IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිටිගමන් ජාතික ආණ්ඩුවක්

ජාතික රජයක උපත අද (22) සිදුවනු ඇත.වාර්තා වන ආකාරයට ජාතික රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇමතිධූරයන් 9 ක් වෙන්ව තිබේ.

මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාට සම්බන්ධ විශ්වාසදායක ආරංචිමාර්ග පෙරේදා සදහන් කළේ දැනට පවතින අමාත්‍යධූරයන්ට අදාළ විෂය පථයන්ගේ වෙනස්කිරීම් සිදුකර නව අමාත්‍යධූරයන් ඇති කෙරෙන බවයි.මෙය එක්සත් ජාතික පක්ෂයත්,ශී‍්‍රලංකා නිදහස් පක්ෂයත් එම පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලබාදීම තහවුරු කරන්නකි.ඉදිරි කටයුතු දියත් කිරීම සදහා සැළසුම් දැන් ඇතිකෙරෙමින් පවතින අතර පාර්ලිමෙන්තු මැතිවරණය ජූනි මාසය දක්වා කල්යනු ඇත.

ජනපති සිරිසේන තමන් සභාපතිත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් කැදවා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එකට එක්වන ජාතික රජය ගැන ඔවුන් දැනුම්වත් කිරීමටත්,ජාතික රජයේ අරමුණු ගැන පැහැදිලි කිරීමටත් නියමිතව තිබුණි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව පෙර අවස්ථාවකදී ජනපතිවරයාට ඉදිරිපත් කළ ලියැවිල්ලකද මෙසේ ජාතික රජයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ගැන සදහන් විය.එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයේම එකගතාවය මත දැන් පාර්ලිමෙන්තු මැතිවරණය ජූනි මසදී පැවැත්වෙනු ඇත.මෙය ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග‍්‍රහණයක් වනවා සේම කෙසේහෝ ව්‍යවස්ථා සංශෝධනයන් සම්මත කර ගැනීම සදහා එම පක්ෂයේ සහය ලබාගැනීමට සමත්වූ වත්මන් රජයේද ජයග‍්‍රහණයකි.

ජනපතිවරයාම මැදිහත්ව දියත් කරන මේ කි‍්‍රයාදාමයේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ ඉබි ගමනින් යමින් තිබෙන වංචා හා දුෂණ කටයුතු වල යෙදී ඇත්තවුන් පිළිඹද පරීක්ෂණ කටයුතු ඉක්මන් කරවීමටය.ඇති කිරීමට යන නව අමාත්‍යධූරයන් වලින්ද ජනපතිවරයාගේ මේ වුවමනාව දැකගත හැකිවනු ඇතැයි සදහන්ය.නව ඇමතිධූර හදුන්වාදීමේ කටයුතු අද දිනයේදී සිදුවීමට නියමිතය.

ජාතික රජයක් පිහිටුවීමට මෙසේ කටයුතු සිදුවෙද්දී කැබිනට් මණ්ඩලයද අද දිනයේදී විශේෂ හමුවක් පවත්වනු ඇත.එහි ප‍්‍රධාන කොටම සාකච්ඡුාවට බදුන්වනු ඇත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිඹදව හා එයට සිදුකළ යුතු අවසාන වෙනස් කිරීම් පිළිඹදවය.ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් ඇතැම් කරුණු කෙරෙහි වත්මන් රජයේ හවුල්කාර පාර්ශවයන්ට ඇත්තේ නොසතුටක් බව රහසක් නොවේ.

පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා එදින සිටම නොයෙකුත් වෙනස් කිරීම් වලට ලක්වුනි.එය පළමුවෙන්ම සිදුවූයේ පක්ෂ නායකයින් හමුවූ රැුස්වීමකදීය.නැවත වරක් කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් කැදවූ අවස්ථාවකදීද යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට තවදුරටත්  සිදුකළ යුතු වෙනස් කිරීම් පෙන්වා දෙනු ලැබුණි.මෙම අවස්ථා දෙකටම සහභාගීව සිටි නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා  ව්‍යවස්ථා සංශෝධන යෝජනා වැඩිදුරටත් පැහැදිලි කිරීම සිදුකළේය.ජයම්පති වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ඉදිරිපත් කළ  ව්‍යවස්ථා සංශෝධන යෝජනා සකස්කිරීම සදහා ඔහු හා ඉතාම සමිීපව කටයුතු කළ අයෙකි.

මෙම අවස්ථා දෙකෙහිදී පළවූ අදහස් වලට අනුව තවදුරටත් වෙනස් කිරීම් සිදුකෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 13 වැනිදා ගැසට් කෙරුණි.විෂමතාවන් හා වෙනත් ගැටලූ එහි තිබෙතත් එවැනි දේ් අපේක්ෂා කළ යුතුය.එම අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම අද දිනයේදී සිදුවනු  ඇත.සියලූ ගැටලූ නිරාකරගත්තායින් පසු අවසන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය  පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබාගැනීම සදහා එළැඹෙන මස ඉදිරිපත් කෙරෙනු ඇත.

