       0

පතිරණ Tuesday, 09 December 2014 05:03 PM

අනිවාර්යෙන්ම වෙනසක් වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ දුසිරිතෙන් තොර නීතියක්. ප්‍රජාතන්ත්‍ර වාදී රටක්. (නදී)

:       0       0

බෙනට් Tuesday, 09 December 2014 05:47 PM

ඔය පුවත් පතත් අරලියගහ මන්දිරෙනුත් ගන්න එකේ වෙන මිනිස්සු අරගෙන කියෙව්වම මොකද වෙන්නේ ? මිලදී ගන්නේ කවුද කියල අහපු එකනම් මෝඩ ප්‍රශ්නයක් (නදී)

:       0       0

උපාලි Tuesday, 09 December 2014 05:52 PM

මේ කියන 'ප්‍රතිශත' කතාවේ 'රාජ්‍ය ආරක්ෂාවට ඇති තර්ජනය' මොකක්ද? එහෙම කියන අය සැබෑ රාජ්‍ය රහස් තොරතුරු හෙළිකරන විකි ලීක්ස් වෙබ් අඩවිය හොඳයි කියල වර්ණනා කරන්නේ. පිළිගන්නේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 61 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 405 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 176 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 343 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 771 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site