IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිටපු අගවිනිසුරු යළි අල්ලස් කොමිසමේ

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද උදෑසන නවයට බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියාය.

සිය පුත්‍රයා විසින් පැදැවුණු කාරයේ ඇය පැමිණියාය. ඇගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාද එහි සිටියේය.

ඇය එනතුරු කොමිසම ඉදිරිපිට ජේ සී වැලිඅමුණ, ගුණරත්න වන්නිනායක, මර්වින් සිල්වා ඇතුළු නීතීඥ මහත්ම මහත්මීන් පිරිසක් රැස්වී සිටියහ.

ඔවුන් සැවොම ඇයට අතට අත දී ආචාර කළහ.

ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි සහ සුගත් කල්දේරා මහත්වරුන් සමග බණ්ඩාරනායක මහත්මිය කොමිසම හමුවට ගියාය.

පැයක පමණ කාලයකට පසුව නැවත ඇය පිටව ගියාය.

මාධ්‍යවේදීන් කෙසේ හෝ ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තැත් කළද ඇය කිසිත් නොකියා ඉංග්‍රීසියෙන් ‘තෑන්ක් යූ වෙරි මච්‘ පමණක් කියමින් පිටවී ගියාය.



අදහස් (0)

හිටපු අගවිනිසුරු යළි අල්ලස් කොමිසමේ

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Monday, 01 April 2013 02:25 PM

රාජ අනුහස.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 01 April 2013 07:49 PM

අර අපේ දේශප්‍රේමියා මහජන මුදල් ලක්ෂ 31 ක් වියදමි කරලා හැදුවයි කියපු බස් නැවතුම් අටිටාලයේ පින්තූර එකකුත් පාල කරන්නකෝ. (නදී)

:       0       0

හේරත් Monday, 01 April 2013 07:50 PM

කොන්ක්‍රීටි සංවර්ධනයෙන් කෝටි ප්‍රෙකොටි ගනනින් වංචා කරපුවා හොයන්නත් දවසක් ඒවි. හැමදාම ඹඹරා වැල්ලේ කැරකෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 01 April 2013 07:58 PM

පෙරේරා, ඔබේ ප්‍රතිචාරයේ සැගවුන විශාල තීරුවක් තියෙනවා.(නදී)

:       0       0

විමුක්ති Monday, 01 April 2013 07:53 PM

චන්ද්‍රිකා නෝනත් දෙවරක් ඉල්ලුවට පස්සේ වැදගත් විදියට ගෙදර ගියා. ජකතාව ප්‍රතික්ෂේප කරලා එළවනකම් හිටියේ නැහැ. ඒත් බලන්නනෝ මෙයාලට වෙන දේ මොකක්ද කියලා.(නදී)

:       0       0

Thilak Monday, 01 April 2013 08:02 PM

සුමිත්, ඇත්ත තේරුම් ගන්නත් මොළයක් කියලා දෙයක් තියෙනවා. හරක්ට කොහොමත් රටම විකුනුවත් සුරංගනා කතා තමයි.(නදී)

:       0       0

හේරත් Monday, 01 April 2013 02:44 PM

රොහාන්, එතුමිය නමි ගොනාට ඇන්දිලා නැහැ. ඒත් ඔබත් මමත් අපේ අනාගත දරුපරපුරත් ගොනාට ඇදිලා ඉවරයි.(නදී)

:       0       0

තිලක් Monday, 01 April 2013 02:45 PM

ශ්‍රී ලංකාවේ යකඩ ගැහැණිය ඔබයි. ඔබට තෙරුවන් සරණයි ! (ස)

:       0       0

රානා Monday, 01 April 2013 02:52 PM

අපි කිව්වනේ ඔය ලනු කන්න එපා කියලා. දුක තමයි ඒත් තමන්ගේ පාඩුවේ ඉන්න බලන්න. රටට සේවය කරන්න ඕනානම් තනියම කරන්න එපා.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 01:38 AM

රාලාහාමි, මොකද මොකද ඔහොම බලන්නේ? (නි)

:       0       0

ජයන්ත Tuesday, 02 April 2013 05:06 PM

ඔබතුමිය දේශපාලනයට එනවාද (දී)

:       0       0

සිසිර Monday, 01 April 2013 03:18 PM

කමල් මොකක්ද ඒ කතාවේ තේරුම. ඔයා හිතන්න එපා මේ දේශපාළුවෝ වගේ කෙනෙක් කියලා. මේ වැදගත් මිනිස්සු.(නදී)

