(රෝෂන් තුෂාර)
එංගලන්තයේ නොටින්හෙම් ප්‍රාන්තයේ පැවැති 2022 ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා ක්‍රීඩකාවන් තෝරා පත්කර යැවීමේදී ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු දක්වමින් අද (13) පැවසීය.
ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමිටු සාමාජිකා වයි.බි.එම්.ආර් තනුජානී යාපා මහත්මිය කළ පැමිණිල්ලක් අනුව වංචා විමර්ශන කාර්යාංශය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා සංගමයේ ලේකම්වරිය හා උපලේකම්වරිය සුදුසුකම් නොමැති කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත්, කලින් තෝරා ගත් එක් ක්‍රීඩකාවකගෙන් එංගලන්තයට යෑමට රුපියල් 1100000.00ක මුදලක් ඉල්ලා ඇති බවත්, මුදල් නොමැති නිසා එම ක්‍රීඩකාවන් යෑම ප්‍රතික්ෂේප කර ඇති බවට යාපා මහත්මිය කාර්යාංශයට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැවසීය.
මීට අමතරව 2019 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පුහුණුවීම් හා සුහද හෝකී තරගාවලියක් සඳහා ක්‍රීඩකාවන් තේරීමේදී සිය අත්සන හොරට යොදා ඇති බවද තේරීම් කමිටු සාමාජිකාව පොලිසියට පැමිණිලි කර ඇත.
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැඩ වරද්දා ගනී