දේශපාලන පක්ෂ නායකයින් නැගූ විරෝධය හමුවේ අගමැතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය යෝජනාවලියෙන් ඉවත් කර ගැනීමට සිදුවුනු යෝජනා අතුරින් එකක් වන්නේ රාජ්‍ය කවුන්සිලයක් ඇතිකිරීම සදහා වූ යෝජනාවයි.මෙයට විරෝධය පළ කළ පක්ෂ අතරින් ඉදිරියෙන්ම සිටියේ ජාතික හෙළ උරුමයයි.අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ එකගතාවයෙන් පත්කෙරෙන මෙම කවුන්සිලයට සාමාජිකයින් 36 දෙනෙකු ඇතුළත් වන්නේ යැයි සදහන් වූ අතර එම කවුන්සිලයේ කාර්යභාරය වූයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය යටතේ කි‍්‍රයාත්මක වන විවිධ වැඩපිළිවෙල සම්බන්ධව  සොයාබැලීම,යහපාලනයේ ප‍්‍රතිපත්තීන් රජයේ සියලූ ආයතන වල කි‍්‍රයාත්මක වනවාදැයි සොයාබැලීම ආදියයි.පළාත් සභා අමාත්‍යවරුන් හා පාර්ලිමෙන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂ සාමාජිකයින් හා ස්වාධීන කණ්ඩායම් වල සාමාජිකයින් මෙම කවුන්සිලයට තෝරා ගැනෙන බව සදහන් වුනි.අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලියේ තිබුණු නියෝජ්‍ය අගමැතිවරයෙකු පත්කිරීම සදහා  වන යෝජනාවද මේ හා සමානවම ඉවත් කර ඇත.

ජනපතිවරයා සෑම විටම අගමැතිවරයාගේ උපදෙස් යටතේ කි‍්‍රයාත්මක විය යුතුබවට සදහන්වූ යෝජනාවද ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට පසුගිය සදුදා පැවැත්වුනු අමාත්‍ය හමුවෙන් පසු ඉදිරිපත් කළ නව යෝජනාවලියේ සදහන්වූයේ ජනපතිවරයා තම කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවට සෘජුවම වගකිවයුතු බවයි.

‘ලබාදී තිබෙන බලතල භාවිතා කරන ආකාරය පිළිඹදව,ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් පවරා දී ඇති රාජකාරි කි‍්‍රයාත්මක කිරීම පිළිඹදව,විශේෂයෙන් මහජන ආරක්ෂාව සම්බන්ධ රාජකාරි කි‍්‍රයාත්මක කරන අයුරු පිළිඹදව ඔහුට හෝ ඇයට වගකීමට සිදුවන්නේ පාර්ලිමෙන්තුවටය.’ යැයි එහි දැක්වුනි.

පසුගියදා ගැසට් කෙරුණු අගමැති රනිල් වික‍්‍රමසිංහ සකස් කළ ව්‍යවස්ථා සංශෝධන  යෝජනාවලියේ ඉතාම වැදගත් කරුණක් අල්ලස් හා දුූෂන විමර්ෂණ කොමිසම සම්බන්ධයෙන් සදහන්ව ඇත.

‘වංචාවක් හෝ දුෂණයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිල්ලක් අනුව හෝ කොමිසම  තමන්ම අදුනාගත්නා වංචාවක් හෝ දුෂණයක් සිදුව ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ බලය අල්ලස් හෝ දුෂණ කොමිසමට හිමිය.පවතින  නීති ප‍්‍රකාරව එම කටයුතු සිදුකිරීමට කොමිසමට අවසරය ඇත.’

මෙය වැදගත් වන්නේ වර්තමානයේ පවතින නීතියට අනුව කොමිසමට  කි‍්‍රයාත්මක විය හැක්කේ එයට ලැබෙන පැමිණිල්ලක් අනුව පමණක් හෙයිනි.ව්‍යවස්ථා  සංශෝධනයේන පසු කොමිසමට තමන්ම මෙහෙයවී වංචාවක් හෝ දුූෂණයක් සිදුවී ඇත්දැයි සොයාබැලිය හැකිය.

තවත් වැදගත් යෝජනාවක් වන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්වීම තහනම් කර තිබීමයි.කැබිනට් මණ්ඩලය 30 කට සීමා වේ.නියෝජ්‍ය ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් ගණන 40 නොඉක්මවනු ඇත.

ගැසට් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පුරවැසියෙකුට තොරතුරු  දැනගැනීමට ඇති අයිතියද තහවුරු කර ඇත.14 ඒ වගන්තියෙන් යෝජනා කර තිබෙන පරිදි  ඕනෑම පුරවැසියෙකුට රජය,අමාත්‍යංශ,රජයේ දෙපාර්තමෙන්තු හෝ ව්‍යවස්ථාපිත ආයතනයක,පළාත් පාළන ආයතනයක පවතින  ඕනෑම අමාත්‍යංශයක,දෙපාර්තමෙන්තුවක,ව්‍යවස්ථාපිත ආයතනයක, ඕනෑම රාජ්‍ය පරිපාලන ආයතනයක,රජයේ වෙනත් ආයතනයක තොරතුරු ලබාගැනීමේ අයිතිය ඇත.තම  අයිතීන් සුරක්ෂිත කරගැනීම සදහා මෙසේ තොරතුරු ලබාගැනීමට පුරවැසියාට අවස්ථාව ලබාදීම වැදගත්ය.

පුරවැසියෙකු සතු තොරතුරු දැනගැනීමේ අයිතියට කිසිදු බාධා කිරීමක් සිදුනොකළ යුතු බව බවද මෙම යෝජනාවේ වැඩිදුරටත් සදහන් වේ.නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අවශ්‍යතාවන් වන ජාතික ආරක්ෂාව,ස්වෛරීභාවය,මහජන ආරක්ෂාව,අපරාධ මර්දනය,යහපත් සෞඛ්‍යය,ආචාරවිධි,අන් අයගේ ගෞරවය හා අයිතීන් සුරක්ෂිත කිරීම,පෞද්ගලිකත්වය,රහස්‍යතාවය සුරකින්නේයැයි දුන් පොරොන්දුව මත තොරතුරු හෙළිකිරීමට ඇති හැකියාව,අධිකරණයේ අපක්ෂපාතීභාවය ආදී කරුණු සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීමේ අයිතියක් පුරවැසියාට නැත.එවැන්නක් සිදුකර ඇත්තේ ප‍්‍රජාත්ත‍්‍රවාදී සමාජයක සෑම දෙනාටම සමාන අයිතිවාසිකම් ලබාදීමට හා සෑම දෙනාටම සමානව සැළකීමට ඇති හැකියාව  තහවුරු කරනු වස්ය.පුරවැසියා යනු කවරෙක්දැයි මෙම වගන්තියේම 3 වැනි කොටසේ සදහන් වන අතර ඊට අනුව පුරවැසියෙකු වන්නේ කිසියම් සමාජ ව්‍යුහයකට  අනුබද්ධව සිටිනා පුද්ගලයෙකි.

