IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හිගුරක්ගොඩ පිරිසක් නියඟය පරාජය කරති

නියඟය පරාජය කළ පිරිසක් හිගුරක්ගොඩ මින්නේරිය සමගිපුරයේ සිටිති.පවුල් 250ක් පමණ එහි ජීවත් වෙති.ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදු කිරිමෙන් පසුව ඉවත දමන ජලය රැස්කර වැවක් බැඳගෙන යලමහ දෙකන්නයම වැඩ කරති.අක්කර හයක් හතක් පමණ වන මෙම වැව ගමේ කප්රුක විය.පොළොන්නරුවේ අනෙක් ප්‍රදේශ වල ගංගා,ඇළදොළ,කුඹුරු,ගහ කොළද නියඟයෙන් වියළි ගොස් ඇතත් මේ ගමේ ගහ කොළ සරුසාරය.

නාගලකන්ද ගොවි සංවිධානයේ සභාපති නිමල් කුමාර මහතා පවසනුයේ මහ කන්නයේ වී වගාවට ද කුඹුරු සූදානම් කරන බවයි.

වෙනත් දිස්ත්‍රික් වල මීළග කන්නය වගා කිරීමට නොහැකිව ගොවියෝ ළත වෙති.වසර දහයකින් දොළහකින් නියඟයක් නොදුටු බව සභාපති කියයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමති සමයේ මෙම වැව හදාගැනීමට හැකිවු බවද අඩි 35ක කන්දක් කපා පිරිපහදුවෙන් පිටකරන ජලය රැස්කර තැබීමට මෙම වැව බැඳගත් ඔහු කියයි.

වැවේ ජලපාලක ආර්.ඒ පොඩිමහතා මෙසේ කියයි.

“අපේ ගමට ඕනැ තරම් වතුර තියෙනවා.ගහ කොළ සතා සිව්පාවට උමනාවටත් වඩා වතුර තියෙනවා.පොල් කොස් දෙල් හොදට වැඩෙනවා“

පොල්පිති වලින් තලා හදාගත් වෑකන්ද රැකගැනීම සදහා වැඩි වතුර පිටකරන ඔවුන්ගේ එකම ඉල්ලීම සවිමත් වේල්ලක් තනාගැනීමට උදව් කරන ලෙසයි.

PIX---06--s PIX---07--s PIX---08--s PIX---05--s

PIX---12--s PIX---10--s-(1) PIX---11--s



අදහස් (0)

හිගුරක්ගොඩ පිරිසක් නියඟය පරාජය කරති

තුෂාර සමන් ගුණවර්ධන Tuesday, 11 October 2016 02:28 PM

ඕක කවුරු මොන ආණ්ඩුවෙන් කලාද කියල වැඩක් නැහැ. හොද වැඩක් වගේම නුවන තියන හොද රටටම ආදර්ශමත් ක්‍රියාවක්. මේක අපි හැමෝම ආදර්ශයට ගන්න ඕන. (ර)

:       0       0

දහම් Tuesday, 11 October 2016 03:56 PM

කෝ අනේ වැවේ වතුර.(හේ)

:       0       0

ජයතිස්ස Tuesday, 11 October 2016 05:37 PM

සිංහල මිනිස්සු අවුරුදු දෙදහසකට ඉස්සර සිට වැව් සහ වේලි බැඳ පුරුදු හපන්නු බව අමතක නොකරන්න මෙය අපූරු සාධකයක්. (නි)

:       0       0

කුමාර මහර Tuesday, 11 October 2016 05:47 PM

අගය කළයුතු ආදර්ශවත් දිරිය මිනිසුන් (නි)

:       0       0

චතුරි Tuesday, 11 October 2016 06:35 PM

දහම්, ඔයා වගේ මිනිස්සු ඉන්නකම් අපේ රට දියුණු කරන්න අමාරුයි. තමන්ගේ දෙමව්පියෝ වගේ නේද මේ මිනිසුන්? හරි අසරණයි. මේ මිනිසුන්ට තියෙන මොළේ ප්‍රභූලට තිබුනා නම්...? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 11 October 2016 09:08 PM

ඇයි හැමෝටම මෙහෙම හිතන්න බැරි? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Tuesday, 11 October 2016 09:08 PM

ඔබ වැනි ලංකා පුතුන් රටට වාසනාවන්! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 11 October 2016 09:28 PM

රට ගොඩ ගන්න අපට ඕනෑ උදේ ඉඳන් රෑ වෙනකම් බඩජාරිකමට කොත්තු කකා අරක්කු බිබී, නොදන්නා දේශපාලනයක් ගැන මැත දොඩන පුහු මිනිසුන් නොව ස්වශක්තිය කෙරේ විශ්වාසය තබා තමා කරන කර්මාන්තයට ස්වභාවයෙන් පිහිට ලබාගැනීමට මහන්සිවී වැඩකරන ජනතාවක්. රටේ අනෙක් පෙදෙස් වල ජනයා මේ ගමේ ගොවියන්ව ආදර්ශයට ගන්නේ නම් දේශපාලනයෙන් තොරව වුවත් රට දියුණු කරගන්න බැරි වන්නේ නැහැ. (නි)

