IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හිටපු අග විනිසුරුට නොතීසි

හිටපු අග විනිසදුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මැයි මස 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජිත හේරත්, ආර් සම්බන්දන් මහත්වරුන්ටද එදිනට පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීනි නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීසි නිකුත් කළේ නීතිපතිවරයා විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

හිටපු අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකු කළ රිට් ආඥාව ඉවත දැමීමට නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.

මෙම අභියාචන පෙත්සම සලකා බලනු ලැබුවේ සලීම් මර්ෂුක්, සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.



අදහස් (0)

හිටපු අග විනිසුරුට නොතීසි

චානක Tuesday, 30 April 2013 06:23 PM

ඊළඟට විදුලි බිලට පස්සේ කරලියට මේ ගැටළුව ආයෙත් එයිද?(නු)

:       0       0

ඇන්ටන් Tuesday, 30 April 2013 06:26 PM

මෙහෙමත් නීතියක්..!(නු)

:       0       0

යොහාන් Wednesday, 01 May 2013 07:37 AM

දැන් ඒ දිනවල මෙතුමිය වෙනුවෙන් පාරේ බැහැලා කෑ ගගහා ගිය කට්ටිය මෙතුමිය සමග උසාවි එයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෆීන් Tuesday, 30 April 2013 07:06 PM

මිනිස්සු හැදු නීති, මිනිස්සුන්ම කඩකරනවා, කවද හරි මේ අය දේව නීතියට වගකිවයුතුමයි.(නදී)

:       0       0

දයාහේ Wednesday, 01 May 2013 08:40 AM

දුමින්ද මහත්තයව මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් කරයි ලගදිම. මොකක්ද මේ නීතිය. පළිගන්නේ නැතුව මරාගෙන කෑවානම් ඉවරයි.(නදී) .

:       0       0

ජගත්. Tuesday, 30 April 2013 07:19 PM

ශාන්තගේ කීම හරියට හරි..!(නු)

:       0       0

තාරක Tuesday, 30 April 2013 07:21 PM

අපේ දරුවන්ට අනාගතය කොහොම වෙයිද කියලා හිතාගන්නවත් බැහැ..!(නු)

:       0       0

තිස්ස. Tuesday, 30 April 2013 07:21 PM

අපිට තේරෙන්නේ නෑ දැං මේ වෙන දේවල්..!(නු)

:       0       0

තාරක Tuesday, 30 April 2013 07:21 PM

අපේ නීතිය දැං විහිළුවක් වගේ..!(නු)

:       0       0

වජ්ජා Tuesday, 30 April 2013 07:23 PM

මාධ්‍යයේ පෙන්නන, කියන තරම් ලොකුවට ජනතාවට මේවා දැනෙන්නේ නැ. අපේ ගමේ ගොඩේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිතවලට ඕව බලපාන්නේ නැති තාක් ඒ මිනිස්සු තමන්ට වාසි පැත්තට ඡන්දෙ දෙනවා. මේවට තමා කියන්නේ මාධ්‍ය සංදර්ශන කියල. විපක්ෂයේ කවුරුත් හිතට ගත යුත්තේ ජනතාවට දැනෙන කාරනා මතු කරගෙන විරෝධයක් ගොඩ නගපු දාට තමා ඒ ගොල්ලෝ දිනන්නේ කියලා..(නු)

:       0       0

උදය Tuesday, 30 April 2013 07:33 PM

එයාට පුළුවන් අවශ්‍යනම් නිර්දොෂී බව පෙන්වන්න . හොදම ක්‍රමය එයයි..!(නු)

:       0       0

රසික Wednesday, 01 May 2013 10:16 AM

මොකාක් හරි ප්‍රශ්නයක් තමයි

:       0       0

රකිත් Wednesday, 01 May 2013 10:26 AM

කුමාර, මට කියන්න ඔය කියන නීතියේ සමානාත්මතාවය කොහෙද තියෙන්නේ කියලා? (නි)

:       0       0

අසංක Tuesday, 30 April 2013 09:00 PM

එතුමියට දැං පිනක් දහමක් කර ගෙන ඉන්න දෙන්නෙත් නැහැනේ..!(නු)

:       0       0

නෙතුමි Tuesday, 30 April 2013 09:07 PM

රත්න, අගවිනිසුරුවරිය නිවැරදි වෙන්න ඇති එත් එල්ල වෙන චෝදනා වලින් ගරුත්වයයි රැකියාවයි දෙකටම හානිවෙනවනේ. (නි)

:       0       0

සුනෙත් Friday, 21 February 2014 09:16 PM

මම හිතුවා අත්ත්ටමමෙප්‍රශ්නය ඉවරයි කියලා (දී)

:       0       0

ලක්මාල් Tuesday, 30 April 2013 03:22 PM

එයාලගේ උසාවිය එයාලාගේ නඩු අපි බලාසිටිමු..!(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 03:24 PM

ඔන්න ඔය මනුස්සයට පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්න. (ස)

:       0       0

පාලිත Tuesday, 30 April 2013 10:29 PM

දුමින්දට ඇප, අගවිනිසුරුවරියට නොතීසි. හෙට වෙනකොට මහජනතාවටත් නඩු දායි.(නදී)

:       0       0

සුරන්ජිත් Tuesday, 30 April 2013 03:36 PM

අනේ මගේ රටට ගිය කලක් රට වැසියනට වෙච්ච නස්පැත්තිය කාට කියන්නද ? දෙවියනි ඔබ කොහිද මම සොයමි. (ස)

:       0       0

රත්න Tuesday, 30 April 2013 03:43 PM

අතීතය කණපිට පෙරලන්න තියා මොනවා කරන්න හැදුවත් අපිටත්, පිටස්තර ලෝකයාටත් අමතක වෙන්නේ නැහැ ඒවා කවදාවත්. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 30 April 2013 03:48 PM

කාට විරුද්ධවද සිතාසි යවන්න බැරි ඕන නම්...(නු)

:       0       0

රණ රාල Tuesday, 30 April 2013 03:51 PM

මොනවා කලත් එදා තීන්දුව තමයි හරි...!(නු)

:       0       0

සමීර - සල්මිය Tuesday, 30 April 2013 03:53 PM

ගරු අගවිනිසුරු තුමියට කරන මෙම අපහාසය සහ පලිගැනීම පිළිබද ව්දේස ගත අපගේ බලවත් කණගාටුව සහ පිළිකුල මෙසේ සනිටුහන් කරමු .(නදී)

:       0       0

ජගත් Tuesday, 30 April 2013 03:53 PM

කකුලේ බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්ද ? (ස)

:       0       0

විජේසුරිය Tuesday, 30 April 2013 03:56 PM

තීන්දුව දැනටමත් තීන්දුයි!(නු)

:       0       0

විරාජ් Tuesday, 30 April 2013 11:14 PM

පුදුම අවාසනාවන්ත කාලයක් මේ ගෙවාගෙන යන්නේ. වෙලා තියෙන්නේ බහුතරයකට මේක නොතේරන එක (නි)

:       0       0

සරත් Tuesday, 30 April 2013 04:04 PM

අනිච්චේ දුක්කේ කිව්වලු. රටට ගිය කලක්. (ස)

:       0       0

වසන්ත Tuesday, 30 April 2013 04:13 PM

වරදක් කලානම් දඩුවමක් ලැබිය යුතුමය.. ලොව පොදු ධර්මතාවය එයයි..! (නු)

:       0       0

ශාන්ත සේනාධීර-ලන්ඩනයෙන් Tuesday, 30 April 2013 04:17 PM

නීතීඥ්යෙකු ලෙස කලක් ශ්‍රීලංකාවේ කටයුතු කල නිසා අපේ රටේ අධිකරන ඉතිහාසය තුල සිදුවී ඇති ශෝචනීය කාල පරිඡේදයකට අවතීර්නය වීතිබීම පිලිබඳ මට ඇතිවෙන්නෙ මහත් සංවේගයක්.මීට වගකියයුතු කවුරුන් උනත් මින් අපේ රටට සිදුවී ඇති හානිය පිටරටක ජීවත්වන අපට මහත් සංවේගයක් ඇතිවෙනවා.අගවිනිසුරුතුමියත්, පාර්ලිමේන්තුව නියෝජනයකල කිහිප දෙනෙකුගේ අදුර්දාර්ශී ක්‍රියා පිලිවෙත මේ සැමට හේතු සාධක වීඇති බව ඒ පිලිබඳ ඇතුලත් හැන්සාඩ් වාර්තා හා අනෙකුත් ලිපි හා විවිධ මාධ්‍ය පුවත් කියවු මට පෙනීගියා. ලොවපුරා මතුව ඇති ගිනි ඇවිලීමට පිදුරු දමමින් අපේ නීතීඥ් සංගමය කරගෙනයන ශ්‍රිලංකාවට අපකීර්තියක් ගෙනදෙමින් ගෙනයන ක්‍රියා පිලිවෙත මා හෙලාදකින්නේ මහත් පිලිකුලකින් බවත් කිවයුතුයි.අපි දේශය පෙරට තබා පටු දේශපාලන මත මෙහිදී ඉවත් කරගතයුතු බව රටට ආදරය කරන කාගෙත් යුතුකම විය යුතුයි.(නු)

:       0       0

ගෝල Tuesday, 30 April 2013 04:26 PM

ඔබ නීතියට විරුද්ධව යමක් කලානම් එයට දඩුවම කෙසේ හෝ ඔබට විදීමට සිදුවනු ඇත..(නු)

:       0       0

කුමාර ද සිල්වා Wednesday, 01 May 2013 12:30 AM

අගවිනුසුරුතුමිය කිසි දිනකදි නොසිතු දෙයක් තමයි දැන් සිද්ධ වෙල තියෙන්නෙ.රැජිනක් වගේ හිටපු එතුමිය අද තම්න්ගෙම සෙසු විනිසුරන් ඉදිරියේ කුඩුවක නැගිලා සාක්ෂි දිම නීතියේ සමානත්මතාවය කාටත් පොදුයි කියන ධර්මතාව පෙන්නුම් කරන එකක් ... ඇයකරපු දේවල් දැන්වත් තෙරුනොත් හොඳයි. ශාන්ත ලියපු දෙවල් සමග මමත් එකඟයි.(නු)

:       0       0

සිසිර Tuesday, 30 April 2013 04:38 PM

බුද්දිය ගලනය නොවෙයිද ඉතිං මේවා සිදුවෙනකොට..!(නු)

:       0       0

රුවන් Tuesday, 30 April 2013 04:50 PM

මොනවා කියලා කියන්නද මම (දී)

:       0       0

මොහමඩ් සියාඩ් Wednesday, 01 May 2013 01:25 AM

මේක දේශපාලන පලිගැනීමක් වෙන්න බැරිද?(නදී)

:       0       0

දමිත්-ඩුබායි Tuesday, 30 April 2013 04:54 PM

අනේ මන්ද, ජන්දයක් ආව දවසට මේ මුකුත් මිනිස්සුන්ට අමතක වෙන එකයි ප්‍රශ්නේ, ඒ වෙලාවට අන්දරේලා , කේවට්ටයෝ කෑගහන්න ගත්තම අයෙමත් කතිරේ ගහයි. දෙයියෝ සාක්කි...!!!(නු)

:       0       0

නෙතුමි Tuesday, 30 April 2013 04:56 PM

හුගක් අයට උසස් තනතුරක් එක්ක රැකියාවක් ලැබුනත් ගරුත්වයයි රස්සාවයි රැකගෙන ඉන්න බැරි ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

චන්දා Wednesday, 01 May 2013 02:48 AM

අපි අපේ මව්බිමට ආදරෙයි, නිකන් කාටවත් ආවඩන අයත් නොවෙයි. හිටපු අගවිනුසුරුතුමිය සම්බන්ධ කාරණා හරි හැටි නොදැන, අනෙකුත් රටේ අඩුපාඩු එක්ක පටලවාගෙන නපුරු කතා ගොතන අය බොහොමයි. ලන්ඩනයේ ගරු ශාන්ත සේනාධීර නීතීඥ මහතාට කෘතඥ වෙමි. (නි)

:       0       0

සදුන් Tuesday, 30 April 2013 05:13 PM

ඇයි මෙතුමිය ආයෙත් කැදවන්නේ..?(නු)

:       0       0

ඩැනියල් ධනුෂ්ක Tuesday, 30 April 2013 05:24 PM

මොකද්ද මේ අපේ රටේ නීතියට වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

කෙටවල Tuesday, 30 April 2013 05:28 PM

දුමින්ද එළියේ අගවිනිසුරු ඇතුලේ. මේකද රටක නිතිය ?(නදී)

:       0       0

මායා Tuesday, 30 April 2013 05:34 PM

ඔන්න සරත් ෆොන්සේකාට කරපු එකේ අනික තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් කරන්න යන්නේ. රජයට අවනත නොවු විපාක. අනේ කවදා ඉවර වේවිද මේ පලිගැනීම.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 30 April 2013 05:48 PM

දෙයියෝ සාක්කි

:       0       0

ජනක Tuesday, 30 April 2013 05:57 PM

මේ යන ගමන වේගවත් වැඩිබව වැටහෙනකොට හුගදෙනෙක් ප්‍රමාද වැඩියි! (නි)

:       0       0

රණ රාල Tuesday, 30 April 2013 06:00 PM

මීට වඩා ප්‍රථිරූප හදාගන්න හදපු ලොක්කෝ ගිය ගමන් අපි දැක්කා, ඇහුවා. යමු , ඔහොම යමු!(නදී)

:       0       0

ජගත් Tuesday, 30 April 2013 06:03 PM

ඊට පස්සේ කියාවි අපි නිත්‍යානුකූලව කටයුතු කලා කියලා(නු)

:       0       0

රත්න Tuesday, 30 April 2013 06:14 PM

නෙතුමි, කවුරු ගැනද කථාකරන්නේ? 43වැනි අග විනිසුරුවරියනම් ඔය කියන ගරුත්වය රැකගෙන කටයුතු කල නිසා ද මේ කරදර.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 50 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 66 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 581 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1344 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 177 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 90 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site