IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හග්ගල සිරිය ඇති අවිස්සාවේල්ලේ උද්භිත උද්‍යානය

20160313-Awissawella-Seethawaka

20160313-Awissawella-22නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට ඒකාකාරී පරිසරයෙන් මිදී අවිවේකී ජීවිතවලින් ඔබ්බට ගොස් නිදහසේ ඉන්න බොහෝදෙනෙක් කැමැත්තක් දක්වනවා. එහෙම නිදහස් පරිසරයක නිදහසේ ඉන්න කැමති අයට යන්න හොඳ තැනක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. මේක තමයි කොළඹට ළඟින්ම තියෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම තෙත් කලාපීය උද්භිත උද්‍යානය. අවිස්සාවේල්ල, වග (පාදුක්ක) ඉලුක්විට කියන ගම්මානයේ සරු තේ යායකට සහ රබර් යායකට මායිම්ව මෙම උද්‍යානය පිහිටා තිබෙනවා. කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ (98, 122) හමුවන කළුඅග්ගල නගරයෙන් හැරී ලබුගම, කලටුවාව මාර්ගය ඔස්සේද, කළුඅග්ගල නගරය පසු කරමින් යන විට හමුවන පුවක්පිටිය නගරයට ආසන්නව තිබෙන තුම්මෝදර හන්දියෙන් හැරී පාදුක්ක දෙසට ගමන් කරන මාර්ගය ඔස්සේද මෙම උද්‍යානය වෙත ළඟා වෙන්න පුළුවන්.

මේ උද්‍යානය හෙක්ටයාර 43 (අක්කර 106) ක් විශාලයි. අභියෝගයට ලක්වෙලා තියෙන පහතරට තෙත් කලාපීය 20160313-Awissawella-21වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර සඳහා සංරක්ෂණය කරන්න තමයි මේ උද්‍යානය ඉදිකිරී‍මේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. මේ උද්‍යානය විවෘත කරලා තවම අවුරුද්දක් වත් නෑ. ඒ නිසා මේක ගැන කවුරුත් වැඩිය දන්නේ නෑ. දැන් ලස්සන පරිසරයක සොබා සුන්දරත්වය විඳගන්න, මල් බලන්න නුවරඑළිය, හග්ගල, පේරාදෙණිය යන්න ඕනේ නැහැ. කොළඹ ඉඳන් පැය එක හමාරකින් දෙකකින් ළඟා වෙන්න පුළුවන් මේ උද්‍යානයට.

ආහාර ලබාගැනීම සඳහා වෙළෙඳ සැලක්, හංස බෝට්ටු, මල් පැළ මිලදී ගන්න වගේම මල් වවන්න ඉගෙන ගන්න පුහුණු මධ්‍යස්ථානයක්, ඉතා වැඩි ඉඩකඩක් තිබෙන වාහන නවතා තැබීමේ අංගණයක්. නැරඹුම් මධ්‍යස්ථානයක්, වගේම පාරිසරික සෞන්දර්යත්වය විඳගනිමින් ගමන් කිරීමට හැකියාව තිබෙන නැරඹුම් රථ 02 ක් මේ උද්‍යානය තුළ තිබෙනවා. සතියේ දින හතම උදෑසන 08.00  ඉඳින් 05.00 වෙනකම් උද්‍යානය විවෘතව පවතිනවා.  

ඡායාරූප / සටහන - මංජු ප්‍රදීප් කුමාර


20160313-Awissawella-26 20160313-Awissawella-25 20160313-Awissawella-24 20160313-Awissawella-20 20160313-Awissawella-2320160313-Awissawella-13 20160313-Awissawella-19 20160313-Awissawella-18 20160313-Awissawella-16 20160313-Awissawella-1420160313-Awissawella-2 20160313-Awissawella-7 20160313-Awissawella-6 20160313-Awissawella-4 20160313-Awissawella-3
 



අදහස් (0)

හග්ගල සිරිය ඇති අවිස්සාවේල්ලේ උද්භිත උද්‍යානය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 355 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 423 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 697 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 543 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 382 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 719 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site