සෞඛ්‍යය හා ආචාරවිධි ආරක්ෂා කිරීම මැයෙන් යෝජනාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතවුවත් ඒ පිළිඹද වැඩි පැහැදිලි කිරීමක් මේ දක්වාම සිදුව  නොමැත.ආරක්ෂා කෙරෙන්නේ කුමන ආචාරවිධිද? මෙය අපහැදිලිය.මෙම යෝජනාවටම බද්ධව අන් අයගේ අයිතීන්ද සුරක්ෂිත කිරීම යැයි වගන්තියක්  තිබෙන අතර එම වගන්තියෙන් පැවසෙන දෙයට ඇති ප‍්‍රායෝගික ස්වභාවය සෞඛ්‍යය හා ආචාරවිධි ආරක්ෂා කිරීම යන්නට නැත.

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ 30ල 1 වගන්තියේ මෙලෙස සදහන් වේ.

ශී‍්‍රලංකා ජනරජයට ජනපතිවරයෙකු සිටිනු ඇත.රාජ්‍ය නායකයා වන්නේත්,විධායකයේ ප‍්‍රධානියා වන්නේත්,පාර්ලිමෙන්තුවේ ප‍්‍රධානියා වන්නේත්,ආරක්ෂක අංශ වල සේනාධිනායකයා වන්නේත් ඔහුය.

විධායකය හා කැබිනට් මණ්ඩලය අතර ඇති සබදතාවය පැහැදිලි කරන ව්‍යවස්ථා යෝජනාවලියේ 8 වැනි පරිච්ඡේදයේ සදහන් වන්නේ  මෙලෙසය.

42 ,3 වගන්තිය ප‍්‍රකාරව කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේ අගමැතිවරයාය.එනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමෙන්තුවේ ප‍්‍රධානියා වන්නේ ජනපතිවරයාය.කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේ අගමැතිවරයාය.

මෙය අද පැවැත්වෙන අමාත්‍ය හමුවේදී විශේෂයෙන් අවධානයට ලක්විය යුතු කරුණකි.ඉදිරිපත් කෙරී ඇති තවත් යෝජනාවකින් ජනපතිවරයාට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ඇති බලය අහෝසි කර තිබෙන අතර ඔහුට එය කළ හැක්කේ පාර්ලිමෙන්තුවේ ධූර කාලයෙන් අවුරුදු 4 කුත් මාස 6 කුත් ගතවී තිබෙන අවස්ථාවකදී හෝ පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් (එම  අවස්ථාවේ පාර්ලිමෙන්තුවේ නොමැති මන්ත‍්‍රීවරුන්ද ඇතුලූව* පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුයැයි ඉදිරිපත් කෙරෙන යෝජනාවකින් පසුවය.ජනපති  සතුව තිබූ බලතලද යම්තාක් දුරට හිමිකරදී තිබෙන අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේද ප‍්‍රධානියා ලෙස පත්කර තිබීම යම් අවස්ථාවලදී අස්වාභාවික තත්ත්වයන් ඇතිකරනු ඇත.උදාහරණයක් ලෙස කිවහොත් සේනාධිනායකයා හා (නැතිනම්  මහවැලි කටයුතු භාර ඇමතිවරයා* ආරක්ෂක කටයුතු භාර ඇමතිවරයා වන ජනාධිපතිවරයාට තමන් ජනපතිවරයා වුවත් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා නොවන  හෙයින් කැබිනට් මණ්ඩලයේ පෙනී සිටීමට සිදුවනු ඇත්තේ සාමාන්‍ය ඇමතිවරයෙකු ලෙසය.