:       0       0

සිරි Wednesday, 12 October 2016 12:47 AM

අාදර්ශමත් ගොවි ජනතාවක්. ඔබලාට ජය! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 11 October 2016 08:21 AM

ඔන්න දුරදක්නා නායකයෝ! විශ්වාසයි ජනපතිතුමා මේක දැක්ක ගමන් වැවු තාවුල්ලත් බඳිනවා. එතුමා දන්නවා ගොවි ජනතාව විඳින දුක (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 12 October 2016 01:09 AM

හේමපාලගේ කතාවට මම ගරු කරනවා. බලන්න මාලදිවයින වැසි ජලය එකතුකොට ප්‍රයෝජනයට ගන්නවා (නි)

:       0       0

නිශාන්ත Tuesday, 11 October 2016 08:28 AM

මෙන්න සැබෑ දිරිය මිනිස්සු! (නි)

:       0       0

අතුල Tuesday, 11 October 2016 08:28 AM

කලින් ජනාධිපතිතුමා හිටිය හම්බන්තොට මේ වගේ තැනක් හොයා ගන්නත් නැහැ. ඕකට තමයි වෙනස කියන්නේ. (නි)

:       0       0

අසංග Tuesday, 11 October 2016 08:56 AM

රටටම ආදර්ශයක් දෙනවා. සුබ පැතුම්. (බ)

:       0       0

මහසෙන් Tuesday, 11 October 2016 09:01 AM

මේක ගිය ආණ්ඩුවෙන් කරපු වැඩක් නේද එතකොට? (නි)

:       0       0

රවී Tuesday, 11 October 2016 09:09 AM

ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

නලින් Tuesday, 11 October 2016 09:17 AM

හැමෝටම ආදර්ශවත් වැඩක්. තම තමන්ගේ පළාතේ අය එකතුවෙලා මේ වගේ දේවල් කරගන්න බලන්න ඕනේ හැමදේම නිකන් ආණ්ඩුවෙන් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව. ලංකාව තාම දුප්පත් රටක්. ණය වලින් තමයි ඔලුව උස්සන්න හදන්නේ. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අඩුම ගානේ තමන්ගේ ගෙදර ඉස්සරහ පාරේ කානුව වත් සුද්ද කරලා පිළිවෙලට තියාගන්න බලන්න. එතකොට වතුරවලට පාර කැඩෙන්නේ වත් නැතිවෙයි. (බ)

:       0       0

චානක Tuesday, 11 October 2016 09:22 AM

කාලෙකට පස්සේ හිත සැනසෙන පුවතක් (බ)

:       0       0

හේමපාල Tuesday, 11 October 2016 09:27 AM

තියෙන වැව් ටිකත් ගොඩවෙලා රජයේ කිසිම ප්‍රතිපත්තියක් නෑ , ඒවා හදන්න , රටට ඕනෙ තරම් වහිනවා , ඒවා එහෙම් පිටින්ම මුහුදට යනවා , ඒ වතුර හරියට ආරක්ෂා කළානම් නියගයට හොද විසදුමක් නේද ? , සොබාදහම ලස්සනට කිරල මැනල වැස්ස දෙනවා , මේ රටේ දේශපාලුවෝ රට කනවා (බ)

:       0       0

චමල් Tuesday, 11 October 2016 09:34 AM

අඳුරේ ඉඳගෙන අඳුරට මැසිවිලි කීමෙන් නැත එළියක් එන්නේ. අඳුරට පහනක් දල්වන මිනිසා මිනිස් වගට එළියක් වෙන්නේ. වැහි එනකන් උඩ බලන් නොඉඳ ආදර්ශයක් වුන මිනිස්සු (බ)

:       0       0

අතුල Wednesday, 12 October 2016 03:27 AM

ප්‍රියාන්, ඇයි ඔයාට පෙනෙන්නේ නැද්ද ජනාධිපතිතුමා මහවැලි ඇමති සමයේ මේ වැව හදාගත්තා කියලා තියනවා. ඔයාලා වගේ අයට කියන්නේ දේශපාලන කුහකයෝ කියලා (නි)

:       0       0

අතුල Wednesday, 12 October 2016 03:29 AM

අනුරාධ, මම හොඳට හිතලා තමයි මේකේ අදහස් දාන්නේ. කාට රිදුනත් මට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 11 October 2016 09:41 AM

අනේ අතුලයි මමයි දන්න වෙනස,,ඕකට නෙවෙයි වෙනස කියන්නේ..එ්ක ඒ මිනිස්සුන්ගේ දහිරිය..එ්ක අගේ කරන්නේ නැතුව වෙන බහුභූත කියවන්න එපා..(බ)