:       0       0

කමල් Monday, 01 April 2013 08:52 PM

මේ ප්‍රශ්නය ඉවරයක් වෙන දෙයක් නොවෙයි තමයි

:       0       0

උමාලි Monday, 01 April 2013 03:37 PM

ඔය හිනාව රටක් වටිනවා! ජනතාව ඔබ සමගයි (ස)

:       0       0

අනුලි Monday, 01 April 2013 03:31 PM

බලය නැති "දේශපාලුවෙක්" උනත් එන්නේ මැරයෝ පිරිවරාන, නුමුත් මේ "වැදගත් කාන්තාවට" තනිවම එන්න පුලුවන් තම හිත, දෑත පිරිසිදු නිසාය.(නදී)

:       0       0

පාල Monday, 01 April 2013 03:41 PM

ඉවරයක් නැද්ද අප්පා (දී)

:       0       0

දමයන්ති Monday, 01 April 2013 03:35 PM

ඔබ ලක්මවගේ විහාර මහ දේවියයි. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි. වීරකාන්තාවට ජය වේවා!(නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 01 April 2013 12:23 PM

අපි ඔබ සමගයි.(නදී)

:       0       0

සුජිත් Monday, 01 April 2013 03:45 PM

පහුගිය කාලේ බෙන්ස් කාර් එකෙන් මෙතුමිය ගියේ. කට්ටය කළේ උඩටම ගිනිහින් බිමටම තල්ලු කළ එක විතරයි. දැන නම් මොලේ පෑදිලා වගෙයි.(නදී)

:       0       0

සේන Monday, 01 April 2013 03:52 PM

‍ෆොන්සේකා දෙවන කොටස (ස)

:       0       0

චන්ද්‍රා Monday, 01 April 2013 12:27 PM

අගවිනිසුරුතුමියනි, අබි ඔබ සමගයි.(නදී)

:       0       0

අජිත් Monday, 01 April 2013 03:59 PM

ඔබ අපේ බිය නොවනු (ස)

:       0       0

වරුණ Monday, 01 April 2013 12:29 PM

යටම පොටෝ එකේ රාලහාමි හොරෙන් බලා ඉන්නේ මොකද?(නදී)

:       0       0

බර්නාඩ් Monday, 01 April 2013 04:04 PM

සිල්වල දෙපල වගේ රටට සේවය කළා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නුවන් Monday, 01 April 2013 04:03 PM

මැතිනියනි! නීති ගරුක ජනතාව ඔබ සමගයි. ඔබට සදා ජය!(නදී)

:       0       0

සදුන් Monday, 01 April 2013 04:10 PM

ඔබේ ජය අපේ පැතුමයි.(නදී)

:       0       0

රත්න Monday, 01 April 2013 12:36 PM

ඔය හිනාව රටක් වටිනවා! (ස)

:       0       0

දමයන්ති Monday, 01 April 2013 04:09 PM

ලංකා මාතාවගේ දියණිය ඔබයි. විහාර මහාදේවිය වගේ ලෝකෙන්ම උතුම් කාන්තාව ඔබයි.(නදී)

:       0       0

අනුර Monday, 01 April 2013 04:11 PM

දැන් කව්ද අගවිනුසුරු? (නදී)

:       0       0

බුද්ධි Monday, 01 April 2013 04:20 PM

මේ ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිම ඔබට ජය මැතිනියනි (ස)

:       0       0

ජීවන්ත Monday, 01 April 2013 12:40 PM

බලය නැති "දේශපාලුවෙක්" උනත් එන්නේ මැරයෝ පිරිවරාන, නුමුත් මේ "වැදගත් කාන්තාවට" තනිවම එන්න පුලුවන් තම හිත, දෑත පිරිසිදු නිසාය. (ස)

:       0       0

අරවින්ද Monday, 01 April 2013 04:24 PM

විධායකය විසින් ජනතාව ගොනාට අන්දවා ඇති අන්දම පැහැදිලි උදාහරන දෙකක් මගින් මේ වනවිට පෙන්වා ඇත. 1, රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට උරදුන් සරත් ෆොන්සේකා මහතා 2, රටේ ජනතාව ජීවන බරෙන් මුදාගැනීමට රජයට අවාසි සහගත අධිකරණ දුන් අගවිනිසුරු බණ්ඩාරනායක මැතිණිය. අවාසනාවකට තවමත් මහජනතාව තවමත් අන්ධයින් ලෙස ජීවත් වේ. එය රජය ලැබූ විශාල ජයග්‍රහණයකි.(නදී)

:       0       0

රණ රාල Monday, 01 April 2013 12:36 PM

කටින් පිටවන එක වචනයක් අල්ලාගෙන "ඩෙඟා නටන" අය ඉන්න බව දන්න නිසා ! (නදී)