දැන් ගැසට් පත‍්‍රයට ඇතුළත් කර තිබෙන පෙර අගමැති වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අන්තර්ගතවුනු යෝජනාවක් වන්නේ මැතිවරණ  කොමසාරිස්වරයා යටතේ කි‍්‍රයාත්මක විශේෂ පරිපාලන ඒකකයක් ඇතිකිරීමයි.මෙම  ඒකකයේ රාජකාරිය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ලබාදෙන උපදෙස්වලට පටහැනිව මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යයන් අධීක්ෂණය කිරීමය.කිසියම් මාධ්‍ය ආයතනයකට තමන් එක් පුද්ගලයෙකුට හෝ එක් පක්ෂයකට පක්ෂපාතීත්ව හෝ කිසියම් ගැටලූවක් මුල්කරගෙන හෝ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදීමට අවශ්‍යවන්නේ නම් ජනමත විචාරණයක් පවත්වා එම මාධ්‍ය ආයතනය මැතිවරණ සමයේදී එවැනි ප‍්‍රචාරණ උපක‍්‍රමයක් අනුගමනය කිරීම ගැටලූවක් නොවන බව සහතික කිරීමක් සිදුකළ යුතුය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුම්වත් කිරීමට පසුගිය බදාදා ජනපති  සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පැවති හමුවේදී රාවය පුවත්පතේ සංස්කරණ උපදේශක වික්ටර් අයිවන් මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට නව ව්‍යවස්ථාවෙන් ලබාදෙමින් සිටින අවකාශය මාධ්‍ය ආයතන වල පැවැත්මට කිසිසේත්ම යහපත් නොවන බව පෙන්වා දුන්නේය.ඔහු පැවසූ දෙය සටහන් කරගත් ජනපතිවරයාද මේ පිළිඹදව  තවදුරටත් සළකා බැලිය යුතුයැයි පිළිගත්තේය.මෙම යෝජනාව මුල්කරගෙන මාධ්‍ය ආයතන වලද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර හදුන්වාදීමට යන  නව නීති කි‍්‍රයාත්මක කිරීම මාධ්‍ය පිළිඹද නොදන්නා පුද්ගලයින් අතට පත්වුවහොත් කුමක්වේදැයි එම ආයතන බියපත්ව සිටී.ඔවුන්ට අනුව මෙය දෙපැත්ත කැපෙන අවියක් බදුය.යහපත අරමුණු කරගෙන හදුන්වාදී ඇතත් මෙයින් මාධ්‍ය නිදහස උල්ලංඝනය වන බව ඔවුන්ගේ අදහසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙලෙස ඔපමට්ටම් වෙමින් තිබියදී විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයට තවමත් විසදුමක් ලැබී නොමැත.ඉදිරිපත්ව ඇති ඇතැම් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලීන්ගේ බලතල  කප්පාදුවක් සහිතව විධායක ජනාධිපතිධූරය එලෙසම පවත්වාගෙන යුතුයැයි සදහන්ව  තිබීම තත්ත්වය තවත් බරපතල කර තිබේ.පසුගිය සතියේ පැවති ජාතික විධායක කවුන්සිල හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන් අහෝසි කරන ලෙස දැඩිව ඉල්ලා සිටියේය.බලතල කප්පාදුවක් සහිතව විධායක ජනාධිපතිධූරය දිගටම පවත්වාගත යුතුයැයි යන මතයේ සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

‘විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියන එක තමයි අපේ  මතය.ජනාධිපතිවරයාට වුවමනානම් යම් යම් බලතල තමන් අතම රදවා ගන්නල අපේ විරෝධයක් නැහැ නියමාකාරයෙන් විනිවිද භාවයකින් යුතු ක‍්‍රමවේදයකින් ඒ බලතල ඔහු සතුකර දෙනවානම්’ යැයි සන්ඬේ ටයිම්ස් හා විශේෂ ප‍්‍රකාශයක් කරමින් අනුර කුමාර දිසානායක පැවසීය.විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු නැතැයි ජනපතිවරයාට කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට දොස් නැගූ,අපහාස කියූ,නින්දා කළ පුද්ගලයින් යැයි ඔහු කීය.එවැනි පුද්ගලයින්ගේ කියුම් සැළකිල්ලට ගැනීමට ජනපතිවරයා කටයුතු කළ යුත්තේ මන්දැයි ඔහු විමසීය.

රට කරවන ති‍්‍රත්වය එනම් ජනපති සිරිසේන,අගමැති වික‍්‍රමසිංහ හා හිටපු ජනපතිනී බණ්ඩාරනායක අතර පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු හමුවේදීද යෝජිත ව්‍යවස්ථා සශෝධනයන් පිළිඹද සාකච්ඡුා කෙරිණ.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතාද තමන්ට ලැබෙන කැදවීම් වලට අනුව මෙම හමුවට සහභාගී වූ අතර ඔහුගේ පැමිණීම අවශ්‍යවූයේ මාධ්‍ය ප‍්‍රධානීන් හා පැවති හමුවේදී ජනපති සිරිසේන පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන්නේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ පසු බව පවසා තිබීම නිසාය.එක්සත් ජාතික පක්ෂය පසුගිය සමයේ නැවත නැවතත් ප‍්‍රකාශ කර සිටියේ අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බවය.නමුත් දැන් ජනපතිවරයාගේ ප‍්‍රකාශයට අනුව එසේ පාර්ලිමෙන්තුව විසිරුවීමක්  සිදුවන්නේ නැති බව සහතිකය.මෙය එක්සත් ජාතික පක්ෂයට බලවත් පහරකි.පාර්ලිමෙන්තුව 23 වැනිදා විසිරුවීම පාදක කරගෙන ඔවුන් දියත් කිරීමට සැළසුම් කර තිබූ මැතිවරණ වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුව  ඇත.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හමුවේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි සිතිය හැකිය.හමුවේදී වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන් කිරීමට ශී‍්‍රලංකා නිදහස්  පක්ෂය සැළසුම් කර ඇත.ඒවා අතර යෝජිත ජාතික රජය හා ව්‍යවස්ථාවට හා මැතිවරණ ක‍්‍රමයට සිදුකෙරෙන වෙනස්කම් පිළිබද කරුණු ප‍්‍රධානය.ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයේ යෝජනාද ඉදිරිපත් කිරීමට ඇති හැකියාවද මෙහිදී විමසා බැලෙනු ඇත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් මෙසේ හමුවන්නේ  රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ වැදගත් මොහොතකදීය.

පසුගිය අගහරුවාදා ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සභාපති (දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපති* ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා පක්ෂයේ ඡුන්ද  කොට්ඨාශ සංවිධායකයින් අතර විශේෂ හමුවක් පැවැත්විනි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පක්ෂයේ නායකත්වය ලබාදුන්නා සේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපතිධූරයද භාරදී ඇති බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට ජනපතිවරයා දැඩි උත්සාහයක් ගත්තේය.හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ මහතාට පක්ෂපාතී ජේ්‍යෂ්ඨයින් පිරිසක් තවමත් පක්ෂයේ සිටියත් ඔවුන්ද ඇතුලුව මුලූ පක්ෂයේම සහය දැන් ලැබිය යුත්තේ වත්මන් පක්ෂ නායකයා වන තමන්ට බව මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බව ජනපති සිරිසේන කීවේය.

ඉදිරියේ තිබුණු මයික‍්‍රපෝනයන් අතින් ස්පර්ෂ කරමින් ඉතාම හැගුම්බර  ස්වරූපයකින් කතා කළ ජනාධිපතිවරයා තම අරමුණ වන්නේ පක්ෂය බෙදීමට ඉඩ නොදී ජයග‍්‍රහණය දක්වා ගෙන යෑම බව පැවසීය.ඔහුගේ හැසිරීමේ නොසන්සුන්කාරී බවත් තිබුණේනම් එය අපේක්ෂාකළ යුත්තකි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන ආගමනයක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව සිතා සිටින නිසාත්,ඔහු පක්ෂය දෙකඩ කිරීමට කැසකවමින් සිටින්නේයැයි ඔවුන් විශ්වාස කරන නිසාත් මහින්ද රාජපක්ෂ තමන්ට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතීත්වය භාරදුන්නේයැයි කියන විට ඊට පළවන ප‍්‍රතිචාරය කෙබදුවේදැයි සිතා ජනපති සිරිසේන නොසන්සුන්කාරීවීම ස්වභාවිකය.

ප‍්‍රසිද්ධියේ අදහස් පළ නොකළද මෛතී‍්‍රපාල සිරිසේන මහතාට විරුද්ධ අදහස් පළ කරමින් සිටි ඇතැම්හු ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපතීත්වය  හිමිවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්ත පළ කරති.ඔවුන් මෙසේ ප‍්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් වැළකී සිටියේ ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය හා සබදතා  ඇතිකරගෙන සිටීමත්,එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජය වංචනිකයින්ට හා දුූෂිතයින්ට  දඩුවම් කරන බව පැවසුවද එම කටයුතු වල ප‍්‍රගතියක් තවමත් දක්නට නොතිබීමත් නිසාය.ඔවුන්ට සැගවී සිටීමට තවත් ප‍්‍රධාන හේතුවක් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තවමත් තිබෙන ජනතා ප‍්‍රසාදයයි.ඔහුට නොයෙකුත් උත්සව සදහා සහභාගී වන්නැයි තවමත් ආරාධනා ලැබෙන අතර එම සෑම උත්සවයකදීම ඔහුව ජනතාව වටකරගන්නා බව සදහන්වුනු මාධ්‍ය වාර්තා රාශියක් පසුගිය සමයේ දැකගත හැකිවුනි.මෙය කිසිසේත්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රසාදය සදහා නොවන්නකි.මහින්ද රාජපක්ෂව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරගන්නැයි පක්ෂ නායකයින්ට බලකෙරෙන අරමුණින් සංවිධානය කර තිබෙන තෙවැනි රැුස්වීම මෙම මස 26 වැනිදා රත්නපුරදී පැවැත්වීමට නියමිතය.මෙයට දැන් ජනපති සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති පුටුවට කළ සම්ප‍්‍රාප්තියට රහසේ කැමැත්ත පළ කර තිබෙන ඇතැම්  එක්සත් ජනතා නිදහස් පක්ෂ ජේ්‍යෂ්ඨ සාමාජිකයින් සහභාගී වීම හෝ නොවීම එදිනට බලාගත හැකිය.ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මේ පුද්ගලයින් අතර නැත.ඔහුගේ පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවේ.ඉදිරියේ සිදුවීමට නියමිත සිදුවීම් කිහිපයක් ගැනද ජනපති  සිරිසේන ඡුන්ද කොට්ඨාශ සංවිධායකයින් සමග පැවති හමුවේදී ඉගි කළේය.

ජනපති සිරිසේන හිටපු ජනපතිනියගේ දේශපාලන අනාගතය සකස්වීමට යන අයුරු ගැනද අදහස් පළ කළේය.දැනට නීති සම්පාදනය කිරීමේ කටයුතු වල යෙදී සිටින ඇය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය හැකිදැයි තමාගෙන් විමසා සිිටි බව ඔහු කීවේය.මොකද බැරි, ඕනේ කෙනෙකුට පක්ෂයේ දේශපාලන  කටයුතු වලට සම්බන්ධ වෙන්න පුලූවන් යැයි තමන් ඇයට පිළිතුරු දුන් බවද ජනපතිවරයා පැවසීය.හිටපු ජනපතිනියගේ ආරංචි මාර්ගයන්ද ඇය ජාතික  ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණීම හෝ අනාගත රජයක ප‍්‍රබල අමාත්‍යධූරයක් දැරීම හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නැත.ඇය දැනටමත් සංහිදියාව ඇතිකිරීම සදහා වන ජනාධිපති කාර්ය බලකායේ ප‍්‍රධානියා ලෙස නම්කර සිටින්නීය.ජාතික සමගිය ඇතිකිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා වැඩි අවධානයක් යොමුකර තිබෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීමෙන් ශී‍්‍රලංකාවේ සිදුව  ඇතැයි කියන යුධ අපරාධ පිළිඹදව සිදුකෙරුනු අන්තර්ජාතික පරීක්ෂණයේ වාර්තාව පසුගිය මාසයේ පැවැත්වුනු මානව හිමිකම් කවුන්සිල රැුස්වීමට ඉදිරිපත් වීම වළකා එය සැප්තැම්බර් මාස දක්වා කල්දමා ගැනීමට ඔහු සමත්වීමත් සමග අන්තර්ජාතික ප‍්‍රජාව ඔහු කෙරේ මහත් ප‍්‍රසාදයක් ඇතිකරගෙන සිටී.පසුගිය දින කිහිපයේ යෙදුණු ඔහුගේ බි‍්‍රතාන්‍යය සංචාරයේදී බි‍්‍රතාන්‍යය අගමැති ඩෙවිඞ් කැමරන් ශී‍්‍රලංකා ජනාධිපතිවරයාව පිළිගත්තේ ඩවුනින් වීදියේ තම නිවසින් පිටතට පැමිණය.දෙවැනි එළිසබෙත් රැුජිනද ජනපතිවරයා හා ඔහුගේ බිරිද හමුවූවාය.ඇය ඔහුට  අතදුන්නේ සාම්ප‍්‍රදායිකව අත්වැස්මක් පැළදගැනීමක් පවා සිදුනොකරය.සිරිසේන මහතා නොකීවද බි‍්‍රතාන්‍යය අගමැතිවරයා හා කළ සාකච්ඡුාවේදී වැඩි අවධානය යොමුව තිබෙන්නේ 2009 මැයි මාසයේ අවසානය දුටු යුද්දයේ අවසාන භාගයේදී දරුණු ලෙස උල්ලංඝණය වී ඇතැයි කියන මානව හිමිකම් හා  මානවවාදී නීතියේ කඩවීම් පිළිඹදවය.මෙම චෝදනා විමර්ෂණය කිරීමට විශ්වාසදායක පරීක්ෂණයක් සිදුකිරීමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි බි‍්‍රතාන්‍යය මෙන්ම ඇමරිකා එක්සත්  ජනපදයද අවධාරණය කර තිබෙන්නකි.

සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන යුධ අපරාධ සම්බන්ධයේන විමර්ෂණය කිරීමට ස්ථාපිත කිරීමට යන දේශීය යාන්ත‍්‍රණය පිළිඹදව රජය රහසිගත අධ්‍යනයක් සිදුකරමින් සිටී.මෙම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කරනු වස් නව නීති කිහිපයක් ඉදිරි පාර්ලිමෙන්තු සභාවාර වලදී සම්මත කරගැනෙනු  ඇත.යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීම සදහා පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය වන පරිදි නීතිඥවරුන් කණ්ඩායමක් පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් රජයේ කැමැත්ත වන්නේ සුදුසුකම් ඇති දේශීය නීතිඥවරුන් කණ්ඩායමකට එම වගකීම  භාරදීමටය.විමර්ෂණ කටයුතු නිශ්චිත කාල රාමුවකදී අවසන් කිරීමටද සැළසුම් කර ඇත.

පසුගිය බදාදා ජනපති සිරිසේන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද කොට්ඨාශ සංවිධායකයින් අමතමින් සිටියදී පක්ෂයේ තවත් කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිවස බලා පැමිණියහ.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රම්ජයන්ත,මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,ජනක  බණ්ඩාර තෙන්නකෝන්,මහින්ද අමරවීර,මහින්ද සමරසිංහ,ලසන්ත අලගියවන්න හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

ඔවුහු පැයක පමණ කාලයක් හිටපු ජනපතිවරයා හා සාකච්ඡුා කළහ.පක්ෂයේ අනාගතය ගැන සළකා ගැනෙන තීන්දු හා තීරණ වලට බාධා ගෙනෙන පරිදි  නොහැසිරෙන්නැයි ඔවුහු හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.සැහැල්ලූවෙන් ඔවුන්ට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා වත්මන් රජය ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට බාරු චෝදනා එල්ල කරමින් පීඩා පමුනුවමින් සිටින බව පැවසීය.කුමක්වුවත් පක්ෂය ගන්නා තීන්දු තීරණ වලට තමන් හිස නවන බව ඔහු අවධාරණ කළේය.පසු අවස්ථාවක මෙම හමුව පිළිඹද අදහස් දැක්වූ කණ්ඩායමේ සාමාජිකයෙන් පැවසුවේ මෙවැන්නකි.

 

‘ඔහු ඉතා සූක්ෂමව නැවත දේශපාලන ආගමනයක් සම්බන්ධයෙන් අදහස් පළකිරීමෙන් වැළකී සිටියා.අපටත් එය හාරා අවුස්සා බලන්න හැකියාවක් තිවබුණේ නැහැ.මොකද අපි ඒ ගැන ලොකුවට සාකච්ඡුා කළේ නැති නිසා.’

ජනපතිවරයා මේ හමුව ගැන දැනගත්තේ පසුවය.

දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රමුඛ පාර්ලිමෙන්තු තේරීම් කමිටුව සකස් කළ නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබුණත් දැන් එය එලෙසම කි‍්‍රයාවට නැංවිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.මෙයට හේතුවී ඇත්තේ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යෝජිත නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් පළ කර ඇති අදහස්ය.එහි ඇති ගැටලූකාරී තැන් පෙන්වාදෙමින් ඔවුන් විශේෂ වාර්තාවක්ද නිකුත්  කර තිබේ.එහි දැක්වෙන ප‍්‍රධාන කරුණු අතර

සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ හා කේවල ක‍්‍රමය යටතේ ජනතා නියෝජිතයින් පාර්ලිමෙන්තුවට පත්කර ගැනෙන අනුපාතය පාර්ලිමෙන්තුවේ සියලූ දේශපාලන  පක්ෂ වල කැමැත්ත පරිදි තීරණය විය යුතුය

1978 දී හදුන්වාදී මේ දක්වාම කි‍්‍රයාත්මක වන මැතිවරණ ක‍්‍රමයෙන් සිදුවෙන්නේ ජනාධිපතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකුත්,මැතිවරණයක් පවත්වා එක් එක් නියෝජිතයා ලබාගන්නා මනාප ප‍්‍රමාණයට සමානුපාතිකව ඔහු හෝ ඇය  පාර්ලිමෙන්තුවට පත්වීම හෝ පත්නොවීම තීරණය කිරීමය.මෙවැනි ක‍්‍රමයක් හදුන්වාදීමට ප‍්‍රධාන හේතුව වූයේ සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ පාර්ලිමෙන්තුවට තෝරාගැනෙන නියෝජිතයින්ගෙන් ස්ථාවර රජයක් ගොඩනගාගත හැකි නිසාය.

