IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


හැංගුණත් මූණ එළියේ

මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසකට ලිංගික හිංසන කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (11) නියෝග කළේය.

මේ අතර අත්අඩංගුවට පත්වූ ආයතන හිමිකරු චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය නුවන්දි වීරසිංහ ද ලබන 22 දක්වා රිමාන්ඩ් කැරිණි.

රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවත් ඔහු රෝහල් ගත කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ බවත් බන්ධනාගාර ආරංචි කියයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥයන් 11 දෙනකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඔවුන් කියා සිටියේ සැකකරුට දේශපාලන සබඳතා හා ඉහළ නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි බවත් නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම පිණිස තමන් පෙනී සිටින බවත්ය.

විත්තිකරුවන්ගේ බලයට යට නොවී නීතිය සාධාරණව ඉටු කරන්නැයි ඉල්ලමින් අධිකරණය අසලට රැස්වූ පැමිණිලි පාර්ශවයේ ඥාතී හිතවත්හු පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක් ද කළහ.

1-(1)hanthana 7hanthana 8hanthana6-(1)hanthana

ඡායාරූප - චමිල් රූපසිංහ

P8110003 P8110011 P8110014

වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

හැංගුණත් මූණ එළියේ

අසංක Thursday, 11 August 2016 02:34 PM

කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා හොට පැටලිලා වගේ. (හේ)

:       0       0

සරත් Thursday, 11 August 2016 10:47 PM

ටෙරන්, ඔබ හරියටම හරි. (නි)

:       0       0

සිරි Thursday, 11 August 2016 11:33 PM

ඉහේ ඉඳලා පට්ට ගහන්න ඕනෑ මෙහෙම මිනිස්සු (නි)

:       0       0

සිසිර Thursday, 11 August 2016 11:34 PM

මොවුන්ව කෝවක දාලා මැකුවත් මදි (නි)

:       0       0

ජයරංග Friday, 12 August 2016 12:42 AM

විවේකීව හිරගෙදරට නායකත්ව පුහුණුව දෙන්න. අනේ මෙහෙමත් අයට අහුවුණානේ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

රොකී Friday, 12 August 2016 01:45 AM

ටිකිරි මහත්තයෝ, නරකද ඔය කියන අපරාධකාරයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කළොත්? ඔබ කියන්නේ මේ පුද්ගලයින් එතරම් වරදක් කර නැති නිසා නිදහස් කරන්න කියන එකද? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 12 August 2016 01:55 AM

සුමිත්, චමිල් මහත්වරුනි, ඔබලාගේ අදහසට පින්! වරදකරුවන්ට දියයුත්තේ උපරිම දඬුවම්. ස්වේච්ඡාවෙන්ම මේ අපරාධකරුවන්ට විරුද්ධව ඉදිරිපත්වූ නීතිවේදින්ට ස්තුතියි. සිරගෙදර සිටින අයවත් මොවුන්ට නිසි දඬුවම් දෙත්වා! (නි)

:       0       0

ටිකිරි Thursday, 11 August 2016 02:40 PM

මීට වඩා අපරාද කරපු අය තාමත් එළියේ.(හේ)

:       0       0

නිහාල් Thursday, 11 August 2016 11:22 AM

වරදක් කරලා නැත්නම් මුහුණු වහගෙන යන්න ඕන නෑනේ. (ම)

:       0       0

නිහාල් Thursday, 11 August 2016 11:27 AM

වරදක් කරලා නැත්නම් මුහුණු වහගෙන යන්න ඕන නෑනේ. (ම)

:       0       0

මංගලි Friday, 12 August 2016 11:14 AM

ඇටි කෙසෙල් කාපු උගුඩුව වගේ (ම)

:       0       0

පීරිස් Saturday, 13 August 2016 05:05 AM

රට පුරා හතු පිපෙන්නා වාගේ පත්තර වලින්, මාධ්‍යයෙන් එළියට එන දැන්වීම් දැක්ක පළියට හොයන්නේ බලන්නේ නැතුව ගැහැණු ළමයින්ව නේවාසිකාගාර වලට යවන දෙමුපියන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනෑ (නි)

:       0       0

ලලිත් Thursday, 11 August 2016 03:25 PM

කොච්චර මූණ වැහුවත් වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඉමාලි Thursday, 11 August 2016 03:30 PM

දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

සාලිය Thursday, 11 August 2016 03:30 PM

දැන් රටම ඇත්ත දන්නවා.(හේ)