:       0       0

උදය Monday, 01 April 2013 04:38 PM

රට ජාතිය ගැන හිතලා සල්ලි ටිකක් අමතක කරලා වැඩ කරානම් හොඳයි. (ස)

:       0       0

මාරි Monday, 01 April 2013 10:19 PM

සරත් කියන එක්කෙනා කසාද බැදලා නම් එයාගේ බිරිද අපා දුක් විදිනවා ඇති පුරුෂ ආදිපත්‍ය තුල.(නදී)

:       0       0

මාරි Monday, 01 April 2013 10:28 PM

රටේම ඉන්න හිගන්නෝ ටික දේශපාලනය කරලා කෝටිපති වෙලා ඉන්නවා , ඒ ගැන කවුරුත්ම හොයන්නේ නැහැ ,,,,,,,(නදී)

:       0       0

මධූ Monday, 01 April 2013 12:49 PM

ඔබෙන් රටටත් ජනතාවටත් සාදාරණයක් මිස අසාදාරණයක් නොම වෙයි. ඔබට තෙරුවන් සරණයි ! (ස)

:       0       0

සුමිත් Monday, 01 April 2013 04:43 PM

රවින්ද හොඳයිසුරංගනා කථා ලියන්න. (ස)

:       0       0

ඇන්ටන් Monday, 01 April 2013 12:57 PM

අහිංසක මිනිසුන්ගේ මුදල් සූරාකන දේශපාලන හොරුන්ට මේ නීති නැද්ද?(නදී)

:       0       0

දිසානායක Tuesday, 02 April 2013 08:10 PM

මට නම් කාටවත් බනින්න ඕනැ නැහැ (නි)

:       0       0

මදූ Monday, 01 April 2013 05:24 PM

අරවින්ද ඔබ හරි. ඔබට ජය.(නදී)

:       0       0

සරත් Monday, 01 April 2013 01:16 PM

මහ නම් හිතන්නේ බමුණෝ ගෑණු ගැන කියල තියෙන ඒවා හරියට හරි කියල. ගෑනුන්නව ප්‍රධානත්වයේ නොතැබිය යුතු බව බමුණු මතය. මතකයි නේ ගෑණියෙක් රටේ ප්‍රධානියා කළ එයා රට කාලා එයත් විනාස උනා. ඒ වගේම මෙයත් තනතුර නිසා විනාස උනා. පිරිමියෙක් ඔය තනතුරේ හිටියනම් ඔය විදිහට නාගන්නේ නෑ. දැන් අර පස්සෙන් වැටිල හිටපු කට්ටිය කෝ.(නදී)

:       0       0

යොහාන් Monday, 01 April 2013 01:17 PM

මෙයා අඩු ගානේ තෑන්කස් කරලා යනවා.(නදී)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 05:45 PM

ඔබ තුමියගෙන් බලය ඉවත් තලත් පාරේ බැහැලා යන්න පුළුවන්. ඒත් සමහරුන්ට බලය නැති දවසට ඔහොම යන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

සුමිත් Monday, 01 April 2013 10:58 PM

තිලක්ගෙ බුද්ධිමත්බවේ තරම කතාවෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

කමල් Monday, 01 April 2013 11:07 PM

මොකද්ද මේ වැඩේ තේරුම (දී)

:       0       0

රොෂාන් Monday, 01 April 2013 11:09 PM

ඔබතුමියට මම සුභපතනවා

:       0       0

ලංකාසිරි Monday, 01 April 2013 05:50 PM

බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැ.(නදී)

:       0       0

අල්සාන් Monday, 01 April 2013 01:38 PM

ඔය හිනාව රටක් වටිනවා! ජනතාව ඔබ සමගයි (ස)

:       0       0

සජිත් Tuesday, 02 April 2013 02:49 PM

සුමිත්, ඔබ බුද්ධිමත් බව අපට ඔයාටත් වඩා තේරෙනවා.(නදී)

:       0       0

රොහාන් Monday, 01 April 2013 02:03 PM

දැන් නම් එතුමිය ගොනාට අන්දන්න අමාරුයි වගේ.(නදී)

:       0       0

කමල් Monday, 01 April 2013 02:03 PM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.(නදී)

:       0       0

දීයා Monday, 01 April 2013 02:27 PM

මේක ජාති ජාතිත් වෛරයක්. මරාගෙන කනතුරු සැනසිල්ලක් නැහැ වගේ.(නදී)

:       0       0

සේනක Monday, 01 April 2013 02:29 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දිනේෂ් Monday, 01 April 2013 02:22 PM

මේ ප්‍රශ්නය දැම්ම ඉවර වෙන ලකුණු නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 276 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 224 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 498 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 916 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site