සමානුපාතික ක‍්‍රමය වෙනුවට කේවල ක‍්‍රමය හදුන්වාදෙන්නේ නම් අප වඩාත්ම විමසිලිමත් විය යුත්තේ කේවල ක‍්‍රමයෙන් ඇතිවන රජයක ස්ථාවර භාවය පිළිඹදවය.ඒ අනුව බැලූවහොත් අපට විධායක ජනාධිපතිධූරය එලෙසම තබාගත යුතුද යන්න ගැනත්,ජනාධිපතිවරයෙක් තෝරා ගත යුතු ආකාරය ගැනත් වෙනම අවධානය යොමු කිරීමට සිදුවේ.

විධායක බලතල ජනපතිවරයාට නොව පාර්ලිමෙන්තුවට හිමිවීම මෙයින් ගම්‍ය වේ.1978 වසරට පෙර ශී‍්‍රලංකාවේ පැවතියේ මෙවන් පාලන ක‍්‍රමයකි.එනිසා මෙම කරුණු සියල්ල ගැන අවධානය යොමු කිරීමට කාලය අවැසිය.ඉක්මනින් මෙම යෝජනා කි‍්‍රයාත්මක කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

හකීම් හා ලංකා කම්කරු කොංග‍්‍රසයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මුතු සිවලිංගම්ිපාර්ලිමෙන්තු තේරීම් කමිටුවෙන් 2007 මැයි මාසයේදී ඉදිරිපත් කළ මැතිවරණ  සංශෝධනයන් පිළිඹද වාර්තාවට එක්ව දක්වන ප‍්‍රතිචාරය’ ලෙස සදහන් කර යෝජනාවලියක් නිකුත් කර ඇත.එහි ඔවුහු හදුන්වාදීමට යන නව ඡුන්ද ක‍්‍රමයෙන් සුලූ  ජාතික පක්ෂවල තිබුණු පාර්ලිමෙන්තු නියෝජනය කප්පාදු කර ඇති බවට චෝදනා  කරති.ඔවුන්ට අනුව සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යනු දැනට භාවිතයේ තිබෙන වඩාත්ම ප‍්‍රජාතාන්ති‍්‍රකමය මනාප විමසීමේ ක‍්‍රමය වන අතර එයින් ඡුන්ද දායකයාට දේශපාලන  පක්ෂයක් මෙන්ම ජනතා නියෝජිතයෙකුද තොරාගැනීමට අවස්ථාව ලැබේ.නමුත් කි‍්‍රයාත්මක කිරීමට යන නව ක‍්‍රමයෙන් සිදුවන්නේ පක්ෂයට ලැබෙන ඡුන්ද සංඛ්‍යාව අනුව පාර්ලිමෙන්තුවට යා යුත්තේ කවුරුන්දැයි පක්ෂය තීරණය කිරීම බව පවසන

ඔවුහු දේශපාලඥයින් ඡුන්ද වලට ඇනකොටා ගැනීම අනිවාර්යයෙන්ම පිටුදැකිය යුතු වුවත් එය කළ යුත්තේ පවතින ඡුන්ද ක‍්‍රමයේ වෙනස් කිරීමක් සිදුනොකර බව පවසති.

පසුගිය සතියේ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ කොල්ලූපිටිය නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,ඊ.පී.ඩිී.පී නායක ඩග්ලස් දේවානන්දා,ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් අතර පැවැත්වුනු හමුවකදී පාර්ලිමෙන්තු තේරීම් කමිටුවෙන් ඉදිරිපත් කර තිබෙන  යෝජනා වලට දැඩි විරෝධය පළ වුනි.කමිටුවේ සිටි ඇතැම් පුද්ගලයින්ගේ පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය නිසාවෙන් හා කමිටුව ඉදිරිපත් කර තිබෙන ඇතැම් යෝජනාවලට එහි සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත පළව නොතිබීමෙන් මෙම යෝජනා කි‍්‍රයාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාද තම අකමැත්ත පළ කර තිබීම විශේෂය.

ජාතික විධායක කවුන්සිලයට අනතුරු අගවා තිබෙන මැතිවරණ කොමසාරිස්වරයා තිබෙන සැටියනව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදුන්හොත් ඇතිවිය හැකි අනිටු ඵලවිපාකයන් පෙන්වා දී ඇත.එනිසා ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ රජය කුමන පරාමිතීන් මත පදනම්ව නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමට යන්නේදැයි තමන්ට දැනුම් දෙන ලෙසය.එම පාරමිතීන්ට අනුව මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට කොපමණ කාලයක් ගතවනු ඇත්දැයි තමන්ට පැවසිය හැකිබව ඔහු ජාතික විධායක කවුන්සිලයට දැනුම්දී තිබේ.බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු දේශපාලන පක්ෂ නායක හමුවකදී නොයෙකුත් මැතිවරණ ක‍්‍රමයන් ගැන කතාබහට ලක්වූවත් අවසාන  තීරණයකට එළැඹිීමට හැකිවූයේ නැත.

