(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට තෙප්පනාවේ සිට එරත්න විතාරම්පංගුවට කිතුල් හකුරු ගෙන ඒමට කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු එරත්නේ දී ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා මරා දමා ඇතැයි කුරුවිට පොලීසිය කියයි.
එරත්නේ තරුණයන්ගේ ද සහාය ඇතිව සැකකරු පැය කිහිපයක් තුල අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ කුරුවිට තෙප්පනාව පදිංචි ඇස්වත්තගේ සුමිත් නැමැති 54වියේ පසුවු විවාහකයෙකි.
වෙනත් රාජකාරියකට ගිය කුරුවිට පොලිසියේ නිලධාරියකු වැස්සෙන් බේරිම සඳහා එරන්නේ නිවෙසක් අසල සිටියදී ත්‍රිරොද රථයක සිටි දෙදෙනකුගෙන් එක් අයකු ‘මගේ බෙල්ල කැපුවෝ’ යැයි කියමින් ත්‍රිරෝද පැන කෑගසමින් ඉදිරියට එක් අයකු පැන ගොස් ඇත.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා අසල්වැසියන්ගේ සහායෙන් තුවාලකරු එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
එසේ ගෙලකපා තිබී ඇත්තේ ත්‍රිරෝද රියේ රියදුරුගේ බව පසුව අනාවරණය වී තිබුණි. සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස් ඇතුලුව විශාල පිරිසක් එතැනට පැමිණ තිබේ. සැකකරු අපරාධය කළ ස්ථානයේ සිට කුරු ගඟෙන් එගොඩට පලාගොස් තිබූ අතර ප්‍රදේශවාසින්ගේ සහායෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හකුරු ගේන්න ගිහින් රෝද තුනේ රියැදුරාගේ බෙල්ල කපලා
නිලන්ත Friday, 12 May 2023 05:43 AM
වාර්තාව හරියට බෙල්ල කපද්දී දුවන ගමන් ලියල වගෙයි. දැන් දැන් රටේ කෙලවරක් නැතුව මිනීමැරුම් වෙන්නෙ එල්ලුම් ගහට අත්සන් කරන්නෙ නැහැ කියපු නිසාද කියලා විමර්ශනය කලොත් හොදයි
Bunny Preena Friday, 12 May 2023 11:44 AM
යම් සිද්ධියක් සි උනහම විත්තියේ සහ පැමිනිල්ල මෙහෙයවන දෙන්නා තමන්යි වාද විවාද කරන්නෙ හරියට ලග හිටියා වගෙයි. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි. ණඩුකාරයාගෙ මැදිහත්වෙමින් මොවුන් දෙදෙනාට කතා කිරීමට අවස්තාව දිය යුතුයි. ඇත්ත එලිවෙන්නෙ එතකොට තමයි.