:       0       0

අබය Saturday, 13 August 2016 05:47 AM

කුමාර, ඔන්න අම්බලන්ගොඩ පෝළිමට මිනීමැරුම් සිදුවෙනවා. මුලින්ම ඒවා සමතයකට පත්කරන්න. පස්සේ අපි මෙයා ඔයාට බාර දෙන්නම්. (නි)

:       0       0

ශාන්ත Saturday, 13 August 2016 06:27 AM

දෙයක් වුණාට පසුව අපි හැමෝම එකට එකතුවෙනවා වගේම දෙමවුපියෝ දරුවන්ට ඇඳුම් පැළදුම් අන්ඳනකොට ගැළපෙන ඇඳුම් අැන්ඳුවොත් ඔයවගේ දේවල් අඩුවේවි (නි)

:       0       0

නිර්මාල් Friday, 12 August 2016 03:01 AM

මම මේ මනුස්සයව හොඳටම දන්නවා. ටෙරාන් හරි. මොහුට බයේ කව්රුත් කට ඇරියේ නැහැ. (නි)

:       0       0

දහම් Thursday, 11 August 2016 04:27 PM

මෙයා සමහර පොලිස් ලොක්කන්ගේ සගයෙක් කියලත් ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා. (නි)

:       0       0

සුමිත් Thursday, 11 August 2016 11:57 AM

මේ වගේ අය තියන්න හොද නෑ.(හේ)

:       0       0

චමිල් රූපසිංහ Thursday, 11 August 2016 11:58 AM

මෙතන දරුවන්ට අපරාද කරලා තියෙනවා නම් මෙතන සේවය කරන පාලිකාව හා අයකෑමි කාන්තාවන්ට මොනා කරලා ඇද්ද ?අනික මෙතන අපයෝජනයට ලක් වෙච්ච දේ දරුවන් එළ නොකර කී දෙනෙක් ඉන්නවා ඇද්ද ? මේ දේවල් එළිවුනේ එදා රෑ එතනින් පෑනලා ගිය දෑරුවන් දෙන්න නිසා ඒ දෙන්නට අනිත් ගෑනු ලමයි පින් දෙන්න ඕන.(හේ)

:       0       0

දසුන් Friday, 12 August 2016 03:40 AM

රොකී හරි. ටිකිරි කියන්නේ මේක ලොකු දෙයක් නොවෙයි කියලද. මෙයාවත් පුනරුත්තාපනය කරන්න ඕනෑ වෙයි වගේ. (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Thursday, 11 August 2016 05:22 PM

ලංකාවේ මෙවැනි අයථා ලිංගික හිංසන නැතිකිරීමට නම් අර සෞදි අරාබියේ වාගේ ෂරියා නීතිය තිබිය යුතුයි. එවිට ඉදිරියට මේවා කරන්නට අනික් අය බියවනු ඇති (නි)

:       0       0

කුමාර Thursday, 11 August 2016 05:49 PM

මොහු අම්බලන්ගොඩට එවන්න. ඉතුරු ටික අපිට බාරදෙන්න (නි)

:       0       0

විජය Sunday, 14 August 2016 05:31 AM

මේ මිනිහ වලත්තයෙක් දන්නා අය දන්නවා .බලමු මොකද වෙන්නේ කියල. (බ)

:       0       0

අනුර Thursday, 11 August 2016 05:44 PM

මුහුණ පෙන්නුවට ලංකාදීපයට ප්‍රණාමය! (නි)

:       0       0

ශ්‍රියානි Friday, 12 August 2016 05:33 AM

මේ දේවලට සම්බන්ධ වුන කාන්තාවන්ට උපරිම දඩුවම් දෙන්න ඕන දෙමව්පියෝ හිතන්නේ මෙයාලා නිසා ගැහැණු දරුවන් සුරක්ෂිතව ඇති කියලා,පව් අසරණ දෙමව්පියෝ. දරුවෝ හොදින් අද්‍යාපනය ලබලා ඉහල තැනකට යවන එක තමා හැම කෙනාගේම ප්‍රාර්ථනාව .(හේ)

:       0       0

වීරවර්ධන Friday, 12 August 2016 05:59 AM

මේ අය තමයි දවසකටත් මිනිස්සු. උපරිම දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ජයා Sunday, 14 August 2016 07:49 AM

