IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'හංකිති 13' මගේම හෘද සාක්ෂියයි

2016-08-13-ent-19

"වේදිකා නාට්‍යයයක් හදන කොට ඒ සඳහා දීර්ඝ කාලයක් කැපවෙන්න සිද්ධ වෙනවා. ඒ විශේෂ කැපවීම කරන්න කාලය හොයාගන්න එකත් ලේසි නැහැ."

 

වසර 22කට කළින් නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු අය තුළ තිබුණ ඒ කැපවීම ඔබ අදත් දකිනවද?

2016-08-13-ent-22මගේ නාට්‍යවලට ගන්නෙ ඒ වගේ කැපවෙන්න පුළුවන් අය විතරයි. මේ වැඩෙත් ඉන්නෙ මාත් එක්ක කැමැත්තෙන්ම කැපවෙන්න පුළුවන් අය විතරයි. ශ්‍රීයන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, නුරාධිකා සේරසිංහ, අයිශාරා අතුකෝරාල, නදීශා රෑපසිංහ, ගාමිණී ජයලත් සහ තිස්ස ගුණතිලක මෙහි රංගනයෙන් දායක වෙනවා. චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂක ලෙසත්, නිපුනි මෙන්ඩිස් ඇඳුම් නිර්මාණ ශිල්පිනි ලෙසත් කටයුතු කරනවා. අංග රචනය භාරව ඉන්නෙ වසන්ත විට්ටච්චි.

 

එදා මෙදා කාලය තුළ නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබ යම් වෙනසක් දකිනවාද?

වෙනස්කම් තිබෙන බව ඇහෙන්න ලැබෙනවා. හැබැයි මට ඒක අදාළ නැහැ. හේතුව මම තෝරාගත්ත කණ්ඩායම එදා හිටිය අය වගේම අදත් වෙනස් නොවුණු අය. අලුත් කෙනෙක් ආවත් පරණ අය වගේම කැපවෙන්න කැමති අය. ටෙලිනාට්‍ය නිසා අද බොහෝ අලුත් පරපුයෙත් කාර්යබහුල වෙලා. ඇතැම් අය ක්ෂණිකව ලැබෙන ජනප්‍රියත්වය පසුපස හඹා යනවා. ඒත් අලුත් පරපුරෙත් තමන්ගෙ වෘත්තීය වෙනුවෙන් කැපවෙන අය ඉන්නවා.

 

නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් ප්‍රවණතා ගැන?

ඔව්. දැන් අලුත් ප්‍රවණතා දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපේ අලුත් පරපුර නව සොයාගැනීම් ගැන උනන්දු වෙනවා. ඒ ගොල්ලො ලෝකෙත් එක්ක වැඩියෙන් සම්බන්ධවෙලා ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි, අද ඒ සඳහා බොහෝ පහසුකම් තියෙනවා. ලෝකය ඉස්සර වගේ දුර නැහැ. හැබැයි අවුරැදු 22කට පෙරත් අපි නාට්‍ය කළේ කිසියම් ජාත්‍යන්තර අත්දැකීම් එක්ක. නමුත් අද යටිතල පහසුකම් අතින් නම් රට තුළ තියෙන්නෙ අවගමනයක්. විශේෂයෙන් රංග ශාලා පිළිබඳ ගැටලුව විශාල ලෙස අද නාට්‍ය ෙව්දීන්ට බලපානවා. මීට අවුරැදු ගාණකට කලින් අපට තිබුණු දුෂ්කරතා අද තවත් වැඩිවෙලා.

 

"හංකිති 13" නාට්‍යය ගැන විස්තර කරනවානම්?

අපි සෝරෝම එක්තරා ආකාරයක ලොකු නිද්‍රාවක ඉන්නවා කියලා මට පේනවා. මමත්, අපි ඔක්කොම ලොකු නින්දක ඉන්නෙ. මේ නින්දෙදි අපි නිදාගන්නවා විතරක් නෙවෙයි, අපි නින්දෙදි කතා කරනවා. අපි නින්දෙන් විවිධ සන්නිවේදන කටයුතුවලත් යෙදෙනවා. ඒත් ඒවා යථාර්ථයෙන් එහාට ගිය සිහිනමය තත්ත්වයක තියෙන්නෙ. මේ සිහිනමය තත්ත්වයේ ඉන්නකොට මට පේනවා මිනිස්සු Freeze වෙලා බලන් ඉන්නකොට පාරවල් ගමන් කරනවා. රංග ශාලාවල නළු නිළියො Freeze වෙලා ඉන්නකොට ප්‍රේක්ෂාගාරය රඟපානවා. ඒත් මේ දේවල් අතරතුර මට පේනවා මගේ එක ඉන්ද්‍රියක් ඇහැරං ඉන්නවා. ඒ තමයි හෘද සාක්ෂිය. මේක වහන්න කොච්චර උත්සාහ කළත් වහන්න බැහැ. ඒ කතාව තමයි %හංකිති 13^ ට පාදක වෙන්නෙ.

 

අද නාට්‍යවල දකින "හාස්‍යමය" ගුණාංගය ගැන ඔබ මොනවද හිතන්නෙ?

මේකෙත් හාස්‍යය තියෙනවා. ඇත්තටම හාස්‍ය කියන්නෙ නාට්‍ය කලාවෙ තියෙන හොඳ අංගයක්. මේකෙ තියෙන්නෙ අපි සුලබව දකින හාස්‍යය නෙවෙයි. අද දකින හාස්‍ය රුල්ල වාණිජකරණය වෙච්ච නාට්‍ය කලාවක් ඉස්මතු කරනවා. විකුණන්නෙ හාස්‍ය. සැබෑ හාස්‍ය වේදිකාවට අවශ්‍යයි. ගැඹුරැ දේවල් ප්‍රකාශ කරන්නත් හාස්‍ය යොදාගන්න පුළුවන්. බාල විදිහටත් පුළුවන්.

 

අලුතින් චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද?

ඇයි නැත්තෙ. අලුත් චිත්‍රපටයකට ලෑස්ති වෙලා ඉන්නකොට තමයි මේ නාට්‍ය පටන් ගත්තෙ. ශ්‍රියන්ත ඇතුළු මගේ යාළුවෝ කීපදෙනෙක්ම යෝජනා කළා නාට්‍යයක් කරමු කියලා. නැත්නම් මම අර චිත්‍රපටය තමයි කරන්න හිටියෙ. මේ නාට්‍යයෙන් පස්සෙ මම නොපමාව චිත්‍රපටයේ වැඩ පටන් ගන්නවා.

 

රමේෂ් උවයිස්

 

2016-08-13-ent-21
2016-08-13-ent-20
2016-08-13-ent-18
2016-08-13-ent-17



අදහස් (0)

'හංකිති 13' මගේම හෘද සාක්ෂියයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 544 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 658 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 366 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 257 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1065 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 902 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site