:       0       0

සෙනරත් Tuesday, 11 October 2016 10:14 AM

ඕක ගමේ හිත හොඳ ධෛර්යවන්ත මිනිසුන්ගේ වැඩක්. (නි)

:       0       0

ඉරේෂ් Wednesday, 12 October 2016 04:05 AM

අතුලලා වගේ අයට තමයි "ගොට්ටෝ" කියන්නෙ. මේ අයට අනුකම්පා කරමු (බ)

:       0       0

ලෙස්ලි Tuesday, 11 October 2016 10:34 AM

දකිනකොටත් ආසයි මේවා (නි)

:       0       0

අජිත් Wednesday, 12 October 2016 04:31 AM

අගය කළයුතු ආදර්ශවත් දිරිය මිනිසුන් (නි)

:       0       0

මහින්ද Wednesday, 12 October 2016 04:35 AM

ඔන්න නියම රජවරු! (නි)

:       0       0

සිරිමාන්ත Tuesday, 11 October 2016 10:50 AM

මෙන්න රත්තරන් ආදර්ශවත් මිනිස්සු. මේ වගේ මිනිසුන්ට තමයි පුලුවන් තරම් උදව් කරන්න ඕනෑ. (නි)

:       0       0

අමරකෝන් Wednesday, 12 October 2016 04:58 AM

අතුලගේ හිතිල්ල පෙනෙනවා දාන අදහස් වලින්. මේකේ කොහෙවත් කියලා තියනවද මෛත්‍රිපාල ඇමතිතුමා මේක හෑදුවා කියලා. එයා ඈමති කාලෙ ගොවියො තම මහන්සියෙන් වෑකන්ද පොල්පිති වලින් තලලා හදලා තියෙන්නෙ. මෛත්‍රිපාල මහතා එක් එක් ජාතියෙ ඇමතිලා වෙලා හිටියත් කරපු නම පවතින වැඩක් හිතලා කියන්නකො. (නි)

:       0       0

ගාමිණී Wednesday, 12 October 2016 04:59 AM

කූඹි වැහි කාලෙට කන්න වැහි නැති කාලේ එකතුකරලා තියනවා. අඩුමගානේ අපි කූඹිවත් අනුකරණය කරලා අපිත් වැහි කාලේදී ලැබෙන වතුර ටික එකතු කරගන්න ක්‍රමයක් හැදුවා නම්. හැබැයි කූඹි මේක කරන්නේ එකමුතුකම නිසා. අපට වෙලා තිබෙනේ කිසි එකමුතුවක් නැහැ. දේශපාලකයෝ ඔවුන්ගේ වාසියට අපිව බෙදලා. අපිත් බෙදිලා එකිනෙකාට දොස් පවරමින් ඉන්නේ නැතුව දැන්වත් එකමුතුවෙමු. (නි)

:       0       0

ජයා දෝහා Wednesday, 12 October 2016 05:15 AM

ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදුකොට මුදාහරින බීමට නුසුදුසු ජලය තුළ මා දන්නා පරිදි රසායනික කොටස් අඩංගු වේ. මන්දයත් ජලය පිරිසිදු කිරීමට ක්ලෝරීන්, අැලුමිනියම් සල්ෆේට්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය යොදාගනු ලැබීමයි. මෙවැනි ජලය යොදාගෙන වගා කටයුතු කිරීම කොතරම් දුරට හිතකරද නැද්ද යනවග වගකිවයුත්තන්ගෙන් දැනගතයුතු කරුණකි (නි)

:       0       0

විපුල Wednesday, 12 October 2016 06:06 AM

දැන් ඉන්න ජනපති මෙයාලට කළ දෙයක් නැහැ මෙතන මෙම පිරිස විසින් තමයි කළ දෙයක් තියෙන්නේ. (බ)

:       0       0

සෑම් Wednesday, 12 October 2016 06:22 AM

නිකන් බොරු එපා. අර්ජුන මහේන්ද්‍රන්ට කිසි දෙයක් කරන්නේ නැතුවට මෙන්න කැට. (බ)

:       0       0

නලින් Wednesday, 12 October 2016 07:07 AM

ජලය පිරිපහදු කරන්න අහිතකර කිසිම දෙයක් ගන්නේ නෑ එහෙම නම් වගාවට කලින් මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකරයි නේ. (බ)

:       0       0

අනුරාධ Tuesday, 11 October 2016 01:09 PM

අතුල, මීට වැඩිය බුද්ධිමත්ව හිතුවොත් හොඳයි නේද.? (ර)

:       0       0

සිසිර Tuesday, 11 October 2016 01:51 PM

ඉතා අගය කලයුතුයි. ඔබට ජය. (ර)

:       0       0

දුමින්ද Tuesday, 11 October 2016 01:51 PM

වැසිවතුර වගාව සහ ප්‍රතිචක්රීකරනයේ පලදාව. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 951 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site