ඔය මනුස්සයා නෙවෙයි තිරිසනා සල්ලාලයෙක් . මිනිහගේ පැටිකිරිය මුළු මහනුවරම දන්නවා ඕක ගෑණු එක්ක නිර්වස්ත්‍රව ගත්තු ෆොටෝ අන්තර්ජාලයේ තියනවා ඕක මුලින්ම කරන්නේ ඉන්ටෙර්විව් වලට එන ගැණු ළමයි අපයෝජනයට ලක්කිරීම එතනින් එහාට වැඩට ආපු ළමයි අපයෝජනයට ලක්කිරීම. කොහෙවත් නොවෙය ඕකගේ ඔෆිස් එක ඇතුලේ තියාගෙනම උපරිම දඬුවම් දෙන්න ක්‍රියාකරන්න නීතිඥවරුනි ! (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 August 2016 09:39 AM

මේ අපරාධ වලට නම් ඉතින් පළලා ලුණු ගම්මිරිස් දාන රජකාලේ දඬුවම් තමයි යෝග්‍ය. (බ)

:       0       0

නන්ද Thursday, 11 August 2016 12:45 PM

වරදක් කරලා, එය පොඩි වුනත්, ලොකු වුනත් සඟවන්න නම් බැහැ. මෙය සදාතනික ලෝක ධර්මයක්." තමන් කළ වරද කාගෙන් සඟවා ගත්තත්, තමන්ගේ හෘදය සාක්ෂියෙන් සඟවනු නොහැක. තම හදවත දත් විලිස්සා වරදකරුට ඔහු කළ වරද පිළිබඳව දිවා රෑ වදදෙනු ඇත\" මෙය ප්‍රසිද්ධ චීන කියමනක්. (හේ)

:       0       0

ජයරත්න Thursday, 11 August 2016 12:51 PM

මුහුණු වහගෙන ගියාට වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ජගත් Thursday, 11 August 2016 12:56 PM

පාදඩ වැඩ කරලා මුණ වහන් යන එකත් අද ෆෑෂන් එකක් වෙලා නේද ? (හේ)

:       0       0

සුනිමල් Friday, 12 August 2016 06:41 AM

ලංකාවේ දඩුවම් බොහොම ලිහිල් නිසා අපරාදකාරයෝ භය නැහැ . දවසෙන් දෙකෙන් ඇප ලබාගෙන එළියට ඇවිත් තව අවුරුදු 10/15 නඩු කියනවා . (ම)

:       0       0

ලක්ෂි Thursday, 11 August 2016 01:07 PM

පාලිකාවයි,අයකැමිවරියයි.අපිට දුන්නොත් පුනරුප්ථාපනය කරලා දෙන්නම් (හේ)

:       0       0

කිත්සිරි Saturday, 13 August 2016 12:05 AM

අනෙක් දෙමාපියන්ටත් මේවා හොඳ පාඩම් (නි)

:       0       0

සුසන්ත Saturday, 13 August 2016 12:46 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

සඳුන් Saturday, 13 August 2016 12:43 AM

අරාබියේවත්, ෂරියා නීතියේවත් පිරිමින්ගේ හිස ගසාදාන්නේ නැහැනේ ස්ත්‍රී දුෂණයට. ඒ නිසා එහෙ නීති මෙහෙට හරියන්නේ නැහැ. (නි)

:       0       0

සිසිර Saturday, 13 August 2016 02:41 PM

අබයත්, මෙයාලත් එක්කම රිමාන්ඩ් එකේ ඉන්න ඕනෑ කෙනෙක් වගේ මට පෙනෙන්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ. අරක්කු කාලටත් මිනිස්සු මරණ රටක්නේ මේක. (නි)

:       0       0

රංග Sunday, 14 August 2016 10:40 AM

කුමාර, මෙයා ගාල්ලෙන් ඇවිත් නුවර පදිංචි වුණු කෙනෙක්. මුළු නුවරම කනවා. මෙයා පොඩි කාලේ නුවර නගරයේ රස්තියාදු කාරයෙක් (බ)

:       0       0

කුමාර Friday, 12 August 2016 08:08 AM

නිමල් ගේ තව කේස් තියෙනවා. අපචාර ඒවා මුදල්වලට යට වෙලා එම නිසා මේ අයට ඇප නොදී තබන්න.(බ)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 12 August 2016 08:18 AM

බන්ධනාගරයේ ඇතුලට දැම්මාම ක්ලාන්තය නොවේ වල්ලිපුවත් හැදෙන කම් සංග්‍රහය දෙන්න කියන්න ඕනේ (ම)

