IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිටපු අගවිනිසුරුට බැංකු තොරතුරු වාරණයක්

තමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ නීතීඥවරුනට බැංකු ගිණුම් දත්ත පිරික්සීමට පූර්ණ අවසර නොලැබීම නිසා තමාට එරෙහි චෝදනාවලට වරද හෝ නොවරද පිළි නොගන්නා බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළාය.

ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසූයේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥයනට ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම් දෙකක තොරතුරු බැලීමට මුළුමනින්ම ඉඩ දී නැති බවයි.

රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ පැමිණිල්ලේ චෝදනා ඉදිරිපත් කිරීම අදට නියම වී ඇති බවයි.

උසාවියට කළ හැකි වෙනත් දෙයක් නැතිය ද ඔහු කීවේය.

බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ බැංකු පරිගණකවල ඇති සියලු දත්ත බැලීමට ඉඩ දිය නොහැකි බවයි.

මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ඉන් අනතුරුව බැංකුවට නියෝග කළේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥවරුනට බැලීමට ඉඩ දිය හැකි දත්ත මොනවාද යන්න මැයි 20 වැනි දාට වාර්තාවක් මගින් දන්වන ලෙසයි.

මේ නඩු විභාගය නිරීක්ෂණයට අන්ර්ජාතික නීතිවේදියා රැසක්ම පැමිණ සිටියහ. ලෝ ඒෂියා සංවිධානය වෙනුවෙන් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිවේදී ප්‍රශාන්ත් කුමාර් ද ඒ අතර විය.

නිරීක්ෂකයන් වශයෙන් තමනට මේ නඩුවට මැදිහත් වීමට ඉඩ දීම ගැන ඔහු මහේස්ත්‍රාත් පිලපිටියට ස්තුති කළේය.

 



අදහස් (0)

හිටපු අගවිනිසුරුට බැංකු තොරතුරු වාරණයක්

කුසුම් Tuesday, 13 May 2014 04:44 PM

එම බැංකු ගිණුම් වල ඇති මුදල් නීත්‍යානුකූලව ගිණුම් වලට බැරවූ මුදල් වෙන්න ඕනෑ කියලා මම හිතනවා. අහන්න දෙයක් නැහැ, හේතුව එකයි. අවනඩු වලටම ගිය රට මේක! සමහරු කතාවට කියනවනේ, "නීතිය අන්ධයි" කියලා. හැබැයි රටේ බහුතර බුද්ධිමත් ජනතාව නම් අන්ධ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 13 May 2014 10:36 AM

ලංකාවේ නඩු ගැන මොනවා කියන්නද? (ස)

:       0       0

ලලිත් - එස්එල් Tuesday, 13 May 2014 10:43 AM

අපේ රටේ නඩුවක කෙළවරක් දකින්න, පරම්පරාවක් ඉවර වෙන්න ඕන නේ. (ස)

:       0       0

අල්විස් Monday, 12 May 2014 09:23 PM

නීතිය හා බැඳුනු උසාවිය මේ නඩුවේදීත් ඉතාම සාධාරණ තීන්දුවක් දෙයි. (නි)

:       0       0

සේරම් Tuesday, 13 May 2014 06:03 PM

කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා වෙනවා. එපා වෙනකොට තලගොයා කබරයා වෙනවා . දිට්ඨ ධම්ම වේදනීය කර්ම ගැන දහම් පාසල් පොතක තිබුනා මතකයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 13 May 2014 11:35 AM

තමන් නිවැරදි නම් ඒ බව නොබියව කියන්න පුලුවන් වෙන්න ඕනෑ නේද? බැංකුවේ වැරදි තොරතුරු බවට පසුව ඔප්පු කරන්න පුළුවන්. (නි)

:       0       0

සිසිර Tuesday, 13 May 2014 11:39 AM

ඒ ගමන මේ මොකක්ද වෙන්න යන්නේ? (නි)

:       0       0

සුමුදු Wednesday, 14 May 2014 07:20 AM

මේ ගිණුමේ තියෙන්නේ බොහොම සුළු ගණනක්ලු නේද? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 13 May 2014 12:23 PM

උත්තර නොදී ඉන්නකොට, ගිණුම් බලන්න නොදෙනකොට සැකයක් ඇතිවෙන්නෙ නැද්ද? (නි)

:       0       0

පිටිගල Monday, 12 May 2014 10:36 PM

ඉහළින් බලපෑමක් නොවුනොත් සාධාරණ ය ඉටු වේවි. එකයි ඇත්ත. (ස)

:       0       0

මිගාර Tuesday, 13 May 2014 12:39 PM

මොනවද ඇත්තටම මේ කතා? මට නම් කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

උඩුරාවණ Tuesday, 13 May 2014 12:51 PM

මොකද මෙහෙම වෙන්නේ.? ඇයි හංගන්නේ.? ඇයි හැඟෙන්නේ.? පටන් ගත්තු තැන ඉඳලම "විරෝදය" පානවා. බැහැ කියනවා. කැඳවීම වලට පෙනීසිටින්නේ නැහැ. මේ වගේ දේවල් ලොක්කියක් වෙලා හිටපු කෙනෙක් කරනකොට කොහොමද නීතියක් හරිහැටි ක්‍රියා කරවන්නේ.? විනිසුරු තුමා ඉතාම මධ්‍යස්ත ලෙසින් ප්‍රශ්නය දිහා බලල තියෙනවා. බලන්නට ඉඩ දෙන්නට පුළුවන් දත්ත ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බැංකුවට නියෝග කිරීමය. ඉන්පසුව මේ නඩුව දිගටම යයි. කොතනද වරද කියලත් හොයා ගනියි. (නදී)

:       0       0

සත්‍යප Tuesday, 13 May 2014 01:25 PM

තමන්ගේ බැංකු ගිණුමවත් බලන්න දෙන්නේ නැතිවද මේගොල්ලෝ යුක්තිය ඉස්ට කරන්න යන්නේ. ජ්‍ාත්‍යන්තරය බලා හිටියා කියල මෙයාලට ගානක් නැහැ. ඊට පස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් රට බේරා ගන්න ඡන්දය ඉල්ලන්න පුළුවන්නේ.(නදී)

:       0       0

මහරගම සෝමරත්න Tuesday, 13 May 2014 05:02 AM

කෝටි ගණන් හොරකම් කරන දේශපාලකයන් ගැනත් සොයමුකෝ. (ස)

:       0       0

දිසා Tuesday, 13 May 2014 07:11 AM

පුදුමාකාර නඩුවක්නේ මේක. (නි)

:       0       0

රණතුංග Monday, 12 May 2014 07:17 PM

පිටරටිනුත් ඇවිල්ලා මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ.බොහොම සාධාරණව විසදන්න වෙන පාටයි. (නි)

:       0       0

සුරංග Tuesday, 13 May 2014 03:23 PM

බැංකු ගිණුම් බලන්නේ නැතුව කොහොමද නඩුවට ලෑස්ති වෙන්නේ(දිල්)

:       0       0

දිලූූ Tuesday, 13 May 2014 08:41 AM

නීතියේ සමානත්මතාවය ගැන අපිට විශ්වාසයක් තබාගන්න පුළුවන්. (ස)

:       0       0

අල්විස් Tuesday, 13 May 2014 09:08 AM

ඉහළින් බලපෑම් ඇතිවෙන්නේ නැහැ. අන්තර් ජාතික නීති අංශ වලිනුත් පැමිණ තිබියදී මේ නඩුව නිවැරදිව විනිශ්චය කරනු නො අනුමානය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2799 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2023 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2888 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2897 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 658 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1306 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site