(සුජිත් හේවාජුලිගේ)
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දැනට එම ගුවන් තොටුපොළේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කරනු ලබන්නේ ගුවන් හමුදාව විසිනි.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ මෙම ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීමෙන් පොලොන්නරුව,සීගිරිය,අනුරාපුරය,දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට
Sunil Wednesday, 03 May 2023 12:41 PM
මත්තල වෙලෙනව, රත්මලාන වෙලෙනව, පල්ලාලි වෙලෙනව. තව මොන තරු පන්තිද? මැයි 01 වෙනිද නොපෙනුනානම් ලගදීම තරු පෙනෙයි.
aravinda Monarawila Wednesday, 03 May 2023 03:20 PM
සමගමින් කොමිස් ලබුනෙ නැහැනෙ එ නිස චිනෙක්ට දීපන් එතකොට තොට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙයි එකට මෙ දගලන්නෙ.
Hafeel Wednesday, 03 May 2023 04:19 PM
මත්තල, පලාලි, රත්මලාන ගුවන්තොටුපොළවල් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහා පරිමාණයෙන් දිනපතා පාඩුලබන විට මේ හාදයා මේ වැඩේ කරන්නේ කොමිස් ගන්නද? දැනට තියන ගොවන්තොටුපොළවල් ගොඩ දාන්න බැරි මොහොතේ.., මේ කරන්නේ දුෂණ, වංචාවට මිස අවංක උවමනාවෙන් නොවේ.
Bunny Preena Wednesday, 03 May 2023 04:35 PM
නැව ගිලුණත් බෑන් චූන්...!
Ruhunu Wednesday, 03 May 2023 04:58 PM
කොමිස් බන්දුල...!
ලමය Wednesday, 03 May 2023 05:07 PM
මේ සෙට්වෙන්නේ හොඳ ගාණකට කෙලින්න තමයි. හොරකම පගාව මෙයාගේ ලේවලට බද්දවෙලා තියෙන්නේ...