මහජන බැංකු සත් සාමාජික හොකී තරගාවලියේ කී‍්‍රඩා සමාජ සඳහා වූ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් සමත්වූහ. ශ්‍රී ලංකා පොලිසියේ තිලිණ පෙරේරා කී‍්‍රඩා සමාජ අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, ගුවන් හමුදාවේ තුසිත් රත්නසිරි එම කණ්ඩයේ දක්ෂතම දැළ රකින්නා ලෙසත් තේරී පත්වූහ.
ගුවන් හමුදා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පැමිණි අතර පොලිස් කණ්ඩායම අවසන් තරගයට පැමිණියේ අවසන් පූර්ව වටයේදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමිනි.
කී‍්‍රඩා සමාජ අංශයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස චතුරිකා පේ‍්‍රමසිරිත්, දක්ෂතම දැළ රකින්නිය ලෙස ජීවන්තිකා කීර්තිරත්නත් සම්මාන ලබාගත්හ.
පාසල් කාණ්ඩයේ දක්ෂතම කීඩකයා ලෙස විජය විදුහලේ විනුර සමන් සහ දක්ෂතම දැල රකින්නා ලෙස ධර්මත විදුහලේ මල්ෂාන් දිනායක සම්මාන ලබාගනිද්දී, සීතාදේවි විදුහලේ සමදරා චන්ද්‍රිකා දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත්, එම විදුහලේම සකුන්තලා ඉලේපෙරුම දක්ෂතම දැල රකින්නිය ලෙස තේරී පත්වූහ.
නුවර මහජන බැංකුවේ අනුග‍්‍රහය ඇතිව මහනුවර සීතාදේවී විදුහල විසින් 19 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 40 ක් සහ කී‍්‍රඩා සමාජ කණ්ඩායම් 32 ක් සහභාගීවූහ.
පිරිමි අංශයේ කී‍්‍රඩා සමාජ ශූරතාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරන ලදී. (දඬුවම් පහර 3 - 2)
පිරිමි අංශයේ පාසල් කුසලාන ශූරතාව
මාතලේ විජය විදුහල විසින් බදුල්ලේ ධර්මධූත විදුහල පරාජය කරන ලදී. (ගෝල 3 - 0)
පිරිමි අංශයේ පාසල් පළඟ ශූරතාව
ශාන්ත සිල්වෙස්ටර් විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
පිරිමි අංශයේ පාසල් බඳුන ශූරතාව
මාතලේ සහිරා විදුහල විසින් මාතලේ කි‍්‍රස්තුදේව විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
පිරිමි අංශයේ පාසල් පළිහ ශූරතාව
නුවර කිංග්වුඞ් විදුහල විසින් කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
කාන්තා අංශයේ කී‍්‍රඩා සමාජ ශූරතාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරන ලදී. (ගෝල 2 - 1)
කාන්තා අංශයේ පාසල් කුසලාන ශූරතාව
සම ශූරතාව මහනුවර සීතිදේවී විදුහල සහ මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල
කාන්තා අංශයේ පාසල් පළඟ ශූරතාව
කොළඹ යසෝදරා විදුහල විසින් බදුල්ල විහාරමහා දේවී විදුහල පරාජය කරන ලදී. (ගෝල 2 - 0)
කාන්තා අංශයේ පාසල් බඳුන ශූරතාව
පානදුර සුමංගල බාලිකා විදුහල විසින් නුවර ගෝතමී විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
කාන්තා අංශයේ පාසල් පළිහ ශූරතාව
කොළඹ විශාකා විදුහල විසින් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
15 න් පහළ කාන්තා අංශයේ පාසල් ශූරතාව
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් මහනුවර උසස් බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)
(*)
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොකී කාන්තා - පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදාවට