IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සී.අයි.ඩී යට යළි නොතීසි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතළු හමුදා සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරින්දෑවරුන් ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (09) යළිත් නොතීසි නිකුත් කළේය.

රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (09) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා යළි නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය ඔවුන් එලෙස අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් 16 වැනිදා හේතු පැහැදිලි කරන ලෙසටද ඔවුන්ට නියෝග නිකුත් කළේය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.

එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් වන ටී.සුදර්ශනී,පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න යන මහත්මීන් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තකරුවන් ලෙස රහස් පොලිසි අධ්‍යක්ෂක සුගත් නාගහමුල, එහි සමූහ කොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා,එහි සහකාර පොලිස් අධිකාරී ෂර්නි අබේසේකර,ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපති නම්කරනු ලැබ සිටිති.

ශ්‍රීලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.ප්‍රියන්ත කුමාර,කෝප්‍රල් අනුර ජයලත්,ලුතිනන් කර්නල්වරුන් වන ටී.ටී.ඩී.ප්‍රමෝද් සිරිවර්ධන සහ එස්.ඒ.කුමාරරත්න යන යන තම සැමියන්ව පසුගිය අගෝස්තු 24 වැනිදා රහස් පොලිසියේ නිලධරයින් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත්,ඔවුන්ව අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අධිකරණයේ රැදවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවත් පෙත්සම්කාරිනියෝ කියති.එලෙස රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවත්,එම නියෝග යටතේ පැය 24 කට වඩා රඳවා තබාගත නොහැකි බවත් එනිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔවුහු අභියාචණාධිකරණයෙන් ඉල්ලති.



අදහස් (0)

සී.අයි.ඩී යට යළි නොතීසි

සුමනපාල Sunday, 11 October 2015 08:27 AM

රංජිත්, සිංහලකම, ශ්‍රී ලංකික කම මිනිස්සුන්ට බලෙන් පටවන්න බැහැ. ඔයත් අයති වෙන්නේ සිංහල කම ඉස්සරහට දාල ලේසියෙන් රවට්ටන්න පුළුවන් අය අතරට. පහුගිය කාලේ ගොඩක් දේශපාලකයෝ එහෙම කළා.රණ විරුවෝ රට රැක දුන්න කියල මිනිස්සු පැහැරගන්න මරන්න පුළුවන් කියල, එහෙම නැත්නම් සිංහල කොටි කියල නඩුත් නැතුව මිනිස්සු ගහල මරන්න පුළුවන් කියල, ඒවා සාදාරන වැඩ කියල ඔයා වගේ අයගේ ඔලු වලට අදහස් ඇතුල් කරන්න පුළුවන්. (බ)

:       0       0

දහම් Saturday, 10 October 2015 08:26 AM

මුදලිගේ, අපි ජීවතුන් අතර තවම ඉන්නේ හැමදා විරුවෝ කොටි පරාද කල නිසා. (ර)

:       0       0

ඉන්දික Saturday, 10 October 2015 12:13 PM

මුදලිගේ, යුද්ධය කාලේ ලංකාවේද හිටියේ. ඒ කාලේ හමුදාව යුද්ධ 2ක් කළා 1ක් කොටි එක්ක. 2 ක දකුණේ ඉදන් යුද්ධය කොහොම හරි නවතන්න විරුද්ධව රට ජාතිය අමතක කරලා වැඩ කරපු කට්ටියක් එක්ක. (ර)

:       0       0

රොහාන් Saturday, 10 October 2015 12:41 PM

දහම් කොටි පරාද කළාට අහිංසක මිනිස්සු මරන්න අවසර දීල නැහැ නේද එනිසා නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ. (බ)

:       0       0

චමල් Saturday, 10 October 2015 12:51 PM

මෙයාට හරි ක්‍රමයට දඬුවම් කළානම් ඉවරයි කොටි එක්ක එකතු වෙලා රට පාවල දුන්නට. හමුදාව රසායනික අවි පාවිච්චි කරනවා කියල බොරුවක් ජාත්‍යන්ත්රේට දුන්නේ මෙයා. (බ)

:       0       0

මොහාන් Saturday, 10 October 2015 01:25 PM

රොහාන්ට එයාලා අහිංසක වුණේ කවදා ඉඳලද? (නි)

:       0       0

ජෝර්ජ් Friday, 09 October 2015 06:44 PM

නීතිය පැත්තෙන් කරන්න පුලුවන් දේ කරන්න උපරිමයෙන්ම (නි)

:       0       0

නාමල් Saturday, 10 October 2015 04:11 PM

චමල්, මෙයා රට පාවාදෙනවා ඔබ ඇහින් දැක්කද? කවුරුහරි කියපු දෙයක් දැකලා රෙජීමය කළ දේවල් සාධාරණීකරනය කරන්න එපා. (නි)

:       0       0

නදීකා Sunday, 11 October 2015 12:44 AM

සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

මුදලිගේ Friday, 09 October 2015 07:48 PM

අපි නම් කියන්නේ වැරදිකාරයින්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ අනිත් අයටත් හැදෙන්න (නි)

:       0       0

හේමන්ත Sunday, 11 October 2015 02:40 AM

යුද්ධය අමතක සමහර අයගෙ අදහස් දැක්කහම රණවිරුවන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

රනිල්‍ Sunday, 11 October 2015 03:52 AM

සැබෑ රණවිරුවන්ට අපි සැමදා ගෞරව කරන අතර වැරදි කර ඇත්නම් ඔවුන්ට අනිවාර්යෙන් දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

පිටිගල Sunday, 11 October 2015 03:53 AM

නාමල්, රට පාවාදෙනවා ඇස් දෙකෙන් නෙමෙයි නුවණින් දකින්න (නි)

:       0       0

තිලාන් Sunday, 11 October 2015 03:58 AM

මම නම් මේවට කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ (නි)

:       0       0

රංජිත් Sunday, 11 October 2015 04:26 AM

මේ සිංහල කොටියෙක්. ගෑණිත් සිංහල කොටියෙක්. (බ)

:       0       0

නිමල් Saturday, 10 October 2015 01:52 AM

අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 3 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 32 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 86 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 624 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 804 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 68 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site