IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල සිදු වීමෙන් තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මහරගම පොලිසියේ ස්ථානාධිපතිගෙන් අද (4) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව ඊයේ (3) පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේ දී ඇතිවූ තෙරපුම හේතුවෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ වම් අතෙහි ඇඟිලි යකඩ බැරියර් දෙකක් අතරට සිරවීමෙන් ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී තිබිණි

තුවාල ලද ස්ථානාධිපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයට ලක් කෙරිණි

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු කණ්ඩායමක් පැමිණ ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශ ඇතුළත් සටහන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා තලංගම පොලිසිය වෙත භාර දී ඇත

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජි.ජේ නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මාතෘ ගුරු උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 11 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 58 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ තියන්න කැබිනට් අනුමැතිය
2025 අප්‍රේල් මස 29 77 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය භාෂා කොමසාරිස් පත් කරයි
2025 අප්‍රේල් මස 29 86 0

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දේශබන්දු කමිටුව වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 29 98 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලතල අනිසි අන්දමින් පාවිච්චි කරන ලදැයි ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පත් කිරීමට පත් කෙරුණු ත්


බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්
2025 අප්‍රේල් මස 29 308 1

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1037 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site