:       0       0

අනුරාධ Thursday, 11 August 2016 01:50 PM

අන්න හරි ලක්ෂී,උන් දෙන්න විතරක් නෙමෙයි, අනිත් උන් ටිකත් දුන්නොත් උන්ටත් හොඳ පාඩමක් උගන්වල දෙන්න පුළුවන් (බ)

:       0       0

රංග Thursday, 11 August 2016 01:56 PM

අවසාන තීරණය- බඩුත් නැත හොරුත් නැත -නිදොස් කර නිදහස් කරන ලදී (බ)

:       0       0

සම්පත් Friday, 12 August 2016 08:36 AM

ඔය වගේ අය ආපහු මිනිසුන් අතරට එවන්න එපා අරාබිය වගේ හිස ගසා ඉවරයක් කරන්න (බ)

:       0       0

ටෙරාන් Thursday, 11 August 2016 02:04 PM

මේ මනුස්සයා මුලින්ම අපයෝජනය කළේ තම ආයතනයේ වැඩකරන සේවිකාවන්. ඒක දන්නෝ දනිති. සිටින ආණ්ඩුවට හේත්තුවෙලා වැරදි වහගන්න දන්නවා. මෙයාගේ බිරිඳට හුගක් හිරිහැර කරලා තියෙනවා. ඇය මුට බයේ මොනවත් නොකර ඉන්නේ. (බ)

:       0       0

සරසි Thursday, 11 August 2016 02:07 PM

මේ අපයෝජනය වුන දැරියන්ගේ වැඩිහිටියන් ඉඳලා තියෙන්නේ මොන සිහියෙන්ද? නාදුනන තැනක ඉන්න තමන්ගේ නේවාසික ගැහැණු දරුවා සමග මාස ගානක් දුරකථනයෙන් වත් කතා කරන්න ඉඩ නොදෙන්නේ හොඳකට නෙවෙයි කියලා තේරුනේ නැද්ද ? මේ මහ උදවියව තමයි නේවාසික පුහුණුවකට යවන්න ඕන මොලේ සුද්ධ කරන්න. (බ)

:       0       0

සිරි Thursday, 11 August 2016 08:35 PM

"පැස්බරා මුහුණ හැංගුවා වගේ". ඡායාරූපය පළකළාට ලංකාදීපයට ස්තුතියි! (නි)

:       0       0

බටුගෙදර Saturday, 13 August 2016 03:03 AM

ශරියා නීතිය තියෙන්නේ අපේ ආගමේ නොවේනේ. (නි)

:       0       0

ශෂික Thursday, 11 August 2016 10:39 AM

ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි.මොන ආණ්ඩුව තිබ්බත් සල්ලිකාරයෝ නිදහස් වෙනවා.දුප්පත් අපිට තමා ඔය කාගේත් නීති.(හේ)

:       0       0

කුමාර් Thursday, 11 August 2016 10:36 AM

දේශපාලුවෝ තමයි උඩගෙඩි දීලා රටේ දුෂණ වපුරවන්නේ එයාලාගේ වාසියට. (හේ)

:       0       0

නීලා Friday, 12 August 2016 09:12 AM

මම ෂරියා නීතියට කැමති නැහැ . නමුත් මේ වගේ වෙලාවට හිතෙනවා ඒ වගේ නීතියක් ලංකාවෙත් ඇත්නම් හොඳයි කියල. (බ)

:       0       0

නීල් Friday, 12 August 2016 09:18 AM

මට යකා වැහෙන්නේ මෙයාගේ මුණු පොතේ එයාගේ ඇම්බැට්ටයෝ රොත්ත දාල තියෙන කොමෙන්ට් මතක් වෙනකොට. (බ)

:       0       0

අකිල Thursday, 11 August 2016 10:48 AM

වරදට දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

කුමාර් Thursday, 11 August 2016 10:44 AM

මේ නීතිඥයන් 11දෙනාට අපගේ උපහාරය. (හේ)

:       0       0

ඇලෙක්ස් Monday, 15 August 2016 02:30 AM

මෙවැනි අයට නිසි දඬුවම් ලබාදෙනු! හරි දුකක් හිතෙනවා අර දෙමව්පියන් තමන්ගේ ළමයි ගැන කියන හැටියට. ඒගොල්ලොත් වැරදියි. ළමයි මෙහෙම තනියෙන් තියාගන්න යවනවද හරියට හොයලා බලන්නේ නැතුව. මේවා හැමෝටම හොඳ පාඩම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 148 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 477 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 280 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 196 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 939 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 800 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site