විනිවිදභාවයක් තිබිය යුතුයි ඒක ඇත්ත.නමුත් පවතින ක‍්‍රමය වෙනස්  කළ යුතු නැහැ. යැයි ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් සන්ඬේ ටයිම්ස් හා පැවසීය.රට පාලනය කරන ති‍්‍රත්වය එනම් ජනපතිවරයා - අගමැතිවරයා  - හා හිටපු ජනපතිනිය හමුවීමට තමන්ට හැකිනම් සුලූ ජාතික පක්ෂ වල ස්ථාවරය ඔවුන්ට හොදින්ම පැහැදිලි කර දිය හැකි බව ඔහු කීය.අප ඔවුන් හමුවීමට  කැමැත්තෙන් සිටින්නේ.මේ ගැටලූව විසදා ගන්නයි අපටත් ඔනේ.ඔහු සදහන් කළේය.රජයේ ආරංචි මාර්ගයන්ද දේශපාලන පක්ෂ නායකයින්ගේ අදහස් පදනම්ව මැතිවරණ ක‍්‍රමයට සංශෝධනයන් සිදුකරන්නට යන්නේයැයි පැතිර පවතින කතාව  ප‍්‍රතික්ෂේප කළේ නැත.

ස්ථාපිත කිරීමට යන මැතිවරණ ක‍්‍රමයේ ඇතැම් යෝජනා වලට පාර්ලිමෙන්තු කමිටු  සාමාජිකයින්ගේ කැමැත්ත පළවී නොමැති නිසා පැවැත්වීමට යන ඉදිරි මැතිවරණය සමානුපාතික ක‍්‍රමය යටතේ පැවැත්විය යුතුයැයි ජාතික විධායක කවුන්සිල හමුවේදී  අදහස් පළ කළ ඇතැමුන්ගේ අදහස විය.අලූතින් පත්වන රජයකට කල්වේලා ගෙන නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීමට අවැසි පියවර ගතහැකියැයි ඔවුහු පෙන්වාදුන්හ.

ව්‍යවස්ථා සංශෝධනයන් සමගම මැතිවරණ ක‍්‍රමයද වෙනස්කිරීම පිළිඹද යෝජනාවද ඉදිරිපත් කළ යුතුයැයි යන මතයේම ශී‍්‍රලංකා නිදහස් පක්ෂය සිටී.පසුගිය සිකුරාදා සන්ඬේ ටයිම්ස් වෙත අදහස් පළ කළ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා මේක වෙන්නේ නැතිනම් අපි ඔවුන්ට බහුතරය ලබාදෙන්නේ නැහැ යැයි පැවසීය.ඔහු මේ අදහස් පළකළේ එම දිනයටම යෙදී තිබුණු ජනපති සිරිසේන හා හමුවකට සහභාගීවීමට පෙරය.හමුවෙන් පසු ඔහු බදුල්ල බලා ගියේය.මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වෙන බව කී ඔහු මේ දක්වා අවසන් තීරණයකට පැමිණ නොමැති බවද කීය.

එළැඹෙන බ‍්‍රහස්පතින්දා ජනපතිවරයා චීනය බලා පිටත්වීමට මත්තෙන් ජාතික රජය පිහිටවෙනු ඇත.මංගල සමරවීර,පාඨලී චම්පික රණවක,රාජිත සේනාරත්න,රවී  කරුණානායක,කබීර් හෂීම් හා රෝසි සේනානායක යනාදීහු ජනපතිවරයා හා චීන සංචාරයට එක්වෙති.ජනාධිපතිවරයා ඇතැම් අමාත්‍යවරුන් හා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් සාකච්ඡුා පවත්වා චීන සංචාරයේදී ඉස්මතු කළ යුතු කරුණු සම්බන්ධයෙන්  අවබෝධයක් ලබාගැනීමටද කටයුතු කර ඇත.සාකච්ඡුාවල වැඩි ඉඩක් දැනට රජයේ නියමයෙන් වැඩ නවත්වා තිබෙන වරාය නගරය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙන්වෙනු ඇතැයි සිතිය හැකිය.ව්‍යෘ



අදහස් (0)

හිටිගමන් ජාතික ආණ්ඩුවක්

මහින්ද Sunday, 22 March 2015 04:20 PM

ලාල් ෆොන්සේකා මයා, දැන් මහින්ද එන්නේ නැහැ (බ)

:       0       0

පෙරේරා Sunday, 22 March 2015 05:34 PM

එගොල්ලොයි මේගොල්ලොයි ඔක්කොම එකට ආණ්ඩු කරනකොට ඡන්දෙකදී අලුතෙන් බලයට පත්කරන්න පක්ෂයක් නැහැනේ. (නදී)

:       0       0

ඇසළ Sunday, 22 March 2015 10:28 AM

බලාගෙන යනකොට දැන් නිකන් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ වෙන්න යනවනේ! (නි)

:       0       0

උපාලි Sunday, 22 March 2015 11:18 AM

ජනතා පරමාධිපත්‍යය කියලා ලක්ෂ 58ක ජනමතය යටපත් කරන්න හදනවා නම් ඒක වැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පක්ෂ සාමාජිකයන් අතරමං කරන්න එපා (නි)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 01:36 AM

හදිසි දරු උපතක්. ඇමතිකම් නැතුව රටට වැඩ කරන්න බැරිද ? (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 22 March 2015 12:31 PM

දැන් ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වෙන්නද මන්දා යන්නේ? ඔහොම යමු. අනේ අපි රැවටිලා වෙනසකට ඡන්දෙ දුන් විපාක තමා මේ. (නි)

:       0       0

මනූෂ Sunday, 22 March 2015 12:35 PM

ඇසළ, මටත් හිතුණේ ඒකමයි. ඒත් දැන් කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

ලාල් ෆොන්සේකා Sunday, 22 March 2015 12:52 PM

මහින්ද මහතා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. (නි)

:       0       0

විශාකා Sunday, 22 March 2015 02:18 PM

මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)

:       0       0

හනුෂ Sunday, 22 March 2015 02:24 PM

චන්ද්‍රිකා නෝනා යූඇන්පී හොරු රැක්කට දෙන තෑග්ග වෙන්නැති ජනාධිපති රූකඩයක් වෙලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 924 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 433 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 944 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3450 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 610 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site