(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.
එම වෘත්තීන්හි නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බව පැවසූ මායාදුන්නේ මහතා ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බවද පැවසුවේය.
ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිතය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාල නෑ
ලුම්බිණි Friday, 02 September 2022 11:26 AM
එක වෙලාවකට එකක් කියනවා. තව ටිකකින් තව එකක් කියනවා. කිසිම දෙයක් පිළිවෙලට කර ගන්න බැරි මිනිස්සු ටිකක්...!
චන්දන Friday, 02 September 2022 11:32 AM
බුද්ධිමතුන් විශ්‍රාම යනවා. හාල්පාරුවන් ටිකක් පාර්ලිමේන්තු ඉන්නවා 60 පැනපු... රට විනාශ වෙන්නේ 60 පැනපු රාජ්‍ය සේවකයින් නිසා නෙවෙයි මඩි තරකර ගන්න පාර්ලිමේන්තු හොරුන් නිසා...
චින්තක Friday, 02 September 2022 12:17 PM
අමාත්‍යාංශය ඵලදායිතා සම්මාන ලැබීමට අතීත චක්‍රලේඛ විනාශ නොකලානම් ඒවා පරීක්ෂා කලානම් මෙයට පෙරත් අවුරුදු හැටපහක් සේවයේ යෙදීමට අවස්ථාව තිබුනු පිරිසක් හිටියා කියලා දකින්නට පුළුවන් වෙනවා (මම එහෙම චක්‍රලේඛ දැකල තියෙනවා) එහෙම දැනගෙන චක්‍රලේඛ නිකුත් කිරීමේදී අවශ්‍ය වෙන්නෙ එයට සම්බන්ධ කිරීම පමණයි
විමලසිරිFriday, 02 September 2022 03:24 PM
පූර්වාදර්ශ අනුගමනය නොකරන ඒ අනුව කටයුතු නොකරන පිරිස් ඩිස්ලයික් දානවා කියලා දන්නෝ දන්නවා. ඉස්සර නම් බිහිදොර යටතේ ඉතාමත් පහසුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බලන්න පුළුවන් කමක් තිබුනා. දැන් හරියට අමාරුයි චක්‍රලේඛ සොයන්න.
Ruwan Friday, 02 September 2022 03:06 PM
විශේෂ වෛද්‍යවරු සහ හෙදියන් හැර අනෙකුත් සියළු දෙනාම යවන්න.
Dadoriya Friday, 02 September 2022 03:16 PM
පාර්ලිමේන්තුවේ සිටින 225ම අවුරුදු 55න් විශ්‍රාම යැවිය යුතුයි.
latha Friday, 02 September 2022 03:21 PM
ගෙදර යවන්න ඕන 60ට වැඩි අය නෙමෙයි, නිකන් ඉදන් පඩි ගන්න අයව. හරියට මෑන් පවර් ප්ලෑන් එකක් කලොත් එහෙම අය ලක්ෂ දෙක තුනක් හොයාගන්න පුළුවන්.
Please Friday, 02 September 2022 05:20 PM
CEB එකේ 60 පැනපු ඉංජිනේරුවො කරුණාකරලා යවන්න.
පුරවැසියෙක්.... Friday, 02 September 2022 05:30 PM
අවුරුදු 55 - 60 පැන්න පසුව රාජ්‍ය සේවයේ වැඩ කිරීමේ හැකියාවක් නොමැති බැවින් එම කාලයේදී විශ්‍රාම යැවීම අනිවාර්යයෙන්ම කළ යුතුය. 60 පැන්න දේශපාලනඥයින් පිරිසක් රටට කරන්නේ ද විනාශයක්.
Darshika Jayasekera Friday, 02 September 2022 08:49 PM
That decision really appreciated. Even in England, high skilled proffesional have been get retired at the age of 65yrs. Really timely good decision. Otherwise most of organisations get collapsed since they are directly related to development and productivity of the country.
ආර්. එම්. එච්.අරුණ ශාන්ත. Saturday, 03 September 2022 05:23 AM
හැට පැනපු මහජන නියෝජිතයෝ නියාමනය කිරීමක් අවශ්‍ය බව සහ පරිනත යහපත් රාජ්‍ය සේවකයින් ක්‍රමවේදයකට අනුව රටේ ආර්ථිකය නැංවීමට යොදාගත යුතුය.
Mudalige Saturday, 03 September 2022 12:57 PM
සියලුම සෞඛ්‍ය සේවකයින්ට කාලය 65 දක්වා දීර්ඝ කරන්න. ඒක තමයි හොඳම දේ... එයාලා අඩු වුණොත් සේවය කරන්න අඩුපාඩු වැඩියි.
ටී එම් සි එල් ගුණසේකර Saturday, 03 September 2022 11:16 PM
ශ්‍රී ලංකා ගුරු සේවය 55 හෝ 58න් විශ්‍රාම යැවීමට කටයුතු කළා නම් හොඳයි.
චමින්ද ගුණසේකර Saturday, 03 September 2022 11:19 PM
ගුරු සේවය 55 හෝ 58 යන්න තිබුණා නම් හොඳයි...
Ranga Abeyrathne Wednesday, 07 September 2022 09:49 AM
වෛද්‍යවරුන්ට එය කමක් නැත, නමුත් වෙනත් තක්කඩින්ට මෙය ලබානොදෙන්න ශේෂයෙන් ලංවිම
ජී.ජී.අමරසිංහ Wednesday, 07 September 2022 03:47 PM
60 න් විශ්‍රාම යාම නිසා අධ්‍යාපනය ද අඩාල වේ ශ්‍රේණිධාරී විදුහල්පති වරුන් අඩුවේ.
අමරසිංහ Wednesday, 07 September 2022 04:02 PM
පාසලක ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටිය යුතු බවත්, 60 න් යවා නැති වුණොත් අධ්‍යාපනය අඩාල විය හැකිය...