( රංජිත් රාජපක්ෂ)
අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ සදසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ කොටසක් නායයාමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ගිනිගත්හේන සදසිරිගම ප්‍රදේශයේ පවුල් 60 ක් පමණ ජිවත්වන බවත්, එම ගම්මානයට පිවිසිමට තිබු එකම මාර්ගය නායයාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි සිටින බව ද එම ගම්මානයේ පදිංචිකරුවෝ කියති.
නාය ගිය මාර්ගයේ තවත් කොටසක් නායයාමට සක්‍රිය වි ඇති බවත්, නායගිය ස්ථානයේ පස් කදු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
පවතින වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙලදසැලක ගොඩනැගිල්ලක බිත්ති කිහිපයක්ද ඊයේ (08) දින කඩා වැටුණු බවත්, ඉන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇත.
අද (09) දිනයෙත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටම අධික වැසි පවති.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා